ඉස්ලාමයේ ව්‍යාප්තිය

හිජ්රි වර්ෂ 632 දී ශුද්ධ මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාගේ අභාවයට පසු කෙටි කලකින්ම ඉස්ලාමය ලොවපුරා ව්‍යාප්ත විය. නබිතුමා ජීවතුන් අතර සිටියදීම එතුමාගේ අනුගාමිකයන් විසින් එය අරාබියාව මුළුල්ලේම ව්‍යාප්ත කරන ලදී. නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාමීය රාජ්‍යය පාලනය කළ සෘජු පාලකයන් හතර දෙනාට සහ උමෙයියා පාලන කාලය වන හිජ්රි පළමුවන සියවස වන විට ඉස්ලාම් ලොව පුරා සතර දිග්භාගයේම ව්‍යාප්ත විය. ඉන්පසු එහි පාලන බලය තහවුරු කළ ඉස්ලාමීය බලගතු රාජ්‍යයේ බලවතුන් අතර අබ්බායිවරු, අල්මුරුවිද්වරු, සල්ජුකීවරු හෙවත් තුර්කිවරු මෝගල්වරු සෆවිවරු සහ උස්මානිවරු වැදගත් ස්ථානයක් ඉසිලීය.

ඉන්දියානු අර්ධද්වීපයේ ඉස්ලාමය වැළද ගැනීම සිදුවූයේ කෙසේද යන්න පිළිබද ව සැලකිය යුතු විවාදයක් පවතී. මේ පිළිබද ව ඇති මතවාද මෙලෙස දැක්විය හැකි ය.

  1. ඉස්ලාමයට පැමිණීමට හේතුව ආරම්භයේ දී ම අන්‍යාගමිකයන්ට එල්ල කළ ප්‍රචණ්ඩත්වයත් තර්ජනය සහ අනෙකුත් පීඩනයනුත් ය.
  1. දිගුකලක් තිස්සේ බලවත් මුස්ලිම් ශිෂ්ටාචාරයක සහ කලාපීය ආධිපත්‍යයක බලපෑහට හසුවීම හේතුවෙන් සිදු වූ සමාජ-සංස්කෘතික පැතිරීමක සහ අන්තර්ග්‍රහණයක ඵලයක් ලෙස.
  1. ආගමික හේතූන් මත නොව මුස්ලිම් පාලක පැළැන්තිය අත්විදි අත්කරගැනීමේ සහ අන්‍යාගමිකයන්ගෙන් අය කළ බදුවලින් මිදීමේ අරමුණින් සිදුවූවක් බව
  1. පළමුව මුස්ලිම්වරුන්ගේ අසිපතට බියෙනුත්, පසුව සැබවින් ම ඉස්ලාමය කෙරේ භක්තියක් ඇතිවීමෙනුත්
  1. ඉන්දියාවේ මුස්ලිම් ජනගහණයෙන් අතිබහුතරය ඉරාන සානුවෙන් පැමිණි මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන්නන් මිස විශාල වශයෙන් ඉස්ලාමය කරා ස්වදේශික ජනයා පැමිණීමක් සිදු නොවූ බව

ඉස්ලාමය ව්‍යාප්ත වී ඇත්තේ දේශනාවෙන් නොව කඩුවෙන් ම පමණක් බව ආචාර්ය සූරිය ගුණසේකර පවසයි.

ඉස්ලාමීය අධිරාජ්‍යයන් තුළින් ඉස්ලාමීය ශිෂ්ටාචාරය හා විද්‍යාව බිහිවූ අතර එමගින් වෙළෙන්දන් උගත් විද්‍යාඥයන්, ගගණගාමීන්, ගණිතඥයන්, වෛද්‍යවරුන් හා මාහාචාර්යවරුන් බිහිකළ ලෝක ඉතිහාසයේ වාර්තාමය යුගය විය. එවකට මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයන්, දේශපාලන මතයන් හා අනුගාමිකයන්ගේ විශ්වාසදායක ප්‍රතිපත්ති ඉස්ලාම් ලොවපුරා ව්‍යාප්ත වීමට තවදුරටත් හේතු විය. අද ලෝක ජනගහනයෙන් බිලියන 1.1 සහ 1.8 ක් අතර පමණවන මුස්ලිම් ජනතාව ලෝක ජනගහණයෙන් දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත.

ආශ්‍රිත නාමාවලිය

  1. Peter van der Veer (February 7). Religious Nationalism: Hindus and Muslims in India. University of California Press. ISBN 0-520-08256-7. {{cite book}}: Check date values in: |date= and |year= / |date= mismatch (help)
  2. Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_publisher_location.
  3. ගුණසේකර, සූරිය. ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ...! සංරක්ෂණය කළ පිටපත 2019-08-31 at the Wayback Machine . දිවයින. 2019 ජූලි 28

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉස්ලාමයේ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු, ඉස්ලාමයේ ව්‍යාප්තිය යනු කුමක්ද? ඉස්ලාමයේ ව්‍යාප්තිය යනු කුමක් දර්ශනය කරන්නේ?