ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා

ක්ලියෝපැට්රා II (ග්‍රීක: Κλεοπάτρα; ක්‍රි.පූ. 185 පමණ - 116) යනු ටොලමියානු ඊජිප්තුවේ රැජිනකි. (ඇය කෙටි කාලයක් තනිව පාලනය ගෙනගියා ය)

ක්ලියෝපැට්රා II
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 170-164 පමණ, ටොලමි VI සහ ටොලමි VIII සමග (පළමු රාජ්‍ය සමය)
ක්‍රි.පූ. 164-145, ටොලමි VI සමග (දෙවන රාජ්‍ය සමය)
ක්‍රි.පූ. 145- 139 පමණ, ටොලමි VIII සමග
ක්‍රි.පූ. 139-132, ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III දියණිය සමග
ක්‍රි.පූ. 132-127, තනිව (ටොලමියානු)
පූර්වප්‍රාප්තිකයාටොලමි VI (පළමු රාජ්‍යසමය)
ටොලමි VIII (දෙවන සහ තෙවන රාජ්‍ය සමයයන්)
අනුප්‍රාප්තිකයාටොලමි VIII (පළමු රාජ්‍ය සමය)
ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III (දෙවන රාජ්‍ය සමය)
ටොලමි IX සහ ක්ලියෝපැට්රා III
වල්ලභඊජිප්තුවේ VIවන ටොලමි, ඊජිප්තුවේ VIIIවන ටොලමි
පියාටොලමි V එපිෆේන්ස්
මවඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා
උපතක්‍රි.පූ. 185 පමණ
මරණයක්‍රි.පූ. 116

පවුල

IIවන ක්ලියෝපැට්රා යනු Vවන ටොලමි සහ (බොහෝ විට) Iවන ක්ලියෝපැට්රාගේ දියණියයි. ඇය VIවන ටොලමි සහ ටොලමි VIII යුවර්ගීට්ස් II ට්‍රිෆොන්ගේ සොයුරියයි. ඇය පසුව ඇගේ සොයුරන් දෙදෙනාම සමග විවාහ වූවා ය.

ඇගේ පළමු විවාහය ක්‍රි.පූ 175දී පමණ ඇගේ සොහොයුරා වූ ටොලමි VI සමග සිදු විය. ඔවුනට අවම වශයෙන් දරුවන් සිව් දෙනකුවත් සිටින්නට ඇත:

  • ටොලමි යුපේටර්; ක්‍රි.පූ. 166දී උපන්නේ ය. සිය පියා සමග කෙටිකාලයක් සම-රාජ්‍යාධිකාරී (co-regent) ධුරය ඉසිලී ය. නමුත් ලාබාල වියේ දී, එනම් ක්‍රි.පූ. 152දී පමණ මියගියේ ය.
  • ක්ලියෝපැට්රා තියා; ක්‍රි.පූ.164දී පමණ උපන්නා ය. ඇය ඇලෙක්සැන්ඩර් බැලස්, ඩිමෙට්‍රියස් II නිකේටර් සහ ඇන්ටියෝකස් VII සයිඩීට්ස් සමග විවාහ වූවා ය. ක්‍රි.පූ. 120දී ඇගේ පුත්‍රයා විසින් ඇයව මරා දමන ලදී.
  • බෙරෙනිස්; දියණියකි. ක්‍රි.පූ. 163 සහ 160 අතර දී උපත ලබා ඇත. ක්‍රි.පූ. 150 දී, එනම් ලාබාල වියේදීම මියගියා ය.
  • ක්ලියෝපැට්රා III; ක්‍රි.පූ. 160 සහ 155 අතර කාලයේ උපන්නා ය. ඇයව ඇගේ මාමා වූ VIIIවන ටොලමිට විවාහ කර දෙන ලදී.
  • ටොලමි (D); ක්‍රි.පූ. 152 අවට උපන්නේ ය. ක්‍රි.පූ. 130දී VIIIවන ටොලමි විසින් මරා දමන ලදී.

