ඇම්බැක්ක අම්බලම

ඇම්බැක්ක අම්බලම ශ්‍රී ලංකාවේ මහනුවර කුණ්ඩසාලේ ඉදිකොට ඇති, නමුත් වර්තමානය වන විට නටඹුන් බවට පත්ව තිබෙන ඉපැරණි අම්බලමකි. එය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇම්බැක්ක දේවාලය අසල ඇති වෙල්යාය ආසන්නයේ ඉදිකොට පවතියි.

අතීතය

ඇම්බැක්ක අම්බලමේ ඉතිහාසය ඇම්බැක්ක දේවාලය ඉදිකරන ලද සමයටම දිව යයි. ක්‍රි. ව. 1341-1351 අතර කාලයේ රජකම් කල සිව් වන බුවනෙකබාහු රජු විසින් මෙය කරවන ලදැයි සඳහන් වෙයි.

අතීතයේදී රජු විසින් මේ ස්ථානය පෙරහැර නැරඹිම සඳහා යොදා ගත් බැවින්, මෙම අම්බලම "සිංහාසන මණ්ඩපය" ලෙසද හැඳින්වේ.

ව්‍යුහය

දිග අඩි 27 ක් හා පළල අඩි 22 ක් පමණ වන මෙම අම්බලමේ වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ, එකල වහලය දරා සිටි ගල් කැටයම් සහිත ගල් කණු කිහිපයක් පමණි.

මූලාශ්‍ර

  1. "පුරාවිද්‍යාත්මක ස්ථාන ඇම්බැක්ක අම්බලම". පුරාවිද්‍යාදෙපාර්ථමේන්තුව, ශ්‍රී ලංකාව. 2014. සම්ප්‍රවේශය 4 ජුනි 2014.
  2. "ඇම්බැක්ක අම්බලම". පුරාවිද්‍යාදෙපාර්ථමේන්තුව, ශ්‍රී ලංකාව. 2014. සම්ප්‍රවේශය 4 ජුනි 2014.
  3. කරුණාදාස, ඉන්දක (17 ජනවාරි 2013). "ඇම්බැක්ක අම්බලම". ශ්‍රී ලංකා තොරතුරු සංග්‍රහය. සම්ප්‍රවේශය 4 ජුනි 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇම්බැක්ක අම්බලම පිළිබඳ තොරතුරු, ඇම්බැක්ක අම්බලම යනු කුමක්ද? ඇම්බැක්ක අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?