ටොලමි XIV (ග්රීක: Πτολεμαῖος, Ptolemaĩos, දිවිය ක්රි.පූ. 60/59–44; රාජ්ය සමය ක්රි.පූ. 47 –44) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ XIIවන ටොලමි රජුගේ පුත්රයෙකි. එසේම ඔහු ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි. සිය වැඩිමහල් සොයුරා වූ ඊජිප්තුවේ XIIIවන ටොලමිගේ මරණින් පසු ක්රි.පූ. 47 ජනවාරි 13 දින ඔහු පාරාවෝ ලෙස ප්රකාශ කෙරුණු අතර, ඔහු අනෙක් පාරාවෝ ලෙස ක්රියාකළ සිය වැඩිමහල් සොයුරිය වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රාගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළේ ය. ඔහු සහ ක්ලියෝපැට්රා විවාහ වුවත්, ක්ලියෝපැට්රා රෝම ආඥාපති ජූලියස් සීසර්ගේ පෙම්වතිය ද වූවා ය. ටොලමි විසින් රාජ්ය කළේ නාමිකව යැයි සැලකේ. සැබැවින්ම රාජාධිකාර බලය පැවතියේ ක්ලියෝපැට්රා සතුවයි. ක්රි.පූ. 44 මාර්තු 15 දින රෝමයේ දී මාකස් ජූනියස් බෲටස් සහ ගේයස් කැෂියස් ලොංගිනස් ඇතුළු කුමන්ත්රණකරුවන් පිරිසක් විසින් සීසර්ව ඝාතනය කරන ලදී. ඉන් මඳ කලකට පසු ටොලමි ද මියයන්නට ඇත. ක්රි.පූ. 44 ජූලි 26 දිනට අයත් ශිලාලේඛනයක ඔහු ජීවත්ව සිටි බව දක්වා ඇත. ක්ලියෝපැට්රා, සීසර්ට දාව උපන් සිය පුත්රයා වූ ටොලමි XV සිසේරියන් සිය සම-අනුරාජයා ලෙස පත්කරගැනීමේ අරමුණින් ඔහුව ඇකනයිට් ලබා දී ඝාතනය කළ බවට අදහසක් පැවතුණ ද, එය සනාථ වී නොමැත. ක්රි.පූ. 44 සැප්තැම්බර් 2 දින සිසේරියන්ව ඇගේ සම-අනුරාජයා ලෙස පත්කෙරිණි. ක්ලියෝපැට්රාගේ අදහස වූයේ ඔහුව ඔහුගේ පියාගේ අනුප්රාප්තිකයා ලෙස නම් කිරීමටයි.
පෙළපත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඊජිප්තුවේ XIVවන ටොලමි පිළිබඳ තොරතුරු, ඊජිප්තුවේ XIVවන ටොලමි යනු කුමක්ද? ඊජිප්තුවේ XIVවන ටොලමි යනු කුමක් දර්ශනය කරන්නේ?