ක්‍රි.පූ. 145දී IIවන ක්ලියෝපැට්රා ඇගේ අනෙක් සොහොයුරා වූ ටොලමි VIII යුවර්ගීට්ස් II ෆිස්කන් සමග විවාහ වූවා ය. ඔවුනට අවම වශයෙන් එක් පුත්‍රයකුවත් සිටින්නට ඇත:

  • ටොලමි මෙම්ෆයිට්ස්; ක්‍රි.පූ. 144 සහ 142 අතර කාලයේ උපත ලැබී ය. ක්‍රි.පූ. 130දී ඔහුගේ පියා විසින් ඔහුව මරා දමන ලදී. ටොලමි මෙම්ෆයිට්ස් යනු ටොලමි VII නියොස් ‍ෆිලොපේටර් බව ඇතැමුන් විශ්වාද කළ ද, මෙම මතය සියලුදෙනාම පිළිගන්නේ නැත.

දිවිය

ඇගේ මව මියයාමෙන් (ක්‍රි.පූ. 176) පසු, ඇය ඇගේ සොයුරා වූ ටොලමි VI ෆිලොමීටර් සමග විවාහ වූයේ ක්‍රි.පූ. 175දී පමණ ය. ක්‍රි.පූ. 171 සිට 164 දක්වා IIවන ක්ලියෝපැට්රා, VIවන ටොලමි සහ ඔවුන්ගේ සොහොයුරා වූ VIIIවන ටොලමි ඊජිප්තුවේ සම-රාජ්‍යාධිකාරී ධුරය ඉසිලූහ.

ක්‍රි.පූ. 169 දී, සිරියාවේ IVවන ඇන්ටියෝකස් ඊජිප්තුව ආක්‍රමණය කළේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාවට පිටත දී ටොලමි VI ෆිලොමීටර් ද, IVවන ඇන්ටියෝකස්ට එක් විය. මෙම්පිස්හි දී සිංහාසනාරූඪ කෙරුණු VIවන ටොලමි, IIවන ක්ලියෝපැට්රා සමග රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ක්‍රි.පූ. 164දී IIවන ක්ලියෝපැට්රාව සහ ඇගේ සැමියාව ඔවුන්ගේ සොහොයුරා වූ VIIIවන ටොලමි විසින් තාවකාලිකව ධුරයෙන් පහ කෙරුණු නමුත්, ක්‍රි.පූ. 163දී නැවත බලයට පත්වීමට ඔවුනට හැකි විය.

ක්‍රි.පූ. 145දී IIවන ක්ලියෝපැට්රා ඇගේ අනෙක් සොහොයුරා වූ ටොලමි VIII යුවර්ගීට්ස් සමග විවාහවූවා ය. ක්‍රි.පූ. 142දී, VIIIවන ටොලමි, ක්ලියෝපැට්රාගේ ලාබාල දියණිය මෙන්ම ඔහුගේ ලේලිය ද වූ IIIවන ක්ලියෝපැට්රාව සිය බිරිය කොටගත්තේ ය.

ක්‍රි.පූ. 131දී IIවන ක්ලියෝපැට්රා විසින් VIIIවන ටොලමිට එරෙහිව කැරැල්ලක් මෙහෙයවා, ඔහුව සහ IIIවන ක්ලියෝපැට්රාව ඊජිප්තුවෙන් නෙරපන ලදී. මේ කාලයේ VIIIවන ටොලමි විසින් ඔහුගේ සුළුපුත්‍රයා වූ ටොලමි සහ ඔහුගේම පුත්‍රයා වූ ටොලමි මෙමෆයිට්ස්ව මරාදමා තිබේ. VIIIවන ටොලමි විසින් සිය පුත්‍රයාව කොටස් කර ඔහුගේ හිස, අත් සහ පාද ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි IIවන ක්ලියෝපැට්රා වෙත උපන්දින ත්‍යාගයක් ලෙස යවා ඇත.

