කුරුන්දි රජ මහා විහාරය හෝ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය (ඉංග්‍රීසි: Kurundi Raja Maha Vihara,දෙමළ: குருந்தி ராஜ மகா விஹாரை) යනු උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයෙහි මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොමලමුනේ මධ්‍යම ග්‍රාම නිළධාරී වසමේ පිහිටි ක්‍රි.පූ.2 වන සියවසේ දී ඛල්ලාඨනාග මහ රජ විසින් නිර්මාණය කරන ලද පුරාවිද්‍යාත්මක බෞද්ධ ආරාම සංකීර්ණයකි.කුරන්දාවශෝක,කුරුන්දපාසක,කුරුන්දචූලක,කුරුන්දපිල්ලක,කුරුන්දිවේලු,පියන්ගල ප්‍රාචීන විහාරය යන නම් වලින් ද විවිධ මූලාශ්‍ර තුළ හදුන්වා ඇත්තේ ද මෙම විහාරය ම වේ.
උතුරු පළාත තුළ පිහිටීම | |
| පිහිටීම | මුලතිව් දිස්ත්‍රික්කය,උතුරු පළාත,ශ්‍රී ලංකාව |
|---|---|
| කලාපය | තන්නිමුරුප්පු |
| ඛණ්ඩාංක | 9°06′58.9″N 80°45′44.2″E / 9.116361°N 80.762278°E |
| මාදිලිය | පබ්බතාරාම බෞද්ධ ආරාම සම්ප්රදාය |
| වර්ගඵලය | අක්කර 420 ක් පමණ |
| ඉතිහාසය | |
| ගොඩනැගූ තැනැත්තා | ඛල්ලාඨනාග මහ රජ |
| අමුද්‍රව්‍ය | කබොක් පාෂාණය |
| ස්ථාපිත දිනය | ක්‍රි.පූ.109-104 (ක්‍රි.පූ.2 වන සියවස) |
| අත්හළ දිනය | ක්‍රි.ව.13 වන සියවස |
| යුග | මුල් අනුරාධපුර යුගයේ සිට පොළොන්නරුව යුගයේ අවසානය දක්වා |
| සංස්කෘතීන් | සිංහල බෞද්ධ |
| සිදුවීම් | ●බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකාගමනයේ දී වැඩම කළ ස්ථානයක් ලෙස ජනප්‍රවාදගතව සැලකේ. ●කුරුන්දි අට්ඨකථා රචනා කළ ස්ථානය ලෙස සැලකේ. |
| අඩවි සටහන් | |
| පුරාවිද්‍යාඥයින් | ජේ.පී.ලෙවිස් (මුල් වරට වාර්තා කිරීම) එච්. සී. පී. බෙල් ජෝන් ස්ටිල් හෙන්රි පාකර් එල්ලාවල මේධානන්ද හිමි |
| තත්ත්වය | සංරක්ෂණය කරමින් පවතින |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
| කළමනාකරණය | අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය |
| මහජන ප්‍රවේශය | හැක |
| වෙබ්අඩවිය | kurundi.lk |
| නිල නාමය | කුරුන්දි බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය |
| වර්ගය | පබ්බතාරාම සංකීර්ණ |
| උපමානය | බෞද්ධ ආරාම |
| නාමෝද්දේශනය | 1933.05.12(පුරාවිද්‍යා රක්ෂිතය) 2013.08.16(පුරාවිද්‍යා ස්මාරකය) |
| නිර්දේශ අංකය | Gazette No 7981 |
වවුනියාව නගරයේ සිට A9 මාර්ගය ඔස්සේ පුලියන්කුලම හරහා නෙදුන්කේනි නගරය පසුකර මුලතිව් දෙසට කිලෝමීටර 6 ක් ගමන් කළ විට හමුවන අතුරු මාර්ගය ඔස්සේ තන්නිමුරුප්පු රක්ෂිතය හරහා කිලෝමීටර 10 ක් පමණ ගමන් කළ විට මෙම පුරාවිද්‍යා ස්ථානය වෙතට පිවිසිය හැක.ඊට අමතරව,මුලතිව්-කෝකිලායි B297 මාර්ගයේ මුලතිව් සිට කිලෝමීටර 11 ක් පමණ ගමන් කර අලම්පිල් හන්දියෙන් දකුණට හැරී හමුවන 24 වන බලැඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය අසළින් දකුණු දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 12 ක් පමණ ගමන් කළවිට හමුවන ප්‍රවේශ මාර්ග පුවරුව දැක්වෙන අතුරු මාර්ගය ඔස්සේ කිලෝමීටර 4 ක් පමණ ගමන් කළ විට ද මෙම පුරාවිද්‍යා ස්ථානය වෙත පිවිසීමට හැකියාව තිබේ.
මෙම ආරාම සංකීර්ණය වර්ෂ 1933 මැයි මස 12 වන දින බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුව විසින් රජයේ ගැසට් අංක 7981 මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ද වර්ෂ 2013 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා රජයේ ගැසට් අංක මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ද නම් කර ඇත.පුරාවිද්‍යාඥ හෙන්රි පාකර්ට අනුව උතුරු පළාතේ විශාලතම නටඹුන් සංකීර්ණය වන්නේ ද මෙම කුරුන්දාවශෝක විහාරය යි.
ඉතිහාසය
මහාවංශය වැනි වංශකතා හා අට්ඨකතා අනුව සද්ධාතිස්ස මහ රජුගේ පුත්‍රයකු වන ඛල්ලාඨනාග මහ රජ (ක්‍රි.පූ.119-103) විසින් ක්‍රි.පූ.2 වන සියවසේ දී කුරුඳු රට තුළ කුරුන්දි විහාරය හෙවත් කුරුන්දාවශෝක විහාරය නිර්මාණය කර තිබෙන බව "සො ච කුරුන්දපාසකං විහාරඤ්ච අකාරයි" යනුවෙන් මහාවංශය තුල විස්තර වේ.ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය වූ නාගදීපයට(නකදිවට-වර්තමානයේ යාපනය අර්ධද්වීපය ඇතුලු දිවයිනේ උතුරු ප්‍රදේශයට)වැඩම කළ අවස්ථාවේ දී මෙම කුරුන්දි විහාරය සුපුහිටි භූමියට පැමිණිබව ජනප්‍රවාදගතව තොරතුරු පවතින බව මේ ස්ථානය පිළිබඳව මුල්වරට වාර්තා කරමින් උතුරු පළාතේ රජයේ නියෝජිත වූ ජේ.පෙන්රි ලෙවිස් මහතා වාර්තාකර තිබේ. පූජාවලිය,නිකාය සංග්‍රහය ආදී පැරණි සාහිත්‍ය මූලාශ්‍ර තුළ කුරුඳු රට,කුරුඳුගම්මු රට,කුරුන්දක සහ කුරුන්දරට්ඨ යනුවෙන් ද හදුන්වා ඇත්තේ ද කුරුන්දි විහාරය පිහිටි මේ ප්‍රදේශයම බව පැහැදිලි වේ.සිංහලයේ කඩයිම් පොතට අනුව එය කුරුඳුගමු රට යනුවෙන් ද හඳුන්වා තිබේ.අනුරාධපුරයට උතුරින් වූ කැදෑ හා කඩවත් කෝරල දෙක කුරුඳු රට යනුවෙන් හඳුන්වන බවට ආර්.ඩබ්.ලෙවර්ස් මතයක් ඉදිරිපත් කර තිබේ.නමුත් ඒ මතය වැරදි බවත්,එම ප්‍රදේශය වත්මන් වව්නියාවට අයත් කරිකට්ටමලෙයි දකුණු කොටස වන බවත් සී.ඩබ්.නිකලස් පෙන්වා දෙයි.කුරුන්දිරට්ඨ යන නාමය වත්මන් කුරුන්තන්ඌර් යන්නෙහි ගැබ්ව ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.කුරුඳු රට,පදී රටට ආසන්නව තිබූ බවත් මේ පදී රට යැයි හදුන්වන්නේ වර්තමාන පදවිය ප්‍රදේශය බවත් කඩඉම්පොත් පිළිබඳ විමර්ශනයක් සිදු කළ එච්.ඒ.පී.අභයවර්ධන මහතාගේ අදහස වී තිබේ.
කුරුඳු රට යන නාමය ප්‍රදේශය පුරා විසිරී ඇති කබොක් හෙවත් කුරුඳු(කුරුවින්ද) පාෂාණය නිසා ඇති වූ බවට සැලකේ.මෙම කුරුඳු පාෂාණය ද රුවන්වැලිමහාසෑය අත්තිවාරම සකස් කිරීම සඳහා ද අතුරා ඇති බව "තස්සෝපරි ඛරසුදං කුරුවින්දං තතොපරි"' යනුවෙන් වංසත්ථප්පකාසිනී මහාවංස ටීකාව තුළ දැක්වේ.කුරුඳු රටෙහි පිහිටි මෙම විහාරයේ කුරුන්දචූලක/කුරුන්දපාසක නම් පිරිවෙණක් පැවති බවටත් සිංහල ප්‍රධාන අට්ඨකතා තුනෙන් එකක් වන කුරුන්දි අට්ඨකථා එහි දී රචනා වූ බවටත් සැලකේ.මේ පිළිබඳව සාරත්ථදීපනී විනයට්ඨකතාවේ මෙසේ දැක්වේ.
"කුරුන්දිවෙල්ලි විහාරො නාම අත්ථි තත්ථ කතත්තා කුරුන්දීති නාමං ජාතන්ති වදන්ති"
කුරුන්දිවෙල්ලි නම් වූ විහාරයකදී එම කෘතිය රචිත වූ නිසා,ඒ අට්ඨකථාවට “කුරුන්දි” යන නම ලැබුණි.(උපුටාගැනීම:සාරත්ථදීපනී විනයට්ඨකතාව
සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ ද මේ පිළිබඳව සදහන් වේ.
"සංවණ්ණනං තං ච සමාරහනේතා
තස්ස මහාඅට්ඨකථා සරීරං,
කත්වා මහාපච්චරියං තථෙව
කුරුන්දිනාමාදිසු විස්සුතාසු"
ඒ සංවර්ණනාවද මනාකොට ආරම්භකරන්නා වූ මම,මහ අටුවාව ඒ සංවර්ණනාවෙහි ශරීරයකොට,මහාපච්චරි නම් අටුවාවෙහිද,කුරුන්දි ආදි නම් ඇති ප්‍රසිද්ධ වූ...(උපුටාගැනීම:සමන්තපාසාදිකා විනයට්ඨකතාව,පාරාජික කාණ්ඩය-අට්ඨකථාචාර්යය බුද්ධඝෝෂ මහා ස්ථවිර)
මහාචාර්ය ගුණපාල මලලසේකර සඳහන් කරන්නේ සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ නිතර නිතර කුරුන්දි සිංහල අට්ඨකතා ගැන සඳහන් වෙන නිසා එය ප්‍රධාන වශයෙන්ම විනය නීති වලට අදාළව පවතින්නට ඇති බවත් හා විනයධර භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් රචනා කරන්නට ඇති බවත් ය.ඒ පිළිබඳව මෑත කාලීනව නිර්මාණය කළ කුරුන්දි විහාරය වන්දනා කිරීමේ ගාථාවෙද සඳහන් කර තිබේ.
"ලඞ්කාය උත්තරදිසාය සමුජ්ජලන්තං
තං චේතියං ච කුරුවින්දුපලෙහි බද්ධං
යස්මිං කුරුන්දිවිනයට්ඨකථා කතා තං
වන්දාමි විස්සුතකුරුන්දිවිහාරමග්ගං"
(මම) ලක්දිව උතුරු දෙස මොනවට බබළන්නාවූ,කුරුවින්ද පාෂාණයෙන් බඳනා ලද ඒ සෑය ද,කුරුන්දි නම් (සීහළ) විනය අටුවාව කළ,ඒ අග්‍ර වූ සුප්‍රසිද්ධ වූ කුරුන්දි විහාරය ද වන්දනා කරමි(කුරුන්දි මහ වෙහෙර වන්දනා ගාථාව,කුරුන්දිවිහාරවංසය,2023)
පැරණි පාලි මූලාශ්‍ර ග්රන්ථ වලට අනුව කුරුන්දි විහාරය හැදින්වීම සඳහා පද කිහිපයක් භාවිතා කර තිබේ.ඒවා නම්, කුරුඤ්ඤ,කුරුන්දි,කුරුන්දී,කුරුන්ද විහාර,කුරුන්දචුල්ලක,කුරුන්දන්කුන්දිය,කුරුන්දපිල්ලක,කුරුන්දවාපි,කුරුන්දවාසෝක විහාර,කුරුන්දවේලු,කුරුන්දිවෙල්ලි,කුරුන්දිය විහාර,කුරුන්ද පාසක යන සංඥා නාමයන් ය.බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් විසින් රචිත සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ පමණක් කුරුන්දි යන වචනය 102 වරක් සඳහන් වන බව හත්තොටුවේ ඉන්දරතන හිමි පවසයි.ඊට අමතරව "කුරුන්දි" යන වචනය කඞඛාවිතරණියේ ද සඳහන් කර ඇතේ අතර ඉන් හා සමන්තපාසාදිකාවේ ද සඳහන් කුරුන්දි යන වචන තුළින් අදහස් කර ඇත්තේ කුරුන්දි අටුවාව බව පෙනේ.සමන්තපාසාදිකාවේ සහ මනෝරථපූරණියෙහි කුරුන්දකවාසී ඵුස්සමිත්ත නම් තෙර නමක් පිළිබඳව සඳහන් වේ.
ඊට අමතරව පළමුවන අග්බෝ රජු (ක්‍රි.ව.561-595) විසින් මෙම විහාරය තවදුරටත් වැඩිදියුණු කරමින් නැවත කර වූ බවත්,කුරුඳු වැව නමින් වැවක් කර වූ බවත්,ඊට අමතරව තුන් යොදුනක් දුර සහිත පොල් උයනක් ද කරවා පූජා කළ බවත් මහාවංශයේ සඳහන් වේ.ඊටත් අමතරව අස්වැද්දීම උදෙසා මහා සිව නම් කුඹුරු යායක් ද,ආරාමික අතවැසියන් සියයක් ද ලබා දුන් බවත්,විහාරය අසලින් අම්බිලපණ්ණ නම් විහාරයක් හා ඒ නමින් යුතු ගමක් ද නිර්මාණය කර මහාවිහාරවාසී තපස්වී භික්ෂූන් වහන්සේලාහට ලබා දුන් බව මහාවංශය තුළ වැඩදුරටත් සඳහන් වේ.
පැරණි කුරුඳු වැවෙහි බැම්මට පහළින් පළමුවෙනි සංඝබෝධි රජ හෙවත් සිරිසඟබෝ රජු (ක්‍රි.ව.246-248) විසින් තවත් විහාරයක් කරවූ බවටත්,ඊට බොහෝ කලකට පසු පස්වෙනි දප්පුල රජ, පළමු රාජ්‍ය වර්ෂයේ (ක්‍රි.ව.965) මෙහි එක් විහාරයක නැවත භික්ෂු සංඝයා නතරකළ බවටත් මූලාශ්‍ර තොරතුරු වන බව ආර්.එල්.බ්‍රෝහියර් මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.ඊටඅමතරව,තුන්වන සිරිසඟබෝ හෙවත් හතරවන අග්බෝ රජු (ක්‍රි.ව.662-678) විසින් කුරුන්දපිල්ලක පිරිවෙණෙහි ප්‍රාසාදයක් කරවූ බවත්,දෙවන දප්පුල රජු සහ රජුගේ සේනා නැමැති රාජමෙහෙසිය විසින් ප්‍රාචීන විහාරය හෙවත් පූර්වාරාමයේ ප්‍රාසාදය පිළිසකර කළ බවත්,ඊට අයත්ව තිබූ උස්විටිගම නිසරුව තිබූ බැවින් එයද සරාසාර කරවූ බවත් මහාවංශයේ දැක්වේ.එහි දැක්වෙන ප්‍රාචීන විහාරය බොහෝ විට පියන්ගල කන්දේ පිහිටි කුරුන්දි ප්‍රාචීන විහාරය විය හැකි බව හෙන්රි පාකර්ගේ මතය වේ.වර්තමානයේ ද මෙම ස්ථානයට "කුරුන්දන්මලේ පියංකල්ලු" යන නමින් හැදින්වේ.එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව "පියංගල" යන නම පසුකාලීනව එසේ "පියංකල්ලු" නමින් ව්‍යවහාර වන්නට ඇත.තුන්වන දප්පුල රජුගේ පුත්‍රයා වන තුන්වන මිහිඳු රජු (ක්‍රි.ව.801-805) තම මව සහ දියණිය සමඟ කුරන්ගම හෙවත් කුරුන්දියට පැමිණ කුරුඳු වැවෙහි ජලය පිළිබඳව ඇතිව තිබූ ආරවුල සංසිදුවා රජු විසින්ම ශිලා ලේඛනයක් ස්ථාපිත කළ බවත් එම ශිලා ලේඛනය මඟින් තහවුරු කර තිබේ. දාඨෝපතිස්ස රජු දවස ජේතවන විහාරයට අයත් කුරුන්දචුල්ලක පිරිවෙනේ වැඩසිටි "දාඨාවේධක" නම් භික්ෂුවක් අන්‍ය වූ ප්‍රතිසංයුක්ත වචන ලියා තැබූ බව මහාවංස ටීකාව තුළ දැක්වේ.පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1065-1120) විසින් සොලී ආක්‍රමණ හේතුවෙන් පරිහානියට පත් වූ කුරුන්දි මහා විහාරය නැවත කර වූ බවත් මහාවංශය තුළ දැක්වේ.දෙවන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් වන කාළිංග මාඝ විසින් බඳින ලද කඳවුරු 15 අතරට කුරුන්දිය ද අයත් වූ බවත් එම කඳවුරු දෙවන පරාක්‍රමබාහු රජුගේ සේනාව විසින් මුදවාගත් බව මහාවංශයේ සහ නිකාය සංග්‍රහයේ සඳහන් වේ.
පසුව පැමිණි චන්ද්‍රභාණු නම් ආක්රමණිකයා ද දෙවන පරාක්‍රමබාහු රජ විසින් මුල් වරට පරාජය කර පළවා හරනු ලැබ දෙවන වර සොළීන් ද,ජාවක මහ සෙනඟක් ද සහිත ව කුරුන්දියේ සිංහල සෙනඟක් ද සහිතව ගොස් යාපහුවේ කඳවුරුලාගත් බව පූජාවලියේ දැක්වේ.
නමුත් ඉතිහාසයේ වසර 21 ක් පුරාවට සිදුවූ දරුණු කාලිංගමාඝ ආක්‍රමණ සමඟ රජරට රාජධානි ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටසට සංක්‍රමණය වීමත් සමඟ මේ ප්‍රදේශ ද බොහෝ දුරට ජනශුන්‍ය වූ බව පෙනේ.ඒත් සමඟම මේ පුදබිම් ද වනාන්තරගත විය.පසු කාලිනව ලන්දේසී පාලන සමයේ දකුණු ඉන්දියාවේ සිට ලංකාවට වහල් සේවය සඳහා ගෙනෙන ලද වෙල්ලාල දමිළ ජනතාව මෙම ජන ශූන්‍ය ප්‍රදේශවල පදිංචි වීමත් සමඟ බොහෝ පුරාවිද්‍යා ස්ථාන විනාශ වූ බවත් මෙම පුරාවිද්‍යා භූමියෙහි ද ගොඩනැගිලි කඩා බිඳ දමා, ගෙන යා හැකි ද්‍රව්‍ය ඉවත් කර ගෙන ගිය බව යටත් විජිත සිවිල් සේවා නිලධාරියකු වූ අයිරිෂ් ජාතික ජෝන් පෙන්රි ලෙවිස් මහතා 1895 දී සිය A manual of the Vanni District, Ceylon කෘතියෙහි වැඩිදුරටත් සඳහන් කරයි.ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන 1933 දී රජයේ ගැසට් අංක 7981 මඟින් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් වන්නේ ඒ අනුවය.
ස්මාරක සහ පුරාවිද්‍යාත්මක කැණීම්
වාස්තු විද්‍යා ලක්ෂණ
අක්කර 420 ක පමණ වපසරියක විසිර පවතින මේ පුරාවිද්‍යා ස්ථානය පැරණි බෞද්ධ ආරාම සම්ප්රදායක් වන පබ්බතාරාම බෞද්ධ ආරාම සම්ප්රදාය මූලික කොට නිර්මාණය කර තිබේ.ස්තූපය,බෝධිඝරය,ප්රතිමාඝරය හා උපෝසථඝරය යන ආගමික ගොඩනැගිලි සතර අඩංගු වූ මධ්‍ය චතුරස්‍රය උස් භූමිභාගයක පිහිටා එම චතුරස්රයට පිටතින් ප්රදක්ෂිණ පථයක් ද නේවාසික හා වෙනත් ආගමික නොවන ගොඩනැගිලි ප්රදක්ෂිණ පථයත් වාස්තු සීමාවේ පිහිටි දිය අඟලත් අතර වූ පහත් බිම් පෙදෙසේ විසිරී පැවතීම,මෙම ආරාම සම්ප්රදායේ ප්‍රධාන ලක්ෂණය වේ.මෙම සම්ප්රදාය මහායාන බෞද්ධාගමික බලපෑමට ලක් වූ විහාර සම්ප්රදායක් බව පිළිගෙන ඇත.
මේ බෞද්ධ විහාර සම්ප්රදාය පිළිබඳව පුළුල් හා විධිමත් න්‍යායයික විවරණයක් "මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර" නම් කෘතියෙන් ඉදිරිපත් කර ඇත.එහි විස්තර වන ආකාරය අනුව,මෙම පබ්බත විහාර සම්ප්‍රදායට අයත් විහාරයක මැද මළුවක් තුළ යම්කිසි පූර්ව විචාල සැලැස්මකට අනුව විහාරයේ වඩා වැදගත් ගොඩනැගිලි ස්ථානගතව පවතී.වාස්තුවිද්යාශාස්ත්රයේ පළමු වැනි පරිච්ඡේදයේ දී මේ වර්ගයට අයත් ‘මූලික ආරාම දොළොසක්’ පිළිබඳ ව දක්වා ඒවායින් කොටසක් පිළිබඳ විස්තර ද දක්වා ඇත. ඒ මූලික ආරාම ප්‍රභේද වශයෙන් "හස්ත්යාරාම, සිංහාරාම, දණ්ඩාරාම, පද්මාරාම, ශීතලාගුල්ම, භික්ෂුණ්යාරාම, ගෝකුලාරාම, අන්වාරාම, භුජංගඑණාරාම, චක්රාරාම, හංසපක්ෂ හා නවාකාර" යන ආරාම ප්‍රභේද දැක්වේ. මෙම ආරාම ප්‍රභේද දොළොස ‘වාස්තු සැලසුම්’ හා ‘වික්‍රාන්ත’ වශයෙන් නැවත කොටස් දෙකකින් විග්රහ කෙරේ. ඒ අනුව මූලික ආරාම ප්‍රභේද විසි හතරක් ලැබේ. මේ එකිනෙක ආරාම සඳහා නම් යෙදීමේ දී ඒ ඒ නම්වලින් දැක්වෙන සතුන්ගේ හෝ ප්රපංචයන්ගේ ස්වරූප අනුව, එකී නම් තබා ඇති බව පෙනී යයි. ඒ අනුව හස්තියාගේ ස්වරූපය ගන්නා සැලසුම "හස්ත්යාරාම" නම් වේ. මෙම නම් තැබීමේ දී පංචාවාස ස්ථානගත කළ ආකාරය ඒ සඳහා වඩාත් බලපෑම් කරන්නට ඇති බව වෝල්ටර් මාරසිංහ මේ පිළිබඳ අදහස් දක්වමින් පෙන්වා දී ඇත. මෙම සැලසුම් හඳුනා ගැනීමේ දී මැද මළුවේ පිහිටි ප්‍රධාන පූජනීය ගොඩනැගිලි සතර පිහිටි ස්ථාන පිළිබඳ සැලකිලිමත් වේ. කුරුන්දි විහාරයේ ප්‍රධාන පූජනීය ගොඩනැගිලි ව්‍යාප්ත වී ඇති ආකාරය අනුව, මෙම විහාරය ‘හස්ත්යාරාම’ සැලැස්මට අනුකූල වන බවත්, තවදුරටත් එය ‘නැගෙනහිර දොරටුව සහිත හස්ත්යාරාම’ සැලැස්මට අනුකූල බවත් හඳුනාගත හැකි වේ.
