සර්බියාව

මුල් පිටුව | සර්බියාව


සර්බියාව (i/ˈsɜrbiə/), නිල වශයෙන් සර්බියා ජනරජය (සර්බියානු: රෙපොබ්ලිකා ස්රබියා, Република Србија, ශබ්ද උච්චාරණය [repǔblika sř̩bija]) යනු, මධ්‍යම සහ අග්නිදිග යුරෝපයේ අතරමැදි සන්ධියෙහි පිහිටි සහ, පන්නෝනියානු තැන්නේ දක්ෂිණ කොටස සහ මධ්‍යම බෝල්කනය ආවරණය කරන, ස්වෛරී රාජ්‍යයකි. භූමියෙන් වටවී ඇති සර්බියාව මායිම් වන්නේ, උතුරෙන් හන්ගේරියාව, නැගෙනහිරෙන් රුමේනියාව සහ බල්ගේරියාව, දකුණෙන් මැසඩෝනියාව සහ බටහිරෙන් ක්‍රොඒෂියාව, බොස්නියාව සහ මොන්ටිනිග්‍රෝ වෙතින් වන අතර, මතභේදකාරී කොසෝවො බලප්‍රදේශයට හිමිකම් පෑම තුලින් ඇල්බේනියාව හා සමගින්ද දේශසීමාවක් ඇති බවට හිමිකම් පායි. සර්බියාවේ අගනගරය වන බෙල්ග්‍රේඩ්, අග්නිදිග යුරෝපයේ විශාලතම නගර අතුරින් එකකි.

සර්බියා ජනරජය

Република Србија
රෙපොබ්ලිකා ස්‍රබියා
  (සර්බියානු)
කොඩිය
Coat of arms
යුරෝපය (තද අළු) තුල
සර්බියාවේ (කොළ) සහ මතභේදකාරී කොසෝවො (ලා කොළ) බලප්‍රදේශයේ පිහිටුම.

6වන සියවසෙන් අනතුරුව බෝල්කනය වෙත ස්ලොවික සංක්‍රමණ ඇරඹීමෙන් පසුව, මධ්‍යතන යුගයේ මුල් අවධියෙහිදී සර්බ්වරුන් විසින් රාජ්‍යයන් කිහිපයක් සංස්ථාපනය කෙරිණි.

ආශ්‍රිත

  1. "සර්බියා: ඉන්ට්‍රඩක්ෂන්". මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයය. සම්ප්‍රවේශය 3 ඔක්තොම්බර් 2014.
  2. "සර්බියා". සවුත්ඊස්ටර්න් යුරප් ට්‍රැවල් ගයිඩ්. බෝල්කන්ස් 360. සම්ප්‍රවේශය 3 ඔක්තොම්බර් 2014.
  3. "සර්බියා: ඔන් ද වේ ටු ඊයූ ඇසෙෂන්". වර්ල්ඩ් බෑන්ක් ගෲප්. සම්ප්‍රවේශය 21 ඔක්තොම්බර් 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සර්බියාව පිළිබඳ තොරතුරු, සර්බියාව යනු කුමක්ද? සර්බියාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.