අධික අවුරුද්ද

මුල් පිටුව | අධික අවුරුද්ද

අධික අවුරුද්දක් යනු සාමාන්‍ය වසරකට වඩා වැඩිපුර එක් දිනයක් හෝ දින ගණනක් හෝ අඩංගුවන වර්ෂයකි.

අපේ කැලැන්ඩරයට අධික අවුරුද්ද ආ හැටි අධික අවුරුද්දක් යනු වසරේ දවස් 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි. යම් වසරක් අධික අවුරුද්දක් ද යන්න සොයා ගැනීමේ පහසුම ක‍්‍රමය එම ඉලක්කම් දෙක 4න් බෙදීමය. එසේ බෙදූවිට ඉතිරි නොවී බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. නිදසුනක් හැටියට 2012 වසර අධික අවුරුද්දකි.

අධික අවුරුද්දක් පිළිබඳව ඉහතින් දැක්වූ හැඳින්වීම සියයට සීයක් නිවැරදි නොවේ. හරියටම නිවැරදිව කිවහොත් සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දමනු ලැබේ. ඒ අනුව කි‍්‍ර.ව. 1900 වසර අධික අවුරුද්දක් නොවූ අතර කි‍්‍ර.ව. 2300 වසර ද අධික අවුරුද්දක් නොවනු ඇත.

දැනට අප විසින් භාවිත කරනු ලබන සම්මත දින දර්ශනය වූ ග්‍රෙගරියන් කැලැන්ඩරයට ප‍්‍රථම භාවිත වූයේ ජුලියන් කැලැන්ඩරයයි. ඒ ජුලියන් කැලැන්ඩරයට අනුව වසරකට දින 365.25ක් විය. එම 0.25 ඉතිරිය ද නිවරද කර ගැනීම පිණිස සෑම වසර හතරකම එක් දිනක් (0.25×4=1) බැගින් අධික අවුරුද්දක් ලෙස නම් කොට එම දිනය පෙබරවාරි මාසයට එකතු කර නිවරද කර ගන්නා ලදී.

මේ ක‍්‍රමය යටතේ වසන්ත විෂූවයේ වෙනස් කමක් සිදුවන බව පෙනී ගියේ ය. එකල කැලැන්ඩරයේ පූර්ණ බලධාරියා වූ අති උතුම් පාප්වහන්සේ විසින් මෙම වසන්ත විෂූවයේ වෙනස් වීම නිවැරදි කිරීමට එකල සිටි ගණිතඥයන්ගෙන් ඉල්ලීමක් කරන ලදී. වසන්ත විෂූවය (vernal equinox) යනු පෘථිවිය සුර්යයා වටා යන කක්ෂගත ගමනේ දී සූර්යයා පෘථිවියේ සමකයට ඉහළින් පිහිටන දිනයයි. එය මාර්තු 20 හෝ 21 දිනට යෙදේ. මෙවැනි අවස්ථා දෙකක් ඇත. අනෙක් අවස්ථාව සැප්තැම්බර් 22 හෝ 23 දිනට යෙදේ.

ඉතාලි වෛද්‍යවරයකු මෙන්ම ගණිතඥයකු ද වූ ඇලෝසියස් ලිලියස් විසින් පෘථිවියේ එක් කක්ෂයක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය දින 365.25ක් නොව දින 365 පැය 5 විනාඩි 49 තත්පර 12ක් බව පෙන්වා දුන්න ද වසන්ත විෂුවය ඇති වෙනස නිවරද කිරීමට පියවර නොගැනිණ. එහෙත් ආසන්න වශයෙන් පෘථිවි කක්ෂයේ ගමන් කාලය මිනිත්තු 11කින් අඩු බව තහවුරු වී තිබුණි.

ඉන් වසර 6කට පසුව ජර්මානු තාරකා විද්‍යාඥ කි‍්‍රස්ටෝපර් ක්ලේවියස් විසින් මෙම වෙනස අවම කරනු පිණිස සංශෝධිත කැලැන්ඩරයක් නිර්මාණය කර ඉදිරිපත් කරන ලදී. එවකට සිටි XIII වැනි ග්‍රෙගරි අති උතුම් පාප්වහන්සේ විසින් ඉතාමත් සූක්ෂම ලෙස එය පරීක්ෂා කරවා 1582 පෙබරවාරි 24 වැනි දින අත්සන් කළ පාප්වහන්සේගේ ආඥාවක් (Papal bull) මගින් ඒ කැලැන්ඩරයට අනුමැතිය දෙනු ලැබීය. අද ලොව පුරා අප කි‍්‍ර.ව. ලෙස මේ දක්වා භාවිත කරන්නේ ඒ කැලැන්ඩරයයි. එය උන්වහන්සේගේ නමින් ‘ග්‍රෙගරියන් කැලැන්ඩරය’ කියා ද හැඳින්වෙයි.

ග්‍රෙගරියන් කැලැන්ඩරයේ සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දැමීම සිදුවීම ගණනය කරන්නේ මෙසේය:

පෙර පැවති කැලැන්ඩරයේ වසරකට දින : 365.25 සංශෝධිත කැලැන්ඩරයේ වසරකට දින : 365.2475 වෙනස දින : 0.0025 ඒ අනුව වර්ෂ 100ක දී ඇති වන වෙනස දින 0.0025×100 = දින 0.25 වර්ෂ 400ක දී ඇති වන වෙනස = දින 1 ඒ අනුව 400 වන වර්ෂය අවසානයේ දී කැලැන්ඩරයේ එක් දිනක් ඉවත් කළ විට වර්ෂයක දී ඇති වන දින 0.0025 වෙනස නිවැරදි කළ හැකි වේ.

සටහන : නීතිඥ කේ. එස්. විජේසේකර (kswije@sltnet.lk


Read more: http://www.malkakulu.com/2012/02/blog-post_2575.html#ixzz4B3nyJWTb

ග්‍රෙගරි දින දසුන

සිංහල සහ චීන දින දසුන්

හීබෲ දින දසුන

ඉස්ලාම් දින දසුන

හින්දු දින දසුන

බාහිර සබැඳුම්

  • Famous persons born on Leap Day සංරක්ෂණය කළ පිටපත 2008-08-20 at the Wayback Machine
  • Leap Day Campaign: Galileo Day සංරක්ෂණය කළ පිටපත 2008-12-29 at the Wayback Machine

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අධික අවුරුද්ද පිළිබඳ තොරතුරු, අධික අවුරුද්ද යනු කුමක්ද? අධික අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.