පබ්බත විහාරයන්හි බිම් සැලසුම් පරීක්ෂා කිරීමේ දී මුලතිව්, කුරුන්දි විහාරය ද අනුරාධපුර වෙස්සගිරිය හා අම්පාර පුළුකුනාවිය යන පබ්බත විහාර හා සමාන වාස්තු සැලසුමකට අනුගත වී ඇති පෞරාණික විහාරයක් බව තහවුරු වේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙරට උතුරු ප්‍රදේශයේ වඩාත් ම දුරස්ථ ව පිහිටි පබ්බත විහාරය කුරුන්දි පබ්බත විහාරය වශයෙන් මේ දක්වා වාර්තා වීමයි. සූවිසි වැදෑරුම් ආරාම සැලසුම් අතුරින් කුරුන්දි විහාර සැලසුමෙන් ප්‍රකාශිත හස්ත්යාරාම ප්‍රභේදය පිහිටීම් ප්‍රදේශ වාස්තුවිද්යාශාස්ත්රය කෘතිය තුළ වඩාත් හොදින් දැක්වේ.
මංජුශ්රීභාෂිත වාස්තුවිද්යාශාස්ත්රයට අනුව, විහාරය තුළ පිහිටා ඇති සියලු ගොඩනැගිලි ‘මුඛ්‍ය’ හා ‘ගෞණ’ යනුවෙන් කොටස් දෙකකට බෙදනු ලැබේ. මුඛ්‍ය හෙවත් ප්‍රධාන ගොඩනැගිලි පහකි. ඒවා නම්, චෛත්‍යය (ස්තූපය), බෝධිවේශ්මය (බෝධිගෘහය/බෝධීන් වහන්සේ), ප්රතිමාලය (පිළිම ගේ) හා සභා (පෝය ගෙය) යන ඉතා ම වැදගත් පූජනීය ගොඩනැගිලි හතරත්, භික්ෂූන් වහන්සේගේ වාසභවනය වූ ප්රාසාධයත් ය. පබ්බත ආරාමය අයත් වර්ගය අනුව, ඒ ඒ ගොඩනැගිලි පිහිටන ස්ථාන වෙනස් විය හැකි නමුත් ආරාම භූමිය තුළ එම එකිනෙක ගොඩනැගිලි බෙදී විහිදී යන ආකාරය පිළිබඳ පොදු මූලධර්ම ද දැකිය හැකි වේ. වාස්තුවිද්‍යාශාස්ත්‍ර කෘතියට අනුකූල ව, විහාරාභ්යන්තරයේ පිහිටා ඇති ගොඩනැගිලිවල ස්ථානගත වීම සාමාන්‍යයෙන් සිදු වන්නේ ප්‍රධාන දොරටුව නැතහොත් පිවිසුමේ පිහිටීම හා එහි දිශාගත වීම අනුව ය. ඒ අනුව, ශුද්ධ භූමියට ඇතුළු වන බැතිමතාට පළමුවෙන්ම ඇස ගැටෙන්නේ චෛත්‍යය හා බෝධීන් වහන්සේ යි. කුරුන්දි කන්දේ විහාරයේ මැද මළුවේ ඒ ඒ පූජනීය ගොඩනැගිලි විහිදී ඇති ආකාරය නැතිනම් ස්ථානගත වී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙකී ශිල්ප ග්රන්ථාගත කරුණු ඒ සඳහා ද පොදු බව තහවුරු වේ.
පබ්බත වර්ගයේ ආරාම නිර්මාණය කිරීමේ දී මූලික පදනම වන්නේ ‘පූර්වයෙන් අර්ථ දක්වන ලද සැලැස්මක්’ නොමැති නම් ‘මනඃකල්පිත වූ භූමි සැලැස්මකි.’ මෙහි දී අදාළ භූමි මණ්ඩලය කෝෂ්ට හෙවත් කොටු නවයකට නොහොත් 25කට බෙදනු ලැබේ. කෝෂ්ඨ නවයකින් යුතු වාස්තු මණ්ඩලය ‘පීඨ’ නමින් ද, කෝෂ්ඨ විසි පහකින් යුක්ත වාස්තු මණ්ඩලය ‘උපපීඨ’ නමින් ද හඳුන්වනු ලැබේ. මේ වාස්තු මණ්ඩලයක යම්කිසි කෝෂ්ටයක් හෙවත් පරිශ්‍රයක් සාමාන්‍යයෙන් නම් කරනු ලබන්නේ ඊට අධිගෘහිත යැයි සලකනු ලබන වාස්තු දේවතාවාගේ නමිනි.මේ පීඨයන්ගේ මධ්‍ය මණ්ඩලය නිශ්චිත ව ‘බ්‍රහ්ම’ වෙනුවෙන් වෙන් වේ..
වාස්තු මණ්ඩලය නියෝජනය කරනු ලබන කෝෂ්ට හෙවත් කොටු ආරාමයට අයත් විවිධ ගොඩනැගිලි සඳහා වෙන් කරනු ලැබේ.උපපීඨ සැලැස්ම අනුව සංවිධානය වූ ප්‍රධාන ආරාම ප්‍රභේදය වන්නේ කුරුන්දි විහාරයෙන් ද නියෝජනය වන හස්ත්යාරාම ප්‍රභේදයයි. (ප්‍රධාන පිවිසුම යෙදෙන දිශාව අනුව, හස්ත්යාරාමයේ තවත් ප්‍රභේද හතරක් හා හස්තිවික්රාන්තයේ ප්‍රභේද හතරක් වශයෙන් එකිනෙකට වෙනස් සැලසුම් අටක් පවතී). ඒ අනුව, මෙම විහාර සැලසුමේ දී ප්‍රධාන ගොඩනැගිලි පහ, සිටගෙන සිටින ඉරියව්ව දක්වන විශාල හස්තියෙකුගේ විවිධ අඟපසග පොළොවේ ස්පර්ශ වන ස්ථාන අනුව පිහිටුවා ඇත.. මේ අනුව, නැගෙනහිර දෙසින් ප්‍රධාන පිවිසුම සහිත හස්ත්යාරාම ආකෘතියට අනුව ගොඩනඟා ඇති කුරුන්දි කන්දේ පබ්බත විහාරය ද ඇතුළු ඒ ප්‍රභේදයට අයත් ආරාමයක ඒ එකිනෙක ප්‍රධාන පූජනීය ගොඩනැගිලි ස්ථානගත වී ඇති ආකාරය උපපීඨ වාස්තු මණ්ඩල අනුව පහත අයුරින් මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර ග්‍රන්ථය තුළ විස්තර වේ.
"පූර්වද්වාරය සහිත හස්ත්යාරාමය (පහත සඳහන් අයුරු) සැලසුම් කරනු ලබන්නේ යි. බ්රහ්මස්ථානයෙහි සභාශාලාව කරන්නේ යි. විතථයෙහි බෝධිය නියමකරන්නේ යි. ඊශානයෙහි චෛත්‍යය ද, සුග්රීවයෙහි ප්රතිමාලය ද, රුද්රරාජාංශයෙහි ප්‍රාසාදය ද වන්නේ ය. පංචාවාසයෝ (මෙසේ) විශේෂයෙන් (දක්වන ලදහ)."
(පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. 51.)
කුරුන්දි විහාරයේ උපපීඨ වාස්තු මණ්ඩලය සලකා බැලූ විට ස්ථූපය "ඊශ" කෝෂ්ටය තුළ ද,බෝධිඝරය "විතථ" කෝෂ්ටය තුළ ද,පිළිමගෙය "සුග්‍රීව" කෝෂ්ටය තුළ ද,උපෝසථඝරය "බ්රහ්මා" කෝෂ්ටය තුළ ද හා ප්‍රාසාදය "රුද්‍ර" කෝෂ්ටය තුළ ද පිහිටා ඇත.
ප්‍රධාන පිවිසුම් පියගැට පෙළ
කුරුන්දි කන්ද මත පිහිටි පබ්බත විහාරයේ පූජනීය, වන්දනීය වාස්තු නිමැවුම් පිහිටි මැද මළුව දක්වා වූ ප්‍රධාන පිවිසුම කන්දේ උතුරු දෙසින් පැවති බවට විධිමත් වාස්තු ඉදිකිරීම් සාධක දැකගත හැකි වේ. කබොක් ගල් ප්රමුඛ ව කළු ගල් ද යොදාගනිමින් නිමවා පැවතින්නට ඇති මෙම පියගැටපෙළ කන්දේ උතුරු දෙසින් කුරුන්දි වාපි නැතිනම් ආසන්නයේ පිහිටි පෞරාණික වැවේ බැම්මේ දකුණු කෙළවර වෙත යොමු වී පැවත තිබී ඇත.
දැනට මතුපිට පවතින සාධක අනුව වුව අගනා මෙන් ම මනස්කාන්ත වාස්තු නිමැවුමක් වශයෙන් හඳුනාගත හැකි මෙම පියගැට පෙළේ සාධක කන්දේ උතුරු ප්‍රපාතයේ ස්ථාන කිහිපයකින් ඉස්මතු වී ඇති ආකාරය දැක ගත හැකි වේ. එයින් තැන් දෙකක දී පියගැට පෙළේ දෙ පස ස්ථානගත කර පැවති මුරගල් යුගල දෙකක ඉහළ කොටස් දැකගත හැකි වේ. කන්ද පාමුලට ආසන්න ව දැකගත හැකි එක් මුරගල් යුග්මයක් එකිනෙක පරතරය මීටර් 4.5ක් වන සේ පිහිටා ඇත. ඒ තැන් සිට මීටර් කිහිපයක් ඉහළින් පිහිටා ඇති අනෙක් මුරගල් යුග්මයේ පරතරය මීටර් 3.9කි. දැනට පොළොවෙන් ඉස්මතු වී ඇති සාධක අනුව මෙම එක් මුරගලක පළල හා ඝනකම සෙන්ටිමීටර් 40×16 ප්‍රමාණයේ වන අතර ඒවා කැටයම් රහිත වාම් නිර්මාණ බව පෙනී යයි. අනුරාධපුරය හා තදාශ්රිත පබ්බත විහාරාරාමයන්හි දැකගත හැකි එවැනි ආකාර මුරගල් සමඟ මෙම මුරගල් බෙහෙවින් සමපාත වන බව පෙනේ. මෙම පියගැට පෙළේ පඩි, කබොක් ගල් භාවිතයෙන් නිමවා ඇති සෙයක් පෙනී යයි. කෙසේ නමුත් තවමත් පිවිසුම් පියගැට පෙළ කැණීම් කර ඉස්මතු කර නොමැත.
මාධ්‍යමික මළුව(වන්දනීය මැද මළුව)
අනුරාධපුර යුගයේ දෙවැනි භාගයේ දී වඩාත් ප්‍රචලිත වූ විහාර වර්ගයක් වන පබ්බත විහාරයක පවතින පොදු වාස්තුවිද්‍යා සැලැස්මට අනුගත ව එයට අයත් වන්දනීය වාස්තු නිර්මාණ ඉදිකරනුයේ පරිවාර වාස්තු නිමැවුම් අන්තර්ගත බිම් මට්ටමට වඩා උස් වූ මළුවක් මත ය. මේ මළුව ‘පූජනීය ගොඩනැගිලි අන්තර්ගත මළුව’ හෙවත් ‘මාධ්‍යමික මළුව’ වශයෙන් නම් කළ හැකි අතර ස්තූපය, පිළිම ගෙය, බෝධි වෘක්ෂය හා විනය කර්ම සිදු කළ පෝය ගෙය ඇතුළු පූජනීය ගොඩනැගිලි මෙම පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත. ඒ සම්ප්‍රදායට අනුගත ව කුරුන්දි කන්දේ විහාරයෙත් මැද මළුව ස්ථාපනය කර ඇත. අනුරාධපුරය පැරණි නගරයේ පිටත වළල්ලක ස්වරූපයෙන්,ස්ථාපනය කර ඇති කුරුන්දි විහාරය ඇතුලු බොහෝ පබ්බත විහාරයන්ගේ සැලසුම් පරීක්ෂා කිරීමේ දී පුරාණ ශිල්ප ග්රන්ථ වලට අනුකූල ආකාරයෙන් ඒවා ස්ථාපනය කර ඇති බව හඳුනාගත හැකි ය.
කුරුන්දි කන්දේ මුදුනේ සිවු දෙසින් ම කබොක් ගල් භාවිතයෙන් ප්‍රාකාර බඳවා ඒ තුළ සමතලා බිමක් ඇති කොට පූජනීය මළුව සකසාගෙන ඇත. මෙම මාධ්‍යමික මළුව නැගෙනහිර බටහිර දිශානුගත ව සැලකීමේ දී දිගින් මීටර් 120ක් පමණ හා පළලින් මීටර් 100ක් පමණ වේ. පෙර ද දැක්වූ පරිදි මෙම ප්‍රාකාරය විධිමත් ආකාරයෙන් කබොක් ගල් යොදාගෙන කරවා ඇති අතර සාමාන්‍ය උස, තැනක දී මීටර් 3ක් පමණ වන මුත් පොළොවේ පිහිටීම අනුව තැනින් තැනට එහි උස වෙනස් වේ. මෙම පූජනීය නිර්මාණ අන්තර්ගත වූ මධ්‍ය අංගණය සඳහා ඇති ප්රමුඛ ප්‍රවේශය මළුවේ නැගෙනහිර ඉමෙන් යොදවා ඇත. එම නැගෙනහිර ඉමේ දකුණු අන්තයේ සිට මීටර් 20ක් පමණ දුරින් මෙම පිවිසුම් පියගැටපෙළ ස්ථානගත කර ඇති අතර මීටර් දෙකක පුළුලකින් යුතු ගල්පඩි 7කින් එම පිවිසුම සමන්විත වේ. ඒ අනුව, මංජුශ්රීභාෂිත වාස්තුවිද්යාශාස්ත්රයෙහි දක්වා ඇති ලක්ෂණ අනුව බැලීමේ දී කුරුන්දි කන්දේ විහාරයේ මැද පිහිටි, ප්‍රධාන මළුවේ ප්‍රධාන දොරටු දෙකක් වූ අතර එයින් ප්‍රධාන දොරටුව හෙවත් මහාද්වාරය නැගෙනහිර දෙසට මුහුණ ලා ඇති අතර ම උපප්‍රධාන දොරටුව හෙවත් පක්ෂ ද්වාරය(කුඩා දොරටුව) උතුරු දෙසට යොදවා ඇත. මේ අනුව, ප්‍රධාන දොරටුව මෙම ආරාමය වෙත පිවිසීම සඳහාත් පක්ෂ ද්වාරය වන්දනාව අවසන් කර එම මළුවෙන් පිටවීම සඳහාත් භාවිත වන්නට ඇත..
ස්ථූපය සහ ස්ථූප මළුව
කුරුන්දි කන්දේ විහාරයේ වන්දනීය මැද මළුවේ ඊසානදිග කෙළවරට වන්නට පිහිටා ඇති මෙම ස්තූපය නටබුන් ව, ස්තූපයක් බව හඳුනාගැනීමට පවා නොහැකි තත්ත්වයෙන් පැවති බව පූර්ව වාර්තා තුළ දැකගත හැකි වේ. මෙම අගනා ස්තූපය 2021 වසරේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව විධිමත් ආකාරයෙන් කැණීම් කර මතු කර තිබේ. 2023 මාර්තු වන විට මෙම ස්තූපයේ සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසන් කර ඇත. කුරුන්දි කන්දේ විහාරයේ දැනට දැකගත හැකි වඩාත් වැදගත් ම හා ආකර්ෂණීය ම වාස්තු නිමැවුම වන්නේ මෙම ස්ථූපය යි.
කුරුන්දි ස්තූපය කබොක් ගල් භාවිත කර ගොඩනැගූ මෙරට පැරණි ම ස්තූපය වේ. ඒ අනුව, මෙරට පවතින විශේෂ ස්තූපයක් වශයෙන් මෙය හඳුනා ගැනීමේ වරදක් නැත. පවත්නා තත්ත්වය අනුව විෂ්කම්භය මීටර් 13කට ආසන්න මෙම ස්තූපය මළුව මට්ටමේ දී වටා ප්‍රමාණය මීටර් 40.6කට ආසන්න වේ. පශ්චාත් කාලීන ව නිධන් හොරුන් විසින් මෙම අගනා ස්තූපයේ මුදුනින් හාරා විනාශ කර ඇති බවට සාධක ස්තූපය ප්‍රතිසංස්කරණයට පෙර (2021 සැප්තැම්බර්) දැකගත හැකි විය. දෙමළ ඊළාම් ත්රස්තවාදීන් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ කාලවකවානුවේ දී මෙම කලාපයේ උසින් වැඩි ම ස්ථානය වූ මෙම ස්තූපයේ මුදුන යුද්ධ ක්‍රියාකාරකම් සඳහා යොදාගත් බවටත් යම් යම් වාර්තා වීම් වී තිබේ. පුරාවිද්‍යා කැණීමෙන් ඉක්බිති සංරක්ෂණයට පූර්වයෙන් මෙම ස්තූපයේ උස ආසන්න වශයෙන් මීටර් 4ක් පමණ වේ. පේසා වළලු සහිත බෝඩම සෙන්ටිමීටර් 260ක් උසකට නිමවා ඇති අතර එයින් අනතුරු ව ස්තූප ගර්භය ගොඩනඟා ඇත. ස්වාභාවික හේතු හා නොමනා මිනිස් කටයුතු නිසා මෙම පූජනීය ස්තූපයේ උපරි කොටසින් සැලකිය යුතු කොටසක් විනාශ වී පවතියි. බොරදම ඇතුළු ස්තූපයේ යම් යම් ස්ථානවල දක්නට ඇති සාධක අනුව, මෙම හුරුබුහුටි අනර්ඝ ස්තූපය හුණු බදාම කපරාරු කර සුදුපිරියම් කර තිබූ බව ද සනාථ වේ.
ලක්දිව පුරාණ කලා ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික උගතකු වන, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මාලිංග අමරසිංහ පෙන්වා දෙන ආකාරයට කැණීමෙන් ඉක්බිති අනාවරණය වූ මෙම ස්තූපය මෙරට දැනට පවතින පද්මාකාර හැඩයක් ගන්නා එක ම ස්තූපයයි.එහෙත් එතුමාට අනුව ස්තූපයේ සංරක්ෂණ කටයුතු අතරතුර දී ස්තූපයේ එකී පද්මාකාර ලක්ෂණ විනාශ වී ඇත.
නැගෙනහිර සිට බටහිර දිශානුගත ව මීටර් 20.7ක දිගකින් හා උතුරේ සිට දකුණු දිශානුගත ව මීටර් 19.4ක පළලින් යුක්ත ව බිම් මට්ටමේ සිට මීටර් දෙකකට ආසන්න උසකින් ස්තූපය පිහිටුවා ඇති ස්ථූප මළුව සකසා ඇත. මෙම මළුව ද කබොක් ගල් භාවිතයෙන් ම නිමවා ඇත. සාමාන්‍ය දිග පළල හා ඝනකම සෙන්ටිමීටර් 35× 32×10 ප්‍රමාණයේ කබොක් ගල් ඒ සඳහා භාවිත කර ඇත. මෙම ස්තූප මළුවේ පැති හතර ම කබොක් ගල් භාවිතයෙන් ම හැඩ ගැන්වූ මනබඳිනා බොරදම් හැඩ හා කැටයමින් අලංකාර කර තිබූ බවට පැහැදිලි සාධක පවතින අතර පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 190ක උසක් දක්වා මෙම සාධක ශේෂයන් දැකගත හැකිය. මෙම පැති හතර ම ආවරණය කරමින් පැරණි ස්තූපයන්ගේ අනිවාර්ය අංගයක් වූ ‘ඇත් පවුරක් හෙවත් හස්ථිවේදියක්’ ද පැවතුණු බවට සාධක පවතින මුත් මේ වන විට එය බෙහෙවින් විනාශ වී පවතියි. කිසිදු අලංකාර අංගයකින් තොර ව පළමු ව ස්තූප මළුව සකසා ඉක්බිති, එයට බාහිරින් මෙම අලංකරණ අංග එකතු කර ඇති බව වාස්තු නිර්මාණකරණය පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වේ. ඒ බාහිර නවකම්, කාලයාගේ ඇවෑමෙන් එහි මුල් බැඳීම්වලින් දුරස් වී වෙන් වී යන ආකාරය කැණීමෙන් පසු පැහැදිලි ව දැකගත හැකි වේ.
ඉදිකිරීම් සිදු කරන ලද අවධියේ ම ස්තූප මළුවේ මෙම අලංකරණ අංග සියල්ල ම ආවරණය වන ආකාරයෙන් සෙන්ටිමීටර් 2ක් පමණ ඝනකම හුණු කපරාරු මගින් ආවරණය කර අලංකාරය තවත් වැඩි කර තිබූ බවට සාධක වර්තමානය වන විටත් ශේෂ වී ඇති හුණු කපරාරු කොටස් මඟින් පැහැදිලි වේ.ස්තූප මළුව මතට පිවිසීම සඳහා වන පියගැට පෙළ පිහිටා ඇත්තේ මළුවේ බටහිර ඉමෙනි. ඒ අනුව, ස්තූපය වෙත පිවිසෙන්නෙකු නැගෙනහිර දෙසට මුහුණ යොමා ස්තූප මළුව මතට පිවිසිය යුතු වේ. සැළකිය යුතු අවස්ථාවන් හි දී මෙවැනි ස්තූප සඳහා පිවිසුම් සතර දෙසින් පැවතියත් මෙම ස්තූපය සඳහා පිවිසුම් ඇත්තේ එකක් පමණි. මෙම ස්තූපය පිහිටා ඇති ස්ථානයේ ස්වභාවයත් පිවිසුම් එකක් පමණක් යෙදීමට අනුබලයක් සපයන්නට ඇත.
ස්තූපය දෙසට මුහුණ යොමු කරමින් ගල් පියගැට දෙකක් නැඟීමෙන් පසු එකී පිවිසුම දකුණු හා වම් අතට බෙදී වෙන් වී ගමන් කරයි. මීටරයක පුළුලින් යුක්ත ව එක් පසෙකට ගල් පඩි 13කින් සමන්විත මෙම පියගැටපෙළ සෙන්ටිමීටර් 330කින් දිග වන අතර අංශක 30ක පමණ නැඟීමකින් යුක්ත වේ. පියගැටපෙළ තරණය කර සලපතල මළුව වෙත පිවිසිය හැකි වේ. ඒ අනුව, වම් පස පියගැටපෙළ භාවිතයෙන් ස්තූප මළුව වෙත පිවිසෙන බැතිමතෙකුට දක්ෂිණාවර්ත ව ඇවිදිමින්, පුදපූජා කිරීමෙන් අනතුරු ව අනෙක් පියගැටපෙළ උපකාරයෙන් මළුවෙන් බැසිය හැකි වේ. මෙම පියගැටපෙළ ස්ථාපනය කර ඇති ආකාරය අනුව, ස්තූප මළුවට පිවිසෙන හෝ එයින් පිටවෙන අයෙකුට ස්තූපයට පිටු නොපාන ආකාරයෙන් එකී කටයුතු සිදු කළ හැකි ය. කබොක් ගල් යොදමින් ස්තූප මළුව සකසා ඇති නමුත් ස්තූපයේ වැලිකොන්දේ සීමාවේ සිට සෙන්ටිමීටර් 75ක් දුරින් ආරම්භ වී සෙන්ටිමීටර් 175ක් දක්වා කලාපය ආවරණය වන සේ ගල්පුවරු අතුරා ඇත. මිහින්තලේ පිහිටි කණ්ඨක චේතිය, කටුසෑය හා ඉඳිකටු සෑය වැනි ස්තූපවලත් මෙම ලක්ෂණය දැකගත හැකි වන අතර ක්‍රිස්තු වර්ෂයෙන් 7-8 සියවස් කාලයේ දී නිමවෙන බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණයේ ස්තූපයන්හි ස්තූප මළු මත මෙම ලක්ෂණය දැකගත හැකි වේ.මෙසේ අතුරා ඇති ගල්පුවරු 18 ක් මත යම් දෙයක් ඇඹරීම නිසා ඇතිවන ආවට සලකුණු දැකගත හැකි අතර මෙම ස්තූප වන්දනාවේ යෙදුණු බැතිමතුන් විසින් ඖෂධ හෝ වෙනත් පූජාර්හ දෑ ඇඹරීම නිසා මෙම සලකුණු ඇති වූ බව විද්වත් මතය වී තිබේ.
වැලි මළුව කෙරෙහි අවධානය යොමු කළවිට එහි උතුරු සීමාව පැහැදිලි ව හඳුනාගත හැකි අතර එහි ඉම, ස්තූප මළුවේ මුල සිට මීටර් 3.1ක පුළලකින් යුක්ත ය. මෙම වැලි මළුව මත අවශේෂ ශිලා නිර්මාණ කිහිපයක් ද දැකගත හැකි වේ. ඒ අතර, ස්තූප සෝපානයට(ස්ථූප පඩිපෙළට) ආසන්නයේ ගල්පඩියක් වශයෙන් භාවිතයට ගන්නට ඇතැයි සිතිය හැකි ගල් පුවරුවක් පවතින අතර මෙහි දිග, පළල හා උස සෙන්ටිමීටර් 110×20×15 ප්‍රමාණයේ පවති. මතුපිට සුමට කර වාත්තු හැඩයෙන් සකසා ඒ වටා ඉමට ආසන්න ව කාණුවක් කපා සකස් කරන ලද ගල් නිර්මාණයක් ද දැකගත හැකි අතර මෙය ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 50×40×25 පමණ වේ. එමෙන් ම, දිග සෙන්ටි මීටර් 120ක් ද පළල සෙන්ටි මීටර් 38ක් හා උස සෙන්ටි මීටර් 14ක් වන මේ වන විට කොටස් තුනකට කැඩී ගිය ගල් පුවරුවක් ද වැලි මළුව මත දැකගත හැකි තවත් නිර්මාණයකි.
