කුමාරතුංග මුනිදාස

මුල් පිටුව | කුමාරතුංග මුනිදාස
මෙම ලිපිය හෝ ලිපි කොටස මුනිදාස කුමාරතුංග සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2024 ජූලි සිට යෝජිතය.

කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙ⁣⁣යෙක්, අර්ථ කතාකරැ⁣වෙක්, කවියෙක් සහ පත්‍ර කලා⁣වේදි⁣යෙක් විය. ඔහු විසින් හෙළ හවුල නම් සංවිධානය පිහිටුවා, සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබී ය.

කුමාරතුංග මුනිදාස
උපත25 ජූලි 1887(1887-07-25)
ඉදිගස්සර, දික්වැල්ල, මාතර,
ශ්‍රී ලංකාව
මියගිය දිනය2 March 1944(1944-03-02) (aged 56)
පානදුර, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයආනන්ද විද්යාලය
උගත් ශාස්ත්‍රාලයදික්වැල්ල බොදු විදුහල
ශාන්ත තොමස් විද්යාලය , මාතර
වැවුරුකන්නල පිරිවෙන
රැකියාවගත් කතුවරයෙක්, කවියෙක්, ජනමාධ්යවෙදියෙක්
ප්‍රධාන නිර්මාණ
හෙළ හවුල
කලත්‍රයා(යන්)ලිලි ලැවිනියා පිරිස්
දරුවන්6
සම්මාන14

මෙතුමන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය.

යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොට ගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස, මහගමසේකර, මඩවල එස් රත්නායක, ආදීන් සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහඟු පරිශ්‍රමයක් දැරීය.

ප්‍රථම සිංහල නවකතා රචනා වූයේ ද මේ අවධියේය. ඇල්බට් සිල්වාගේ විමලා (1892) සහ ආදර හසුන (1894) මෙම ප්‍රථම සිංහල නවකතාවලින් සමහරකි. සයිමන්ද සිල්වාගේ මීනා (1905) නමැති නවකතාවද වඩා ජනප්‍රියත්වයට පත් වූ නවකතාවකි. කුමාරතුංග මුනිදාසයන් සාහිත්‍යකරුවකුට අමතරව පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් තැනීම සඳහා පර්යේෂණයන් රැසක් දියත් කළේය.

කුමාරතුංග මුනිදාසයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු කටයුතු කළේය.

වර්තමානයේදී ද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව යනාදිය කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ.

දිවියේ තොරතුරු

ඉපදීම

කුමාරතුංග මුනිදාස වර්ෂ 1887 ජුලි මස විසිපස්වන දින(25) උපත ලැබීය. එය සිදුවී ඇත්තේ දික්වැල්ලේ, ඉඳිගස් ආරේ කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසේදීයි.

ළමා සාහිත්‍යය සඳහා දායකත්වය

සිංහල භාෂාව සහ සාහිත්‍ය ‍ක්ෂේත්‍රයේ එතුමා පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිමය ස්වරූපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංගවේ. ‘හා හා හරි හාවා’ (හාවාගේ වග කෘතියෙන්),

"මහ පුදුමෙකි,

මලෙක මලකි,

නැහැ එහි සකි,

සමණළයෙකි’ (‘මල් බස්’)

වැනි ඒවා ඒ සඳහා කදිම උදාහරණ වේ.

කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස් ‘දරු සුරතල්’, ‘අවසාන’, ‘සොහොයුරු වියෝව’ සහ ‘මගේ වරද’ ගැන කාව්‍ය සංග්‍රහ වලින් දැකිය හැක. ‘මගේ වරද’ කෘතියේ සඳහන් වනුයේ බොරුවක් කීම සම්බන්ධව තම බාල පුතුට පහර දුන් ආකාරය පිළිබඳවයි. එය ඔහු විස්තර කරන්නේ ‍මෙසේය.

‘දරුවාගේ අනාගතේ කුසුම්
හටගන්වන්නට මයි මා තැත් කියා,
වැනසුම් හැම වත්මනේ කුසුම්’

හෙළ හවුල

ප්‍රධාන ලිපිය: හෙළ හවුල

කුමාරතුංගයන් දෙස, බස, රැස තෙරුවන් ලෙස සැලැකු අතර එය රැකැ-ගැනිමේ අරමුණින් ඇරැඹි හෙළ හවුල යනු 1941 දී ඒතුමා ගේ මුල් වීමෙන් බ්‍රිතයන්‍ය ලංකා යටත්විජිතයේ පිහිටුවන ලද ජාතික සංවිධානයෙකි. දෙස, බස, රැස යන හෙළ තෙරුවන සුරැකීම සඳහා ඇරැඹුණු හෙළ හවුල, සිංහළ බසෙහි අබිවැඩුම සඳහා විසල් මෙහෙවරක් ඉටු කළ ආයතනයෙකි. නිවැරැදි පිරිසුදු හෙළ බස නඟා-ලීම මේ ආයතනයෙහි මුල් අරමුණෙකි. තව ද හෙළ ඉතිහසෙහි සැබෑ යටගියාව ඉස්මතු කිරීම සඳහා ද හෙළ හවුලින් ඉටු වූ මෙහෙය නොපටු යැ. 1941 සිට මේ දක්වා ක්‍රියාකාරී වැ පවත්නා එක මැ සිංහළ භාෂා ගුරුකුලය ද මෙය යි. හෙළ හවුලින් බිහි වූ කිවිවරු ද පඬිවරු ද බොහෝ යැ.

"ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත."

(ලක් මිණි පහන් කතු වැකි - කුමාරතංග මුනිදාස)

ආනන්ද රාජකරුණා එස්.මහින්ද හිමියන් මුනිදාස කුමාරතුංග වැනි නිර්මාණශීලී නිර්මාණ කරුවන්ගේ ළමා නිර්මාණ ඉහළ මට්ටමක පැවැතුණා. ඒ අය ළමා මනසට උචිත ගීත සාහිත්‍යයක් ගොඩනැගුවා. අදත් අප ඒ ආස්වාදනීය ගීත රස විදිනවා. ‘සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි’ එවැනි අරුත්බර ගීත සංකල්පනා අද ළමා නිර්මාණ තුළ සරවිඳින්නට ලැබෙන්නේ නැහැ. වර්තමානයේ වැඩිහිටි ගීතය මෙන්ම ළමා ගීතයද පරිහානිය කරා ගමන් කරන ලක්ෂණ දක්නට ලැබෙනවා.

ක්‍රි.ව. 20වන ‍ශත වර්ශය මුල වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාප්‍රතිය නීසාද, දිනමිණ වැනි පුවත් පත් නිසාද සිංහල භාෂාවට නව ඡීවයක් ලැබුණි.

කෘති

  • ශික්ෂ
  • මඟුල් කෑම
  • හීන්සැරය
  • හත්පණ
  • ප්‍රබන්ධ සංග්‍රහය
  • පහන් කටුවෙකි
  • කවි ශික්ෂාව
  • කියවන නුවණ
  • විරිත් වැකිය
  • ව්‍යාකරණ විවරණය
  • ක්‍රියා විවරණය
  • හෙළ මියැසිය
  • පියසමර
  • නුවණ පොත් පෙළ

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුමාරතුංග මුනිදාස පිළිබඳ තොරතුරු, කුමාරතුංග මුනිදාස යනු කුමක්ද? කුමාරතුංග මුනිදාස යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.