කල්මික් ජනයා යනු සිය ජාතික ආගම ලෙස බුදු දහම අදහන යුරෝපයේ එකම ජන කොට්ඨාසයයි. ඔවුන් ජීවත් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ යටත් රාජ්‍යයක් වන කල්මිකියාව තුළ ය. මෙහි දේශසීමා සැලකූ විට, දකුණින් දාගෙස්ථානයත්, නිරිතදිගින් ස්ටැව්රොපොල් ක්‍රේ ද, බටහිරින් රොස්ටොව් ඔබ්ලෑස්ට් ද, වයඹදිගින් වොල්ගෝග්‍රැඩ් ඔබ්ලෑස්ට් සහ නැගෙනහිරින් ඇස්ට්‍රඛාන් ඔබ්ලෑස්ට් යන ප්‍රදේශ පිහිටයි. කල්මිකියාව ගිනිකොනදිගින් කැස්පියන් මුහුදට මායිම් වේ.
කල්මික්වරුන් 17වන සියවසේ මුල් කාලයේ යුරෝපය වෙත සංක්‍රමණය වූ ඔයිරට්වරුන්ගෙන් පැවත එන්නන් ය. ටිබෙට් බෞද්ධයන් වන කල්මික්වරුන් දිය අධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබන්නේ දලයි ලාමා ය. කල්මික්වරුන්ගේ සාජින් ලාමා (ශ්‍රේෂ්ඨ ලාමා) ලෙස සැලකෙන්නේ එර්ඩ්නේ ඔම්බැඩිකොව් ය. ඔහු ෆිලඩෙල්‍ෆියාවේ උපක් කල්මිකියානු සම්භවයක් ඇත්තකු වන අතර, ඔහු සත්වන වියේ දී ඉන්දියාවේ ටිබෙට් ආරාමයක දී බෞද්ධ භික්ෂුවක බවට පත්වී ඇත. දලයි ලාමා විසින් ඔහුව හඳුන්වුන ලබන්නේ බෞද්ධ ශාන්තුවරයකු වූ ටෙලෝ රින්පොචේගේ පුනරුත්පත්තියක් ලෙසයි. ඔම්බැඩිකොව් සිය දිවිය කොලරාඩෝවේ සහ කල්මිකියාවේ ජීවත් වෙමින් ගත කරයි.
කල්මික් දේශපාලන සරණාගතයින් විසින් මධ්‍යම යුරෝපයේ පළමු බෞද්ධ විහාරය 1920 දශකයේ සර්බියාවේ බෙල්ග්‍රේඩ්හි ස්ථාපනය කරන ලදී. ඔවුන්ගෙන් පැවතෙන්නන් බොහෝමයක් 1951 අගකාලයේ සහ 1952 මුල් කාලයේ එක්සත් රාජධානියේ යළි පදිංචි වූ අතර, ඔවුන් විසින් නිව් ජර්සියේ මොන්මවුත් ප්‍රාන්තයේ සහ ඒ අවට කල්මික් බෞද්ධ විහාර කිහිපයක් ඉදිකොට තිබේ. කල්මික් බෞද්ධ භික්ෂුවක වූ න්ගාවන්ග් වන්ග්‍යාල් විසින් නිව් ජර්සියේ වොෂිටන්හි ටිබෙට් බෞද්ධ ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ විහාරයක් ස්ථාපනය කරන ලදී.
මේවාත් බලන්න
- රුසියාවේ බුදු දහම
- බුර්යේෂියාවේ බුදු දහම
- ගෙඩෙන් ෂෙඩ්ඩුප් චොයිකොර්ලිං විහාරය
- බුර්ඛාන් බක්ෂින් අල්තාන් සුමේ
මූලාශ්‍ර
- "Regions and territories: Kalmykia". BBC News. 2010-06-09. සම්ප්‍රවේශය 2010-10-11.
වැඩිදුර කියවීමට
- Seth Mydans, An Ex-Telemarketer's Other Life as a Buddhist Saint, The New York Times, 12 June 2004
- Sinclair, Tara (2008). Tibetan Reform and the Kalmyk Revival of Buddhism, Inner Asia 10(2), 241-259
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කල්මිකියාවේ බුදු දහම පිළිබඳ තොරතුරු, කල්මිකියාවේ බුදු දහම යනු කුමක්ද? කල්මිකියාවේ බුදු දහම යනු කුමක් දර්ශනය කරන්නේ?