මල් අසුන
ස්ථූපයේ සලපතල මළුවට පිවිස දක්ෂිණාවර්තව ඇවිද යාමේදී වයඹ දෙසින් සෙන්ටිමීටර 240ක දිගින් හා සෙන්ටිමීටර 180ක පළලකින් යුතු මෙන්ම සෙන්ටිමීටර 90 පමණ උසකින් යුතු ආයත චතුරස්රාකාර නිමැවුමක් දැකගත හැකි අතර එය මල් ආසනයක් වශයෙන් ස්ථාපනය කරන ලද්දක් ලෙස විද්වතුන් අනුමාන කරනු ලබයි.
යූපස්ථම්භය
ස්තූප මළුවේ නැගෙනහිර දිශානුගත ව, කොටස් තුනකට කැඩී වෙන් ව කරවිකඩ ටැඹ හෙවත් යූපස්ථම්භය,ස්ථූපය කැණීම් කිරීමේදී හමු විය. මෙයටම වාස්තුවිද්යාශාස්ත්රයේ භාවිත වන්නේ ‘ගජස්ථම්භ’ යන නමයි. එයින් ‘හස්තියෙකු බැඳ තබන කණුව’ යන අදහස ජනිත කෙරේ..දිගින් සෙන්ටිමීටර් 160ක් වූ මෙම යූපස්ථම්භය අෂ්ටාකාර හැඩයක් ගන්නා අතර එහි ඉහළ කෙළවර පද්මාකාර ස්වරූපයක් ගන්නා අයුරින් මනරම් ව නිමවා ඇත. මෙම ලක්ෂණය මෙරට අභයගිරි සම්ප්රදායේ පුදබිම්වල පවතින ස්තූප හඳුනාගැනීමේ මූලික නිර්ණායකයක් වශයෙන් දැක්විය හැකි අතර අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයෙන් පසු ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ අභයගිරි සම්ප්රදායේ නියෝජනය මෙයින් නිරූපණය කරනු ලබයි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්තූපය කැණීම් සිදු කරන අවස්ථාවේ දී ස්ථූප මළුව මත වූ වජ්රාසනය මත සෘජු ව පැවතිය දී මෙය කැණීම් මගින් හමු විය.මෙහි ඉහළ කොටස හින්දු අන්තවාදී කොටස් විසින් ශිව ලිංගයක් බවට අසත්‍ය තර්කානුකූල රහිත මතවාද ව්‍යාප්ත කිරීමට උත්සාහ කරනු ලැබී ය. නමුත්, පුරාවිද්‍යා සන්දර්භයක් තුළ තබා විග්රහ කිරීමේ දී මෙය පැරණි බෞද්ධ වාස්තුවිද්‍යා නිර්මාණය හා සැබැඳි ප්‍රධාන අංගයක් බව කිසි සේත් ම ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාවක් නොමැති බව විද්වතුන් පෙන්වා දී තිබේ.එයට හින්දු ආගමික ස්වරූපයක් ආදේශ කිරීමට අවම ප්‍රස්ථාවක් ද නොමැති බව ඓතිහාසික ආගමික වාස්තුවිද්‍යාව තුළින් තහවුරු කරනු ලබයි.
වජ්රාසනය
කොටස් වූ යූපස්ථම්භය හමු වූ ස්ථානයට ආසන්නයේ නොමැති නම්, ස්තූප මළුවේ නැගෙනහිර පෙදෙසේ මධ්‍යගත ව දිග සෙන්ටිමීටර් 260ක් ද පළල සෙන්ටිමීටර් 110ක් හා ඝනකම සෙන්ටිමීටර් 20ක් පමණ වන්නා වූ මැනවින් සකස් කළ, එහෙත් කාලයාගේ ඇවෑමෙන් කොටස් තුනකට කැඩී වෙන් වී ඇති ගල් පුවරුවක් දැකගත හැකි අතර මෙය සෙන්ටිමීටර් 55ක් උස වූ ගඩොළු ඝනාකාකාර ආධාරකයක් මත පිහිටුවා ඇත. මෙහි මතුපිට මටසිලිටි ආකාරයෙන් ඔප දමා ඇත. මෙම කදිම ගල් නිමැවුමට ආවරණයක් ද පැවති බවට පුරාවිද්‍යා සාධක පවති. ඒ අනුව, එකී ආවරණය දරා සිටි සෙන්ටිමීටර් 23×13 ප්‍රමාණයේ මීටර් දෙකක උසින් යුතු, මැනවින් සැකසූ ගල්කණු දෙකක් මෙම ගල්පුවරුවේ වම් පසින් සෙන්ටිමීටර් 120ක පරතරයක් ඇති ලෙස දැනටමත් දැකගත හැකි ය. එයට අයත් තවත් එවැනි ගල් කණුවක් මෙම ස්තූපය කැණීම් අවස්ථාවේ දී මෙයින් විතැන් වී ආසන්නයේ ඇති බෑවුමේ රැඳී තිබිය දී සොයාගෙන තිබේ. මෙම නිමැවුම "විදුරසුනක් හෙවත් වජ්රාසනයක්" වශයෙන් කිසිදු සැකයකින් තොර ව හඳුනාගත හැකි ය. එනම්, මුල් කාලීන ව බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීම සඳහා යොදා ගත් බුද්ධ සංකේත අතරට මෙම විදුරසුන අයත් වන අතර බොහෝ විට බුදුපිළිමය නිරූපණය කිරීමට පූර්වයෙන් බුද්ධ වන්දනා සඳහා බෙහෙවින් ප්‍රකට අනුරුවක් වශයෙන් විදුරසුන හඳුනාගත හැකි වේ. විදුරසුනින්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය නිරූපණය කරනු ලබයි.
පුරාවිද්‍යා හඳුනා ගැනීම් අනුව මෙම ස්ථානයේ දැකගත හැකි බෙහෙවින් ම පැරණි නිර්මාණය මෙම විදුරසුන බව බොහෝ පුරාවිදයාඥයන් පෙන්වා දෙයි. මෙම ස්තූපය හා අනෙකුත් වාස්තු අංග නිමවුණු අවධියට වඩා පැරණි කාලයකට මෙම නිර්මාණය අයත් විය යුතු බව ඔවුන්ගේ අදහසයි. ඒ අනුව, මෙහි පවත්නා පූජනීය වටිනාකම හේතුවෙන් මෙම කුරුන්දි ස්තූපය නිර්මාණය කරන අවස්ථාවේ දී මෙහි ගෙනැවිත් ස්ථාපනය කළ බව සිතිය හැකි වේ.පසු කාලීන, මිනිස් කටයුතු හේතුවෙන් මෙම විදුරසුන මතුපිට යම් විකෘතිතා ඇති වී පවතින බව දැකගත හැකිය. එනම්, යම් කිසි ද්‍රව්‍යයක් ඇඹරීම සඳහා මෙම අසුන භාවිත කර ඇති හෙයින් ඒ මත දළ ආවාට ඇති වී ඇති අතර විවිධ ප්‍රමාණයේ ආවාට 10ක් දක්නට ඇත. පසු කාලීන ව මේ ස්ථානයේ අභයගිරි සම්ප්රදායේ ව්‍යාප්තියත් සමඟ බැතිමතුන් විසින් පූජාකර්ම සඳහා ගලගෑම නොහොත් ඇඹරීම සඳහා මෙම ගල් පුවරුව යොදා ගැනීම හේතුවෙන් මේ ලකුණු නිර්මාණය වී ඇති බව විද්වතුන්ගේ නිගමනය වී තිබේ. මුල් කාලීන ව විදුරසුනේ ඇති ආගමික හා පූජනීය වටිනාකම අවම වී යාම පෙන්නුම් කෙරෙන අවස්ථාවක් වශයෙන් ද මෙය පෙන්වා දිය හැකි වේ. මෙවැනි ඇඹරුම් නිසා ඇති වූ ආවාට සලපතල මළුවේ ඇති ගල් පුවරු මත ද දැකගත හැකි ය.
පා දෝවනිය
ස්තූපයට බටහිර දිශාවෙන් තරමක් වම් පසට වන්නට වැලි මළුවේ දිග හා පළල මීටර් 2 බැගින් ද උස සෙන්ටි මීටර් 40ක් ද ගැඹුර සෙන්ටිමීටර් 23ක් ද වූ කබොක් ගලින් සකස් කළ චතුරස්රාකාර නිර්මාණයක් දැකගත හැකි වේ. මෙහි මතුපිට හුණු කපරාරු කර තිබූ බවට සාධක ද එය සියුම් ව පරීක්ෂා කිරීමේ දී දැකගත හැකි වේ. ස්තූපය වන්දනා කිරීමේ අරමුණින් ස්තූප මළුවට පිවිසෙන සැදැහැවත් බැතිමතුන්ගේ පාද දෝවනය කිරීම සඳහා අවශ්‍ය ජලය රැස්කර තිබූ නිර්මාණයක් හෙවත් පාද දෝවනියක් වශයෙන් මෙය නම් කළ හැකි වේ. අනුරාධපුර ආදී ප්‍රදේශයන්හි පවතින පුරාණ පූජනීය ස්ථානයන්හි විශේෂයෙන් ම අභයගිරි සම්ප්‍රදායට අයත් පූජනීය ස්ථානයන්හි මෙවැනි ආකාරයේ ගලින් සකස් කළ පා දෝවනි සුලභ වශයෙන් දැකගත හැකි වේ.මෙම පාද දෝවනියට බටහිර පසින් දිග සෙන්ටිමීටර් 320ක් හා පළල සෙන්ටිමීටර් 310ක් වූ කබොක් ගල් යොදාගනිමින් ම සකස් කළ ඉදිකිරීමකට අයත් පාදමක අවශේෂ ද දැකගත හැකි අතර මෙය කුමක් දැයි නිශ්චය කිරීමට තරම් ප්‍රමාණවත් සාධක මතුපිට ශේෂ වී නොමැත. එහෙත් ස්තූපය සඳහා පුදපූජා සිදු කරනු ලබන අවස්ථාවන්හි දී ඊට අදාළ පූජාර්හ දෑ තැන්පත් කිරීමට යොදාගත් වාස්තු ඉදිකිරීමක ශේෂ විය හැකි බවට විද්වතුන් මත පල කර තිබේ.නමුත්, මේ පිළිබඳ පැහැදිලි සාධක නොලැබෙන නිසා මෙම නිර්මාණය මෑතක කළ එකක් වීමට ද ඉඩ ඇති බවට සමහර විද්වතුන් මුල් අදහසට විරුද්ධ මතයක් ද පල කර තිබේ.
| කුරුන්දි ස්ථූපය ( පුරාවිද්‍යා කැණීමෙන් පසු දිස්වුන ආකාරය ) |
|
පිළිමගෙය
පෝය ගෙයට මීටර් 20ක් පමණ නුදුරින් නිරිත දෙසට නටබුන් 'පිළිම ගෙය' , 'පටිමාඝරය' නැතහොත් 'ප්රතිමාගෘහය' පිහිටා ඇත. කබොක් ගල් යොදාගනිමින් නිර්මාණය කළ, දිග මීටර් 26.5ක් ද හා පළල මීටර් 17ක් ද පොළොව මට්ටමේ සිට උස මීටර් 1.2ක් ද වන උස මළුවක් මත මෙම පිළිම ගේ ස්ථාපනය කර තිබේ. බිම්බාලය, ප්රතිමාලය, ප්රතිමාධාර ආදී විවිධ නම්වලින් හැඳින්වෙන ප්රතිමාගෘහය ආරාමයක චෛත්‍ය ළඟට වඩාත්ම කැපී පෙනෙන වැදගත්කමක් සහිත ගොඩනැගිල්ල වශයෙන් හඳුනා ගැනේ. පිළිමගේ සහිත මළුවට පිවිසීම සඳහා එහි නැගෙනහිර දෙසින් පියගැටපෙළ සකසා ඇත. කළුගල් යොදාගනිමින් නිමවා ඇති මෙහි පිවිසුම සෙන්ටිමීටර් 230ක පළලකින් යුක්ත වේ. මෙම පිවිසුමේ සඳකඩ පහණ පැවති ස්ථානයේ එම සඳකඩ පහණ කඩා එතැනින් පසෙකට ඇද දමා නිධන් සොරුන් විසින් සිදු කළා යැයි අනුමාන කෙරෙන මීටර් 1.7ක දිග හා පළලකින් යුතු මීටර් 2.7 ගැඹුරකිනු යුතු වලක් වාර්තා විය.සඳකඩ පහණ, කොරවක්ගල් හා ගල් පඩි කඩා විසුරුවා දමා ඇති ආකාරයක් මුල්වරට පුරාවිද්‍යා කැණීම් සිදු කිරීමේදී වාර්තා විය.කැබලි වන සේ කඩා විසිරුවා ඇති සඳකඩ පහණෙහි කොටස් පිළිම ගෙය ආසන්නයේ දක්නට ලැබේ.
පවත්නා සාධක අනුව කළුගල් සඳකඩ පහණේ අරය සෙන්ටිමීටර් 90කි. පහණ මැද ඇති නෙළුම් පද්මය, පලා පෙති හා ගිනිදැල් මෝස්තර පමණක් නිරූපණය කර ඇත. කොරවක්ගල් ද කැටයම් රහිත නැමී හා වක සහිත සරල ලක්ෂණ නිරූපණය කරයි. ගල්පඩිවල මුහුණ පෙදෙස කැටයමින් සරසා ඇත. දොරටුවේ ඇති කළුගලින් සකස් කළ කොරවක්ගල හා සඳකඩපහණ සරල ස්වරූපයෙන් නිමවා ඇත්තේ සංකීර්ණ සැරසිලිවලින් තොර ව ය. මෙම පිවිසුමට අයත් දොරටුපාල රූ නැතහොත් මුරගල් මතුපිට ගවේෂණයේ දී වාර්තා නොවී ඇත.මෙකී පඩිපෙළ හරහා ගමන් කරමින් පිළිම ගෙයට පිවිසිය හැකි වන අතර බුදුරජාණන් වහන්සේ වැඩසිටි, ගන්ධ කුටි ආකෘතිය නිරූපණය කරමින් ප්‍රතිමාගෘහ ආකෘතියට ම නිමවා ඇති මෙම පිළිම ගේ දිගින් මීටර් 15.6ක් හා පළලින් මීටර් 8.2ක් වේ. අන්තරාලයට පිවිසෙන ස්ථානයේ තවත් පිවිසුමක් පැවති බවට සාධක පවතින අතර එහි පිවිසුම් ද්වාරයක් වූ බවට සාධක ඇත. මෙහි ගලින් කළ පිවිසුම් ද්වාර උළුවස්සට අයත් උඩළිපත දැකගත හැකි අතර එය මනරම් වාමන රූ හා වෙනත් රූකම්වලින් අලංකාර කර ඇත. මීටර් 7.6ක දිගින් හා මීටර් 4.2ක පළලින් යුත් අන්තරාලයෙහි සැලැස්ම දැනට ශේෂ වී ඇති ගල්කණුවලින් ප්‍රතිනිර්මාණය කළ හැකි වේ. පොදුවේ සලකා බැලීමේ දී පිළිම ගේ නිමවීම සඳහා මීටර් 2.75 ක උසකින් යුතු දිග හා පළල සෙන්ටිමීටර් 26×20 ප්‍රමාණයේ වන ගල්කණු යොදාගෙන ඇති අතර එවැනි ගල්කණු 27ක් මුල් පුරාවිද්‍යා කැණීම සිදු කරන අවස්ථාවේ දී වාර්තා වී ඇත.
පිළිම ගේ ගර්භ ගෘහයේ දිග මීටර් 8ක් හා පළල මීටර් 8.2ක් වේ. පිළිම ගේ බටහිර අන්තයේ මැද කොටසේ දිග, පළල හා ඝනකම සෙන්ටිමීටර් 75×47×25 ප්‍රමාණයේ මල් ආසනයක් තැන්පත් කර ඇති නමුත් එම නිර්මාණය එහි මුල් පිහිටුමෙන් වෙනස් කර ඇති බවක් මුල්වරට කැණීම් කළ පුරාවිද්‍යා නිළධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.ගර්භ ගෘහයේ පැවති බුද්ධ ප්‍රතිමාවේ කිසිදු සාධකයක් මතුපිටින් දක්නට නොමැති නමුත් මෙහි හිටි පිළිමයක් වැඩ හිඳි බව සිතිය හැකි අතර එම බුද්ධ ප්‍රතිමාව වටා පැදකුණු කළ හැකි ආකාරයෙන් පිළිමගෙය නිර්මාණය කර තිබූ බව පෙනේ. කබොක් ගලින් කරවූ මළුව මත පැරණි ප්‍රතිමා ගෘහය නිර්මාණය කිරීමට යොදාගත් උළු, ගඩොල් හා ගල්කණු කොටස් විසිරී පවතින ආකාරය ද දැකගත හැකි වේ.
ගරු අමාත්‍ය, සිරිල් මැතිව්ගේ කාලයේ දී එනම් 1980 දශකයේ ආරම්භයේ දී හින්දු බැතිමතුන් විසින් මෙම ස්ථානයේ ඉදි කළා යැයි පැවසෙන හින්දු කෝවිල ද මෙම පිළිම ගේ තුළ ම ඉදි කර පැවති බවට සාධක පවතිි. එයින් පසු වත් 2020 වසරේ දී පමණ නැවතත් මෙම පිළිම ගෙයි පුරාණ පිළිම ස්ථාපිත ව පැවති ස්ථානයේ ම හින්දු ශිව දේවාලයේ ත්‍රිශූල ආදිය ස්ථාපිත කර තිබූ බව ද වාර්තා වී තිබේ. ඒ අනුව මෙම ස්ථානය හින්දු පූජනීය ස්ථානයක් බව පවසමින්, අන්තවාදීන් විසින් මෙම ගර්භගෘහයේ බුද්ධ ප්‍රතිමා ස්ථාපිත ව පැවති ස්ථානයේ මීටර් 2×1.5 ප්‍රමාණයේ බිමක, පෝට්ලන්ඩ් සිමෙන්ති භාවිතයෙන් බිම සකසා ඇති බව වාර්තා වී තිබේ.ඒ මත පෙර කී මල් ආසනය තබා එය ඔවුන්ගේ පුදුසුන බවට පත්කර ඇති අතර ගර්භගෘහයේ පිවිසුම් ද්වාරයේ ගල් කැබැල්ලක් මත තැබූ කොරවක්ගලෙහි ඇත් සොඬය නියෝජනය කරන වටකුරු ගල් කොටස තබා එයට ශිවලිංග නාමාදේශ කොට මෙම පෞරාණික බෞද්ධ පිළිම ගෙය හින්දු කෝවිලක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කර තිබුණ බවක් පෙනේ.මෑතක් වන තුරු පිළිමගෙයි ගර්භගෘහය ආවරණය වන පරිදි වහලයක් ද කරවා පැවති බව එම ස්ථානයේ දැකිය හැකි මෑත කාලයට අයත් උළු හා ගඩොල්වලින් තහවුරු වෙයි. මෙම පිළිම ගෙයි පවතින සිමෙන්ති වැලි කපරාරුවෙන් සකස් කළ අනුකරණ ගල් කුළුණු ද යොදාගනිමින් හින්දු ආගමික අන්තවාදීන් අනවසර ලෙස පුරාවිද්‍යා ස්ථානය විකෘතිකර තිබේ.වර්තමානය වන විට මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කර ප්රතිමාගෘහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර අවසන් කර බෞද්ධ අනන්‍යතාව තහවුරු කර තිබේ.
පිළිමගෙය කැණීම මගින් කවන්ධ හිඳි බුද්ධ ප්‍රතිමාවක්,හිටි බුද්ධ ප්‍රතිමාවක කොටසක්,අවලෝකිතේශ්වර බෝධිසත්ව ශීර්ෂයක්,තවත් බෝධිසත්ව ශීර්ෂයක්,බෝධිසත්ව කවන්ධ ප්‍රතිමාවක්,වජ්‍රයක කොටසක්,චක්‍ර සලකුණක් සහ ඊට අමතරව කුඩා ලෝහ මූර්ති කිහිපයක් ප්‍රධාන වශයෙන් හමු වී තිබේ.
| ප්රතිමාගෘහය (කැණීමෙන් පසු ඉහළ පෙනුම) |
|
බෝධිඝරය
ස්තූපයේ සිට මීටර් 60ක් පමණ දුරින් ඊට නිරිත දෙසින් බෝධිඝරය ස්ථානගත වී පවතිී. සමස්ත වශයෙන් සලකා බැලීමේ දී වෘත්තාකාර හැඩයක් ගන්නා වාස්තු ඉදිකිරීමක් වන මෙහි අරය දළ වශයෙන් මීටර් 5කි. මෙම බෝධිඝර ගොඩනැගිල්ල සඳහා වූ පිවිසුම් දොරටුව උතුරු දිශානුගත ව ස්ථාපනය කර තිබෙන අතර ඒ අනුව එය ස්තූපය දෙසට යොමු කර තිබෙන බව දැකගත හැකි වේ. මෙම පිවිසුම සෙන්ටිමීටර් 120ක පුළුලින් යුතු ව ගල්පඩි භාවිතයෙන් සකසා තිබූ බව පවතින සාධක අනුව තහවුරු වේ.කාලයාගේ ඇවෑමෙන් බෝධිඝරය ආවරණය කරමින් වර්ධනය වී ඇති ගොඩැල්ල උපරිම වශයෙන් සෙන්ටිමීටර් 110ක් පමණ උස් වේ.මෙම ගොඩැල්ලේ මැද සිට මීටර් 2.5ක දුරකින් යුතු ගල්කණු 4කින් සමන්විත පළමු වැනි ගල්කණු පෙළක සහ මධ්‍යයේ සිට මීටර් 5ක අරයක් ඇති වන සේ ගල්කණු 8කින් යුතු දෙවැනි ගල්කණු පෙළක නටඹුන් හඳුනාගත හැකිය. මෙම අවස්ථාවේ දී (2021 දී) මතු කරගනු ලැබූ සාධක අනුව මෙහි වට දෙකක් ඇති ගල්කණුවක් සාමාන්‍ය වශයෙන් සෙන්ටිමීටර් 20×20 ප්‍රමාණයෙන් යුතු අතර ඒවායේ උපරිම උස පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 120කි. දෙවැනි ගල්කණු පෙළින් පිටතට විසිරී ඇති කබොක් ගල් සාධක අනුව මෙම බෝධිඝරයේ පාදම ද අනෙකුත් ගොඩනැගිලි මෙන් ම කබොක් ගල් භාවිතයෙන් ම නිමවා තිබූ බව අනාවරණය වේ.
බෝධිඝරයට බෙහෙවින් ආසන්න ව ඊසාන දෙසින් කබොක් ගලින් නිම කළ මීටර් 3.6ක් දිග සහ මීටර් 2.7ක් පුළුලින් යුතු ආයත චතුරස්රාකාර හැඩැති යම්කිසි වාස්තු ඉදිකිරීමක් පැවති බවට සාධක දැකගත හැකි වේ. මෙහි දැනට දැකගත හැක්කේ පාදම පිළිබඳ සාධක පමණක් වීමත් විශේෂත්වයකි. පෙර විස්තර කර ඇති පරිදි ස්තූපය ආසන්නයේ ද මෙවැනි නිර්මාණයක් දැකගත හැකි අතර මෙම වන්දනීය ස්ථානයෙහි කාර්ය හා සම්බන්ධ නිර්මාණ අවයව වශයෙන් සැලකීමට අවස්ථාව පවතින බවත්,ඇතැම් විට මෙය බෝධිඝරයේ කාර්යභාරය හා සම්බන්ධ ඉදි කිරීමක් විය හැකි බවත් විද්වත් මතය වී තිබේ.කෙසේ නමුත් මේ දක්වා බෝධිඝරයෙහි කිසිඳු පුරාවිද්‍යා කැණීමක් සිදුව නොමැත.
