ඇපලෝ 10 (1969 මැයි 18-26) යනු නාසා ආයතනයේ ඇපලෝ වැඩසටහන යටතේ සිදු කෙරුණු හතරවැනි මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමනයි. එමෙන්ම, එය මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා වටා කක්ෂගත වූ දෙවැනි අවස්ථාවද වෙයි. ප්‍රථම වරට මිනිසුන් චන්ද්‍රයා මත ගොඩබැසීමට පෙර, ඇපලෝ අභ්‍යවකාශ යානයේ සියලුම සංරචක සහ ක්‍රියා පටිපාටීන් පරික්ෂා කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම සිදු කෙරුනි. පෘථිවියෙන් පිටත්වී චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුලු වීමෙන් පසු, අභ්‍යවකාශගාමී ජෝන් යන්ග් අණදෙන සහ සේවා මොඩියුලය (CSM) තුලම රැඳී සිටිද්දී, තෝමස් ස්ටැෆර්ඩ් සහ ජීන් සර්නන් විසින් චන්ද්‍ර මොඩියුලය (LM) සඳේ මතුපිටට කි.මී. 15.6 ක් පමණ ආසන්නයට රැගෙන යන ලදී. එහෙත් ඔවුන් චන්ද්‍රයා මත ගොඩබැසීමක් සිදු නොකරම නැවතත් අණදෙන සහ සේවා මොඩියුලය සමග තටාකගත විය. චන්ද්‍රයා වටා කක්ෂ 31 ක් සම්පූර්ණ කළ ඇපලෝ 10, පිටත්වීමෙන් දින 8 කට පසුව ආරක්ෂිතව නැවතත් පෘථිවිය වෙත ළඟාවිය. ඉන් මාස දෙකකට පමණ පසු සිදු කෙරුනු ඇපලෝ 11 මෙහෙයුම මගින් ප්‍රථම වතාවට චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩබසිනු ලැබීය.
ඇපලෝ 10 අණදෙන සහ සේවා මොඩියුලය ("චාලි බ්‍රවුන්") සමග තටාකගත වීම සඳහා ඒ වෙත ළඟාවන චන්ද්‍ර මොඩියුලය ("ස්නූපි") | |||||
| මෙහෙයුම් වර්ගය | මිනිසුන් සහිත කක්ෂීය චන්ද්‍ර පියාසැරිය | ||||
|---|---|---|---|---|---|
| ක්‍රියාකරු | නාසා | ||||
| COSPAR ID |
| ||||
| SATCAT № |
| ||||
| මෙහෙයුම් පැවතුම් කාලය | දින 8, මිනිත්තු 3, තත්පර 23 | ||||
| අභ්‍යාවකාශයානා ගුණාංග | |||||
| අභ්‍යාවකාශ යානය |
| ||||
| නිෂ්පාදක |
| ||||
| දියත් ස්කන්ධය | 44,576 කිලෝgrams (98,273 lb) | ||||
| ගොඩබැසීම් ස්කන්ධය | 4,945 කිලෝgrams (10,901 lb) | ||||
| යානා පිරිස | |||||
| යානා පිරිස් ප්‍රමාණය | 3 | ||||
| සාමාජිකයෝ |
| ||||
| ඇමතුම් සන |
| ||||
| මෙහෙයුමෙහි ඇරඹුම | |||||
| අභ්‍යාවකාශගතකිරීම් දිනය | මැයි 18, 1969, 16:49:00 UTC | ||||
| රොකට්ටුව | සැටර්න් V SA-505 | ||||
| අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කෙනඩි LC-39B | ||||
| මෙහෙයුමෙහි අවසානය | |||||
| ගොඩබැසීම් දිනය | මැයි 26, 1969, 16:52:23 UTC | ||||
| ගොඩබැසීම් අඩවිය | 15°2′S 164°39′W / 15.033°S 164.650°W | ||||
| කක්ෂීය පරාමිතික | |||||
| සමුද්දේශ පද්ධතිය | චන්ද්‍ර කේන්ද්‍රීය කක්ෂය | ||||
| චන්ද්‍ර දූරකය | 109.6 කිලෝmeters (59.2 nmi) | ||||
| චන්ද්‍ර සමීපකය | 113.0 කිලෝmeters (61.0 nmi) | ||||
| ආනතිය | අංශක 1.2 | ||||
| ආවර්තය | පැය 2 | ||||
| චන්ද්‍රයා වටා කක්ෂගත විම | |||||
| යානයේ කොටස | අණදෙන සහ සේවා මොඩියුලය | ||||
| කක්ෂයට ඇතුල්වීම | මැයි 21, 1969, 20:44:54 UTC | ||||
| කක්ෂයෙන් පිටත්වීම | මැයි 24, 1969, 10:25:38 UTC | ||||
| සම්පූර්ණ කළ කක්ෂ ගණන | 31 | ||||
| චන්ද්‍රයා වටා කක්ෂගත විම | |||||
| යානයේ කොටස | චන්ද්‍ර මොඩියුලය | ||||
| සම්පූර්ණ කළ කක්ෂ ගණන | 4 (තනිවම) | ||||
| කක්ෂීය පරාමිති | |||||
| චන්ද්‍ර සමීපකය | 14.4 කිලෝmeters (7.8 nmi) | ||||
|
| |||||
ආශ්‍රිත
- "Apollo 10 summary". NASA. සම්ප්‍රවේශය July 16, 2022.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇපලෝ 10 පිළිබඳ තොරතුරු, ඇපලෝ 10 යනු කුමක්ද? ඇපලෝ 10 යනු කුමක් දර්ශනය කරන්නේ?