අත්තනගල්ල රජ මහා විහාරය

අත්තනගල්ල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඓතිහාසික පන්සලකි.

අත්තනගල්ල රජ මහා විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රට ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°39′29″N 80°44′51″E / 7.65796°N 80.74763°E / 7.65796; 80.74763 (අත්තනගල්ල රජ මහා විහාරය)
පිහිටීමඅත්තනගල්ල
ද්වාරය:බුද්ධාගම

පිහිටීම

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන මෙරට වැදගත් බෞද්ධ පුදබිමක් ලෙස සැළකේ. එය අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබේ.

ඉතිහාසය

අත්තනගල්ල රජ මහා විහාරය ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කල, සිරිසඟබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කල අත්තනගල්ල නම් ස්ථානය වියහැකියයි සැලකෙන ස්ථාන දෙකින් එකකි. කෙසේ වූවද සිරිසඟබෝ සිදුවීමට අදාල යයි සැලකෙන අනික් ස්ථානය ලෙස සැලකෙන හත්ථිකුච්චි විහාර පරිශ්‍රයෙන් නිවැරදි සාධක බොහොමයක් හමුවීම නිසා අත්තනගල්ල රජ මහා විහාරයේ ඉතිහාසය සම්බන්ධව වර්ථමානයේ ගැටළුවක් පැනනැගී ඇත.

අත්තනගල්ල විහාර වංශයට අනූව, උපතිස්ස රජ සමයේ (ක්‍රි. ව. 365-406) මෙහි විහාරවාසීව වැඩසිටි භික්ෂූන් වහන්සේ නමක් භාවනා ප්‍රගුණ කිරීම මගින් අරහත් භාවයට පත්වූ බව කියැවේ.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව

මූලාශ්‍ර

  1. "අත්තනගල්ල රජ මහා විහාරය". ටුවර්.එල්කේ. සම්ප්‍රවේශය 2015-08-19.
  2. "අත්තනගල්ල රජ මහා විහාරය". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 2015-08-19.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අත්තනගල්ල රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, අත්තනගල්ල රජ මහා විහාරය යනු කුමක්ද? අත්තනගල්ල රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?