උපෝසථඝරය
පබ්බත විහාර ආකෘතියේ මැද මළුවේ පිහිටි වැදගත් වාස්තු නිර්මාණ අතර 'පොහොය ගෙය' නැතහොත් 'උපෝසථඝරයට' වැදගත් තැනක් හිමි වේ. සාමාන්‍යයෙන්, භික්ෂූන් වහන්සේ විසින් සිදු කරනු ලැබිය යුතු පොහොය විචාරීම හෙවත් භික්ෂු විනය හා සම්බන්ධව කටයුතු සිදුකිරීම පෝය ගෙය තුළ සිදු කරනු ලබයි. ඊට අමතර ව, විශේෂ අවස්ථාවන්හි දී භික්ෂූන් වහන්සේ එක්රැස් වන ස්ථානයක් වශයෙන් ද එනම්, සන්නිපාත ශාලාවක් වශයෙන් ද පෝය ගෙය භාවිත කරන්නට ඇත.ස්තූපයට බටහිර දෙසින් ඊට මීටර් 56ක් පමණ නුදුරින් පිහිටි මෙම වාස්තු ඉදිකිරීමේ පිවිසුම නැගෙනහිර දෙසට මුහුණ ලා ඇත. එම පිවිසුමේ වන ගල්පඩි පසින් යට වී පවතින ආකාරය දැකගත හැකි වේ. ඒ අනුව ස්තූපයේ පිවිසුම හා මෙම පෝය ගේ පිවිසුම එකිනෙකට මුහුණ ලා ඇති ආකාරයකින් පවතියි. ආසන්න වශයෙන්, දිග මීටර් 16.5ක් හා පළල මීටර් 9ක් පමණ වන මෙම වාස්තු නිර්මාණයේ සැලසුම ආයත චතුරස්රාකාර හැඩයක් ගනී.
වෙනත් ඕනෑ ම පුරාණ විහාරයක දැකිය හැකි පෝය ගෙවල් මෙන් ම මෙම පෝය ගෙය ද විශාල ප්‍රමාණයේ ගල්කණු භාවිතයෙන් නිමවා ඇත. මෙම වාස්තු නිර්මාණයේ සම්පූර්ණ මුල් සැලසුම අනුව, දිගු අතට ගල්කණු 6 බැගින් වන පළල පේළි 4කින් යුතු ව නිමවා තිබූ මෙම ගොඩනැගිල්ලේ මේ වන විට ගල් කණු 13ක් ආරක්ෂා වී ඇති ආකාරය හඳුනාගත හැකි වේ. අනෙකුත් ගල්කණුවලට අයත් කොටස් මෙම ගොඩනැගිල්ලට අයත් භූමිය තුළ ම පතිත වී ඇත. මුල් තත්ත්වයෙන් පවතින ගල්කණු 4ක් දැකගත හැකි අතර ඒවායේ මිනුම් අනුව, සෙන්ටි මීටර් 32x35 ප්‍රමාණයේ ගල්කණුවක පොළොව මට්ටම සිට උස මීටර් 4කි. මෙම වාස්තු ඉදිකිරීමේ මධ්‍යයේ පිහිටි ගල්කණුවලට වඩා පිටත වටයේ පිහිටා ඇති ගල්කණු වට ප්‍රමාණයෙන් තරමක් කුඩා ඒවා වේ.මෙම පෝය ගෙයට අයත් සීමාව තුළ පැරණි ගඩොල් කැබලි මෙන් ම උළු කැබලි ද විසිරී ඇති අතර ඒවා මෙම නිර්මාණය මුලින් පැවති ආකාරය පිළිබඳ අදහසක් ඇති කර ගැනීම සඳහා රුකුලක් සපයයි. ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ වහළය මැටි උළු සෙවිලි කර තිබෙන්නට ඇත. ගොඩනැගිල්ලේ තැන් දෙකක් නිධන් සොරුන් විසින් සිදුකරන අනවසර කැණීම් මඟින් විනාශ කර තිබෙන බවක් වාර්තා වී ඇත.
විහාරයේ ඇති වෙනත් නටඹුන්
ප්‍රධාන මළුව හෙවත් ඉහළ මළුව තුල ඇති ප්‍රධාන ගොඩනැගිලි නටඹුන් වලට අමතරව වෙනත් ගොඩනැගිලි සාධක නටඹුන් විශාල ප්‍රමාණයක් විහාරයේ දෙවැනි මළුව තුළ සහ ඉන් පිටතත් දැකිය හැකි වේ.
කුරුන්දි විහාරයේ දෙවැනි මළුව
විහාරයේ උන්නතාංශය වැඩි ම ප්‍රදේශය ආවරණය කරමින් සකසා තිබූ පූජනීය අංගණයේ බටහිර පසින් එහි පැවති ස්වාභාවික පරිසර ලක්ෂණ අනුව යමින් එම ප්‍රදේශයේ බිම් සැලසුම සකස් කර තිබූ බව දැකගත හැකි වේ. ඒ අනුව කබොක් ගල් යොදාගෙන එම මළුවේ සීමා ප්‍රාකාර ඉදිකරවා මෙම දෙවැනි මළුව සකසා ඇති බව ඒ පිළිබඳ සියුම් ආකාරයෙන් විමර්ශනය කිරීමේ දී පෙනී යයි. මිනුම් අනුව පූජනීය ගොඩනැගිලි පිහිටි මැද මළුවට සාපේක්ෂ ව මීටර් 1.5ක් පමණ පහත් වන ආකාරයට මෙම දෙවැනි මළුව සැලසුම් කර ඇත.මැද පිහිටි පූජනීය ගොඩනැගිලි සහිත අංගණයේ වයඹදිග අන්තයේ සිට මීටර් 6කට ආසන්න නුදුරකින් දකුණු පසට වන්නට මෙම පහළින් පිහිටි දෙවැනි මළුවේ එක් කෙළවරක් සීමා වන අතර එහි දකුණු කෙළවර පූජනීය අංගණයේ නිරිතදිග කෙළවර දක්වා ගමන් කරයි. අර්ධකවාකාර ස්වරූපයකින් යුතු ව කඳුවැටියේ ව්‍යාප්තියට අනුරූප වන ආකාරයෙන් බටහිර දෙසට තවත් මීටර් 100ක පමණ දුරකට මෙම දෙවැනි මළුවේ ව්‍යාප්තිය පවතියි.
විහාරයේ පොකුණ
දෙවැනි මළුවේ පිහිටා ඇති මෙම පොකුණ පිළිම ගෙය යනුවෙන් විස්තර කළ ගොඩනැගිල්ලට බටහිර දිශානුගතව පිහිටා ඇත. පොළොව මට්ටමේ සිට ගැඹුර දළ වශයෙන් මීටර් 5ක් පමණ වේ. නැගෙනහිර හා බටහිර දිශානුගතව දිග මීටර් 35ක් පමණ ද උතුරු හා දකුණු දිශානුගතව මීටර් 23ක පළලකින් ද යුතු මෙම පොකුණ අනුරාධපුර කාල සීමාවට අයත් වෙනත් මෙවැනි පොකුණු හා සසඳා බැලීමේ දී මධ්‍යම ප්‍රමාණය ඉක්මවා යන නිර්මාණයක් වශයෙන් දැක්විය හැකි වේ. මෙම මනරම් පොකුණේ සිවු දෙසට ඇති සීමා ඉවුරු කබොක් ගල් බැඳ මැනවින් සකසා තිබූ බවට සාධක වර්තමානයේ වුව දැකගත හැකි වේ. කුරුන්දි කන්දේ විහාරයේ වැඩවාසය කළ භික්ෂූන් වහන්සේගේ දෛනික ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම පිණිස මෙම පොකුණේ එකතු වී පැවති ජලය භාවිත වූ බවට විශ්වාස කෙරේ.උල්පත් ජලය නොලැබෙන මෙම පොකුණ සඳහා වැසි සමයේ දී ඉහළ මළුව හා දෙවැනි මළුව වෙත පතිත වන වැසි ජලය මෙම පොකුණ වෙත ඇදී එන ආකාරයේ සැලසුමක් තත් යුගයේ දී පවතින්නට ඇති බවට විද්වතුන් අදහස් පළ කර තිබේ.
වෙනත් ගොඩනැගිලි
කුරුන්දි කන්දේ විහාරයේ මැද මළුව(ප්‍රධාන මළුව), දෙවැනි මළුව හා ඉන් පරිබාහිර ව කඳු බෑවුමේ විවිධ තැන්වලත් විවිධ ස්වරූපයේ හඳුනානොගත් වාස්තු ඉදිකිරීම් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින බව වාර්තා වී තිබේ.ඒ අනුව ප්‍රධාන මළුවේ එවැනි ගොඩනැගිලි 5 ක්,දෙවැනි මළුවේ හඳුනානොගත් ගොඩනැගිලි 3 ක් සහ ඊට පරිබාහිරව විහාර භූමිය තුළ හඳුනානොගත් තවත් ගොඩනැගිලි 19 ක් හා එක් කුඩා පොකුණක් වාර්තා වී තිබේ.මෙම වාස්තු නිර්මාණ පිළිබඳ යම්කිසි නිශ්චිත අදහසකට පැමිණීමට තරම් ප්‍රමාණවත් සාධක මතුපිට තත්ත්වය අනුව දැකගත හැකි නොවුණත් විධිමත් ව සිදුකෙරෙන පුරාවිද්‍යා කැණීම් තුළින් වඩාත් ඵලදායී සාධක මතු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ වඩා පුළුල් අදහසක් ඇති කර ගැනීමට අවස්ථාව පවතියි. සාපේක්ෂ ව කුඩා ප්‍රමාණයේ මෙම ගොඩනැගිලි බොහෝ විට භික්ෂූන් වහන්සේලාට වැඩවාසය කිරීම සඳහා තනවා තිබූ නේවාසික කුටි විය හැකි බවට විද්වතුන් අනුමාන කෙරේ. මෙම ගොඩනැගිලි සියල්ලක ම පාහේ කබොක් ගල් භාවිතයෙන්, භූමියේ ස්වාභාවික ව පවතින බෑවුම පිළිබඳ සැලකිලිමත් වෙමින් ඒවාට අනුකූල ව දිශානුගත කර ඉදිකර තිබෙන අයුරක් හඳුනාගත හැකි වේ.
කුරුන්දි වැව
පළමුවන අග්බෝ රජු විසින් කුරුන්දි විහාරය වැඩිදියුණු කර නැවත ඉදිකරන විට කුරුඳු වැව ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ.කුරුඳු වැව හෙවත් කුරුන්දි වාපි වර්තමානයේ තන්නිමුරුප්පු වැව බව සී.ඩබ්ලිව්.නිකලස් මහතාගේ අදහස වේ.නමුත් ආර්.එල්.බ්‍රෝහියර් මහතා කුරුන්තන් කුළම් සහ තන්නිමරුප්පු කුළම් නමින් ආසන්නව පිහිටි පුරාණ වැව් දෙකක් පිළිබඳව සදහන් කරයි.නමුත් වර්තමානයේ කුරුන්තන් කුළම යනු අතීතයේ දී පළමුවන අග්‍රබෝධි හෙවත් අග්බෝ රජු කළ කුරුඳු වැව විය හැකි බවට තවත් අදහසක් විවෘතව පවතී.
"පළමුවෙන් කියන ලද ගඟ මිටියාවතේ සිතියම්වල තන්නිමුරුප්පු කුලම් නමින් සඳහන් කර තිබෙන පාළුවට ගොස් නටබුන් වී තිබෙන ඉතා ලක්ෂණ පුරාණ වැවක් ඇත්තේය.මෙම ශක්තිමත් පුරාණ කර්මාන්තයෙහි බැම්ම,උතුරු දකුණු දෙසට පිහිටා තිබේ.නමුත් දැනට එය දියපාර දෙකකින් නරක අන්දමට කැඩී දියකඳ දෙක මනල්ආරු නමින් එකක් වී,දියබෑවුමේ ප්‍රධාන ගංගාව දියකඳ වැඩි කරන්නේ ය.
දැනට වැව් බැම්ම සහ පුරාණ කුඹුරුත් ඇතුළුව,වැව පිහිටි බිම මුළුදා ම ඝන කැලෑවෙන් සහ මූකලානින් වැසී තිබේ.ඉතාම මෑත කාලයක් වනතුරු ඊට ආසන්න භූමි ප්‍රදේශය එහෙම පිටින් ම වන ගත වෙන්ට හැර ඒ සම්බන්ධව කිසිවෙක් කිසිවක් නොදැන සිටියෝ ය.මෙයාකාරයෙන් පුරාණ වටිනා දේපලක් නොපෙනී සැඟවී තිබුන බව පෙනේ.
තවත් කරුත්ත කුලම් නම්ලත් පුරාණ වැවක් හැතැප්ම බාගයක් පමණ උතුරින් ඊසාන දෙසට පිහිටා තිබේ.එය සාදා තිබෙන්නේ කුඩා මිටියාවතක් මැදින් ගලා යන,වාන්ආරු නම්ලත් ශාඛා දියපාරක් හරහා බැම්මක් බැඳීමෙන් ය.මෙයාකාරයෙන් කුරුන්ත කුලම සහ තන්නිමුරුප්පුව,ඊට යා වූ මිටියාවත් තුනේ ම දිය ගලායෑම හරස් කප්නනේ ය.
නමුත් මේ පුරාණ වැව් දෙකේ පවතින අගය තවත් කරුණකින් වැඩිපුරද උසස් කරන්නේ ය.වැවෙන් ඉතිරී යන මහත් ජලයෙන් කොටසක් කඳුවැටිය හරහා,යාව තිබෙන ජලාසයට ගෙනයනු සඳහා තන්නිමුරිප්පු වැව් බැම්මේ කෙළවර පසුකොට අඩි විස්සක් පළලැති ජඹුර ඇළක් කපා තිබෙන බව පෙනේ."
ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.
හෙන්රි පාකර්ට අනුව නයාරු නිම්නය හරස් කර බැඳි මහා ජලාශය තන්නිමුරුප්පුව බවත්,ඉන් සැතපුම් දෙකක් ඊසාන දෙසින් කුරුන්දිකන්ද(කුරුඳුමලේ) අසල පිහිටි වැව කුරුන්දන්කුලම් බවත් ය.තන්නිමුරුප්පුව යන දෙමළ වචනයේ සිංහල අර්ථය වන්නේ දියකඩනය යන්නයි.ඔහුට අනුව තන්නිමුරුප්පුව වැව පාකර් එහි යෑමට පෙර වන්නියේ සහකාර නියෝජිත එස්.හෝටන් සොයාගන්නා තෙක් මුළුමනින්ම මිනිස් වාසයෙන් තොර විය.පාකර් විසින් කුරුන්දි විහාරය අසල ඇති කුඩා වැවට කුරුන්දන්කුලම ලෙස එම නම ලබා දී ඇත්තේ වැව් බැම්ම අසල තිබූ ශිලා ලේඛනයක වැවට පහළ ජනාවාස ප්‍රදේශය "කුරුන්ගම" ලෙස හඳුන්වා තිබූ බැවිනි.එහි දෙමළ පරිවර්තනය "කුරුන්තන් ඌර්" ය..
පාකර්ගේම සටහනක දක්වා ඇත්තේ ගොවිතැන් කටයුතු වලට වඩා අසල විහාරයේ භික්ෂූන් වහන්සේලාට සහ වැව් බැම්මට පහළ ජනාවාසයේ දෛනික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට " කුරුන්දන්කුලම " ලෙස ඔහු විසින් හදුන්වනු ලබන විහාරය අසල කුඩා වැව තනා ඇති බවයි. වර්තමානයේ කුරුන්දන්කුලම ලෙස හදුන්වන කුඩා වැව පිහිටා ඇත්තේ තන්නිමුරුප්පුව වැව හෙවත් පැරණි කුරුන්දි වැවට ඉහළ ඉන්නතාංශයක බැවින් තන්නිමුරුප්පුවේ සිට කුරුඳු විහාරයට හෝ ඒ අසල කුරුඳුගමට ජලය රැගෙන යාමට නොහැකි බවත් මේ නිසා කුරුන්දි විහාරයේ සහ කුරුඳුගම ජනතාවගේ ජල අවශ්‍යතා සැපිරීමට එය ආසන්නයේ සාපේක්ෂව කුඩා වැවක් නිර්මාණය කරන්නට ඇති බවත් පුරාවිද්‍යා විශේෂඥයන්ගේ මතය වී තිබේ. පුලේන්ද්‍රන් නේසන්ට අනුව පාකර් විසින් කුරුන්දන්කුලම ලෙස නම් කළ වැව ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ විලාතිකුලම් ( දිවුල්වැව ) යන නමිනි.කුරුන්දි කන්ද අසල ඇතැයි කියවෙන කුඹුරු ඉඩම්වලට ඔප්පු තිබෙන බවත් ඒවායේ මෙම කුරුන්දන්කුලම වැව හදුන්වා ඇත්තේ විලාතිකුලම් යනුවෙන් බවත් ඔවුන් දක්වා ඇත.මේ අනුව වැලිඔය නිම්නයේ (තන්නිමුරුප්පු) වැව් බැම්මේ සිට නයාරු කලපුව තෙක් අක්කර 12,000 කට වැඩි භූමි ප්‍රදේශයක් යල-මහ කන්න දෙකෙහිම වගා කිරීමට හැකි වන සේ සිදු කළ මහා වාරි නිර්මාණය පළමු වැනි අග්බෝ රජු කරවූ කුරුන්දි වැව ලෙස හදුනා ගැනීම වඩා තාර්කික බව විද්වත් මතය වී තිබේ.සී.ඩබ්.නිකලස්ගේ අදහස ද වන්නේ පළමු වැනි අග්බෝ රජු කළ කුරුන්දවාපිය නම් දැන් තන්නිමුරුප්පු වැව බවයි.පාකර් කුරුන්දන්කුලම ලෙස නම් කර ඇත්තේ නියම කුරුන්දි වැවේ ( තන්නිමුරුප්පු වැවේ ) සිට කිලෝමීටර දෙකක් පමණ ඊසාන දිගින් කුරුඳු විහාරය අසබඩ පිහිටි පියංගල හෙවත් විලාතිකුලම් වැව ( දිවුල් වැව) යි.පදවිය වැවෙන් දියවර ලබන මා ඔය නිම්නය "පදී රට" ලෙස හැදින්වූවා සේ,කලා වැවෙන් දියවර ලබන කලා ඔය නිම්නය "කලා ගං රට" ලෙස හැදින්වූවා සේ,පළමු වැනි අග්බෝ රජු කළ කුරුන්දි වැවෙන් ( තන්නිමුරුප්පු ජලාශයෙන් ) දියවර ලබන වැලිඔය නිම්නය කුරුන්දි රට ලෙස ගැනීම නිරවද්‍ය බව විද්වතුන් සනාථ කර තිබේ.
කුරුන්දි වැව් බැම්මට පහළින් පිහිටි විහාර නටඹුන්
කුරුන්දි විහාරය යන්නෙන් හැඟෙන පැරණි බෞද්ධ වාස්තු නටබුන් හා මානව ජනාවාස සාධක මෙන් ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වූ බිමේ තවත් වැදගත් බිම් කොටසක් වශයෙන් පුරාණ කුරුන්දි වැවට ඉදිරියෙන් ව්‍යාප්ත වූ නටබුන් කලාපය හඳුනාගත හැකි වේ. කුරුන්දි පිළිබඳ අධ්‍යයනය කළ විවිධ විද්වතුන්ගේ වාර්තා, මේ වන විට දැකගත හැකි විවිධ ආකාරයේ වාස්තු නටබුන් හා වෙනත් පුරාවස්තු වැනි දේවල් පිළිබඳ අවධානය යොමුකිරීමේ දී මෙම කලාපයේ පවතින සාධක මෙන් ම මෙම කලාපය බෙහෙවින් ම වැදගත් බිම්කඩක් වශයෙන් දැකගත හැකි වේ. නමුත් වළක්වාගත නොහැකි හේතු කිහිපයක් පුරාණ කාලයේ සිට ( අවම වශයෙන් කුරුන්දිවාපියේ වැව් බැම්ම බිඳී යාමෙන් පසුව හා මෙම ස්ථානය නටබුන් ස්ථානයක් වීමෙන් අනතුරුව ) මෙම බිම් පෙදෙසේ ඇති වූ හුදකලා බවත් නොසලකා හැරීමත් මෙන් ම කලින් කලට සිදුවූ ජලයෙන් යට වීම් හේතුවෙන් මෙම කලාපයේ පුරාවස්තු බෙහෙවින් ම පොළොවට යට වී ඇත.
කුරුන්දි විහාර සංකීර්ණයේ දැකගත හැකි වඩාත් පෞරාණික නිර්මාණ වැව් බැම්මට පහළ කොටසේ ඇති බව මූලික නිරීක්ෂණ අනුව වුවත් පැහැදිලි වන අතර සාහිත්‍ය මූලාශ්‍රයේ දැක්වෙන ආකාරයේ වඩාත් පැරණි නිර්මාණ මෙම බිමේ පිහිටා තිබෙන්නට ඇත. වඩාත් කතාබහට ලක්වී ඇති කුරුන්දි විහාර පුවරු ලිපිය වුව මෙම කලාපයේ ම පවතින පිළිම ගෙයක පිවිසුම් ස්ථානයේ පිහිටුවා තිබුණි. ඒ අනුව විහාරයක් හා සම්බන්ධ සම්පූර්ණ විහාර වාස්තු නිර්මාණ මෙම බිමේ පැවති බවට සාධක පවතියි. නමුත් පසු කාලීන මිනිස් කටයුතු හේතුවෙන් මෙම අනුරාධපුර යුගයට අයත් වාස්තු නිර්මාණ අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් විනාශ වී ඇත. නමුත් පොදුවේ සලකා බැලීමේ දී විහාර සංකීර්ණයක් හා සම්බන්ධ ස්තූප පාදම් කිහිපයක්, පිළිම ගෙවල් පාදම්, නේවාසික ගෘහ, වෙනත් වාස්තු නිර්මාණ මෙන් ම හා පොකුණු පිළිබඳ මූලික සාධක මෙම කලාපයෙන් නිශ්චිත ව අනාවරණය වේ. මෙම වාස්තු නිර්මාණයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී නිසැක වශයෙන් ම මෙම නටබුන් සියල්ල ම පාහේ බෞද්ධ ආගමික වාස්තු නිර්මාණ වන බව හඳුනාගෙන තිබේ.
තදාශ්රිත ජනයාගේ නොවිධිමත් කෘෂි භූමි ව්‍යාප්තිය හේතුවෙන් මෙම කලාපයේ පුරාවස්තු විසිරී ඇති බිම් ද අතික්‍රමණය කරමින් ඒවා වගාබිම් වන බව දැකගත හැකි වේ. ඒ නිසාත් මිනිසුන් විසින් සිදුකරනු ලබන විවිධ නොමනා ක්‍රියා හේතුවෙනුත් මෙම කලාපයේ පුරාවස්තු බෙහෙවින් තර්ජනයට ලක් ව පවතියි. ඊට අමතර ව හඳුනාගත හැකි ආකාරයෙන් කුරුන්දි ජනාවාස කලාපය වෙත ඓතිහාසික යුගයේ දී ආක්‍රමණ එල්ල වූ අවස්ථාවන්හි දී ද සෘජු ව මෙම කලාපයේ පැවති නිර්මාණ සංහාරයකට බඳුන් වූ බව විද්වත් මතය වී තිබේ. පසු කාලීන ලේඛකයින් විසින් දක්වා ඇති නන්දි රජු දැක්වෙන ගල් නිර්මාණය ද මෙම කොටසේ පැවති බව ද ඒ දක්වා ඇති විස්තර අනුව අනුමාන කළ හැකි වේ.කුරුන්දි පැරණි වැවත්, කුරුන්දි ගමත් වෙළෙඳ, කාර්මික කලාපයත් සමඟ සමීප වශයෙන් සම්බන්ධ වී පැවති මෙම විහාරස්ථානය පුරාණ කුරුන්දි ක්ෂේත්රයේ කේන්ද්‍රීය බිමක් වූ බව මේ දක්වා සිදු කර ඇති පුරාවිද්‍යා ගවේෂණ මඟින් පැහැදිලි වී තිබේ.
