අයනික බන්ධන

මුල් පිටුව | අයනික බන්ධන

අයනික බන්ධනයක් යනු ස්ථිති විද්‍යුත් ආකර්ෂණ යට‍තේ කැටායන සහ ඇනායන අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි. එනම් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ආකර්ෂණයෙන් සෑදෙන බන්ධනයක් වේ.

ලෝහ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් මුදාහරිමින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ධන ආරෝපිත අයන හෙවත් කැටායන සාදයි. මෙසේ ලෝහවලින් ඉවත් කරන ඉලෙක්ට්‍රෝන අලෝහවලට ඇතුළු වී ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත සෘණ ලෙස ‍ආරෝපණය වූ අයනයන් අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ශන බල හේතුවෙන් මෙම අයන එක්වීමෙන් ද බන්ධන සාදනු ලැබේ.

උදාහරණයක් ලෙස සාමාන්‍ය මේසලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් සලකා බැලු විට, සෝඩියම් හා ක්ලෝරීන් එකතු වීමේදී සෑම සෝඩියම් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් ඉවත් කරමින් කැටායන (Na+{\displaystyle Na^{+}}) සාදන අතර සෑම ක්ලෝරීන් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ලබාගනිමින් ඇනායන (Cl−{\displaystyle Cl^{-}}) සාදයි. මෙසේ සෑදුණු අයන එකිනෙක සමග 1:1 අනුපාතයට ආකර්ෂණය වීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) සාදනු ලැබේ.

Na+Cl→Na++Cl−→NaCl{\displaystyle Na+Cl\rightarrow Na^{+}+Cl^{-}\rightarrow NaCl}

පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම තාප අවශෝෂක ක්‍රියාවකි. මේ හේතුවෙන් අයන වැඩි ශක්තියක් ලබා ගනී. බන්ධන බිදීමේදීත් හෝ ඉලෙක්ට්‍රෝන එකකට වැඩි ප්‍රමාණයක් එක් කර ගනිමින් ඇනායන සෑදීමේදී ද ශක්ති විපර්යාස සිදුවිය හැකිය. කෙසේ වුවත් අයන එකිනෙකට ආකර්ෂණය වීමේදී ඒවා සතු ශක්තීන් මුක්ත කරයි.

නිදහස් පරමාණුවලට වඩා බැදුනු පරමාණුවල ශක්තිය අඩුවූ විට අයනික බන්ධන ඇති වනුයේ ප්‍රතික්‍රියාවේ සමස්ත ශක්ති විපර්යාසය වාසිදායක නම් පමණි. ශක්ති විපර්යාසය විශාලවත්ම සෑදෙන බන්ධනයේ ප්‍රබලතාවය ද වැ‍ඩිවේ. ලෝහවල විද්‍යුත් සෘණතාවය අඩුවීම හා අලෝහවල විද්‍යුත් සෘණතාව වැඩිවීම හේතුවෙන් ලෝහවලින් ඉලෙක්ට්‍රෝන පිටකරගන්නාවූ ද අලෝහ ‍මගින් ඉලෙක්ට්‍රෝන ලබාගන්නා වූ ද ආකාරයේ ප්‍රතික්‍රියාවල ශක්ති වෙනස වඩාත් වාසිදායක වේ.

අයනික බන්ධන තනිව නොපවතී. සෑම අයනික බන්ධනයකම යම් ප්‍රමාණයක් සහසංයුජ හෝ ලෝහක බන්ධන පවතී. පරමාණු දෙක අතර විද්‍යුත් සෘණතා වෙනස විශාලවත්ම බන්ධනයේ අයනික ස්වභාවය ද වැඩිවේ. අයනික සංයෝග විලීන හෝ ද්‍රාවණ තත්වයන්හිදී විද්‍යුතය සන්නයනය කරයි. සාමාන්‍යයෙන් මෙවැනි සංයෝගවල ද්‍රවාංක ඉතා ඉහළ අතර ජලයේ ද්‍රාව්‍ය ලෙස පැවතීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි.


අයනික බන්ධන හා සහ සංයුජ බන්ධන අතර ඇති වෙනස්කම්

අයනික බන්ධන ඇති වනුයේ ප්‍රතිවිරුද්ධ අයනවල ආකර්ෂණය හේතුවෙනි. නමුත් සහසංයුජ බන්ධන ඇති වනුයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙනි. සහ සංයුජ බන්ධන ඇති විට පරමාණුවල අණුක ආකෘතිය VSEPR නියම අනුව නිර්ණය කර ඇත. නමුත් අයනික ද්‍රව්‍යවල ආකෘතිය සන්නිපාතක ආචරණය අනුව සැකසී ඇත.


