කාර්යාල මෘදුකාංග

Microsoft Windows, Apple Mac OS X, Linux, Android/Linux හා BSD මෙහෙයුම් පද්ධති සමඟ කාර්යාල වැඩ කටයුතු කිරීමට පහත මෘදුකාංග සකසා ඇති අතර ලිනක්ස් සඳහා පෙර නිමියෙන්ම "ලිබ්රේ ඔෆීස්" (LibreOffice) මාදුකාංග එකතුව ලබා දෙයි. මෙම මෘදුකාංගය භාවිතයෙන් කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය සියලුම මෘදුකාංග කාණ්ඩ ඇතුලත් වී ඇත.

මෘදුකාංග

LibreOffice

ලිබ්රේ ඔෆීස් Microsoft Windows, Apple Mac OS X, Linux, Android/Linux හා BSD මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක කල හැක.

  • ලිබ්රේ ඔෆීස් රයිටර් (LibreOffice Writer): ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • ලිබ්රේ ඔෆීස් කැල්ක් (LibreOffice Calc): ගනනය කිරීම් සිදු කර ගැනීම සඳහා (වැටුප් වාර්තා ලකුණු වාර්තා) මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • ලිබ්රේ ඔෆීස් ඉම්ප්‍රෙස් (LibreOffice Impress): ඉදිරිපත් කිරීම් (Presentation) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • ලිබ්රේ ඔෆීස් බේස් (LibreOffice Base): දත්ත සමුදායන් (Data Base) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.

Apache OpenOffice

ඕපන් ඔෆීස් Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක කල හැක.

  • ඕපන් ඔෆීස් රයිටර් (OpenOffice Writer): ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • ඕපන් ඔෆීස් කැල්ක් (OpenOffice Calc): ගනනය කිරීම් සිදු කර ගැනීම සඳහා (වැටුප් වාර්තා ලකුණු වාර්තා) මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • ඕපන් ඔෆීස් ඉම්ප්‍රෙස් (OpenOffice Impress): ඉදිරිපත් කිරීම් (Presentation) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • ඕපන් ඔෆීස් බේස් (OpenOffice Base): දත්ත සමුදායන් (Data Base) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.

WPS Office (Kingsoft Office)

WPS ඔෆීස් Microsoft Windows, Apple Mac OS X, Android/Linux හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක.

  • Kingsoft Writer: ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Kingsoft Spreadsheets: ගනනය කිරීම් සිදු කර ගැනීම සඳහා (වැටුප් වාර්තා ලකුණු වාර්තා) මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Kingsoft Presentation: ඉදිරිපත් කිරීම් (Presentation) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.

Microsoft Office

Microsoft ඔෆීස් Microsoft Windows, Apple Mac OS X, iOS, Android/Linux හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක. Linux මෙහෙයුම් පද්ධති මත Microsoft Office, PlayOnLinux භාවිතා කර පිහිටුවා ක්‍රියාත්මක කල යුතුය.

  • Microsoft Word: ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Microsoft Excel: ගනනය කිරීම් සිදු කර ගැනීම සඳහා (වැටුප් වාර්තා ලකුණු වාර්තා) මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Microsoft PowerPoint: ඉදිරිපත් කිරීම් (Presentation) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Microsoft Access: දත්ත සමුදායන් (Data Base) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Microsoft Outlook: විද්‍යුත් තැපෑල් කටයුතු සදහා භාවිතා වේ.

Polaris Office සහ eM Client

Polaris ඔෆීස් Microsoft Windows, Apple Mac OS X, iOS හා Android/Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක.

  • Polaris Word: ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Polaris Sheet: ගනනය කිරීම් සිදු කර ගැනීම සඳහා (වැටුප් වාර්තා ලකුණු වාර්තා) මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Polaris Slide: ඉදිරිපත් කිරීම් (Presentation) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Polaris PDF: PDF පිටපත් සකස් කිරීම (බැලීම) සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • eM Client: නොමිලේ ලබාදෙන මෙම මෘදුකාංගය Microsoft Window හි පමණක් ස්ථාපනය කර භාවිතා කල හැකියි. විද්‍යුත් තැපෑල් කටයුතු සදහා භාවිතා වේ.