කුරුඳුගම පැරණි ගල් පාලම
කුරුන්දි විහාරය පිහිටා ඇති කන්දේ, උතුරු අන්තයේ පාමුල පුරාණ කුරුන්දි වැව පිහිටා ඇති අතර මෙම වැරි කර්මාන්තය වර්ෂ 2010න් පසු කාලයේ දී විශාල කර, නවීකරණය කර තිබේ. කුරුන්දි ගම සිට කුරුන්දි කන්දේ විහාරය දක්වා වූ මාර්ගයක් මෙම පුරාණ වැවේ බැම්ම මතින් ගමන් කළ බව පවතින සාධක හා පුරාවිද්‍යා නටබුන්වල විසිරීම අනුව පැහැදිලි වේ. කුරුන්දි කන්දේ විහාරයේ ප්‍රධාන නටබුන් පිවිසුම් පඩිපෙළ දැනට ද මැද මළුවේ සිට උතුරු දෙසට ගමන් කර වත්මන් කුරුන්දි වැව් බැම්මේ දකුණු කෙළවර හා සම්බන්ධ වේ. ඒ අනුව කුරුන්දි වැවේ බැම්ම මතින් මීටර් 1,200ක් පමණ ගමන් කළ විට එහි උතුරු කෙළවර පිහිටි වැවේ පිටවාන අසලට පිවිසිය හැකි වේ. මෙම වානේ උතුරු කෙළවරේ සිට මීටර් 170ක් පමණ උතුරු දෙසට වන්නට මෙම පුරාණ ගල්පාලමේ නටබුන් පිහිටා ඇත. නැගෙනහිර සිට බටහිර දිගානුගත ව ස්ථාපිත කර ඇති මෙම ගල්පාලම, පුරාණ වැවෙහි සිට ගලා ගිය ඇළ මාර්ගයක් හරහා පිහිටුවා පැවති අතර එය යටින් ගලා යන ඇළ මාර්ගය එතැනින් සිට තවත් මීටර් 25ක් පමණ උතුරු දෙසට ගලා ගොස් නැගෙනහිර සිට බටහිර දිගානුගත ව ගලා එන ප්‍රධාන ඇළ මාර්ගය හා සම්බන්ධ වේ. මේ පිහිටීම අනුව මෙකී ප්‍රධාන ඇළ මාර්ගයෙන් මෙපිට හා පුරාණ කුරුන්දි වැව් බැම්මෙන් ඉදිරිපස හෙවත් නැගෙනහිර දෙසින් පිහිටි කලාපය (එනම් එක්තරා ආකාරයකට වැව් බැම්මේ දකුණු ඉවුරු කලාපය අතර) බිම් සම්බන්ධයක් ගොඩනැගීම මෙම ගල් පාලමේ යෙදීමේ අරමුණ වූ බව පැහැදිලි වේ. ලංකා මිනුම් දෙපාර්තමේන්තුව විසින් 1936 වසරේ දී සංස්කරණය කරන ලද 1:63,360 මුලතිව් සිතියමේ දැක්වෙන අන්දමින් කුරුන්දන් කුලම වැවේ උතුරු පසින් එයට ආසන්න ව පිහිටා ඇති මලවරායන් කුලම නම් කුඩා වැවේ සිට කුරුන්දි වැව දක්වා ජලය ගෙන ඒමට ඇළ මාර්ගයක් පැවත ඇත. ඒ අනුව, මෙම ගල් පාලම එම ඇළ ඔස්සේ තිබූ බව සිතියම අනුව පැහැදිලි වේ.
පොදුවේ සලකා බැලීමේ දී මීටර් 16ක් දිග හා මීටර් 7ක් පළල් වූ බිම් වපසරියක මෙම කුරුන්දිගම ගල්පාලමේ නටබුන් විසිරී පවතියි. දැන් පවතින සාධක අනුව, මෙම ගල් පාලම අවම වශයෙන් මීටර් 10කට වඩා දිගින් යුක්ත ව පවතින්නට ඇත. මෙහි පළල මීටර් 3ක් පමණ බව සැලකිය හැකි ය. වර්තමානයේ පවතින තත්ත්වය අනුව, මෙම ගල්පාලම නිමකිරීම සඳහා යොදාගෙන තිබූ ගල්කණු හා ගල් පුවරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අස්ථානගත ව ඇත. මෙම ගල්පාලම සඳහා යොදාගෙන තිබූ ගල්පුවරුවලින් සමහර ඒවා වෙනත් ඉදිකිරීම් සඳහා පශ්චාත් කාලීන ව විතැන් කර ඇති බව සිතිය හැකි ය.වර්තමානයේ පාලමට උතුරු දිගින් පිහිටි ඇළ මාර්ගය හරහා ට්‍රැක්ටර් ගමන් කිරීමට පහසු කර ගැනීම සඳහාත් මෙම නිර්මාණයට අයත් ගල්කණු ගෙන ගොස් දමා ඇති බව දැකගත හැකි වේ.දැන් පවතින සාධක අනුව බැලීමේ දී ගල්පාලම පිහිටුවීමට යෝග්‍ය ආකාරයෙන් කුරුඳු වැවේ පිටවානෙන් ගලා එන ජල මාර්ගයේ අදාළ ස්ථානයේ ඉවුරු දෙපස ගල් ආදිය යොදා බිම සකස් කිරීමෙන් පසු මෙම ගල්පාලම ස්ථාපිත කර ඇත. සරල ව බැලීමේ දී ඉවුරු දෙපස විධිමත් ව සැකසීමෙන් පසු ඒ මත හා ඇළ තුළ විධිමත් ව පිහිටුවූ ගල්කණු උඩ හරස් අතට කෙටි ගල්පුවරු යොදා ඒ මත දික් අතට වඩා දිග ගල්පුවරු යොදා සම්බන්ධ කරමින් මෙම ගල්පාලම නිමවා ඇත. ඒ අනුව ගල් පාලමේ පළල් අතට සෙන්ටිමීටර් 130ක පරතරයක් ඇති වන ආකාරයෙන් ගල්කණු දෙක බැගින් ස්ථාපිත කර දිගු අතට මීටර් 2ක පරතරයකින් යුතු ව ගල්කණු පේළි හතරක් ස්ථාපිත කර තිබේ. ගල්පාලම නිර්මාණ අවධියේ දී මෙම ගල් කණු 8 මත හරස් අතට යෙදූ ගල්පුවරු මත පාලම ස්ථාපිත කර ඇත. දැන් පවතින සාධක අනුව මෙම කෙටි ගල් කුලුනක උපරිම උස සෙන්ටිමීටර් 150ක් පමණ වන අතර ඒ කණුවක දිග හා පළල සෙන්ටිමීටර් 30x24 ප්‍රමාණයේ ඒවා වේ. මෙම ගල් කණුවල ඉහළ කෙළවර සෙන්ටිමීටර් 6x6 ප්‍රමාණයේ කුඩුම්බි යොදා ඇත්තේ ඒවා හා හරස් අතට සම්බන්ධ වන ගල්පුවරු ශක්තිමත් ආකාරයෙන් ගල්කණු හා බද්ධ කිරීම සඳහා බව විද්වතුන් විශ්වාස කෙරේ.මෙලෙස හරස් අතට යෙදූ ගල්පුවරු පෙර කී ගල්කණුවල ඇති කුඩුම්බි සමඟ සම්බන්ධ කරන ගල් තව්වක දිග හා පළල සෙන්ටිමීටර් 8x8ක් වේ. මේ සඳහා යොදාගත් ගල්පුවරු මේ වන විට මේ ස්ථානයේ දැකගත නොහැකි වුවත් අවම වශයෙන් ඒ සඳහා යොදාගත් හරස් ගල්පුවරු මීටර් 2ක පමණ දිගකින් යුතු වන්නට ඇති අතර ඒවා මත දික් අතට යෙදූ ගල්පුවරු දිගින් මීටර් 2.5ක් පමණ වූ බව පවතින සාධක අනුව නිශ්චය කළ හැකි වේ.
මෙම පුරාණ ගල්පාලමේ බටහිර කෙළවර ආසන්නයේ නිධන් හොරු විසින් අනවසරයෙන් කැණීම් කළ දිග මීටර් 2ක්, පළල මීටර් 2.5ක් හා මීටර් 1.3ක පමණ ගැඹුරකින් යුතු වලක් වාර්තා වී තිබේ. මේ කැණීම මඟින් මෙම පාලම සහිත බිමේ ස්ථාවරතාව වැඩි කිරීම සඳහා යොදාගත් ගල් ආදිය අක්‍රමවත් අයුරින් විසිරී ඇති ආකාරයත් දැකගත හැකි වේ.මධ්‍යම ප්‍රමාණයේ වූ ගල් පාලමක් වන මෙහි නටබුන් පිහිටා ඇති ස්ථානය අනුව සලකා බැලීමේ දී පැරණි කුරන්දිගම ආශ්රිත කාර්මික කලාපයේ සිට කුරුන්දිගම දක්වා වූ පිවිසුම් මාර්ගය මෙම ගල් පාලම ඔස්සේ යෙදී තිබුණු බව සිතිය හැකි වේ. සාමාන්‍යයෙන් වර්ෂාවෙන් තොර කාලයක දී කාර්මික කලාපයේ සිට කුරුඳු ගම දක්වා ගොඩබිමින් ගමන් කිරීමේ හැකියාව පැවතියත් කුරුඳු වැවේ බැම්මේ සිට නැගෙනහිර කලාපයේ පුරාණ විහාර ගොඩනැගිල්ලෙන් පසු සාමාන්‍ය ජනයාට ඒ හරහා ගමන් කිරීම සීමා වන්නට ඇත. අනෙක් අතට වර්ෂා සමයන්හි දී වාන් දමන කාලයේ දී අවට ප්‍රදේශය වැසි වතුරින් පිරී යාම ද මෙම කලාපයේ දැනටත් ස්වභාවයකි. කුරුඳු වැවේ වාන් ජලය ගලායන ඇළ මාර්ගය හරහා මෙම ගල්පාලම පිහිටා ඇති අතර විශේෂයෙන් ම, වැසි කාලයේ දී කාර්මික කලාපය හා කුරුන්දි ගම අතර සම්බන්ධතාව ගොඩනැගීමට මෙම පාලම භාවිත වන්නට ඇත. පාලමේ ප්‍රමාණය හා නිර්මාණ ලක්ෂණ අනුව ගවයන් යෙදූ සාමාන්‍ය කරත්තයකට ඒ හරහා අපහසුවකින් තොර ව ගමන් කිරීමට හැකි වන්නට ඇත. අනෙක් අතට කුරුඳු ගම හා කුරුන්දි කන්දේ විහාරය අතර පරිවහන සම්බන්ධතාව ද අඩු තරමින් වැසි සමයේ දී මෙම ගල්පාලම මඟින් සිදු වන්නට ඇති බව විද්වතුන් අනුමාන කරයි.දැනට මෙරටින් වාර්තා වී ඇති පුරාණ ගල්පාලම් අතුරින් උතුරු දිගින් ම පිහිටා ඇති එකක් වශයෙන් කුරුන්දි ගම ගල් පාලම හඳුනාගත හැකි ව පවතී. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දී මුලතිව් හා තදශ්රිත කලාපයේ වර්ධනය වූ කාර්මික නිෂ්පාදන මුහුදු මාර්ග ඔස්සේ ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා සම්බන්ධ කිරීමට යොදාගත් මාර්ග ජාලය සමඟ සම්බන්ධ වීමට ද මෙම ගල් පාලම ඉවහල් වූ බව පෙන්වා දිය හැකි වේ. ඒ අනුව කාර්මික නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන් ම නිෂ්පාදනයෙන් පසු අතුරු නිෂ්පාදන හා නිමි ද්‍රව්‍ය පරිවහනය සඳහා මෙම ගල්පාලම උපකාරී වූ බව නිශ්චය කළ හැකි වේ.කෙසේ නමුත් මෙම ගල්පාලම විදිමත් පුරාවිද්‍යා කැණීමකට ලක් කර නොමැත.
කුරුන්දි විහාරය තදාශ්රිත ජනවාස සාධක හා ලෝහ නිෂ්පාදන කලාපය
කුරුන්දි විහාරය පිහිටා ඇති කන්දට උතුරු පසින් පිහිටි, පුරාණ කුරුන්දි වැවේ බැම්මේ උතුරු කෙළවරින් ඔබ්බේ කුරුඳු ගමේ පිහිටියා වූ පුරාණ ලෝහ හා කාර්මික නිෂ්පාදන කලාපය පිළිබඳ සාධක විසිරී පැතිරී ඇති ආකාරය දැකගත හැකි වේ. මෙම කාර්මික නිෂ්පාදන කලාපය පෙර කී කුරුඳු වැවේ බැම්මේ උතුරු අන්තයත්, පුරාණ ගල්පාලමත් අතර බිමේ පිහිටා තිබේ. දැන් පවතින කුරුඳු වැවේ බැම්මේ උතුරු අන්තයේ නිමවා ඇති වැවේ පිටවාන ද අයත් කලාපය මෙම පුරාණ කාර්මික නිෂ්පාදන කලාපයට අයත් වී පැවති බව එහි විසිරී ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් අවශේෂ අනුව නිශ්චිත ව හඳුනාගත හැකි වේ. සමීප කාලීන ව සිදු කර ඇති වැවේ පුනරුත්ථාපන කටයුතු අතරතුර පිටවාන සැකසීමේ දී මෙම අගනා පුරාවිද්‍යා සාධක අන්තර්ගත වී ඇති කලාපයේ මතුපිට සිට අඩි 68 දක්වා වූ සංස්කෘතික ද්‍රව්‍ය අන්තර්ගත පස් තට්ටු ඉවත් වී ඇති අතර එම පස් කිසිදු අර්ථයකින් තොර ව අභිනව වැව් බැම්මට ඔබ්බෙන් වූ කට්ටකාඩුව තුළ ගොඩගසා ඇත. ඒ පස් පරීක්ෂා කිරීමේ දී පැරණි මැටි බඳුන් කොටස්, පබළු හා යබොර වැනි අවශේෂ හඳුනාගත හැකි වුවත්, මුල් පිහිටීම අහිමි වී ඇති බැවින් ඒවායේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම දැන් සම්පූර්ණයෙන් ම පාහේ ක්ෂය වී ඇත.දැනට ඉතිරි වී ඇති තොරතුරු අනුව, අවම මානයන් අනුව ගණනය කර බැලීමේ දී එම ගොඩැල්ල මීටර් 110ක් දිග හා මීටර් 90ක පළලක් සහිත ප්‍රදේශයක (වර්ග මීටර් 9,900ක) පැතිර පවතින්නට ඇතැයි තක්සේරු කළ හැකි ය. එයින් මීටර් 72ක් දිග හා මීටර් 50ක් පළල වූ ප්‍රදේශයක (වර්ග මීටර් 3,600ක පමණ) පස් මතක සිදු කළ වාරි නිර්මාණ කටයුතු අතරතුර ඉවත් කර ඇත්තේ පෙර ද දක්වා ඇති පරිදි වැවේ නව පිටවාන සැකසීම සඳහා ය. මේ පුරාවිද්‍යා නාශක කටයුත්ත හේතුවෙන් අවම වශයෙන් සෙන්ටිමීටර් 230-250ක පමණ උස පස් තැන්පතුවක් ඉවත් කර ඇත්තේ ඒවායේ අන්තර්ගත, වටිනාකමේ නිමක් නොමැති සංස්කෘතික සාධක ද සමඟිනි. මේ හේතුවෙන් පුරාණ කාර්මික නිෂ්පාදන කලාපයට අයත් පුරාවිද්‍යා සාධක අන්තර්ගත බිමෙන් අධ්‍යයන අවස්ථාව වන විට ශේෂ වී ඇත්තේ දිග මීටර් 47ක් හා පළල මීටර් 37ක් පමණ ප්‍රමාණයේ (වර්ග මීටර් 1,739ක) සීමිත ව්‍යාප්තියක් සහිත සංස්කෘතික සාධක අන්තර්ගත පස් ගොඩැල්ලක් පමණි.
මෙම ගොඩැල්ලේ දකුණු ඉම පෙර කී ආකාරයෙන් පිටවාන සඳහා නවීන ඉදිකිරීම් යොදා කපා පස් ඉවත් කර ඇති බැවින් එයින් ඇති වී තිබෙන පාංශු පැතිකඩ පුරාවිද්‍යාත්මක වශයෙන් මෙහි ව්‍යාප්තිය හා වටිනාකම හඳුනාගැනීම සඳහා පහසුවක් ඇති කර ඇත. සාමාන්‍ය මිනුම් අනුව සෙන්ටිමීටර් 230-250ක් පමණ (අඩි 68ක් පමණ) ඝනත්වයක් නියෝජනය කරනු ලබන මෙම ස්ථානයේ ඇති සංස්කෘතික පස් තට්ටු කිහිපයක් ම පුරාවිද්‍යාත්මක ව හඳුනාගත හැකි වේ. සෙන්ටිමීටර් 60-75ක් (අඩි 22.5) පමණ උපරිම ඝනත්වයක් දක්වන ඉහළින් ම පිහිටි පස් තට්ටුව පැරණි ලෝහ නිෂ්පාදනය සම්බන්ධයෙන් බෙහෙවින් සාරවත් පුරාවිද්‍යා සාධක අන්තර්ගත සංස්කෘතික පස් තැන්පතුවකි. මේ තුළ යකඩ නිෂ්පාදනය නිසා ඉවත් වන ලෝහ බොර හෙවත් යබොර, යකඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගත් යපස් කොටස් පමණක් නොව මැටි බඳුන් කොටස් හා පබළු ආදිය ද අන්තර්ගත වී ඇති ආකාරය හඳුනාගත හැකි වේ. මෙහි පවත්නා මැටි බඳුන් අවශේෂවල රූපීය ලක්ෂණ අනුව ක්‍රිස්තු වර්ෂයෙන් 9-10 සියවස් නියෝජනය කරනු ලබන බව දළ වශයෙන් එළඹිය හැකි කාලනිර්ණ නිගමනයකි. ඒ අනුව කුරුන්දි කන්දේ විහාරයේ පවත්නා නිර්මාණ ලක්ෂණ හා සමගාමී බැවින් මෙම කාර්මික නිෂ්පාදන කලාපය සක්‍රීය වූ කාලයේ දී ම කුරුන්දි කන්දේ විහාරයත් නිර්මාණය වූ බව හෝ කන්දේ විහාරය නිර්මාණය වීමට සමගාමී ව මෙම කාර්මික කලාපය ද සක්‍රීය ව පැවති බවට විද්වතුන් යෝජනා කරනු ලබයි. මෙම සංස්කෘතික පස් තට්ටුවෙන් පසු සංස්කෘතික සාධක අන්තර්ගත තවත් පස් ස්තර කිහිපයක් ම හඳුනාගත හැකි අතර ඒවා තුළ ද අනුරාධපුර යුගයේ අවසන් කාලයට අයත් මැටි බඳුන් ගැටි කොටස් සහ බඳ කොටස්, පබළු, උළු හා ගඩොල් පවතියි. මෙම කලාපයේ නැගෙනහිර කෙළවරට වන්නට මතුපිට සිට සෙන්ටිමීටර් 30-45ක් පමණ ගැඹුරින් සෙන්ටිමීටර් 10-15ක ඝනකමින් යුතු මුහුදු බෙලි කවච අන්තර්ගත පස් තැන්පතුවක් ද දැකගත හැකි වේ. මෙම තැන්පතුවේ මෙතැන් පටන් පහළට ම අඩුවැඩි වශයෙන් මැටි බඳුන් කොටස් වැනි විවිධ සංස්කෘතික ද්‍රව්‍ය අන්තර්ගත බව නිරීක්ෂණය කළ හැකි වේ.
මෙම සංස්කෘතික පස් තැන්පතුවේ දැනට ශේෂ වී ඇති කොටසේ බටහිර හා වයඹ කලාපයේ මතුපිට ලෝහ නිස්සාරණය සඳහා යොදා ගන්නා උඳුන් බිත්ති කොටස්, නළ කොටස්, අඟුරු හා අළු වැනි ලෝහ නිෂ්පාදනය හා සම්බන්ධ පැරණි සාධක විසිරී ඇති බව පැහැදිලි ව දැකගත හැකි වේ. මේ සාධක අනුව, ලෝහ නිස්සාරණය සඳහා යොදාගත් උඳුන් මෙහි පැවති බව නිගමනය කළ හැකි ය. වර්ග මීටර් 150ක පමණ කොටසක විසිරී පවතින මෙම සාධක අනුව, මෙහි ලෝහ නිෂ්පාදනය සඳහා යොදාගත් පැරණි උඳුන් 10-15ක පමණ සාධක තිබීමට හැකියාව ඇති බව විද්වතුන් අනුමාන කරයි. විසිරී පවතින සංස්කෘතික සාධක හා ඒවා ඇතුළත් වී පවතින පස් තැන්පතුවේ ඝනත්වය හා ව්‍යාප්තිය අනුව, මෙම ස්ථානය සීමිත කාලපරාසයක් තුළ එහෙත් සක්‍රිය ආකාරයේ කාර්මික නිෂ්පාදන කලාපයක් ව පැවති බව මතුපිට දැකගත හැකි සාධක අනුව විස්තර කළ හැකි වේ. කුරුන්දි කන්දේ විහාරය හා තදාශ්රිත ප්‍රදේශයේ තැන් කිහිපයක ම ලෝහ බොර එක්රැස් වූ ස්ථාන හඳුනාගත ඇති අතර,නමුත් ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු වූ බව හඳුනාගත ඇත්තේ ඉන් ස්ථාන කිහිපයක පමණි. මෙම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන්නා වූ යකඩ සංඝටක අන්තර්ගත පස් (යපස්) කුරුන්දි කන්ද හා අවට කලාපයෙන් පහසුවෙන් සපයා ගන්නට හැකියාව පැවත ඇත. ප්‍රධාන වශයෙන් ම මෙම හැකියාව නිසා ම මෙම ස්ථානයේ බෙහෙවින් සක්‍රිය ලෝහ නිෂ්පාදනාගාර ඇති වීම සහේතුක වන බව විද්වතුන් විශ්වාස කරනු ලබයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් 1905 දී සපයා ඇති පාලන වාර්තාවේ විස්තර කර ඇති පැරණි ' කුරුන්දන්ඌර් ' හෙවත් කුරුඳුගමට ම අයත් කාර්මික නිෂ්පාදන කලාපය ලෙස ද මෙම කලාපය හඳුනාගැනීමේ හැකියාව තිබේ.ඒ අනුව, මෙහි පවත්නා පුරාවිද්‍යා සාධක අනුව මෙම බිම්කඩ කුරුඳුගම ජනාවාස හා අත්‍යන්තයෙන් සහසම්බන්ධ වූ කාර්මික නිෂ්පාදන හා ජනාවාස බිම්කඩක් වශයෙන් ඒ අනුව හඳුනාගෙන තිබේ.
අභිලේඛන
කුරුන්දි පුවරු ලිපිය
කුරුන්දි පුවරු (ඛණ්ඩ) ලිපිය යනු ක්‍රි.ව. 10 වන සියවසේ අග භාගයට අයත් මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් රචිත ශිලා ලිපියකි. මෙම ලිපිය IVවන උදය රජුගේ රාජ්‍ය කාලයට අයත් කතිකාවත් වර්ගයේ ශිලා ලිපියක් ලෙස හඳුනාගෙන ඇත.ඛණ්ඩ ලෙස හඳුන්වන්නේ කැබලිවලට බිඳුණු අදහසින් ය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ලිපිය කුරුන්දි වැව් බැම්ම ඉදිරිපස පහළ කොටසේ ඇති බෞද්ධ ආරාම සංකීර්ණයේ පිහිටි පුරාණ පිළිම ගෙයක පිවිසුම් ස්ථානයේ තිබී සොයාගන්නා විට ද ලොකු කුඩා කැබලි 9 කට පමණ වෙන් කර ඇත.මෙම ශිලා ලිපිය ප්‍රථම වරට 1887 දී හෙන්රි පාකර් විසින් සටහන් කරන ලද "Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys" යන වාර්තාවේ (පිටු 314) සඳහන් කර ඇත.
"පළමු වැනි සංගබෝධි (ක්‍රි.ව.246-248) බැම්මට පහළින් විහාරයක් ඉදි කළේය.සැලකිය යුතු පසු දිනක දී,එනම් මෙය ක්‍රි.ව. 965 පමණ පස් වැනි දප්පුල ... මෙහි පැමිණ,එක් විහාරයක භික්ෂූන් වහන්සේ නැවත පිහිටුවන ලදී.තුන්වැනි මහින්ද ( ක්‍රි.ව. 997-1013) ඔහුගේ රාජ්‍යයේ අට වැනි වසරේ දී තම මව(?) සහ දියණිය සමඟ වැවට ගොස්,සංඝබෝධි විසින් ඉදිකළ හා මහින්ද විසින් ප්රතිසංස්කරණයකරන ලද විහාරයේ විශාල ගල් පුවුරුවක දීර්ඝ සෙල්ලිපියක් දිවයිනේ ඇති දිගම සෙල්ලිපියක් පිහිටු විය.අවාසනාවකට, කැලානුරූපී ව ලිපිය සහිත මතුපිටට වූ හානි හේතුවෙන් මෙම සෙල්ලිපියේ බොහෝ වචන දැන් අපහැදිලි ය.මෙහි ප්‍රධාන වශයෙන් මිහින්ලාලේ පුවරුවල ඇති ආකාරයට මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ විසින් පිළිපැදිය යුතු නීති මාලාවක් අඩංගු වේ.නමුත් පොදු කාරාණා කිහිපයක් පිළිබඳව ද එහි අවධානය යොමුකර ඇති අතර, 'රජුගේ මහා වැව' ( එය තන්නිමුරුප්පුව ලෙස පේනේ) සහ භෝග වගාවට හානිකර ලෙස බලපෑ සමහර ආරවුල් ගැන ද සඳහන් වේ.මෙම සෙල්ලිපයේ ලේඛකයා තමා බව පවසන රජු,මෙම ලේඛනයේ අක්ෂර පිළිබඳව යම් ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් ඒවා නොතකා ක්‍රියාකළ යුතු බවත් සටහන් කර ඇත.
සෙල්ලිපියේ කුරුන්ගම ලෙස හැදින්වෙන කුරුන්දන් කුලම් බැම්මේ පහළ ඉදිකරන ලද නගරය හෝ විශාල ගම්මානය පිහිටි ප්‍රදේශයේ ඇති කුඩා ජල මාර්ගවල මැටි බඳුන් කොටස් දැකිය හැකි වේ."
