අහ්මෝස්-හෙනුට්ටමෙහු (“සඳුගේ දරුවා; පහළ ඊජිප්තුවේ උත්තමාවිය”) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන 17වන සහ මුල්කාලීන 18වන රාජවංශ සමයයන්හි විසූ කුමරියක් මෙන්ම රැජිනකි.
| අහ්මෝස්-හෙනුට්ටමෙහු | ||||||
|---|---|---|---|---|---|---|
| ඊජිප්තුවේ අගබිසව මහා රාජකීය බිරිඳ | ||||||
DB320 සොහොන්ගැබෙන් හමුවූ අහ්මෝස්-හෙනුට්ටමෙහුගේ මමිය | ||||||
| උපත | තීබ්ස්? | |||||
| මරණය | තීබ්ස් | |||||
| භූමදානය | තීබ්ස්, පසුව TT320 | |||||
| වල්ලභයා | පාරාවෝ අහ්මෝස් I | |||||
| දරුවන් | නොදනී | |||||
| ඊජිප්තු නාමය |
| |||||
| රාජවංශය | 18වන රාජවංශය | |||||
| පියා | සෙකෙනෙන්රේ ටාඕ | |||||
| මව | අහ්මෝස් ඉන්හාපි | |||||
| ආගම | පුරාතන ඊජිප්තු ආගම | |||||
පවුල
අහ්මෝස්-හෙනුට්ටමෙහු යනු සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාට දාව ඔහුගේ භාර්යාව මෙන්ම සොයුරිය ද වූ අහ්මෝස් ඉන්හාපි බිහිකළ දියණියයි. ඇයව ඇගේ අර්ධ-සොයුරා වූ Iවන අහ්මෝස්හට විවාහ කර දී ඇති බව පෙනේ. එයට හේතුව ඇගේ පදවි නාමයන් අතර රජුගේ භාර්යාව (hmt-nisw), මහා රජුගේ භාර්යාව (hmt-niswt-wrt), රජුගේ දියණිය (s3t-niswt) සහ රජුගේ සොයුරිය (snt-niswt) යන නාමයන් ඇතුළත්ව තිබීමයි. අහ්මෝස්-අහනුට්ටමෙහු මහා රාජකීය බිරිඳ සහ අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ වූ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ අර්ධ-සොයුරිය ද වූවා ය.
දිවිය සහ භූමදානය
අහ්මෝස්-හෙනුට්ටනෙබ්ගේ දිවිය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. මෙම රැජින පිළිබඳ ලෙප්සියස්ගේ Denkmahler හි ඇතුළත් ශිලා ස්තම්භයක දැක්වේ.
අහ්මෝස්-හෙනුට්ටමෙහුගේ මමිය සොයාගන්නා ලද්දේ 1881දී DB320 සොහොන්ගැබෙහි ඇගේම මිනීපෙට්ටිය තුළ තිබී ය. එය වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත. 1882 දෙසැම්බර් මස ගැස්ටන් මැස්පරෝ විසින් එය අධ්‍යයනය කරන ලදී. හෙනුට්ටමෙහු මියයන විට මහලු වියේ පසුවූවා ය. ඇගේ ගෙවීගිය දත් මේ බවට සාක්ෂි සපයයි. ඇගේ මමී වෙලුම් පටිවල මළවුන්ගේ පුස්තකයේ පාඨයන් සටහන් කොට ඇත. ඇගේ මමිය මුලින් ඇගේ මවගේ දේහය සමග භූමදාන කොට ඇති බව පෙනේ. Iවන ෂොෂෙන්ක් පාරාවෝවරයාගේ 11වන වර්ෂයෙන් පසුව එම මමිය සහ සෙසු මමී DB320 සොහොන්ගැබ් වෙත රැගෙන ගොස් තිබේ.
දහනවවන රාජවංශ සමයේ වන්දනාවට ලක්වූ රාජකීය මුතුන්මිත්තන්ගේ ලැයිස්තුවට ඇගේ නාමය ද ඇතුළත් ය. තීබ්ස්හි ඛාබෙඛ්නෙට්ගේ සොහොන්ගැබේ දඅඇගේ රුව දක්නට ලැබේ. එහි මුදුනේම තීරුවේ අහ්මෝස්-සිපායිර් කුමරිය වම්පසින් අසුන්ගෙන සිටින අතර, වම් සිට සිව්වන ස්ථානයට අහ්මෝස්-හෙනුට්ටමෙහුගේ රුව දක්නට ලැබේ. එහි ඇය දෙවියන්ගේ භාර්යාව සහ භූමිද්විත්වයේ ආර්යාව වූ අහ්මෝස්-නෙෆටාරි සහ රජුගේ භාර්යාව වූ ටුරෙස්ට පසුව දක්වා තිබේ.
මූලාශ්‍ර
- ග්‍රැජෙට්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයිරොග්ලිෆික් ඩික්ෂනරි, ගෝල්ඩන් හවුස් පබ්ලිකේෂන්ස් (2005)
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් (2004) ISBN 0-500-05128-3, පි. 128
- මමී ඔෆ් අහ්මෝස්-හෙනුට්ටමෙහු
- කිචන්, කේ. ඒ.; රැමසයිඩ් ඉන්ස්ක්‍රිප්ෂන්ස්, ට්‍රාන්ස්ලේටඩ් ඇන්ඩ් ඇනෝටේටඩ්, ට්‍රාන්ස්ලේෂන්ස්, වෙළුම III, බ්ලැක්වෙල් පබ්ලිෂර්ස්, 1996
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අහ්මෝස්-හෙනුට්ටමෙහු පිළිබඳ තොරතුරු, අහ්මෝස්-හෙනුට්ටමෙහු යනු කුමක්ද? අහ්මෝස්-හෙනුට්ටමෙහු යනු කුමක් දර්ශනය කරන්නේ?