අමාවතුර

මුල් පිටුව | අමාවතුර

අමාවතුර, ගුරුළුගෝමිගේ නිර්මාණයකි.අමාවතුර ග්‍රන්ථය රචනා කරලන ලද්දේ ගුරුළුගෝමීන් විසිනි. ඒ පිළිබඳව ග්‍රන්ථාවසානයේ දක්වා ඇත. “ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි”  මෙහි රචනා කාලය පොළොන්නරු රාජ්‍ය සමයේ අවසාන කාලච්ඡේදය ලෙස පිළිගැනේ. අමාවතුර කතුවරයාගේ ග්‍රන්ථ පරමාර්ථය ඔහු ග්‍රන්ථාරම්භයේ නිශ්චිත කොට ඇත.

           “බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නො පිළිවනින් මෙහි මුල් පුරිසදම්මසාරථී යන පදය ගෙන අප බුදුන් පෙරුම් පුරා බුදුවැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන්ලොව්හි සැරිසැරැ විෂමපුරුෂයන් දමා අමාමහනිවන් පැමිනවූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ”

              පුරිසදම්මසාරථී ගුණය විස්තෘත කරනු වස් මෙම අමාවතුර ග්‍රන්ථය ප්‍රකරණය කළ බව දැක්විය හැක. මෙහිදී තත්කාලීන ග්‍රන්ථකරණයේ පුනරුදයක් තිබූ බව බුත්සරණ, ප්‍රදීපිකාව ආදී ග්‍රන්ථ උදාහරණ සපයයි. මෙහිදී මෙම ග්‍රන්ථය දහම් පුස්ථකයක් ලෙස ද දැක්විය හැකිය.

විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
අමාවතුර

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමාවතුර පිළිබඳ තොරතුරු, අමාවතුර යනු කුමක්ද? අමාවතුර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.