කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘන් වහන්සේ යි. උන් වහන්සේ කලක් අමරපුර ශ්‍රී කලයාණිවංශ නිකායේ අතිපූජනීය අනුනායක ස්වාමීන්වහන්සේ ලෙස ද කටයුතු කලේ ය.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද අනුනායක ස්වාමීන් වහන්සේ
ආගමබෞද්ධ
ගුරුකුලයථේරවාද
නිකායඅමරපුර නිකාය
Orderශ්‍රී කල්යාණිවංශ නිකාය
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයසිංහල
උපත1 ජූලි 1961 (1961-07-01) (වයස 64)
ඊරියවැටිය, කිරිබත්ගොඩ, ශ්‍රී ලංකාව
ජ්‍යෙෂ්ඨ තනතුරු
පදවියන්
  • අමරපුර ශ්‍රී කලයාණිවංශ නිකායේ හිටපු අනුනායක හිමි
  • මහමෙව්නාව මහා සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක සහ නිර්මාතෘ
ආගමික වෘත්තිය
ගුරුවරයාඅතිපූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නාහිමි සහ පූජ්‍ය. දික්වැල්ලේ පණ්නානන්ද හිමි
ප්‍රාරම්භයමහමෙව්නාව භාවනා අසපුව
වෙබ් අඩවියhttps://www.mahamevnawa.lk
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අතිපූජ්‍ය අනුනායක ස්ථවිර
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය
තනතුර දරමින්
2019 අගෝස්තු – 2022 අගෝස්තු
නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායික
මහමෙව්නාව සංඝ සභාව
සහ
මහමෙව්නාව භාවනා අසපු සංචිතය
තනතුර දරමින්
මහමෙව්නාව අසපු සංචිතය : 1999 - අද දක්වා
මහමෙව්නාව සංඝ සභාව : 2006 – අද දක්වා
නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
තනතුර දරමින්
2012 සැප්තැම්බර් – අද දක්වා
බුද්ධගයා ජාත්‍යන්තර ත්‍රිපිටක සජ්ඣායන සමුළුවෙහි ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී
තනතුර දරමින්
2008–2010

ආධ්‍යාත්මික චරිතාපදානය

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ උපත ලැබුවේ, ක්‍රිස්ටි කබ්‍රාල් සහ වයලට්‍ පෙරේරා යන දෙමාපියන්ට දාව රෝමානු කතෝලික පවුලකය. එම හිමියන්ගේ උපත පසු පස ආ සිදුවීම් දාමය ආශ්චර්ය ජනකය; එය අවසන් වූයේ එ හිමියන් ගේ උපතින් සය මසක් ඉක්මවූ තැන මුලු පවුලම බුදු දහම වැළඳ ගැනීමෙනි. ඒ නිසාම එ හිමියන්ට බෞද්‍ධ අධ්‍යාපනයක් ලැබීමට හැකි පරිසරයක් සැකසිණි.

1979 මාර්තු 26 දින (එනම් වයස 17 දී) පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර සහ පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේලා යටතේ සේරුවවිල දී පැවිදි බිමට පිවිසි උන් වහන්සේ , සම්ප්‍රදායික බෞද්‍ධ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයට පිවිසුන හ. තමන් සොයන දෙය මෙම පසුබිම තුළ නොලැබෙන බව වටහාගත් උන් වහන්සේ කළේ , විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර භාවනා අසපු සහ ආරාම ඇසුරු කරමින් නිවැරදි දහම් මග සොයා යෑමයි.

වසර ගණනාවක් බුදු දහම ප්‍රගුණ කොට දහම් සේවාවේ හැසිරෙමින් සිටි උන් වහන්සේ, පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය මැද, 1999 දී පොල්ගහවෙල වඩුවාවෙහි මහමෙව්නාව අරඹන්න ට යෙදිනි. ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මහමෙව්නාව නොනැවතී ව්‍යාප්ත වෙමින් පවතී (මෙ වනවිට මහමෙව්නාව අසපු සංචිතය කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව ආදී රටවල් විශාල ප්‍රමාණයක පැතිරි පවතින අතර [1] සංරක්ෂණය කළ පිටපත 2020-06-10 at the Wayback Machine සිරිලක පුරා විහිදුණු අසපු ශාකා 100 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ).

ඉගැන්වීම්

අපගේ ශාස්තෘන් වහන්සේ වන, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ වදාළේ මිනිසත් බව ලැබීම ම ඉතා දුලබ අවස්ථාවක් බවයි. වාසනාවකට, අපි සියලු දෙනා එම දුලබ අවස්ථාව දැන් ලබා සිටිමු. එනමුත්, මිනිසාගේ උසස් බව ඔහුගේ ජාතිය, කුලය, ගෝත්‍රය හෝ වෙනත් එවන් ලක්‍ෂණ මත රඳා නොපවතින බැව්‍ පසක් කළ යුතුය. ඔහුගේ ශ්‍රෙෂ්ටත්වය රඳා පවතින්නේ ඔහු ගේ හැසිරීම මත ම පමණි. මිනිසකු සැප සහ දුක අත්විඳින ආකාරය පවා සබැඳී ඇත්තේ ඔහු මනස, වචනය සහ කය යන තුන් දොරින් ක්‍රියා කරන ආකාරය මත ය.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සිය දිවියම කැප කළේ මිනිසාව දුකින් මුදවා ගැනීම උදෙසාම ය. අපි උන් වහන්සේ ගේ අනුගාමිකයෝ වෙමු; අපගේ එකම පැතුම මෙසේ දුකින් අත්මිදුනු මිනිසුන්ගෙන් පිරි ලොවක් දැකීම ය.

මිනිස් වර්ගයාගේ අසිරිමත් ප්‍රඥා නිධානය නම් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ඉගැන්වීමයි. මෙම දහම අපගේ ජීවිත ආලෝකවත් කරන්නේ සතුට ප්‍රමෝදය ළඟා කර දෙමිනි. ඔබම මෙම අසිරිමත් ධර්මය සොයා යන්න; ඒ අනුවම ජීවිතය හසුරුවා ගන්න; සියළු දුකින් අත් මිදෙන්න; උතුම් සැපත (නිවන) පසක් කර ගත් වාසනාවන්ත පිරිසට එක් වන්න

— පූජ්‍ය ඤාණානන්ද හිමියන්ගෙන් පණිවිඩයක්


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි පිළිබඳ තොරතුරු, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි යනු කුමක්ද? කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි යනු කුමක් දර්ශනය කරන්නේ?