අනර්කලී ආකර්ෂා

අනර්කලී ආකර්ෂා ජයතිලක (1987 ජූලි 12) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලියක්, නිරූපිකාවක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ දේශපාලන කටයුතු කරන්නියක් වෙයි. 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වුනු ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි. මීට අමතරව සන්නාම තානාපතිනියක ලෙසද ඇය කටයුතු කරයි.

අනර්කලී ආකර්ෂා ජයතිලක
උපත12 ජූලි 1987 (1987-07-12) (වයස 38)
වෘත්තියsනිලියක, නිරූපිකාවක
සක්‍රීය වසර1995 සිට
වෙබ් අඩවියwww.anarkalli.com

රංගන දිවිය

ඇගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිපදවූ, ඉටි පහන් ටෙලි නාට්‍යයත් සමගයි. එහි ඇය සුසෑන් නමින් ලමා චරිතයක් රඟපෑවාය.

ඉනික්බිති වසර 7 කට පසුව, 2003 වසරේදී ඇය පිස්සු ට්‍රිබල් චිත්‍රපටයේ පෙනී සිටිමින් රංගන ක්ෂේත්‍රයට නැවතත් පිවිසියාය.

ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය ලබාගත් ලාබාලම නිලිය වන්නේද ආකර්ෂා මෙනෙවියයි.

මීට අමතරව සංගීත විඩියෝ කීපයකටම අනර්කලී සිය රංගන දායකත්වය ලබාදී තිබෙයි. (භාතිය සංතුෂ්ගේ "මීදුම් සේලෙන්", දුෂ්‍යන්තගේ "ජේත්තු නෝනේ" සහ යෂාන්ගේ "සිත්තමක් වගේ").

දේශපාලන කටයුතු

2009 ඔක්තෝම්බර් 29 දින අනර්කලී මෙනෙවිය දකුණු පලාත් සභාවට ඡන්දයෙන් තේරී පත්වූ අතර ඇය පාලන සන්ධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය දක්වයි.

2014 මාර්තු 29 වැනිදා පැවැත්වූ දකුණු පලාත් සභා මැතිවරණයටද ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුනද, ඉන් පළාත් සභාව වෙත පිවිසීමට අනර්කලී අපොහොසත් වූවාය.

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස

ටීවී දෙරණ නාලිකාවේ 'Anarkali Live' වැඩසටහන සහ 2010 දෙරණ මියුසික් විඩියෝ අවෝර්ඩ්ස් හී නිවේදිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ අනර්කලී විසිනි. මීට අමතරව ස්වර්ණවාහිනී නාලිකාවේ 'Live Sunday with Anarkalli' වැඩසටහන මෙහෙයවන්නේද ඇයයි.

රඟපෑ චිත්‍රපට

වසර චිත්‍රපටය චරිතය කරුණු
2003 පිස්සු ට්‍රිබල්
2003 එක මලක පෙති
2003 වන් ෂොට් වන් ඇමති දුව
2004 ධන රින
2005 හිරි පොද වැස්ස වීනා
2005 සොඳුරු වසන්තය
2006 අංජලිකා කාව්‍යා
2007 සිකුරු හතේ
2008 තාරුකා මල්
2009 සර් ලාස්ට් චාන්ස්
2011 කිං හන්තර් බිසව
2011 It's a Matter of Love නතාෂා

ටෙලි නාට්‍ය

වසර ටෙලි නාට්‍යය චරිතය කරුණු
1995 ඉටි පහන් සුසෑන්
2004 සිහිනයක් පාට පාටින් ඉනෝකා
Sapphire and Silk තාන්‍යා
ඉසි දසුන
2005 අරුණෝදය කලාපය
2006 සාන්තුවරණය ටාන්‍යා
2009 සඳ සාක්කි
2010 රන් තලිය වලව්ව දොස්තර

ඇගයීම්

2004 ශ්‍රී ලංකා රූ රැජින.

2004 දී සරසවිය ජනප්‍රියම නිලිය සම්මානය.

2012 ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ජනප්‍රියම නිලිය.

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, http://lkgirls.weebly.com/1/post/2008/12/anarkali-washing-a-car-car-wash.html, ප්‍රතිෂ්ඨාපනය 2008-12-23 
  2. "Anarkalli in 'Iti Pahan'". Lankalibrary.com. සම්ප්‍රවේශය 2010-09-08.
  3. "Anarkalli Aakarsha in 'Sihinayak Pata Patin'". Sundayobserver.lk. 2004-01-25. සම්ප්‍රවේශය 2010-09-08.
  4. සංරක්ෂිත පිටපත, http://www.anarkalli.com/bio.html, ප්‍රතිෂ්ඨාපනය 2013-12-19 
  5. "අනර්කලී ෆෝර් සදර්න් ප්‍රොවින්ෂියල් කවුන්සිල් ඉලෙක්ෂන්ස්". Srilankan-stars.blogspot.com. 2009-08-25. 2009-09-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-09-08.
  6. http://sinhala.adaderana.lk/news.php?nid=42177
  7. සංරක්ෂිත පිටපත, http://www.derana.lk/show.php?prid=14, ප්‍රතිෂ්ඨාපනය 2013-12-19 

භාහිර සබැදි

  • Anarkalli's Photos and Biography සංරක්ෂණය කළ පිටපත 2018-10-04 at the Wayback Machine
  • Anarkalli Aakarsha's Biography in Sinhala Cinema Database
  • Anarkalli Aakarsha Photo Gallery සංරක්ෂණය කළ පිටපත 2013-12-19 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනර්කලී ආකර්ෂා පිළිබඳ තොරතුරු, අනර්කලී ආකර්ෂා යනු කුමක්ද? අනර්කලී ආකර්ෂා යනු කුමක් දර්ශනය කරන්නේ?