(Henry Parker. Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys(1887) (ඉංග්‍රීසි බසින්).)
තවද 1895 දී J.P.Lewis විසින් ද "Manual of the Vanni Districts" යන තම කෘතිය තුල මෙම ලිපිය පිළිබඳව නැවත වාර්තා කර තිබේ.නමුත් හෙන්රි පාකර්ට හමු වූ අවස්ථාවේ නොබිදී තිබූ එම පුවරුව ඔහුට හමුවන අවසාථාවේ දී කැබලී තුනකට කැඩී තිබූ බව වාර්තා කරයි.පාදක සටහනට අනුව ඒ 1889 සැප්තැම්බර් 19 වැනි දින එනම් පාකර් ලිපිය සොයාගෙන වසර තුනකට පමණ පසුවය. කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව කෘතහස්ත වාර්තාවක් සපයන එවක පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා දක්වන්නේ ලෙවිස් තම වන්නි අත්පොතේ ( Manual of the Vanni Districts ) දක්වා ඇති විශාල පුවරු ලිපිය තමනට දැකගැනීමට නොලැබුණු බවයි.Annual Report of the Archaeological Survey of Ceylon, 1949 අනුව, 1931 දී කුරුන්දන්මලේ ප්‍රදේශය පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කිරීම සඳහා සිදු කළ සමීක්ෂණයේදී ද මෙම ශිලා ලිපිය සොයා ගැනීමට උත්සාහ කර ඇති නමුත් එය අසාර්ථක වී ඇත.පසුවමහාචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් 1949 දී මෙම ලිපිය නැවත සොයාගත් අතර,නිධන් වස්තු සොයන්නන්ගේ සහ වෙනත් අයගේ ක්‍රියාකාරකම් හේතුවෙන් එය කොටස් කිහිපයකට බිඳී තිබූ බව වාර්තා වේ.එය චාලස් ගොඩකුඹුර මහතා විසින් පිටපත් කර ඇති අතර එම අවස්ථාවේ ශිලා ලිපියේ මුලින් රේඛා 19ක් පමණ තිබූ බවත්, ඒවායෙන් රේඛා 16ක් පමණක් කොටස් වශයෙන් සුරක්ෂිතව තිබී ඇතිබවත් සිරමල් රණවැල්ල වාර්තා කර තිබේ.. මේ මෑත කාලයක් දක්වා ප්‍රකාශට පත් කර තිබූ මෙම ලිපියේ ස්පර්ශ ලාංඡනය පැහැදිලිව කොටස් ත්‍රිත්වයකින්(කැබලි කොටස් තුනකින්) යුක්ත වේ.මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් 2004 දී පළකර ඇති "කුරුන්දන්මලේ කැබලි වූ පුවරු ලිපිය" නම් සංස්කරණයේ දී පදනම් කරගෙන ඇත්තේ මේ ස්පර්ශ ලාංඡන පිටපත බව එය පරීක්ෂා කිරීමේ දී තහවුරු වේ.ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ලිපිය පිටපත් කර ඇත්තේ පුවරුව කැබලි ගණනාවකට කඩා දැමීමට පෙර 1889 ට පසු හා 1905 අතර කාලයකදී බව අනුමාන කෙරේ.නමුත් මුල් කාලීනව,යම් කිසි හේතුවක් නිසා මෙම ලිපියේ පහළ කොටස පිටපත් නොවී ඇති අතර,එම නිසා සෙනරත් පරණවිතානයන් එහි පහළ කොටස නොමැතිව ඉහළ කොටසේ ස්පර්ශ ලාංඡනයේ ඇති තොරතුරු අනුව අදහස් දක්වා ඇත.රණවැල්ල මහතාගේ සංස්කරණය ද පාදක කොට ඇත්තේ සෙනරත් පරණවිතානයන්ගේ එම ලිපිය පදනම් කරගෙන ය.පරණවිතානයන්, හෙන්රි පාකර් විසින් මිහින්තලේ පුවරු ලිපියේ දැක්වෙන වියවස්ථා මාලාවක් ඇති බවට දක්වා ඇති සටහන තහවුරු වන බව එහි වැඩිදුරටත් දක්වා ඇත.
වර්ෂ 2021 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී මෙම ලිපිය නැවත හමු වී තිබූ අතර මහාචාර්ය සිරිමල් රණවැල්ල දක්වා තිබූ පරිදි පේළි 19 ක් නොව මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් පේළි 34 කට නොඅඩු ප්රමාණයඛ් සහ මෑතක අනාවරණය කරගත් අපර කොටසේ පේළි 40 කට නොඅඩු ප්‍රමාණයක් වශයෙන් පේළි 75 කින් සමන්විත විශාල ලිපියක් වන බව තහවුරු විය.ලිපියේ අක්ෂර සහ භාෂාව ක්‍රි.ව. 10 වන සියවසේ මධ්‍ය භාගයට අයත් සිංහල භාෂාව ලෙස හඳුනාගෙන ඇත. මෙම ලිපිය “සිරිසංඝබෝ” යන රාජ නාමය දරා සිටි රජුගේ රාජ්‍ය කාලයේ 8 වන වසරට දිනංකිත කර ඇති අතර, විද්වතුන්ගේ අදහස අනුව එම රජු වන්නේ IV වන උදය රජු (ක්‍රි.ව. 946–954) ය.
- පෙළ
1. ... ... ... ... ... යස දෙසින් දස අත්හි පැතිරැ රජ කළ අභා සලමෙවන් මහරද්හු පුත්
2. ... ...මඬුල් රන්දනා රජ්ලියෙහි මිණි වුටුනුයෙන් සිය මුන්දුන් පැහැයු ලක්දිව පොළො යොන පරපු
3. රෙන් හිමිවූ තුමා සරණ නිය රසින් අන් රජ මුන්දුන් බිසෙස්වු තික් තෙදින් හිරු පළැ කෙවින් මෙහැසුරු දළ දැපින් උවින්දු රජ විරතින් සුරින්දු පබන්ද දෙනෙන් දිනිසුරු සත්
4. සෙතින් කිතිසුරු පැණ සරින් සුරගුරු සෙබා ගුණෙන් නිසයුරු... ...නන් සරින් කප්තුරු රූ සරින් කදප් කුලුන රෙසෙන් බොසතු මෙරුවන් සුව සරින් සම
5. ... ... ... ... හුන් අභා සලමෙවන් මහරජ්හු තුමා සත් ලැඟු පළමුවන හවුරුදුයෙහි ඇසෙළ පුන් සන්ද් අවප් මස්හි දසපක් දව
6. ස් ... ... සඟඅරම් සිරිසඟ්බෝ රජ් මහවෙහෙර්හි වත් සිරිත් විසිනැ සියතන් සහ ...සසන්දා තුන් නකාහි මහසඟ් වත්හිමියන් ... ...
7. ... ... ... ...පස එවුන් වන සියෙනැ පතෙ පොතෙහි ඇරැ සෙයින් අකර්වනු ඉසා ... ... සි හදව සිට පවත්නා කොට් මෙ සිලා ලෙබ ... ... ... ...
8. ... ... ... ... සිරිසඟ්බො අභය මහරජ අගසු(ද)ම් නම් වූ සඟ්බඩ් අප මෑණියන් ඉසා ... ... සිරිත් සන්දහා නියාමකින් ඉසා වරද් දෙවු පරෙයා ... ... ... ... ... ... ...
9. ... ... ... ... කතු ඉසා ... ... ... ...යා රක්රනුගම යුරෙහි අභයගිරි නකා පිළිබැදි කොට් ස ... ... ... කැරූ සඟරම් සිරිසඟ්බෝ රජ් මහවෙහෙරැ ක... ... ... ...
10. ... ... ... ...නු කොට් අටවනුයෙහි නවයැ සන්ද් අවප් මසැ දියවස් දවස් දළදාගෙයි ... ... ...මේ ... ...රට් මෙ අභය ඉසිරිපව් පියන්ගල් ක... ... ...කැමියන්
11. ... ... ... නිස්සන් හා සසන්දැ මෙ වෙහෙරට් පියන්ගලට් තුරු සිරිත් ඉසා විවරුණෙන් එක්සෙ කොට් තන් උවතකැ අර්වයි කැමි සැමියන් කළ විසි එක් ... ... ... ...
12. ... ... ... ...එක් පැකක් අභයිගිරි වෙහෙරැ ඉසා එක් පැකක් මෙ වෙහෙර්හි මහපහායි ඉසා තබනු කොට් වදාළහ වීම් කුසල්කැමි... තබය සතු
13. ... ... ... ... ගහනෙහි සෙයින් මෙ නිසගින් සනිටිහන් වු සිරිත් ඉසා මෙයට් දුන් කැබලි කටයුතු සෙ ඉසගිය කටයුතුය ඉසා මිනිස්නට් කම්... ... ...
14. ... ... ... ...නට් ලබනු දිවයුතු සෙ ඉසා එක් සෙ කොට් අර්වයි මෙ වෙහෙරැ තබනු කොට් වදාළ සිරිත් පොත්හි ... ... සිරිත් ලියි සත්දෙවාමි ලිමි මෙ වෙහෙරැ සිරිත් මෙ වෙහෙර්හි වෙහෙ
15. ර්කැමියන් ... කැමියන් පිළිමගෙයි සිරිත්පොත්හි කී සෙයින් බුද් බතට් ගත යුතු ඉසා පිළිමගෙයි හම පුද සිරිත් සෙයිමැ ... ... ...කරනු ඉසා ආනන්ද පියන්ගල්හි අ(ටි)න් දොළොසැ
16. ... ... ... ...පසැ ආවු වත්හිමයන් වැසි හිමියන් විසියා ... ... ..... ... ...
17. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
18. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
19. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
- අන්තර්ගතය
"-----දස දිසාවේ ම පැතිරුණු ඓශ්චර්යයෙන් සහ තේජසින් යුතු අභා සලමෙවන් (මහරජු ගේ පුත්----මුලු ප්රදේශයෙහිම රදා පැවති රාජකීය පරම්පරාවේ,හිස්මුදුනෙහි මැණික් ඇල්ලූ මිණි ඔටුන්නෙන් ප්‍රභාමත් කළ,ලක්දිව පොළොව නමැති මහී කාන්තාවගේ පරම්පරාවෙන් පැවත,එම සරණ ගොස් අභිශේඛයට පත්වුණු,තේජසින් සූර්යයා සේ ද, කෝපාග්නියෙන් මහේශ්වරයා සේ ද (ඊශ්වර දෙවියන්),දැඩි බවින් සහ ආඩම්බරයෙන් විෂ්ණු දෙවියන් සේ ද, රාජ්‍ය චාරිත්‍රානුකූලව ශක්‍ර දෙවියන් සේ ද,හිරු ගේ තීක්ෂණ ඇස් ලෙසින් ද,දැහැමි ගුණයෙන් සහ ශාන්තියෙන් අවලෝකිතේශ්වර මෙන් ද,ප්‍රඥාවෙන් බ්‍රහස්පති සේ ද,සෞම්‍ය ගුණයෙන් චන්ද්‍රයා සේ ද,----කල්ප වෘක්ෂයක් සේ ද,රූපශ්‍රීයෙන් සහ කරුණාව නැමැති ගුණයෙන් බෝධිසත්ත්වයකු සේ ද,මහමෙරක් සේ නොසැලෙන සැපයෙන් සහ සුවයෙන් උතුම් වූ -----අභාසලමෙවන් (සිව්වන උදය) මහරජතුමා ගේ රාජ්‍යත්වයෙන් පළමුවෙනි වර්ෂයෙහි ඇසළ මස අවපස දසවන දින කරවන ලද ශිලාලේඛනයකි.සංඟාරාම සිරිසඟබෝ රජමහා විහාරයෙහි සිදු කෙරෙන වත් පිළිවෙත් තමා විසින්ම පරීක්ෂා කර බලා තුන් නිකායෙහි(මහා විහාර - අභයගිරිය - ජේතවනය) සංඝරාජ මහා නායක හිමියන්ට-----අතීතයේ සිට පැවත ආ පරිදි පොත් පත්වල ලිඛිතව ලියා ඇති සහ දැනුම් දී ඇති පරිදි ක්‍රියාත්මක කළ යුතුය.ඉරහඳ පවත්නා තෙක් මේ ශිලා ලේඛනය කරවන ලදී-----සිරිසඟබෝ අභය මහරජුගේ (දෙවන සේන) අග බිසොව වූ ද,සංඝබෝධි (පස්වන කාශ්‍යප) සහ අපගේ (සිව්වන උදය) සුධම්ම නම් වූ මෑණියන් ද----------අභයගිරි නිකාය යටතේ----රක්රනුගම ඉවුරෙහි කරවන ලද සංඝාරාම සිරිසඟබෝ රජ මහා විහාරයෙහි-------අටවන වර්ෂයෙහි නවම් මස දසවක් දින දළදා ගේ-----අභය ඉසිරිපව් පියන්ගල (පධානඝරය)-----නිලධාරීන්-----යෝග්‍ය තැනැත්තන් පිළිබඳව සසඳා බලා මේ විහාරයේ පියංගල ආශ්‍රිතව පැවති සිරිත් ද,එහි අර්ථ ද පැහැදිලි කොට ඒ අයුරින්ම කරවා සේවකයන් සහ ස්වාමීන් එක්ව කරන ලද විසි එක්එ-------ක් කොටසක් අභයගිරි විහාරයේ ද,තවත් එක් කොටසක් මේ විහාරයේ මහා ප්‍රාසාද ගෙයෙහි ද තබන ලෙස වදාරණ ලදී.සුළු සේවකයන් ගේ භාරකරු තමන් සතු-----භික්ෂූන්ට ඇවැතක් වන දේ පිළිබඳව පැවත ආ සිරිත් අනුව කටයුතු කළ යුතුය.දෙන ලද කොටස් සඳහා ද එලෙසම කටයුතු කළ යුතුය------මෙසේ සිදු කරනු ලබන සියලු විරිත් පොත් පත්හි නිරන්තරයෙන් ලියා මේ විහාරයේ තැන්පත් කළ යුතුය.එසේ වදාරන ලද සිරිත් විරිත් පොත් පත් හි ලියා තැබූ යේ සත්දෙවොමි යන මා විසිනි. ---- මේ විහාරයේ සිරිත් විරිත් ආදිය මෙහි ම සේවකයින් ද, ------පිළිමගෙයි සේවකයන් පොත් පත් හි ලියා තැබූ අයුරින් පිළිමගෙයි බුද්ධ පූජාවන් ආදිය එම සිරිත් වලට අනුකූලව ඉටු කළ යුතුය. -----ආනන්ද පියන්ගලෙහි (පධානඝරයෙහි) -----------"
හැදින්වීම් නාමය:කුරුන්දි පුවරු ලිපිය
රාජ්‍ය කාලය:සිව්වන උදය රජ(සම්මත වර්ෂ 946-954)
කාලය:සම්මත වර්ෂ 10 වන සියවස
අක්ෂර:මධ්‍යකාලීන සිංහල
භාෂාව:මධ්‍යකාලීන සිංහල
(උපුටාගැනීම:G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology,Ranwella,pp.221-224,en)
මෙම ශිලා ලිපිය කතිකාවත් හෙවත් භික්ෂූන් වෙනුවෙන් පොදු එකඟතාවන් සම්මත කරගත් නීතිරීති සමූහයක් වර්ගයට අයත් වන අතර, අභයගිරි මහා විහාරයට අනුබද්ධ වූ “අභය–ඉසිරිපවි(සිරිසංඝබෝ විහාරය)" නම් විහාරය සහ එයට අනුබද්ධ “ආනන්ද පියංගල” නම් භාවනා ශාලාව සම්බන්ධයෙන් භික්ෂූන්ගේ සාමාන්‍ය එකඟතාවයෙන් සම්මත කරගත් නියමාවලියක් ද මෙහි අන්තර්ගත වේ.එමෙන්ම, “අභ සලමේවන්” යන රාජ නාමය දරා සිටි රජුගේ රාජ්‍ය කාලයේ පළමු වසරේ පැවැත්වූ පෙර කතිකාවතක් පිළිබඳව ද මෙහි සඳහන් වේ. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් දක්වා තිබේ.
" ශිලාලේඛනයේ දාතම දැක්වෙනුයේ සිරිසඟබෝ නමින් ම රජ කළ රජෙකුගේ සහ අගසු(ද)ම් සංග්බඩ් නම් රැජිනකගේ පුතු වූ සිරිසඟබෝ නම් රජ කෙනෙකුගේ අට වැනි වර්ෂයට බවට යි. සිවුවැනි උදය (946-954) සහ සිවුවැනි මහින්ද (956-972) නමින් අනුරාධපුර අවසන් භාගයේ මෙම රාජ්‍ය නාමය දැරූ වසර අටක් හෝ ඊට වැඩි කාලයක් රජ කළ සහ මෙම නාමය දැරූ පියවරුන් සිටි රජවරු දෙදෙනෙක් වූහ. සිවුවැනි උදය රජුගේ පියා වූයේ සිවුවැනි කස්සප රජු (898-914) ද සිවුවැනි මහින්ද රජුගේ පියා තුන් වැනි උදය (935-938) විය. සිවුවැනි උදය සහ සිවුවැනි මහින්ද අතරින් දෙවැන්නාගේ මව එම රජුගේ ම ශිලාලේඛන කිහිපයක ම දැක්වෙන පරිදි දේවා (දේවි ගොන්බිසෝ රැජ්න) නම් වූ අග රැජනකි. එනිසා අප ඔහුව පසෙකට කර අපගේ මෙම ලේඛනයේ දැක්වෙන රජු සිවුවැනි උදය ලෙසට හඳුනාගත යුතු වේ. නමුත් ඔහුගේ මව, අගසු(ද)ම් සංග්බඩ් හඳුනා ගැනීම ද ගැටලුවක් වනුයේ වංශකතාවන්ට අනුව සිවුවැනි උදය රජුගේ මව තිස්සා නම් වූ අග රැජිනක් වීම නිසා වෙති. මෙම රැජින ද සමකාලීන අනෙක් රැජනන් මෙන් ම නම් කිහිපයකින් හඳුන්වා ඇති බව දැකීමට හැකි වේ. උදාහරණයක් වශයෙන්, සිවුවැනි දප්පුල රජුගේ මව දේවා සහ සංඝා යන නම් දෙකෙන් ම හඳුන්වා ඇති අතර වංශකතා සහ සිවුවැනි දප්පුල රජුගේ පුලියන්කුලම ශිලාලේඛනයට අනුව තුන් වැනි උදය රජුගේ මව කිතා නම් රැජිනක් වූ නමුත් එම රජුගේ පොළොන්නරුව ටැම් ලිපිය ඇයට දී ඇති නාමය සංඝා යි. පළමු වැනි විජයබාහු රජුගේ මව වංශකතාවන්ට අනුව ලෝකිතා නම් කුමරියක් වූ අතර රජුගේ අඹගමුව පර්වත ලිපියේ ඇය දැක්වෙනුයේ දේවා (දෙව්-ගොන්-රැජ්න) ලෙස යි.
අපගේ ලේඛනය කතිකාවතක් හෙවත් භික්ෂූන් වෙනුවෙන් පොදු එකඟතාවෙන් සම්මත කර ගත් නීතිරීති සමූහයකි. එය අභයගිරිය විහාරයට අයත් අභය ඉසිරිපව් ලෙස මෙහි නම් කර ඇති, ආනන්ද පියන්ගල නම් පධානඝරයක් පැවති විහාරයක් වෙනුවෙන් වූවකි.ලේඛනය මීට පෙර අබා සලමෙවන් නමින් රජකම් කළ රජෙකුගේ පළමු වැනි රාජ්‍ය වර්ෂයේ සිදු කළ කතිකාවතක් පිළිබඳ ව ද දක්වයි. එය අබා සලමෙවන් නමින් රජ කළ දෙවැනි උදය රජුගේ පුතු වූ එම රාජ්‍ය නාමය ම භාවිත කළ තුන් වැනි සේන රජුගේ කස්සප පොකුණ පුවරු ලිපියට විෂය වස්තු වූ කතිකාවත බව පෙනී යයි. මෙම ශිලාලේඛනය සම්පූර්ණයෙන් ම ආරක්ෂා වී තිබුණි නම් දහ වැනි සියවසට අයත් උතුරු පළාතෙන් හමුවන වැදගත් ම වාර්තාවක් වීමට ඉඩ තිබුණි. මෙම ශිලාලේඛනය කැබලි වී තිබුණ ද එලෙසින් වුවත් ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත් ලිපියක් වනුයේ දිවයිනේ උතුරු ප්‍රදේශයෙන් හමුවන අල්පයක් වූ ශිලාලේඛන අතරින් එකක් වීම හේතුවෙනි. මෙම ලේඛනයේ පෙළ එතරම් ම පැහැදිලි නොමැති හෙයින් ඉංග්‍රීසි පරිවර්තනයක් දැක්වීමට බලාපොරොත්තු නොවෙමි."
(G.S Ranawella(2004). Kurundanmale Fragmentary Slab Inscription, Inscription of Ceylon. Vol. V, Part II, page 211.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link))
මේ අනුව විද්වතුන්ගේ අදහස් සලකා බැලීමේ දී, මෙම පෙර කතිකාවත III වන සේන රජුගේ (ක්‍රි.ව. 938–946) කලුදිය පොකුණ ශිලා ලිපියෙන් හඳුන්වන කතිකාවතට සම්බන්ධ විය හැක. එම කතිකාවත III වන සේන රජුගේ රාජ්‍ය කාලයේ පළමු වසරේ පැවැත්වූ අතර,III වන සේන රජු සහ ඔහුගේ පියා වූ II වන උදය රජු (ක්‍රි.ව. 887–898) දෙදෙනාම “අභ සලමේවන්” යන රාජ නාමය භාවිතා කර තිබුණි.
ඒ අනුව ශිලා ලිපියේ ආරම්භක කොටසෙහි සිව්වන උදය රජු පිළිබඳ වර්ණනාත්මක සඳහනක් වේ.ලිපියේ සඳහන් වන අභයගිරි විහාරයට අනුබද්ධ විහාරයට අමතරව,භික්ෂූන්ගේ සාමාන්‍ය එකඟතාවයෙන් සම්ප්රදාය තුනක් සමඟ එකඟතාවයකට පැමිණීම (නිකාය සමඟියක් වැනි) පිළිබඳවද මෙහි සඳහන් වේ. එමෙන්ම, මෙම ස්ථානයේ පිහිටි විහාරයට හා පිළිමගෙයට අභයගිරි විහාරයට අනුයුක්ත නිලධාරීන් විසින් පිරිනමන ලද පූජා, වත්පිළිවෙත් හා චාරිත්‍ර පිළිබඳ තොරතුරුද මෙහි අන්තර්ගත වේ.
එයට පහළ කොටස්වල, සිරිත් ප්‍රකාරව පිළිමගෙය තුළ සිදු කළ යුතු බුද්ධ පූජා වත්පිළිවෙත් සහ මහා සංඝයා වහන්සේට සිදු කළ යුතු වත්පිළිවෙත් පිළිබඳ විස්තර ඇතුළත් වේ. එම නියමාවලිය ඉර සහ හඳ පවතින තුරු වලංගු වන බවද ශිලා ලිපියේ සඳහන් කර ඇත.
ශිලා ලිපියේ “සුදම්ම” නම් රජ බිසවක් පිළිබඳ සඳහනක් ද පවතී. එම බිසව, මෙම ශිලා ලිපිය කරවූ සිව්වන උදය රජුගේ සහෝදරයා වූ පස්වන කාශ්‍යප රජුගේ මෑණියන් බව විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ශිලා ලිපිවල මවුවරුන්ගේ නම් සඳහන් වීම දුර්ලභ කරුණක් වන බැවින්, මෙම සඳහන විශේෂ වැදගත්කමක් ඇති බව සැලකේ.තවද, මෙම ස්ථානයේ දළදා ගෙයක් සහ විශාල පුස්තකාලයක් පැවති බවත් ශිලා ලිපියෙන් සඳහන් වේ.
III වන මහින්ද රජුගේ ශිලා ලේඛනය
Archaeological Survey of Ceylon: North-Central, Central and Northern Provinces, Annual Report 1905 කෘතිය අනුව, වර්තමාන කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ ක්‍රි.ව. 812–816 කාලයට අයත් බවට සැලකෙන III වන මහින්ද හෙවත් මිහිඳු රජුගේ ශිලා ලිපියක් පැවති බව සඳහන් වේ.
තුන්වන මිහිඳු රජු තම මව සහ දියණිය සමඟ කුරන්ගමට පැමිණ කුරුන්දි වැවෙහි ජලය පිළිබඳව ඇතිව තිබූ ආරවුල සංසිඳුවා එතුමා විසින්ම සෙල් ලිපිය කරවූ බව සඳහන් වේ.ඊට අමතරව එම සෙල්ලිපියේ අකුරු වල වැරදි ඇතත් ඒවා නිවැරදි නොකරන ලෙසට නියෝග කර ඇත.ඒ පිළිබඳව ආර්.එල්.බ්‍රෝහියර් මහතා ලක්දිව පුරාතන වාරිමාර්ග නම් කෘතියේ මෙලෙස වාර්තා කර ඇත.
