චාරිකාව යනු, භූගෝලීය ලෙසින් සාපේක්ෂ වශයෙන් දුරස්තර ලෙසින් වන පිහිටුම් අතර ජනයා ගමනය වීම වන අතර, දෙපය, පාපැදිය, මෝටර් රථය, දුම්රිය, බෝට්ටුව, ගුවන් යානය හෝ, වෙනත් ක්‍රම භාවිතයෙන් හෝ ගමනෙහි යෙදීම විය හැකි අතර, මාර්ගෝපකරණ සහිතව හෝ නොමැතිව හෝ මෙන්ම, එක් පසකට ගමනක් හෝ වට ගමනක් හෝ විය හැකිය. අනුයාත ගමන්කිරීම් අතර කෙටි රැඳී සිටීම්ද චාරිකාවකට අයත් විය හැකිය.
අරමුන සහ පෙළඹවීම
විශ්රාන්තිය,දේශාටනය හෝ නිවාඩුව ගතකිරීම,පර්යේෂණ ගමනතොරතුරු රැස් කිරීම සඳහා, ජනතාව හමුවීම සඳහා නිවාඩු ගතකිරීම, අසරණසරණය සඳහා ස්වෙච්ඡා ගමනය, වෙනත් තැනක ජීවිතය ඇරඹුමට සංක්‍රමණය, ආගමික වන්දනා ගමන් සහ මෙහෙයුම් ගමන්, ව්‍යාපාරික ගමන්කිරීම,වෙළෙඳාම,මගියෙකු ලෙසින් ගමනය සහ, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනුමට හෝ යුද්ධයෙන් පලායෑම හෝ චාරිකාවෙන් වින්දනයක් ලැබීම වැනි අනෙකුත් හේතූන්, චාරිකාවෙහි අරමුණු අතර විය හැක. පාගමන හෝ පාපැදි පැදීම වැනි මිනිස්-ජවයෙන් වන ප්රවාහණය හෝ, පොදු ප්රවාහණය, මෝටර් රථ, දුම්රියන් සහ ගුවන් යානා වැනි වාහන උපකාරයෙන් හෝ, චාරිකාවන් සිදු විය හැක.
විනෝදය,විශ්රාන්තිය, සොයාගැනීම සහ ගවේෂණය, අනෙකුත් සංස්කෘතීන් දැන හඳුනා ගැනීම සහ අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් ගොඩනැගීමට පුද්ගලික කාලය වැයකිරීම වැනි දේවල් චාරිකාවන් සඳහා පෙළඹවීම් විය හැක. චාරිකාවන්හී විස්තාරය අනුව ඒවා, දේශීය, ප්‍රාදේශීය, ජාතික (ස්වදේශීය) හෝ අන්තර්ජාතික විය හැක. සමහරක් රටවල, දේශීය නොවන අභ්‍යන්තර චාරිකා සඳහා අභ්‍යන්තර ගමන් බලපත්‍රයක් අවශ්‍ය වෙන අතර, ජාත්‍යන්තර චාරිකා සඳහා ගමන් බලපත්‍රයක් සහ වීසා පතක් අවශ්‍ය වෙයි. මෙම ගමනක්, පුද්ගලයෙකු එක් තැනක සිට අනෙක් තැනකට ගොස් යළි පැමිණීමක් වන වට ගමනක කොටසක් විය හැකිය.
චාරිකා සුරක්ෂිත භාවය
බලධාරින් තරයේ කියා සිටින්නේ චාරිකා සුරක්ෂිත භාවය සහතික කිරීම සඳහා පූර්වෝපායය ගැනීමෙහි වැදගත් කමයි. පිටරට චාරිකාවෙහි යෙදෙන විට, සුරක්ෂිත සහ අමිහිරි-සිදුවීම්-රහිත ගමනක් අත්විඳීමට බොහෝවිට වාසනාව සැලසෙන මුත්, අපහසුතාවයන්ට, අපරාධයන්ට සහ ප්රචණ්ඩතාවයට චාරිකාවේ යෙදෙනවුන් ගොදුරු විය හැකිය.
චාරිකාවෙහි යෙදිය හැකි විවිධ ආකාරයන්හී සුරක්ෂිත භවය සංසන්දනය කිරීමට භාවිතා කල හැකි ප්‍රධාන සංඛ්‍යානයන් තුනක් ඇත (ඔක්තොම්බර් 2000 දී සිදුකෙරුණු ඩීඊටීආර් සමීක්ෂණය මත පදනම්ව):
|
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චාරිකාව පිළිබඳ තොරතුරු, චාරිකාව යනු කුමක්ද? චාරිකාව යනු කුමක් දර්ශනය කරන්නේ?