ගුරුළුගෝමි ස්වසමය, සමයාන්තර ඤාණයෙන් හා ශබ්ද භාෂා ශස්ත්‍රඥානයෙන් හෙබි පොළොන්නරු යුගයේ විසූ උගතෙකි. ධර්මප්‍රදීපිකාවේත්, අමාවතුරේත් කතුවරයා මොහු ය. ශ්‍රී ධර්මරාමනායකමාහිමියන් ගේ අදහසට අනුව මහා පරාක්‍රමබාහු රජ දවස විසුවෙකි. ගුරුළුගෝමි කාලිංග රට උපන්නෙකි. ශිල්ප උගෙනීමට කාලිංග රට සිංහපුරයට ගියා වූ ද, මහා පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් කෙනෙකු වූ ද, පසුව දෙවෙනි විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වූවා වූ ද, කිත්සිරි මෙවන් කුමාරයා සමඟ මිත්‍රව ලංකාවට පැමිණ ඇත. අනතුරුව සිංහල භාෂාව ඉගෙන එහි විශාරදත්වයට පත් විය.
අමාවතුර කෘතිය රචනා කල මොහු විශිෂ්ට නිර්මාණකරුවෙක් වන අතර, එය බුදුන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය මනාව විදහා දක්වයි.මෙහි පරිච්ඡේද 18 කි. පළමු පරිච්චේද 3 නම්, දුර්දාන්ත දමනය, ස්වසන්තාන දමනය හා පරසන්තාන දමනය යි...
උපුටාදැක්වීම් දෝෂය: "සිංහල සාහිත්‍ය පොත" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="සිංහල සාහිත්‍ය පොත"/> ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුරුළුගෝමි පිළිබඳ තොරතුරු, ගුරුළුගෝමි යනු කුමක්ද? ගුරුළුගෝමි යනු කුමක් දර්ශනය කරන්නේ?