කඩවත

කඩවත යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ උප නගරයක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි නාගරික ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 16 පමණ දුරින් A1 මාර්ගයේ කඩවත ප්‍රදේශය පිහිටා ඇත. කඩවත ප්‍රධාන වශයෙන් මහර ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන අතර සුළු කොටසක් බියගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ.

කඩවත
Kadawatha
නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
ජනගහණය
 • මුළු15,000
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
දුරකථන කේතය(න්)011

ඓතිහාසික පසුබිම

කඩවත යන වචනයේ තේරුම Gurad-Post යනුවෙන් සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයේ සදහන් වෙයි Guard-Post යන්නෙහි තේරුම ආරක්ෂක කණුව යන්නයි. ඉහත සදහන් ආකරයට පැරැන්නන් පවසන්නේ කඩවත නගරය කොළඹ හා වෙනත් ප්‍රදේශ හා විවිද දිශාවලට යෑමට තිබුනු දොරටුවක් යන්නයි. මීට වසර දහයකට පහලවකට පෙර කඩවත රාගම පාර යට උමං මාර්ගයේ යම් ස්ථානයක අදාල කඩුල්ල තිබුනායැයි සැලකේ. එය මැණික් හා රන් වලින් නිම වී තිබුණු අතර එය නිදන් මක්කොල්ලකරුවන් විසින් සොරාගත් බව පැවසේ. ඊට වසර කිහිපයකට කලින් කඩුල්ල තියනාවායැයි සිතු තැනට සොරෙකු විසින් උමං මාරයක් හාර එය සොරා ගැනීමට තැත්කල අවස්ථාවක් පිලිබඳව එවකට සිටි වැඩිහිටියන් විස්තරාත්මකව පවසයි.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කඩවත පිළිබඳ තොරතුරු, කඩවත යනු කුමක්ද? කඩවත යනු කුමක් දර්ශනය කරන්නේ?