ඔසී කොරයා යනු ශ්‍රී ලංකාවේ මීගමුව ආසන්න දාගොන්නේ ජීවත්වූ අරක්කු ව්‍යාපාරිකයෙක් සහ දාමරිකයෙකි.
ව්‍යාපාර
තැබෑරුම් හිමියෙක්වූ ඔසී කොරයාගේ අරක්කු රේන්දය හලාවත දක්වා වෙරළබඩ තීරුව විය.
එල්ලව තිබූ ප්‍රධාන චෝදනා
- කොල්ලුපිටියේදී දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි වැදුණු භාෂා පෙළපාළිය දියත් වූ 1966 ජනවාරි 8 වැනි දින පෙළපාළිකරුවන් යට කරමින් මෝටර් රථයක් පැදවීම
- හිස බූගා කොට කලිසමක් හැඳ සිවුර පොරවා සිට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි පහර එල්ලවීමත් සමඟ සිවුර ගලවා තාප්පයට උඩින් පැන 'වැඩේ හරි මචං' කියා නවතා තිබූ මෝටර් රථයක නැඟී පලායාම (යාබද නිවෙසක මෙහෙකාර ස්ත්‍රියක වූ රොසලින් නමැති අයගේ සාක්‍ෂිය) සහ පසු දිනක පසු හිස බූගා සිටියදීම කතරගමදී අගමැති ඝාතනය සඳහා වූ බාරය ඔප්පු කිරීම.
- ප්‍රසිද්ධ උත්සවයකදී පිස්තෝලයක් පෙන්වමින් කරුණාරත්න අබේසේකරට නිවේදනය කිරීම නවතා ගාමිණී ෆොන්සේකාට නිවේදනය සඳහා යාමට කීම
මෙම කිසිදු චෝදනාවක් කිසිවිටක පොලිසිය විසින් හෝ අධිකරණය විසින් විභාග කර නැත.
ආශ්‍රිත ලිපි
- අරක්කු රේන්ද
- දඹරාවේ රතනසාර හිමි
- තල්දූවේ සෝමාරාම
- එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
වැඩිදුර කියවීම්
- ඔසී කොරයා හිස බූ ගායී සංරක්ෂණය කළ පිටපත 2016-10-15 at the Wayback Machine
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/55-4690-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2010/08/29/cineart06.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔසී කොරයා පිළිබඳ තොරතුරු, ඔසී කොරයා යනු කුමක්ද? ඔසී කොරයා යනු කුමක් දර්ශනය කරන්නේ?