සියත ටීවී යනු ශ්‍රී ලංකාව තුල ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන්නා වූ රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Voice of Asia Network පුද්ගලික සමාගම සතු වෙයි. නාලිකාව සතු සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වෙට්ට්‍රි ටීවී වන අතර, එහි සහෝදර ගුවන් විදුලි මාධ්‍යයන් වන්නේ සියත එෆ්එම්, රියල් රේඩියෝ සහ වෙට්ට්‍රි එෆ්එම් වේ.
| සියත ටීවී Siyatha TV | |
|---|---|
| දියත්කල දිනය | 2009 සැප්තැම්බර් 17 |
| ජාලය | VOA |
| අයිතිකරුවෝ | Voice of Asia Network (Pvt) Ltd |
| ප්‍රචාරණ උද්යෝග පාඨය | ටෙලිවිෂන් වශීකරණය |
| රට | ශ්‍රී ලංකාව |
| භෘෂාව | සිංහල |
| විකාශන සරිය | ශ්‍රී ලංකාව |
| මූලස්ථානය | කොළඹ |
| සහෝදර නාලිකා(ව) | වර්ණම් ටීවී , සියත FM, වර්ණම් FM, කිස් FM(ශ්‍රී ලංකාව) |
| වෙබ් අඩවිය | www.siyatha.com |
| උපයෝජ්‍යතාව | |
| භෞමික | |
| UHF (කොළඹ-04) | 32 |
| UHF (ගොන්ගල)) | 23 |
| UHF (ගම්මඩුව)) | 31 |
| UHF (හන්තාන)) | 35 |
| චන්ද්‍රිකා | |
| ඩයලොග් ටීවී | 15 |
| කේබල | |
| Ask Cable Vision | 03 |
| අයිපීටීවී | |
| පියෝ ටීවී | 8 576i 145 1080i |
පසුබිම
සිය සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වූ වෙට්ට්‍රි ටීවී නාලිකාවට සමගාමීව, සියත ටීවී නාලිකාවද සිය විකාශන කටයුතු, 2009 සැප්තැම්බර් 17 දින ආරම්භ කරන ලදී.
නාලිකාව අයත් වන Voice of Asia ජාලයෙහි හිමිකරුවන් වන්නේ රොෂාන්ත කාරියප්පෙරුම මහතා සහ ඔහුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC සංරක්ෂණය කළ පිටපත 2021-10-29 at the Wayback Machine) හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ, ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාටයි .
ප්රහාරයන්
2010 ජුලි 30 වැනි දින අළුයම් කාලයේදී, ආයුධ සන්නද්ධව පැමිණි නාදුනන පුද්ගලයින් 12 දෙනෙකු සියත ටීවී නාලිකාවට සහ ගුවන් විදුලි පොල වෙත, ගිනි අවුලන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර, එහි සේවය කල කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුටද තුවාල සිදු කොට පලා යන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
භාහිර සබැදි
- Official Site සංරක්ෂණය කළ පිටපත 2014-02-09 at the Wayback Machine
- Blog dedicated to TV and Radio related events in Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සියත ටීවී පිළිබඳ තොරතුරු, සියත ටීවී යනු කුමක්ද? සියත ටීවී යනු කුමක් දර්ශනය කරන්නේ?