"බැම්මට(කුරුඳු වැවෙහි) පහත පළමු සංඝබෝධි රජ (ක්‍රි.ව.246-248) විහාරයක් කරවූයේ ය.ඊට බොහෝ කලකට පසු, පස්වෙනි දප්පුල රජ තමන් රජ පැමිණි පළමුවන අවුරුද්දේ එක් විහාරයක නැවතත් සංඝයා නැවත්වූයේ ය.මෙහි ක්‍රි.ව.965 වෙන්ට පුළුවන.තුන්වෙනි මිහිඳු රජ තමන් රජ පැමිණි අටවැනි අවුරුද්දේ තම මෑණියන් හා දියණියනුත් සමඟ වැව(කුරුඳු වැව) බලන්ට ගොස් සංඝබෝධි රජ විසින් ගොඩනඟා මිහිඳුරජ විසින් ප්‍රතිසංස්කරණය කරන ලද විහාරයේ මහත් ගල්පෝරුවක,ලංකාවේ සම්භවෙන ගල් සන්නස් වලින් ඉතාම දීර්ඝ එකක්වන් දික්ගල් සන්නසක් කොටවා තිබේ"
(ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.)
කෙසේ නමුත් මෙම ශිලා ලිපිය පුරාවිද්‍යා ස්ථානයෙන් අතුරුදන්ව ඇති අතර තවමත් හමු වී නොමැත.
එල්ලාවල මේධානන්ද හිමි විසින් වාර්තා කර ඇති ලිපිය
කුරුන්දි විහාරයෙන් වාර්තා වන තවත් අභිලේඛනයක් පිළිබඳව එල්ලාවල මේධානන්ද හිමියන් විසින් "ගවේෂණ තුළ ගවේෂණ" නම් කෘතිය තුළ වාර්තා කර තිබේ.ඒ උන්වහන්සේ මෙම ස්ථානයේ 20 සියවසේ අගභාගයේ සිදුකරන ලද ගවේෂණයකදී කුරුන්දි කන්දේ නටඹුන් වූ පැරණි ගොඩනැගිල්ලක් ආසන්නව බිම පෙරලී තිබූ ගල් කණුවක දුටු බව වාර්තා කරන අභිලේඛනයයි.ඒ පිළිබඳව උන්වහන්සේ මෙසේ සඳහන් කර තිබේ.
"...යාර විස්සක් පමණ කන්ද නැගි පසු තැන්න බිමක් හමුවෙයි.එහි කුඩා ශාලාවකට අයත් බව පෙනෙන සිවුරැස් අත්තිවාරමක ගල්පළු අතුරා තිබේ.එහි ඇති වෙනත් කිසිවක් හඳුනාගත නොහැකිය. එහෙත් පෙරළා දමා ඇති ගල් කණුව ගොඩනැගිල්ලට අයත් එකක් බව සිතීමට පුළුවන. එය දිගින් අඩි 12.6 කි.මෙහි අක්ෂර පේළියක් කොටා ඇතත් එහි සමහර අක්ෂර ගෙවී ඇත.දළ වශයෙන් සිවුවන සියවසට පමණ අයත් විය හැකි මෙහි..........රකබල..........අක්ෂර කියවිය හැකිය."
(එල්ලාවල මේධානන්ද ස්ථවිර. ගවේෂණ තුළ ගවේෂණ. Vol. p.62.)
කෙසේ නමුත් මෙම ශිලා ලේඛනය ද තවමත් සොයාගැනීමට හැකියාව ලැබී නැත.
වෙනත් ශිලා ලේඛන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් 2022 දී කුරුන්දි විහාරයේ පිළිමගෙයි සිදුකළ කැණීමේ දී එම ස්ථානයෙන් ශිලා ලිපියක් හමු විය.එය,අඩි 4 ක් පමණ දිග සහ අඩි 1 ක් පමණ පළල ගල් පුවරුවක් මත පැරණි සිංහල අක්ෂර භාවිතයෙන් සටහන් කර ඇති අතර එහි පේළි 14 ක් පමණ වාර්තා වී තිබේ.ලිපිය හමු වන විට මෙම අක්ෂර බෙහෙවින් ගෙවී ගොස් ඇති නමුත් ඒවා ක්‍රි.ව. 8 හෝ 9 වැනි සියවස් කාලයට අයත් බවට ගණන් බලා ඇත.එහෙත් තවමත් මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැත.
පූර්ව වාර්තා
හෙන්රි පාකර්ගේ වාර්තා
යටත්විජිත සමය තුළ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ ව තොරතුරු අන්තර්ගත කර මුලින් ඉදිරිපත් කළ වාර්තාව සම්පාදනය කර ඇත්තේ හෙන්රි පාකර් විසිනි. ඔහු විසින් රජයේ අවශ්‍යතාවක් අනුව සම්පාදනය කළ සැසි වාර්තාවක "කුරුන්තනූර්මලේ" යන ශීර්ෂය යටතේ මෙම ස්ථානය පිළිබඳ ව තොරතුරු අනාවරණය කර ඇත.පළාතේ විශාල ම ව්‍යාප්තියක් සහිත පුරාවිද්‍යා ස්ථානය වන කුරුන්තනූර් මලේ පාකර්ගේ සිතැඟි අනුව 'කුරුන්තනූර් හෙවත් පියන්ගල බුදුහිමියන්ගේ දෙවැනි වර සිදු කළ ලංකා ගමනේ දී පාදස්පර්ශයෙන් ශුද්ධ භූමියක් බවට පත් වූවා යැයි සැලකෙන' ස්ථානයයි. මෙම ස්ථානයේ පවතින භූ දර්ශනය හා පුරාකෘති පිළිබඳ විස්තර කරන පාකර් ඒ නිර්මාණ අතුරින් බොහොමයක් පරිහානියට පත් වී ඇති බවත් එම පරිහානිය කාලානුක්‍රමික ව (එනම්, ස්වාභාවික ව) සිදු වන පරිහානියටත් වඩා පසු ව මෙම ස්ථානයට සේන්දු වූ දෙමළ පදිංචිකරුවන් විසින් සිතාමතා ම සිදු කරන ලද විකෘති කිරීම් බව ද ඔහු දක්වා තිබීම විශේෂයකි.
"I think it can be shown that the hill Kuruntanur-malai,or Piyangala,at the south end of the embankment, is the spot that is said to have been visited by Buddha on his second journey to Ceylon.....There are several ruins on the hill and at the back of the northern part of the bund;but they are all dilapidate,more through wilful defacement by the later Tamil occupants than by the action of time."
- සිංහල පරිවර්තනය
"වැව් බැම්මේ දකුණු කෙළවරේ පිහිටි කුරුන්තනූර්-මලේ හෙවත් පියන්ගල නම් කන්ද, බුදුන් වහන්සේ සිය දෙවන ලංකා ගමනයේදී වැඩම කළ බව කියවෙන ස්ථානය බව පෙන්වා දිය හැකි යැයි මම සිතමි.... මෙම කන්ද මත සහ වැව් බැම්මේ උතුරු කොටසට පිටුපසින් නටබුන් කිහිපයක් පවතී; නමුත් ඒ සියල්ල කාලයාගේ ඇවෑමට වඩා පසුකාලීන දෙමළ පදිංචිකරුවන් විසින් සිතාමතාම සිදු කරන ලද විකෘති කිරීම් හේතුවෙන් විනාශයට පත්ව ඇත."
(Henry Parker. Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys (1887) (ඉංග්‍රීසි බසින්). Vol. XLVI 1886.)
කුරුන්තන්කුලම වැව් බැම්මට පහළින් අනාවරණය වූ සෙල්ලිපියේ දැක්වෙන පරිදි 'කුරුන්ගම' (දෙමළෙන් කුරුන්තන් ඌර්) නම් නගරය හෝ සුවිසල් ගම පිහිටා තිබුණි. පහළින් ඇති දියපහරවල දැකගත හැකි මැටි බඳුන් අවශේෂ විශාල ප්‍රමාණයෙන් මේ බව තහවුරු කරගත හැකි වේ. පසු ව මෙහි පැමිණි දෙමළ වැසියන් විසින් මෙහි සංඝබෝධි විසින් ගොඩනගන ලද විහාරය හා අනෙකුත් ගොඩනැඟිලි සම්පූර්ණයෙන් ම විනාශ කරන ලද අතර ඒවායේ ගඩොල් හා කළුගල් නිර්මාණ ඉවත් කරන ලදී. එයින් පසු ඔවුන් විසින් මෙම ස්ථානයේ හින්දු කෝවිලක් නිර්මාණය කරන ලද බවත් පාකර් පැහැදිලි කර ඇත.
"The town or large village that was built on the low side of the embankment of Kuruntan-kulam,and traces of which are to be seen in the fragments of pottery that line the beds of the smaller water courses,is termed Kurungama in the Inscription, The Tamil name was Kuruntan-ur.The later Tamil residents builts a temple here,and they demolished the Wihara built by Sanghabodhi and other buildings, and removed nearly all the briks and stonework to it."
- සිංහල පරිවර්තනය
"කුරුන්තන්කුලම වැව් බැම්මට පහළින් පිහිටි නගරය හෝ විශාල ගම්මානය, ශිලා ලේඛනයෙහි 'කුරුන්ගම' ලෙස හඳුන්වා ඇත. එහි සාධක කුඩා දියපහරවල් දිගේ දක්නට ලැබෙන මැටි බඳුන් කැබලිවලින් පැහැදිලි වේ. මෙහි දෙමළ නාමය 'කුරුන්තන්-ඌර්' යන්නයි. පසුකාලීනව මෙහි පදිංචි වූ දෙමළ වැසියන් මෙහි කෝවිලක් ඉදිකළ අතර, ඔවුන් සංඝබෝධි රජු විසින් කරවන ලද විහාරය සහ අනෙකුත් ගොඩනැඟිලි කඩා බිඳ දමා, ඒවායේ තිබූ ගඩොල් සහ ගල් නිර්මාණ සියල්ලම පාහේ එම කෝවිල ඉදිකිරීම සඳහා රැගෙන ගොස් ඇත."
(Henry Parker. Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys (1887) (ඉංග්‍රීසි බසින්). Vol. XLVI 1886.)
මෙම පුදබිමේ පෞරාණිකත්වය පිළිබඳ අදහස් දක්වමින් පාකර් සඳහන් කරන්නේ කුරුන්දි පුදබිම මෙන් ම කුරුන්තන්කුලම වැව ද ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ මැද කාලයට අයත් විය හැකි බවයි. විහාරවාසී භික්ෂූන් වහන්සේගේ ජල අවශ්‍යතාවේ අනිවාර්ය බව නිසා වැව බිහි වීමට පෙර මෙම විහාරය ඉදිකිරීමට ඇති අවකාශය සීමිත බව පාකර්ගේ ප්‍රකාශයේ අධ්යාහාරගත ව ඇත. තන්නිර්මුරුප්පු වැවේ නිර්මාණ කාලය ඒ හා සමගාමී ද ඊට පසු කාලීන ද යන්න අවිනිශ්චිත බවත් ඔහු දක්වා තිබේ. මෙම වාපි කර්මාන්තයන්ගේ සොරොව් සඳහා යොදාගෙන ඇති ගඩොල් පසු කාලීන ලක්ෂණ නිරූපණය කළ ද එම සොරොව්වේ පසු ව සිදු කළ ප්රතිසංස්කරණයන්ගේ දී එක් වූ ඒවා බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. ලක්දිව රාජාවලිය හෙබවූ සිංහල රජවරු, විටෙක සියලු රජවරුන් කුරුන්දි විහාරයට පැමිණෙන්නට ඇති බව කීමට තරම් පාකර් උත්සුක වීමෙන් ම ඔහු මෙම ස්ථානයේ දුන් වැදගත්කම පැහැදිලි වේ. පාකර්ට අනුව මෙරට ඇති වෙනත් ඕනෑම ප්රමුඛ පුදබිමක් හා සමාන තත්ත්වයෙහි ලා සැලකිය හැකි පුදබිමක් වශයෙන් කුරුන්දි විහාරය වටහා ගැනීමට හැකි ය.
ජේ.පී.ලෙවිස්ගේ වාර්තා
1895 වසරේ දී වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්ක ඇතුළත් වන්නි ප්‍රදේශය පිළිබඳ අත්පොත පළකළ මෙරට යටත් විජිත පාලකයෙකු වූ ජේ.පී. ලුවිස් විසින් 1884 වසරේ දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාව සඳහා සපයන ලද තරමක් දිගු ලිපිය සඳහා එක්කර ඇති සිතියමේ ද වත්මන් කුරුන්දි විහාරය පිහිටා ඇති ස්ථානයට තදානුරූපී අයුරින් 'කුරුන්දිමලේ (Kurundimalai)' නම් ස්ථානයත් ඊට සාබද ව තන්නිමුරුප්පු නම් ස්ථානයත් සඳහන් කර ඇත. එබැවින් කුරුන්දි විහාරයේ ස්ථානගත වීම පිළිබඳව පැහැදිලි කර ගැනීමේ දී මෙවැනි සටහන් ද බෙහෙවින් පාදක වන්නට ඇතැයි සිතිය හැකි වේ. ලුවිස් වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්ක ඇතුළත් වන්නිය ප්‍රදේශය පිළිබඳ අත්පොත නම් කෘතියේ සටහන් කර ඇති පළාතේ පුරාවිද්‍යාව පිළිබඳ කොටසේ දී කුරුන්දි විහාරය පිළිබඳ ව තොරතුරු ද අන්තර්ගත කිරීමට අමතක කර නැත. තන්නිමුරුප්පු වැව පිළිබඳ සිදු කරන සාකච්ඡාව තුළ 'කුරුන්දිමලය වනාහි බුදුන් වහන්සේ දෙවැනි වර ලංකාවට වැඩම කළා යැයි පැවසෙන ස්ථානය බව' හෙන්රි පාකර් උපුටා දක්වමින් පෙන්වා ඇත. එමෙන් ම, ලුවිස් විසින් තම කෘතියේ දී පාකර් ද උපුටා දක්වමින් කුරුන්දි විහාරය හා තදාශ්රිත පුරාවිද්‍යා සාධක පිළිබඳ පිටු දෙකක පමණ සැලකිය යුතු විස්තරයක් සපයා ඇත. එහි ආරම්භයේ දී ම මෙම විහාරයේ ව්‍යාප්තිය පිළිබඳ දක්වමින් කුරුන්දන්කුලම වැවේ දකුණු අන්තයේ පිහිටා ඇති කුරුන්තන්මලේ හෝ පියන්ගල විහාරය වනාහි සමස්ත පළාතේ ම විශාල ම ව්‍යාප්තියක් දක්වන පෞරාණික විහාරය බව පෙන්වා දී ඇත.
කුරුන්දි වැව ඉදිරිපස බැම්මට පහළ පිහිටි විහාර නිර්මාණයන්ගේ විනාශය පිළිබඳ දක්වමින් ලුවිස් තබා ඇති පාදක සටහන ද මෙම කතිකාවේ දී අත් නොහළ හැකි තොරතුරක් අනාවරණය කරයි. එහි දැක්වෙන අන්දමට, කුරුන්දන්මලේ විහාරයේ පැවති ගල්කණු එම ස්ථානයෙන් ඉවත් කර ඒවා භාවිතා කරමින් මුල්ලිවයික්කාල් කෝවිල නිර්මාණය කර ඇත.ඔහු විශ්වාස කරන පරිදි මෙය සිදු වී ඇත්තේ 1858 තරම් මෑත කාලයක දී ය.එම කෝවිලේ දොරටුව පවා නිර්මාණය කර ඇත්තේ කුරුන්දි කන්දෙන් රැගෙන ගිය කැටයම් කළ ගල් කුලුණුවලින් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එච්.සී.පී.බෙල්ගේ වාර්තා
මෙරට පළමු වැනි පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් විසින් 1905 වසරට අදාළ ව 1909 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්ෂික පාලන වාර්තාවේ 'කුරුන්දි විහාරය හා අවට කලාපය' පිළිබඳ පිටු කීපයක් පුරා ඇති විස්තරයක් දක්වා ඇත. එම ලේඛනයේ කුරුන්තන් මලේ (Kuruntan-malai) නම් ගිරිය පාමුල ඇති නටබුන් සහිත මෙම පුදබිම පිළිබඳ එකල සිටි පුරාවිද්‍යා කොමසාරිස් විසින් සපයා ඇති විස්තරය කුරුන්දි පුරාවිද්‍යා බිම පිළිබඳ මෙතෙක් ලේඛනගත වී ඇති අගනා ම පුරාවිද්‍යා ක්ෂේත්‍ර වාර්තාවකි. කුරුන්දි පුරාවිද්‍යා භූමිය පිළිබඳ පුළුල් විවරණයක් සපයමින් සිදු කර ඇති විස්තරය අනුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා එම ස්ථානයේ සැලකිය යුතු කාලයක් ගත කර සම්පාදනය කළ විවරණයක් බව පෙනී යයි. මෙම ස්ථානයේ කන්ද මත හා ඒ වටා පිහිටා ඇති පෞරාණික නටබුන්, කන්ද පාමුල පිහිටි වැව හා තදාශ්රිත කලාපයේ විසිරී ඇති නටබුන් මෙන් ම පුරාවිද්‍යා සාධක පිළිබඳ ව ප්‍රමාණවත් සවිස්තරාත්මක කරුණු මෙම වාර්තාවේ ඇතුළත් වී පැවතීමෙන් මෙය සනාථ වේ. <! _ _ ===සෙනරත් පරණවිතානයන්ගේ වාර්තා=== _ _ > <! _ _ ===චාල්ස් ගොඩකුඹුරයන්ගේ වාර්තා=== _ _ >
එල්ලාවල මේධානන්ද හිමියන්ගේ වාර්තා
කුරුඳු කන්දේ විහාරය පිළිබඳව අවස්ථා කිහිපයකදීම සටහන් සපයා ඇති ලේඛකයෙකු වශයෙන් එහි ප්‍රවර්ධනය මෙන්ම පුනරුත්ථාපනයක් අපේක්ෂා කළ යතිවරයන් වහන්සේ නමක වශයෙන් පුජ්‍ය එල්ලාවල මේධානන්ද නායක හිමියන් හඳුනාගත හැකි වේ. උන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ලේඛන ගණනාවක් අතරින් ප්රමුඛ ලේඛනයක් වන "නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය" නම් කෘතියේදී මුලතිව්හි පිහිටි කුරුන්දි විහාරය පිළිබඳව විශේෂ සටහනක් තබා ඇත.
එහිදී ලක්දිව බොහෝ තැන්වලදී වනවාටත් වඩා උතුරු හා නැගෙනහිර පළාත් තුළදී සියලු පුරාකෘතිවලට මෙන්ම විශේෂයෙන් බෞද්ධ පුරාකෘති අරබයා ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ අදාළ බලධාරීන් නිසි කලෙකදී අවධානය යොමු කර අදාළ පිළිවෙත් යෙදුවේ නම් සමීප කාලීනව විනාශ කළ බොහෝ පුරාකෘති හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගත හැකිව පැවතිණු බව උන්වහන්සේ ප්‍රකාශ කරයි. එල්ලාවල මේධානන්ද හිමිපාණන් වහන්සේ මුල්වරට (එනම් 1964 වසරේ විය යුතුයි) මෙම පුදබිම ගවේෂණය සිදු කරන අවස්ථාවේදී එවකට මෙහි පැවති දුෂ්කරතාව සහ පුදබිම පිළිබඳව විස්තර කර තිබේ.
"මේ සම්පූර්ණයෙන්ම වැසී ඇති ප්රදේශයකි. නෙල්ලාරු(මනල්ආරු යන්න විස්තර වේ) හරස් කර තන්නිමුරුප්පු වැව කර තිබේ. එය කුරුන්දම්මලේට දකුණින් පිහිටියේය. කන්දට උතුරු පැත්තෙන් කුරුන්දන්කුලම් වැව පිහිටියේය. මේ වැව් දෙකම පුරාණ නිර්මාණයක් බව ඒ ආශ්රිත නටබුන්වලින් පැහැදිලි වෙයි. වැව් දෙක එකට සම්බන්ධ කළැයි සැලකෙන ඇළක් ඇති බව අපට මඟ පෙන්වීමට ගිය දෙමළ ජාතිකයා කීයේය. මේ කන්දට සමහර විට පියන්කල්ලු යන්නද ව්‍යවහාර කෙරේ. එය පියන්ගල යන්නෙහි දෙමළ ඌරුවකි. කන්ද අක්කර සියයකට වැඩියයි සිතමි. මෙහි මුදුන ඕවාල හැඩය ගත් තැනකි. එතැනට පිවිසීමට ඇති උතුරු, දකුණු දෙපසින්ම මාර්ග තිබී ඇත. ඒවායේ ශේෂ දැනට (1964) දක්නට ලැබේ."
(Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.413. ISBN 978-955-686-112-9.)
කුරුන්දි විහාරයේ ඇති පෞරාණික වාස්තු නිර්මාණ පිළිබඳව එල්ලාවල මේධානන්ද හිමියන් විසින් තොරතුරු ඉදිරිපත් කර ඇතත් උන් වහන්සේ මෙම විහාර ආකෘතිය හෝ එහි සම්ප්රදාය පිළිබඳව හෝ අදහසක් ඉදිරිපත් කිරීමට උත්සුක වී නොමැත. මෙම කන්ද මුදුනේ ඇති වෘත්තාකාර වාස්තු ව්‍යුහය උන් වහන්සේ විසින් වටදාගෙයක් වශයෙන් හඳුනා ගැනීමට උත්සාහ ගෙන ඇතත් එම ව්‍යුහය බෝධිඝරයක් බව එහි දෘෂ්‍යමාන ලක්ෂණ අනුව නිශ්චිතව හඳුනාගත හැකිව පවතී.මෙම විහාරයේ විහාර ආකෘතිය පිළිබඳ අවධානය යොමු කරනවිට එම හඳුනාගැනීම විශ්වසනීය ආකාරයෙන් තහවුරු වේ.එමෙන්ම, උන්වහන්සේ විසින් එම ස්ථානයේ දැකගත හැකි ගඩොළු නිසැක වශයෙන් ම ඉතා පැරණි යුගයට අයත් බව දක්වා නැතත් එවැනි නිගමනයකට පැමිණීම සඳහා අදාළ කරගත් සාධක හෝ එවැනි නිගමනයකට එළැඹුණු ආකාරය පැහැදිලි කර නැත.
මේධානන්ද හිමියන්ගේ සටහනේ කුරුන්දි විහාරයෙන් අනාවරණය වී ඇති සෙල්ලිපිය පිළිබඳ ව ද තවදුරටත් තම නිරීක්ෂණයක් හා උපකල්පනයක් දක්වා ඇත.
"කුරුන්දන්කුලම නම් වූ සෙල්ලිපියක තුන්වන මිහිඳු රජු (801-804) ගැන කියවෙන බවත්, ජලය පිළිබඳ ආරවුලක් විසඳීමට රජු එහි ගිය බවත්, ඒ ප්‍රදේශය 'කුරුන්ගම' නමින් ලිපියේ සඳහන් වන බවත් වාර්තාවක දක්වා ඇත. මේ ජල ප්‍රශ්නයට හේතු වූයේ තන්නිමුරුප්පු වැවේ ජලය බව සී.ඩබ්ලියු. නිකලස් මහතා දක්වයි. එහෙත් මේ ලිපිය සෑහෙන පමණ සෙවූ මුත් අපට සොයාගත නොහැකි විය."
(Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.414. ISBN 978-955-686-112-9.)
