අමෙන්,අමුන්,ආමෙන් යන නාමයන් වලින් හදුන්වන්නේ මෙම දෙවියන්මය.ඔහු බොහෝ අවස්ථාවල මිනිස් හිසක් සහ මිනිස් සිරුරක් සහිත දෙවියෙකි.සමහර අවස්ථාවල ඔහුට බැටලු හෝ එලුවෙකුගේ හිසක් සහිත විය. තීබ්ස් නගරයේ උත්තරීතර දෙවියා වූ ඔහුට නිල් පැහැති සමක් ඇත. ග්‍රීකයන් තම සියුස් දෙවියන් නිර්මාණය කර ගත්තේ මේ දෙවියන් ඇසුරින්ය. අමෙන් දෙවියන්ගේ හිස මත පිහාටු වලින් සකස් කල හිස්වැස්මක් ඇති අතර සමහර නිරූපණයන් වල එම හිස්වැස්ම මත සූර්ය තැටියක්ද වේ. (හිස්වැස්මේ ස්වාමියා?)
අමෙන්ගේ ප්‍රධාන බිරිඳ වූයේ මුට් දෙවගනය.ඔවුන්ගේ පුතු වූයේ චන්ද්‍ර දෙවි ඛොන්සු ය.
අමෙන්ගේ ඉතිහාසය රා විසින් ලෝකය මැවීමේ යුගය දක්වා ඈතට විහිදේ. රා දෙවියන් සිටි බිත්තරය රකිමින් සිටි මුල් දෙවිවරු අතරේද අමෙන් සිටියි.එකල ඔහුගේ බිරිඳ වූයේ අමුනෙට් ය.
අමෙන් නවරාජධානි සමයේ වැද ගත්කමෙන් වැඩි සහ ජනප්‍රිය දෙවියෙකු විය.ඒ සදහා නිදසුනක් ලෙස ගතහොත් එකල රජවරුන්ගේ නම් වලට පවා අමෙන් යන වදන එක් විය.(අමෙන්හොටෙප් III) මහ දෙවි රා ගේ තත්වයටම බලගතු වූ මේ දෙවියන් පසු කලෙක අමෙන්-රා ලෙසද හදුන්වනු ලැබීය.
අමෙන් දෙවිගේ හා ඔහුගේ පවුලේ උදවියගේ නිවාසය වූයේ ලෝකයේ ඇති විශාලතම පුරාණ ගොඩනැගිල්ල වන කාර්නැක් දෙවොල ය.
| අමුන් | |||||
|---|---|---|---|---|---|
| ● දෙවියන්ගේ රජුන් | |||||
නව රාජධානි සමයේ දී ප්‍රසිද්ධ වූ මේ අමුන් දෙවියන්ගේ එක් වේෂයකදී ඔහුගේ හිස මත පිහාටු ඔටුන්නක් සහ අත්හි ආයුධයක් සහ අන්ක් භාණ්ඩය ඇත | |||||
| නාමය රූපාක්ෂරවලින් |
| ||||
| ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | තීබ්ස් | ||||
| සංකේතය | හිස මත ඇති පිහාටු දෙක, බැටලු හිස ස්ෆින්ක්ස් ප්‍රතිමා | ||||
| වල්ලභයා |
| ||||
| පැවතෙන්නා | ඛොන්සු | ||||
| ග්‍රීක සමානයා | සියුස් | ||||
අමුන්ගේ වේෂ කිහිපයක්
}}
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමුන් පිළිබඳ තොරතුරු, අමුන් යනු කුමක්ද? අමුන් යනු කුමක් දර්ශනය කරන්නේ?