ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (උපත 1983 මාර්තු 23), යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
Isuru Lokuhettiarachchi
උපත23 මාර්තු 1983 (1983-03-23) (වයස 42)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයරාහුල විද්‍යාලය
රැකියාවනළුවා, ගායකයා, රූපවාහිනී සත්කාරක, හඬකැවීම් ශිල්පියා, හඬ නළුවා
සක්‍රීය වසර2008–වර්තමාන
කලත්‍රයා(යන්)තරින්දි ප්‍රනාන්දු

පෞද්ගලික ජීවිතය

ඔහු 1983 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවේ මාතරදී පවුලේ බාල දරුවා ලෙස උපත ලැබීය. ඔහු මාතර රාහුල විද්‍යාලය තුලින් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුට වැඩිමහල් සහෝදරයෙක් සිටී.

රංගනයට පිවිසීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළේය. ඔහු 2003 සිට 2007 දක්වා යුධ හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ පළමු සේවා ස්ථානය ඊළාම් යුද්ධයේදී යාපනයේ අරියාලේයි. ඉන්පසු ඔහු නාගදීප, කිලාලි, සරසාලේ, එළුතුමද්දුවල් සහ මුහමාලේ හමුදා කඳවුරුවල සේවය කළේය. හමුදාවෙන් ඉවත් වූ පසු ඔහු ඖෂධ අලෙවි කර්මාන්තයේ කළමනාකරුවෙකු ලෙස සේවය කළේය. 2013 දී ඔහු නාට්‍ය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළේය.

ඔහු 2018 වසරේ සිට සෙසු නිළියක් සහ නිරූපිකාවක් වන තරින්දි ප්‍රනාන්දු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇත. ඔවුන් විවාහ ගිවිස ගත්තේ 2020 වසරේදීය.

වෘත්තීය ජීවිතය

හමුදාවෙන් ඉවත් වූ පසු ඔහු ටෙලිනාට්‍ය කිහිපයක සහ වේදිකා නාට්‍යවල ඇගයීමට ලක් නොවූ චරිතවල රඟපෑවේය. 2008 වසරේ චරිත් කොතලාවල අධ්‍යක්ෂණය කළ දෙන්නට දෙන්නා හරහා ඔහුගේ මංගල රූපවාහිනී රංගනය ආවා. එහෙත් ඒ නාට්‍යයේ දිස් වුණේ ඔහුගේ පිටුපස පැත්ත විතරයි. ඔහු රියැලිටි වැඩසටහන් නරඹන්නෙකු ලෙස ක්‍රියා කළ අතර අංකයක් සහිත ටී ෂර්ට් එකක් ඇඳ සිටියේය. ඔහුගේ පිටුපසින් හඳුනා ගැනීමට ඔහුට හැකි වූ අංකය එයයි. 2012 දී ඔහු ජනප්‍රිය නාට්‍යයක් වන මලී හි "පියරත්න" ලෙස පළමු සහය චරිතය රඟපෑවේය.

මේ අතරතුර ජනප්‍රිය හඬ කැවීම් ශිල්පියෙකු ලෙස "බෝයිස් ඕවර් ෆ්ලවර්ස්", "පෘතුවි මහාරජ", "අධිරජ ධර්මාශෝක", "අනන්තයෙන් ආ තරු කුමරා", ඇතුළු බොහෝ රූපවාහිනි කතාමාලා සඳහා දායක විය.

ඔහුගේ මංගල සිනමා රංගනය 2017 වසරේ "රන් සයුර" චිත්‍රපටය හරහා දුෂ්ට චරිතයක් සමඟින් ආරම්භ විය. ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන චිත්‍රපට අතරට නිදහසේ පියා ඩීඑස්, හුස්මා සහ ප්‍රෙසිඩන්ට් සුපර් ස්ටාර් ඇතුළත් වේ. හුස්ම චිත්‍රපටයෙහි "රුවන්" ලෙස ඔහුගේ භූමිකාව විචාරකයින්ගේ ඉහළ පැසසුමට ලක් විය. 2020 දී සඳ හැංගිලා රූපවාහිනි කතා මාලාවේ ඔහුගේ "නාරද" චරිතය ඉතා ජනප්‍රිය වූයේ ඔහුගේ දකුණු සිංහල උච්චාරණය නිසාය.