OnlyOffice

OnlyOffice ඔෆීස් Microsoft Windows, Apple Mac OS X, iOS හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක. Documents (ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය), Spreadsheets සහ Presentation සෑදීම සදහා බාවිතා කල හැක

Calligra Suite

Calligra Suite ඔෆීස් Microsoft Windows, Apple Mac OS X, Android/Linux, FreeBSD හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක.

  • Calligra Words: ලිපි, වාර්තා, දැන්වීම්, ආදිය සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Calligra Sheets: ගනනය කිරීම් සිදු කර ගැනීම සඳහා (වැටුප් වාර්තා ලකුණු වාර්තා) මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Calligra Stage: ඉදිරිපත් කිරීම් (Presentation) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Calligra Kexi: දත්ත සමුදායන් (Data Base) සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි. Microsoft Access වලට සමාන කම් දක්වයි. Access ගොනු ආකෘතියට සීමිත අනුකූලතාවයන් දක්වයි.
  • Calligra Plan: ව්‍යාපෘති කළමනාකරණයේදී (Project Management) බාවිතා වන Gantt charts සකස් කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.
  • Calligra Flow: Flowchart ඇදීම සඳහා මෙම මෘදුකාංගය භාවිත කළ හැකියි.

Dolibarr ERP CRM

Dolibarr යනු ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ (CRM) මෘදුකාංගයක් වේ. Dolibarr ERP CRM Microsoft Windows හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක. ව්‍යාපාරවල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට උපකාරී වන ව්‍යවසාය මෘදුකාංග විසඳුමකි.

Tryton ERP

Tryton යනු ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP), නිෂ්පාදන සම්පත් සැලසුම් කිරීම (MRP II) සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ (CRM) මෘදුකාංගයක් වේ. Tryton ERP Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක. ව්‍යාපාරවල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට උපකාරී වන ව්‍යවසාය මෘදුකාංග විසඳුමකි.

iDempiere ERP/CRM/SCM

iDempiere යනු ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP), සැපයුම් දාම කළමනාකරණ (SCM) සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ (CRM) මෘදුකාංගයක් වේ. iDempiere ERP/CRM/SCM Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැක. ව්‍යාපාරවල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට උපකාරී වන ව්‍යවසාය මෘදුකාංග විසඳුමකි.

Apache OFBiz

Apache OFBiz යනු ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) මෘදුකාංගයක් වේ. Apache OFBiz Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත පිහිටුවා ක්‍රියාත්මක කල හැකි Cross-platform මෘදුකාංගයකි. ව්‍යාපාරවල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට උපකාරී වන ව්‍යවසාය මෘදුකාංග විසඳුමකි.

Apache OFBiz ERP මෘදුකාංගය මගින් පහත ක්‍රියාකාරකම් සිදුකිරීමට පහසුකම් සලසයි:

  • Accounting (Agreements, Invoicing, Vendor management, General ledger).
  • Asset maintenance.
  • Catalogue and product management.
  • Facility and Warehouse Management System (WMS).
  • Manufacturing execution / Manufacturing Operations Management (MES/MOM).
  • Order processing.
  • Inventory management, Automated stock replenishment etc.
  • Content Management System (CMS).
  • Human resources (HR).
  • People and group management.
  • Project management.
  • Sales force automation.
  • Work effort management.
  • Electronic point of sale (ePOS).
  • Electronic commerce (eCommerce).
  • Scrum development (Scrum software development support).

මෙයද බලන්න

අඩවියෙන් බැහැර පිටු

  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාර්යාල මෘදුකාංග පිළිබඳ තොරතුරු, කාර්යාල මෘදුකාංග යනු කුමක්ද? කාර්යාල මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?