විද්‍යුත් සන්නායකතාව

අයනවලට නිදහසේ චලනය වෙමින් විද්‍යුත් ආරෝපණ ඇනෝඩයේ සිට කැතෝඩය වෙතට ගෙන යා හැකි බැවින් අයනික ද්‍රව්‍ය විද්‍යුතය සන්නයනය කරයි. මෙසේ අයනික ද්‍රව්‍ය විද්‍යුතය සන්නයනය කරනුයේ ඒවා විලීන තත්වයේ පවතින විටය. විලීන අවස්ථාවේ දී පරමාණු සචල වීමත් එවිට ඉලෙක්ට්‍රෝනවලට සෘජුවම අයනික ද්‍රව්‍ය හරහා ගලායාමට හැකිවීමත් මීට හේතුවේ.


අයන ලෙසින් පවතින ද්‍රව්‍ය

ස්ටොක් නාමය සූත්‍රය පැරණි ව්‍යවහාර නාමය
සරල කැටායන:
ඇලුමිනියම් Al3+{\displaystyle Al^{3+}}
බේරියම් Ba2+{\displaystyle Ba^{2+}}
බෙරිලියම් Be2+{\displaystyle Be^{2+}}
සිසියම් Cs+{\displaystyle Cs^{+}}
කැල්සියම් Ca2+{\displaystyle Ca^{2+}}
ක්‍රෝමියම්(II) Cr2+{\displaystyle Cr^{2+}} ක්‍රෝමස්
ක්‍රෝමියම්(III) Cr3+{\displaystyle Cr^{3+}} ක්‍රෝමික්
ක්‍රෝමියම්(VI) Cr6+{\displaystyle Cr^{6+}} ක්‍රෝමයිල්
කෝබෝල්ට්(II) Co2+{\displaystyle Co^{2+}} කෝබෝල්ටස්
කෝබෝල්ට්(III) Co3+{\displaystyle Co^{3+}} කෝබෝල්ටික්
කොපර්(I) Cu+{\displaystyle Cu^{+}} කියුප්‍රස්
කොපර්(II) Cu2+{\displaystyle Cu^{2+}} කියුප්‍රික්
කොපර්(III) Cu3+{\displaystyle Cu^{3+}}
ගැලියම් Ga3+{\displaystyle Ga^{3+}}
ගෝල්ඩ්(I) Au+{\displaystyle Au^{+}}
ගෝල්ඩ්(II) Au2+{\displaystyle Au^{2+}}
හීලියම් He2+{\displaystyle He^{2+}} (ඇල්ෆා අංශු)
හයිඩ්‍රජන් H+{\displaystyle H^{+}} (ප්‍රෝටෝන)
අයන්(II) Fe2+{\displaystyle Fe^{2+}} ෆෙරස්
අයන්(III) Fe3+{\displaystyle Fe^{3+}} ෆෙරික්
ලෙඩ්(II) Pb2+{\displaystyle Pb^{2+}} ප්ලම්බස්
ලෙඩ්(IV) Pb4+{\displaystyle Pb^{4+}} ප්ලම්බික්
ලිතියම් Li2+{\displaystyle Li^{2+}}
මැග්නීසියම් Mg2+{\displaystyle Mg^{2+}}
මැංගනීස්(II) Mn2+{\displaystyle Mn^{2+}} මැංගනස්
මැංගනීස්(III) Mn3+{\displaystyle Mn^{3+}} මැංගනික්
මැංගනීස්(IV) Mn4+{\displaystyle Mn^{4+}} මැංගනයිල්
මැංගනීස්(VII) Mn7+{\displaystyle Mn^{7+}}
මර්කරි(II) Hg2+{\displaystyle Hg^{2+}}
නිකල්(II) Ni2+{\displaystyle Ni^{2+}}
නිකල්(III) Ni3+{\displaystyle Ni^{3+}}
පොටෑසියම් K+{\displaystyle K^{+}}
සිල්වර් Ag+{\displaystyle Ag^{+}}
සෝඩියම් Na+{\displaystyle Na^{+}}
ස්ට්‍රොන්ටියම් Sr2+{\displaystyle Sr^{2+}}
ටින්(II) Sn2+{\displaystyle Sn^{2+}} ස්ටැනස්
ටින්(IV) Sr4+{\displaystyle Sr^{4+}} ස්ටැනික්
සරල ඇනායන:
සල්ෆයිඩ් S2−{\displaystyle S^{2-}}
ආසනයිඩ් As5−{\displaystyle As^{5-}}
නයිට්‍රයිඩ් N5−{\displaystyle N^{5-}} ඒසයිඩ්
බ්‍රෝමයිඩ් Br−{\displaystyle Br^{-}}
ක්ලෝරයිඩ් Cl−{\displaystyle Cl^{-}}
ෆ්ලුවොරයිඩ් F−{\displaystyle F^{-}}
හයිඩ්‍රයිඩ් H−{\displaystyle H^{-}}
