කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු ප්‍රධාන වශයෙන් පිරිමින් හෝ පිරිමි ළමයින් විසින් ස්ත්‍රීන්ට හෝ ගැහැනු ළමයින්ට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා යි. පුද්ගලයෙක්ට එරෙහිව එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කෙරෙනුයේ ඇයගේ ස්ත්‍රී සමාජභාවය නිසාම නම් එය වෛරී අපරාධයක් ලෙස සැළකේ. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ ආකාර ගත හැක. මෙයට ප්‍රතිවිරුද්ධ පිරිමින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු පුරුෂ සමාජභාවයට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා යි.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති නමුත් ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවල බරපතලභාවය සළකන ලද කාල රාමුව අනුව සහ සමාජයෙන් සමාජයට වෙනස් වේ. බොහෝ විට මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කාන්තාවන් යටත් කර තබා ගැනීමේ (පොදුවේ සමාජය තුල හෝ අන්තර්පුද්ගල සබඳතාවක් තුල) යාන්ත්‍රණයක් ලෙස යොදාගැනෙන බව සැළකේ.
එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ප්‍රකාශනය සඳහන් කරනුයේ "කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු පිරිමින් සහ ගැහැණුන් අතර පැවති ඓතිහාසික බල සබඳතා අසමතුලිතතාව නිසා පැන නැගෙන්නක්" බවත් "පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන් පහත් ස්ථානයකට ලක් කිරීමේ ප්‍රධාන සමාජ යාන්ත්‍රණයක් වනුයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය" වන බවත් ය.
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කොෆී අනන් විසින් 2006 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ කාන්තා සංවර්ධන අරමුදලෙහි වෙබ් අඩවියේ පළ කළ වාර්තාවක ප්‍රකාශ කළේ:
කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වසංගතයක් තරම් ව්‍යාප්ත වී ඇති ගැටලුවකි. ලොව පුරා කාන්තාවන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් සිය ජීවිත කාලය තුලදී, බොහෝ විට ඇය හඳුනන තැනැත්තෙක් විසින් පහරදීම් වලට, ලිංගික බලහත්කාරකම් වලට හෝ වෙනත් ආකාරයේ අපයෝජනයකට ලක්ව ඇත.
සටහන්
- වෙනත් යෙදුම්:
- ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය (GBV)
- කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය (VAWG)
- ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය (SGBV)
ආශ්‍රිත
- "ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි".
- "ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය (SGBV) පිටුදැකීම සඳහා වූ බහු-ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම – II 2024-2028" (PDF). කාන්තා, ළමා කටයුතූ හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය.
- "A/RES/48/104 - Declaration on the Elimination of Violence against Women". United Nations General Assembly. සම්ප්‍රවේශය 6 August 2014.
- Moradian, Azad (10 September 2010). "Domestic Violence against Single and Married Women in Iranian Society". Tolerancy.org. The Chicago School of Professional Psychology. 25 April 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 March 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද? කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු කුමක් දර්ශනය කරන්නේ?