කොළඹ දිස්ත්‍රික්කයේ (වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කය) නැගෙනහිර සියනෑ කෝරළේ, කිරිඳිවැල උඩගම ගම්මානයේ පොලිස් විදානේ (ගම්මුලාදෑනි) වරයා ලෙස සේවය කළ සොදිනා පොලිස් විදානේ, එම ගමේ "පාරෙවත්ත" වෙදගෙදර විසූ සුප්‍රකට පාරම්පරික වෛද්‍යවරයෙකි.
ඔහු 1894 ජනවාරි 24 වන දින කිරිඳිවැල උඩගමදී උපත ලැබීය. ඔහුගේ මව පුංචිමලී මහත්මිය වූ අතර, පියා දක්ෂ පාරම්පරික වෛද්‍යවරයෙකු වූ වෙද ආරච්චි ඩබ්ලිව්. සුවඳා වෙද මහතා වේ. සුවඳා වෙද මහතා සමාජ රෝග සුව කිරීමෙහි ලා විශේෂ ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, ඊට අමතරව ඔහු සර්වාංග වෙදකමෙහි ද කෙළ පැමිණියෙකු විය. එකල විසූ මුදලිවරුන්ට සහ අනෙකුත් ප්‍රභූවරුන්ට ප්‍රධාන වශයෙන් වෙදකම් කරන ලද්දේ ඔහු විසිනි.
මෙහි ඇති සුවිශේෂී ඓතිහාසික සිදුවීම වන්නේ, 1870 වසරේදී එංගලන්තයේ වික්ටෝරියා මහාරාජිනියගේ දෙවන පුත්‍රයා වූ එඩින්බරෝහි ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරුගේ ලංකා සංචාරයයි. එහිදී හංවැල්ල ප්‍රදේශයේ සිට යළි කොළඹ බලා පිටත්ව එන අතරතුර, උඩගම ප්‍රදේශයේදී කුමරුට හදිසි උදරාබාධයක් ඇති විය. එම අවස්ථාවේදී ඉදිරිපත් වී, තමන් සතු පාරම්පරික වෛද්‍ය දැනුම උපයෝගී කරගනිමින් කුමරුගේ රෝගය සුවපත් කරන ලද්දේ වෙද ආරච්චි ඩබ්ලිව්. සුවඳා වෙද මහතා විසිනි.
| උපත | ඩබ්ලිව්. සොදිනා පොලිස් විදානේ 1894 ජනවාරි 24 උඩගම, කිරිදිවැල බ්‍රිතාන්‍ය ලංකාව. |
| විපත | 1967 අගෝස්තු 24. (වයස 71) බබා පුල්ලේ රෝහල. කොළඹ. ශ්‍රී ලංකාව. |
| ජාතිකත්වය. | ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ. |
| වෙනත් නම්. | පාරෙවත්තේ රාළහාමි. |
| අධ්‍යාපනය. | මහානුවර ප්‍රදේශයේ පිරිවෙනක්. |
| රැකියාව. | පොලිස් විදානේ වරයෙකු හා පාරම්පරික වෛද්‍යවරයෙකි. |
| තනතුරෙහි ක්‍රියාකාරීව සිටි වර්ෂය. | 1921-1954. |
| කලාත්‍රයා. | සිලිඳු. |
| දරුවන්. | පියසිරි තිලකරත්න(V.H,V.C.M,V.P). ජයසිරි තිලකරත්න(J.P,V.C.M). සුමනසිරි තිලකරත්න. |
| දෙමාපියන්. | ඩබ්ලිව්.සුවදා වෙද. (පියා) පුංචිමලි. (මව) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, W Sodina police vidane පිළිබඳ තොරතුරු, W Sodina police vidane යනු කුමක්ද? W Sodina police vidane යනු කුමක් දර්ශනය කරන්නේ?