ඔහු සියත ටීවී මගින් විකාශය වූ සෙවන් නෝට්ස් සහ සියත වොයිස් ඔෆ් ඒෂියා රූපවාහිනී සංගීත වැඩසටහන මෙහෙයවීය. 2020 දී ඔහු "හොඳ වඩේ" රූපවාහිනී කතා මාලාවේ ද්විත්ව චරිත සඳහා පෙනී සිටියේය. එමෙන්ම ඔහු විසින් නිරූපණය කළ රාවණ (ටෙලිකතා මාලාව) මාලාවේ කුවේරගේ චරිතය ප්‍රේක්ෂයා තුළ සඳා ජීවමාන විය.

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාවන් Ref.
2013 ටිකට් ප්ලීස් (කෙටි)
2017 රන් සයුර පුංචි බේබි
2018 නිදහසේ පියා ඩී.එස් තරුණ එෆ්.ආර්. සේනානායක
2019 නැති බැරි ටාසන් ඉසුරු
හුස්ම රුවන්
රෂ් රහස් පොලිස් පරීක්ෂක රදීෂ් ඉඹුල්ගොඩ
ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් අසේල රණවීර
2021 ගිනිමල් පොකුරු
2021 කවුරුත් දන්නේ නෑ
2024 ගිනිඅවි සහ ගිණිකෙලි 02
2024 මන්දාරා
2025 හවුස්ෆුල්
2025 සූර්යා
TBD කුණා (චිත්‍රපටය)
TBD හැපී බර්ත්ඩේ
TBD කිඩ්නැප්
TBD පරම වීර පූජා
TBD සූරිය සුළඟ
TBD අමුතු ගුරුකමක්
TBD නිච්චි

වෙනත් වෘත්තීන්

ගීත

  • අහස දිදුලන ("සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍යය)
  • දූවේ නුබ දන්නේ නැතිදා ("සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍යය)
  • සිනිදු වදන් හිඟ වූවට ("සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍යය)

රූපවාහිනී සත්කාරක/ඉදිරිපත් කරන්නා ලෙස

  • සෙවන් නෝට්ස් (සියත ටීවී) 2018-2020
  • වොයිස් ඔෆ් ඒෂියා 2020 (සියත ටීවී) 2019-2020

හඬ කැවීම් ශිල්පියකු ලෙස

  • බෝයිස් ඕවර් ෆ්ලවර්ස්: (ගු ජුන් පියෝ) - ටීවී දෙරණ
  • ද හෙයර්ස් : (කිම් ටැන්) - ටීවී දෙරණ
  • අධිරජ ධර්මාශෝක: (ජස්ටින් කුමරු) - ටීවී දෙරණ
  • අනන්තයෙන් ආ තරු කුමරා: (හෝ ක්යොන්) - සිරස ටී.වී
  • කිරිල්ලියෝ - ජාතික රූපවාහිනිය
  • මේ ආදරයයි - සිරස ටී.වී
  • බ්ලැක් ලිස්ට් - ටී.වී 1
  • පෘතුවි මහාරජ - ටීවී දෙරණ

ගුවන්විදුලි නාට්‍යවල හඬ කැවීම් ශිල්පියකු ලෙස

  • සේයා - හිරු එෆ්.එම්
  • සමනලී - නෙත් එෆ්.එම්

සංගීත රූපරචනා නළුවෙක් ලෙස

  • පෙම් සිහිනේ තනි වුනු
  • පුළුවන්ද දුර යන්න
  • මේ පෙම් සිත පුරා
  • රෑ අහසේ
  • ගොඩක් ආදරේයි
  • මේ සුසුම් කගෙදෝ
  • වෑ දිය පේමා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි යනු කුමක්ද? ඉසුරු ලොකුහෙට්ටිආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?