ක්‍රි.පූ. 130 සිට 127 දක්වා IIවන ක්ලියෝපැට්රා ඊජිප්තුව පාලනය කළා ය. අනතුරුව ඇයට සිරියාව වෙත පලායාමට සිදු වූ අතර, ඇය එහි දී සිය දියණිය වූ ක්ලියෝපැට්රා තියා සහ බෑනා වූ ඩිමෙට්‍රියස් II නිකේටර් සමග එකතු වූවා ය.

ක්‍රි.පූ. 124දී ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමි අතර පොදු සමාදානයක් ප්‍රකාශයට පත් කෙරිණි. ඉන්පසු ඇය ක්‍රි.පූ. 116දී ටොලමි මියයන තෙක්ම සිය සොහොයුරා සහ දියණිය සමග හවුල් පාලනයක් ගෙන ගියා ය. ටොලමිගේ මරණින් පසු ඇය රාජධානිය IIIවන ක්ලියෝපැට්රාට භාරදුන්නා ය. ඉන් මඳ කලකට පසු IIවන ක්ලියෝපැට්රා මරණයට පත් විය.

පෙළපත

ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රාහි පවුල
16. ටොලමි II ෆිලඩෙල්ෆස්
8. ටොලමි III යුවර්ගීට්ස්
17. ආර්සිනෝයි I
4. ටොලමි IV ෆිලොපේටර්
18. සයිරින්හි මැගාස්
9. ඊජිප්තුවේ IIවන බෙරෙනිස්
19. ඇපාමා II
(sister of #24; cousin of #25 and #26)
2. ටොලමි V එපිෆේන්ස්
20. =16. ටොලමි II ෆිලඩෙල්ෆස්
10. =8. ටොලමි III යුවර්ගීට්ස්
21. =17. ආර්සිනෝයි I
5. ඊජිප්තුවේ IIIවන ආර්සිනෝයි
22. =18. සයිරින්හි මැගාස්
11. =9. ඊජිප්තුවේ IIවන බෙරෙනිස්
23. =19. ඇපාමා II
1. ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා
24. ඇන්ටියෝකස් II ගියොස්
(brother of #19; cousin of #25 and #26)
12. සෙලියුකස් II කැලිනිකස්
25. ලැඔඩයිස් I
(sister of #26; cousin of #19 and #24)
6. මහා IIIවන ඇන්ටියෝකස්
26. ඇන්ඩ්‍රොමේකස්
(brother of #25; cousin of #19 and #24)
13. ලැඔඩයිස් II
3. ක්ලියෝපැට්රා I සයිරා
28. පොන්ටස්හි ඒරියොබාර්සනිස්
14. පොන්ටස්හි IIවන මිත්රිඩේට්ස්
7. ලැඔඩයිස් III
30. =24. ඇන්ටියෝකස් II තියොස්
15. ලැඔඩයිස් (පොන්ටස්හි IIවන මිත්රිඩේට්ස්ගේ බිරිඳ)
31. =25. ලැඔඩයිස් I

මූලාශ්‍ර

  1. ක්ලියෝපැට්රා II ක්‍රිස් බෙනට් විසිනි
  2. ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, 2004
  3. ටොලමි VI ක්‍රිස් බෙනට් විසිනි
  4. ටොලමි මෙම්ෆයිට්ස් ක්‍රිස් බෙනට් විසිනි
ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා
උපත: ක්‍රි.පූ. 185 පමණ මරණය: ක්‍රි.පූ. 116
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VI
ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ.175 - 164
ටොලමි VI සහ ටොලමි VIII සමග
අනුප්‍රාප්තික
ටොලමි VIII
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VIII
ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ. 163 - 127
ටොලමි VI, ටොලමි VII, ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III සමග
අනුප්‍රාප්තික
ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VIII
ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ. 124 - 116
ටොලමි VIII සහ ක්ලියෝපැට්රා III සමග
අනුප්‍රාප්තික
ටොලමි IX සහ ක්ලියෝපැට්රා III

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා පිළිබඳ තොරතුරු, ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා යනු කුමක්ද? ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා යනු කුමක් දර්ශනය කරන්නේ?