අයඩයිඩ් I−{\displaystyle I^{-}}
ඔක්සයිඩ් O2−{\displaystyle O^{2-}}
පොස්පයිඩ් P5−{\displaystyle P^{5-}}
ටෙලූරයිඩ් Te2−{\displaystyle Te^{2-}}
ඔක්සො ඇනායන:
ආසනේට්(III) AsO33−{\displaystyle AsO_{3}^{3-}} ආසනයිට්
ආසනේට්(V) AsO43−{\displaystyle AsO_{4}^{3-}} ආසනේට්
බෝරේට් BO33−{\displaystyle BO_{3}^{3-}}
බ්‍රෝමේට් BrO−{\displaystyle BrO^{-}}
කාබනේට් CO32−{\displaystyle CO_{3}^{2-}}
හයිඩ්‍රජන් කාබනේට් HCO3−{\displaystyle HCO_{3}^{-}} බයිකාබනේට්
ක්ලෝරේට්(I) ClO−{\displaystyle ClO^{-}} හයිපොක්ලෝරයිඩ්
ක්ලෝරේට්(III) ClO2−{\displaystyle ClO_{2}^{-}} ක්ලෝරයිට්
ක්ලෝරේට්(V) ClO3−{\displaystyle ClO_{3}^{-}} ක්ලෝරේට්
ක්ලෝරේට්(VII) ClO4−{\displaystyle ClO_{4}^{-}} ප'ක්ලෝරේට්
ක්‍රෝමේට් CrO42−{\displaystyle CrO_{4}^{2-}}
ඩයික්‍රෝමේට් Cr2O72−{\displaystyle Cr_{2}O_{7}^{2-}}
අයඩේට් IO3−{\displaystyle IO_{3}^{-}}
නයිට්‍රේට්(III) NO2−{\displaystyle NO_{2}^{-}} නයිට්‍රයිට්
නයිට්‍රේට්(V) NO3−{\displaystyle NO_{3}^{-}} නයිට්‍රේට්
පොස්පේට්(III) PO33−{\displaystyle PO_{3}^{3-}} පොස්පයිට්
පොස්පේට්(V) PO43−{\displaystyle PO_{4}^{3-}} පොස්පේට්
හයිඩ්‍රජන් පොස්පේට් HPO42−{\displaystyle HPO_{4}^{2-}}
ඩයිහයිඩ්‍රජන් පොස්පේට් H2O4−{\displaystyle H_{2}O_{4}^{-}}
මැංගනේට්(VI) MnO4−{\displaystyle MnO_{4}^{-}} ප'මැංගනේට්
සල්ෆේට්(VI) SO42−{\displaystyle SO_{4}^{2-}}
හයිඩ්‍රජන් සල්ෆේට්(VI) HSO4−{\displaystyle HSO_{4}^{-}} බයිසල්ෆේට්
සල්ෆේට්(IV) SO32−{\displaystyle SO_{3}^{2-}} සල්ෆයිට්
හයිඩ්‍රජන් සල්ෆේට්(IV) HSO3−{\displaystyle HSO_{3}^{-}} බයිසල්ෆයිට්
තයෝසල්ෆේට් S2O32−{\displaystyle S_{2}O_{3}^{2-}}
කාබනික අම්ල ඇනායන:
ඇසිටේට් C2H5O2−{\displaystyle C_{2}H_{5}O_{2}^{-}}
ෆෝමේට් HCO2−{\displaystyle HCO_{2}^{-}}
ඔක්සලේට් C2O42−{\displaystyle C_{2}O_{4}^{2-}}
හයිඩ්‍රජන් ඔක්සලේට් HC2O4−{\displaystyle HC_{2}O_{4}^{-}} බයොක්සලේට්
බහු පරමාණුක කැටායන:
ඇමෝනියම් NH4+{\displaystyle NH_{4}^{+}}
හයිඩ්‍රෝනියම් H3O+{\displaystyle H_{3}O^{+}}
නයිට්‍රෝනියම් NO2+{\displaystyle NO_{2}^{+}}
මර්කරි(I) Hg22+{\displaystyle Hg_{2}^{2+}}
බහු පරමාණුක ඇනායන:
හයිඩ්‍රජන් සල්ෆයිඩ් HS−{\displaystyle HS^{-}} බයිසල්ෆයිඩ්
සයනේට් OCN−{\displaystyle OCN^{-}}
තයෝසයනේට් SCN−{\displaystyle SCN^{-}}
සයනයිඩ් CN−{\displaystyle CN^{-}}
පෙරොක්සයිඩ් O22−{\displaystyle O_{2}^{2-}}

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයනික බන්ධන පිළිබඳ තොරතුරු, අයනික බන්ධන යනු කුමක්ද? අයනික බන්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.