මෙහි දැක්වෙන සෙල්ලිපිය පිළිබඳ ව සෙවීමට උනන්දු වෙමින් එය අනාවරණය කරගත නොහැකි වූ බව උන් වහන්සේ දක්වා ඇතත් මෙම සෙල්ලිපිය කන්ද මුදුනේ නොව පහළ පිහිටි වැවේ බැම්මට පහළින් ස්ථානගත වූ විහාරයේ පිළිම ගෙයක් ඉදිරිපස පැවතිය දී 2020 දී හමු විය.ඊට අමතරව,මෙම ප්‍රදේශය පිළිබඳව සාහිත්‍ය මූලාශ්රවල දැක්වෙන විවිධ කරුණු සංගෘහිත කරමින් එල්ලාවල මෙධානන්ද හිමියන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
" 'කුරුන්දක' නමින් ගමක් ගැන අට්ඨ කතාවල කීප විටකම දක්නට ලැබේ. කුරුඳුගමුරට යනුවෙන් කඩඉම් පොත්වල දැක්වෙනුයේ පෙදෙසක් ගැනය. පදී රට, කුරුඳු රටට සමීපව පිහිටි බව පූජාවලිය, නිකාය සංග්‍රහය ආදියෙන් පෙනී යයි. කුරුඳුගමු රට, කුරුඳු රට, කුරුන්දක ආදී වශයෙන් සඳහන් වන්නේ එකම පෙදෙසක් විය යුතුය. පදිරට යනු පදවිය නමින් දැන් හැඳින්වෙන ප්රදේශයයි. 2 වන පැරකුම්බා රජු (1236-1270) විසින් විනාශ කරන ලද කාලිංග මාඝගේ බල කඳවුරක් කුරුන්දියෙහි වූ බව මූලාශ්රවල දැක්වේ. ඊට ආසන්න කාලයේ ලංකාව ආක්‍රමණය කළ චන්ද්‍රභානුගේ කඳවුරක් මෙහි පිහිටුවා ගත් බවත්, එහි සිංහලයන් තමා වසඟයට ගත් බවත් දැක්වේ. කුරුඳුරට වර්තමාන කදෑකෝරළය හා තඩවන් කෝරළය යැයි අයිවර්ස් මහතා කියයි. වව්නියාව දිසාවට අයත් කරිකට්ටුමලෙයි දකුණු කොටස විය හැකි බව සමහරකුගේ මතයයි. 1 අග්බෝ රජු (571-604) කුරුන්ද නම් විහාරයක් කරවා ඇත්තේය. 1 විජයබාහු රජු (1055-1110) කුරුඳු විහාරය ප්‍රතිසංස්කරණය කරවා කුරුන්ද වාපී නමින් වැවක්ද, පොල් උයනක්ද කරවීය. ඛල්ලාඨ නාග රජු (100-103) කුරුන්දවාශෝක විහාරය තැන වූයේය. මේ ගැන සඳහන් වන පැරණිම වංශ කතා ගත සිද්ධිය මෙයයි. එහෙත් සමහර අට්ඨ කතා වංශ කතාවලට වඩා පැරණිය. සිංහලයේ පැවැති පැරණි හෙළ අටුවා අතර කුරුන්දට්ඨ කතාව එකකි. එයට මේ නම ඇති වූයේ කුරුන්දිකවෙලු විහාරයෙහි ලියන ලද නිසා බව සඳහන් වේ. ඛල්ලාට නාග රජු විසින් කරවන ලද විහාරය කුරුන්දපාසක, කුරුන්දවාශෝක වන දෙනමින්ම මහාවංස පිටපත්වල සඳහන් වී තිබේ."
(Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.414, 415. ISBN 978-955-686-112-9.)
කාලානුරූපී ව ඓතිහාසික අනන්‍යතාව බොඳ වී පැවති මෙම ඓතිහාසික බෞද්ධ ප්‍රදේශයේ ස්ථාන නාමය පිළිබඳ ව අදහසක් ඉදිරිපත් කර ඇත.
"කුරුන්දවාශෝක කුරුන්දවාපි අශෝක අනුමත කෙටිවීමක් බව පෙනේ. කුරුඳුවැව අසල වූ අශෝක විහාරය ඒ නමින් හැඳින්වූවා විය යුතුය. කෙසේ හෝ මේ සියල්ලේම කුරුන්ද යන කොටස සුරැකී තිබේ. මුලින් කී සෙල්ලිපියේ කුරුන්ගම ගැන සඳහන් වේ. වර්තමාන 'කුරුන්දම' යන මේ නමේම ව්‍යවහාරයකි. ඒ අනුව අට්ඨකතා (සීහලට්ඨ කතා) රචිත යුගයේ එනම් මිහිඳු මා හිමි යුගයේ සිටම කුරුන්දගම හා එම විහාරය පැවතියේය. එහි නම අද දක්වාම වෙනස් වී නැත. සිංහල අටුවා ලිවීමේදී මෙහිදී එක අටුවාවක් ලියැවිණි.එසේනම් ක්‍රිස්තු පූර්ව යුගයේ මේ ප්‍රදේශය දියුණුව තිබූ බවත් සිංහල බෞද්ධයන් පදිංචිව සිටි බවත් පැහදිලිය."
(Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.415. ISBN 978-955-686-112-9.)
කුරුන්දි පුදබිම හා තන්නිමුරුප්පු වැව පිළිබඳව 2016 වසරේ දී උන් වහන්සේ විසින් නැවතත් කරුණු සංග්‍රහ කර ඇත. එහි දී උන් වහන්සේ දක්වා ඇති කරුණු අනුව, කඳුගැටය පාමුල හරියේ ත්‍රස්තවාදී උවදුර ඇති වීමට පෙර කාලයේ දී ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටීම සඳහා නිමවන ලද ගොඩනැගිල්ලක ශේෂ පැවති බව සඳහන් කර ඇත. ඒ අනුව, 2023 දි සිදුකළ පුරාවිද්‍යාඥයන් සහ විද්‍යාර්ථයන් කුරුන්දිය අවට සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවේ දී 1978 දී පමණ මෙම ස්ථානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටි බවට තොරතුරු අනාවරණය කරගත හැකි විය. කුමාරපුරම් ප්‍රදේශවාසීන් විසින් මෙම කරුණ අනාවරණය කළ අතර ඔවුන් භික්ෂූන් වහන්සේට දානය පවා පූජා කළ බව වැඩිදුරටත් අනාවරණය කරන ලදී.ඒ අනුව මෙම පුද බිම සක්‍රීය කිරීමට යම් පිරිසක් උත්සුක වූ බව පැහැදිලි වේ.උන් වහන්සේ දක්වා ඇති විස්තර අතර ඉහළ මළුවේ පිහිටි අඩි 12.6ක් දිග ගල් කණුවක දළ වශයෙන් ක්‍රිස්තු වර්ෂ සිව් වැනි සියවසට පමණ අයත් විය හැකි අකුරින් සටහන් කරන ලද ලිපියක් ඇති බවත් එහි ‘රකිබල’ යන කොටස කියවිය හැකි බවත් දක්වා ඇත.නමුත් තවමත් එම ශිලා ස්ථම්භය හමු වී නොමැත.මෙම පුදබිමේ ඇති පිළිම ගේ පිළිබඳව විස්තර කරමින් උන් වහන්සේ පහත විස්තරය දක්වා ඇත.
"මේ එක් ගොඩනැගිල්ලකට අයත් පියගැටපෙළක් කිසියම් සාහසිකයකු විසින් ගලවා පසෙකට පෙරළා ඇත්තේ නිධාන සෙවීමට විය යුතුය. එහි සම්පූර්ණ පිටතට දෙකක් හා කැබලි දෙකක් ඉවත දමා ඇති අතර, එකක් සඳකඩ පහණ සමඟ එක්ව සිටී. දෙපස කොරවක්ගල් දෙකකට හානි කර තිබේ. සඳකඩ පහණේ අර්ධපද්මය හා ගිනිසිළු පෙළ පමණක් නිරූපිත වන බැවින් එය වැඩෙමින් පැවති යුගයේ නිර්මාණයක් බව පෙනේ. ඒ අසල පැත්තක කොටු කැටයම් කළ ගල් පුවරුවක් වෙයි. එය කුමක් සඳහා යෙදුවක් ද යන්න පැහැදිලි නැත."
( එල්ලාවල මේධානන්ද හිමි. ගවේෂණ තුළ ගවේෂණ (2016). Vol. p.63, 64.)
මෙම කෘතියේ කුරුන්දි විහාරයේ පුරාවස්තු ගවේෂණය පිළිබඳ ලිපියේ දී ද දක්වා ඇති පිළිම ගේ පියගැටපෙළ ආසන්න නිදන් හොරුන් විසින් සිදු කළ විනාශය 2016 වසර වන විටත් සිදු වී පැවති බව මේ සටහන අනුව තහවුරු වේ. මේ තොරතුරු හා මේ පිළිබඳ අනෙකුත් පුද්ගල විස්තර අනුව සැළකීමේ දී බොහෝ විට මෙම උපද්‍රව ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ 2009 වසරින් පසුව හා 2016 කාලයට පෙරතුව සිදු වූ බව අනුමාන කිරීමට හැකියාවක් පවතී. මෙම සඳකඩ පහණේ දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණ විස්තර කරමින් උන්වහන්සේ සිදු කර ඇති නිගමනය වඩාත් පැහැදිලි කරන්නේ නම් මෙම නිර්මාණයේ පවතින කලාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර යුගයේ දෙවැනි භාගයේ මැද කාලයට අයත් වන්නක් බව දැකිය හැකි වේ. මෙම පිළිම ගේ වාස්තු ලක්ෂණ හා අවශේෂ පුරාවිද්‍යා සාධක ද ඊට සපුරා ම පාහේ අනුගත වන බවත් දැක්විය යුතු වේ. මේධානන්ද හිමියන් විසින් දක්වා ඇති කොටු සටහන් කළ ගල් පුවරුව අනෙකක් නොව මෙම පිළිමගේ තුළ බුද්ධ ප්‍රතිමාව වඩා හිඳවූ ස්ථානය යටින් පූජාර්හ නිධන් ද්‍රව්‍යය තැන්පත් කොට පැවති යන්ත්‍ර ගල (රත්නන්යාසය ) බවට වර්තමානයේ දී පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන තිබේ.
ආර්.එල්.බ්‍රෝහියර්ගේ වාර්තා
ලක්දිව වාපි කර්මාන්ත හා වාරිමාර්ග නගා සිටුවීම මගින් කෘෂි කර්මාන්තය නගා සිටුවීමට මහත් වෙහෙසක් ගත්, ඒ වෙනුවෙන් අගනා කැපකිරීමක් සිදු කළ ඉංජිනේරු, රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් විසින් මෙරට වාපි කර්මාන්ත අරභයා සම්පාදනය කරන ලද විශිෂ්ට නිබන්ධනයක් වූ "ලක්දිව පුරාතන වාරිකර්මාන්ත" නම් නිබන්ධනයේ දී ද මෙම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ කරුණු දක්වා තිබේ.
ලක්දිව, උතුරු කලාපයේ පිහිටි විශාල මෙන්ම වැදගත්ම වාපි කර්මාන්තයක් වූ ‘තන්නිමුරුප්පු වැව’ පිළිබඳ සාකච්ඡාව අතරතුර කුරුන්දි බෞද්ධ පුරාවිද්‍යා ප්‍රදේශය පිළිබඳව ද කරුණු දැක්වීමට එතුමා උත්සුක වී ඇති බව එම නිබන්ධනයෙන් පැහැදිලි වේ. පුරාවිද්‍යා හෝ ඉතිහාස විෂයයෙන් පරිබාහිර විෂයක් පිළිබඳ සිදු කළ නිබන්ධනයක දී ද මෙම විහාරය පිළිබඳ තොරතුරු අන්තර්ගත කිරීමට තරම් එතුමා උත්සුක වීමෙන් මෙම ඓතිහාසික ස්ථානය පිළිබඳ පවතින වැදගත්කමත් කොතෙක් ද යන්න ඒ තුළින් මනාව පෙන්නුම් කෙරෙයි.
"මේ වැව් දෙක(තන්නිමුරුප්පු වැව සහ කුරුන්දි වැව) අතර පිහිටි කුරුන්තන්මලේ නොහොත් පියංගල කන්ද සර්වඥයන්වහන්සේ දෙවැනි වර ලංකාවට වැඩිය වර වැඩ සිටි ස්ථානයක් යයි පරම්පරානුගත හිමිකම් පවතී. මෙය ඉතා විශාල නටබුන්ගෙන් ඇති භූමියකි. ඒ අතර කුරුන්තන් කුලමේ වැව් බැම්ම කෙළවර පටන් කඳු මුදුන දක්වා යන ගල්පඩි පෙළක් තිබේ. කන්ද ක්‍රමයෙන් සිහින්ව ගොස් (කිකිළි බිජුවක ආකාර) මුදුන සමතලාවක් ය. ගල්පඩිපෙළට මූනලා තිබෙන පැත්තේ ඇතැම් විට මුදුන වටේ ම වෙන්ටත් පුළුවන. සතරැස් කොට කපන ලද ගලින් බැඳි අඩි 7 ක් හෝ 8 ක් උසැතිව තිබුණේ ය.
මෙම කන්ද මුදුනේ තිබෙන නෂ්ටාවශේෂ හා ඒ අසළ තිබෙන්නා වූ තවත් දේද ස්ථානය සම්බන්ධව පවතින කථා ප්‍රවෘත්තිය සැබෑ බව ඔප්පු වීමට සහ ඉඩම ඇදින ගැනීමට ද ආධාර වේ. (මෙම දිරාපත්වීම කල්යාම නිසා සිදුවූවක් නොව ඕනෑකමින් කරන ලද කැඩීම් බිඳීම්ය.) කතාව නිවැරදි නම් කුරුන්ත කුලම අඩු වශයෙන් ක්‍රි.ව. ඉහත තුන්වෙනි ශතවර්ෂයේ මැද හරිය දක්වා අතීත කාලය පෙන්වයි. මක්නිසා ද යන හොත් මෙහි වාසය කළ සංඝයාට වැව් නැතිව නම් දිය ලබාගන්ට තැනක් නැති නිසාය.
තන්නිමුරුප්පුවත් ඒ කාලයේදී ම කළා ද නැතුව පසුකාලයක කරණ ලද්දක් ද යනු නියම වශයෙන් දැන ගැනීමට යමක් නැත. පාකර් ලියන්නේ "දියදොරටු දෙක බැඳීමට පාවිච්චි කර තිබෙන ගඩොල් මෑත කාලීන ඒවාය. නුමුත් ලංකාවේ උතුරු කොටසේ බොහෝ ස්ථානවල සිදු වී තිබෙන ප්‍රකාර මෙම දිය දොරටුවල පළමු බැම්ම කඩාගිය බොහෝ කාලයකට පසු නැවත බැඳි ඒවා වෙන්ට පුළුවන" කියාය.
එම මහතාගේම වැඩිපුර කීමක් නම්, මෙම ස්ථානය සිංහල රජවරු බොහෝ දෙනෙක් ඇතැම් විට සියල්ලෝමත් තමන් පැමිණි බව පෙන්වීමට වැඩි සලකුණු තබා නැතත්, මේ ස්ථානයට පැමිණිය හුය, කියා ය."
(ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.)
මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ නම් පුරාවිද්‍යා ස්ථානයේ සිදුව ඇති විනාශයන් ස්වභාවිකව සිදු වූවක් නොවන බවත් ඕනෑකමින් කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද ඒවා වන බවට වාර්තා කර තිබීමයි.ඊට අමතරව බුදුරජාණන් වහන්සේ දෙවැනිවර ලංකාගමනයේ දී වැඩි බවට වන ජනප්‍රවාදය හා පුරාවස්තු විසිරී පවතින ප්‍රදේශය කොපමණ ද යන්න දක්වා සිටියි.තවද,කුරුන්දි පුවරු ලිපිය පිළිබඳව ද හෙන්රි පාකර් තැබූ සටහන් විස්තර කරමින් විස්තරයක් හා කුරන්දි වැවේ වෑකන්දට පහළින් තිබූ ගම්මානය ගැන ද සංක්ෂිප්ත අදහසක් එතුමා දක්වා තිබේ.
බැම්මට පහළ පළමුවෙනි සංඝබෝධි රජ (ක්‍රි.ව. 246-248) විහාරයක් කරවූයේ ය. ඊට බොහෝ කලකට පසු පස්වෙනි දප්පුල රජ තමන් රජ පැමිණි පළමුවන අවුරුද්දේ එක් විහාරයක නැවතත් සංඝයා නැවැත් වූයේ ය. මෙහි ක්‍රි.ව. 965 වෙන්ට පුළුවන. තුන්වෙනි මිහිඳු රජ තමන් රජ පැමිණි අටවැනි අවුරුද්දේ තම මෑණියන් හා දියණියනුත් සමඟ වැවබලන්ට ගොස් සංඝබෝධි රජ විසින් ගොඩනගා මිහිඳු රජ විසින් ප්‍රතිසංස්කරණය කරන ලද විහාරයේ මහත් ගල්පොරුවක ලංකාවේ සමහවෙන ගල් සන්නස් වලින් ඉතාම දීර්ඝ එකක්වන දික්ගල් සන්නසක් කොටවා තිබේ.
පාකර් තවත් කියන්නේ 'එය කොටා තිබෙන ගල් මුහුණට කල්යාමෙන් සිදුවී තිබෙන අනතුර නිසා සන්නසේ වචනවලින් වැඩි කොටස කියවන්ට බැරිකම කනගාටුදායකය. ප්‍රධාන කොටම එහි පදිංචි සංඝයා විසින් පිළිපැදිය යුතු ව්‍යවස්ථා පන්තියක් එහි සන්නසෙහි අඩංගු වේ. නුමුත් වඩා සැලකිය යුතු සාමාන්‍ය කරුණු ස්වල්පයක් එහි ඇතුළත් වේ. ‘රජ්ජුරුවන්ගේ මහා වැව' ගැන එහි සඳහනක් ඇත. (එය තන්නිමුරුප්පුව මෙන් පෙනේ.) තව ද ගොවිතැනට අනතුරු වන සමහර ආරවුල් ගැනද එහි සඳහන් වී තිබේ. රජතෙම (තමන්ගේ අක්ෂර වින්‍යාසය ගැන සැකසහිත වූයෙන්) සන්නස කපන ලද්දේ තමා විසින්ම බව කියා මෙම ව්‍යවස්ථා අක්ෂර අඩුවුනත් කිසිවෙකු විසින් කඩ කරන්නේවත්, අමුතු කරන්නේවත් නැතුව, බලපිහිටීම ඇතුව නොකඩවා ගෙන යන්නේ යයි අණකරන්නේ ය කියාය.
කුරුන්තන් කුලමේ වැකන්දට පහත් පැත්තේ ගොඩනගා තිබුණ ගම හෝ නියම්ගම්, කුඩා දියපාරවල්වල සමහවෙන කැබිලිති කඩුවලින් ඒ ගැන විභාග කළ අයට සම්භ විය. ඉහත සඳහන් කළ පුරාණ ගල්සන්නසේ මෙම වාස භූමියට කුරුම් ගම යයි නම්කර ඇත.
(ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.)
මීට අමතරව,දකුණු ඉන්දියානු ආක්‍රමණ වලින් විහාරයට වූ විනාශය සහ 13,14 වන සියවස් වලින් පසුව මෙම ප්‍රදේශයන් ජන ශුන්‍ය වූ බව පැහැදිලි අයුරින් බ්‍රෝහියර් තම වාර්තාව තුළ ප්‍රකාශ කර තිබේ.එයින් ගම්‍ය වන වැදගත් කරුණක් නම් වන්නේ උතුරේ ප්‍රදේශයට අයත් මුලතිව් සහ වවුනියා ආදී වන්නි ප්‍රදේශය සියවස් කිහිපයක් ජන ශුන්‍යව පැවතී බවත් හා දැන් එම ප්‍රදේශවල පදිංචිව සිටින දමිළ ජනතාව එහි පාරම්පරික ජනතාව නොවන බවයි.
එම ස්ථානයට දෙමළෙන් කරුන්තන්ඌරු යයි කියති. කල් යත් යත් දකුණු ඉන්දියාවෙන් ගොඩබැස එහි පදිංචි වූ අය සංඝබෝධි රජ විසින් කරවූ විහාරය ද, අනිකුත් ගොඩනැගිලිද බිඳහෙලා එහි ගල් ගඩොල් ආදියෙන් කෝවිලක් මෙහි සෑදූ බව පෙනේ. නමුත් පරම්පරානුගත කතාවකින් හෝ ඉතිහාසික ලියවිල්ලකින් හෝ වැව් බැම්ම බිඳුනු කාලයවත් නගරය පාළුවට හැරිය කාලයවත් පෙන්වන්නේ නැත. දකින්නට තිබෙන දේ මෙම භූමියෙහි දහ තුන්වෙනි හෝ දහ හතරවෙනි ශත වර්ෂයෙන් මෙහා එහි කිසිවෙක් පදිංචිව සිටි බවක් නොපෙන් වයි."
(ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.)
බ්‍රෝහියර් දක්වා ඇති සටහන අනුව ඔහුගේ කාලය වන විට විද්‍යාමාන වූ වැදගත් ලේඛන පිළිබඳ සුපරීක්ෂාකාරී වෙමින් මෙම පෞරාණික පුරාවිද්‍යා බිම පිළිබඳ සාරාංශය ම හකුළා දැක්වීමට තරම් සමත් වී ඇති බව පැහැදිලි වේ. එහි මෙම විහාරයේ ආරම්භය, ඒ සඳහා විවිධ අවස්ථාවල දායකත්වය දැක්වූ රජවරුන් හා ප්‍රධානීන්ගේ මැදිහත් වීම, ස්ථානයේ පැවැත්ම හා එහි පරිහානිය සම්බන්ධ අදාළ කරුණු ආදිය ද පෙළ ගස්වා ඇති ආකාරය ඔහුගේ වාර්තා තුළින් මනාව දැකගත හැකි වේ.
සී.ඩබ්.නිකලස්ගේ වාර්තා
මෙරට ඓතිහාසික පුරාවිද්‍යාව අරබයා බිහි වූ ශ්‍රේෂ්ඨ විද්වතකු වන සිරිල් වේස් නිකලස් මහතා තමන් සම්පාදනය කළ "පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය" නම් කෘතියේ දී කුරුන්දි විහාරය පිළිබඳව අඟනා විස්තරයක් සපයා ඇත. විවිධ සාහිත්‍ය මූලාශ්‍ර,අභිලේඛන හා පුරාවිද්‍යා මූලාශ්‍ර විග්රහ කරමින් එතුමා දක්වා ඇති අදහස පහත පරිදි වේ.
"ඛල්ලාටනාග (ක්‍රි.පූ. 110-103) කුරුන්දවාසෝක විහාරය තැනවීය. කුරුන්දක චුල්ලක නම් පිරිවෙණක් ද විය. කුරුන්දි අට්ඨකතාව සම්පාදනය කරන ලද්දේ කුරුන්දිවේලු විහාරයේ දීය. කුරුන්දක ග්‍රාමය අට්ඨකතාවල සඳහන්ව තිබේ. කුරුන්දි විහාරය තනවන ලද්දේ I වන අග්බෝධි (570-604) විසින් බව කියා ඇත. (සිංහල වංසකතාවල එය හඳුන්වා ඇත්තේ කුරුඳු වැව නමිනි.) ඔහු මෙය අවට යොදුන් 3ක් (සැතපුම් 25-30) පමණ පළල් පොල්වත්තක් වවන ලද බව ද කියා තිබේ. IV වන අග්බෝධිගේ (667-683) ඇමතියෙක් කුරුන්දපිල්ලක විහාරයෙහි පාසාදයක් තැනුවේය.
'I වන විජයබාහු (1055-1110) කුරුන්දි විහාරය යළි කරවීය. මේ සියලු නම් එකම විහාරයකට වූ විවිධ නම් වීමට බොහෝ ඉඩ තිබේ. මෙය පිහිටි කුරුන්දිරට්ඨ දැනට වවුනියා දිස්ත්‍රික්කයේ දකුණු කරිකට්ටමූල කොට්ඨාසයට සමානය. මේ පැරණි නම වර්තමාන කුරුන්තන් ඌර්හි නෂ්ඨාවශේෂ අතර රැකී තිබේ. කුරුන්දි දිසාව II පරාක්‍රමබාහු (1236-1271) කාලයේ දී දෙමළුන් අතේ විය. මෙය පසුකල චන්ද්‍රභානු නම් ආක්රමණිකයා විසින් ද අල්ලා ගන්නා ලදී. කුරුන්ද සමීපයෙහි I වන අග්බෝධි අම්බිලපස්සව විහාරය කරවීය."
(Lewis,J.P පරිවර්තනය.සෝමපාල ජයවර්ධන. 1979,පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. Vol. නව වෙළුම, xxi කාණ්ඩය.)
බ්‍රෝහියර් දක්වා ඇති පරිදි ම සී.ඩබ්ලිව්. නිකලස් ද මෙම ස්ථානයේ ඓතිහාසික ක්‍රම පිළිවෙල පිළිබඳව සංක්ෂේපයෙන් නමුත් විශ්වසනීය තොරතුරු රාශියක් සපයා ඇත. ඓතිහාසික මූලාශ්රයන්ගේ අන්තර්ගත තොරතුරු ඔස්සේ මෙම පැරණි විහාරය ඓතිහාසික භූමිශාස්ත්ර තොරතුරු සමඟ සම්පාත කිරීමද , වෙනත් ආගමිකයන්ගේ හා ආක්රමණිකයන්ගේ මැදිහත් වීම නිසා මෙම පුරාවිද්‍යා ස්ථානයට සිදු වී ඇති බලපෑම පිළිබඳ නිවැරදි අයුරින් කරුණු දැක්වීම ද ඔහුගේ වාර්තා තුළ වැඩිදුරටත් දැකිය හැක.
වෙනත් පූර්ව වාර්තා
වල්පොල රාහුල හිමියන්ගේ වාර්තා
වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ තම දර්ශන විශාරද උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද නිබන්ධනය ඇසුරින් 1956 වසරේ දී ප්‍රකාශයට පත් කළ History of Buddhism in Ceylon නම් කෘතියේ දක්වා ඇති ‘පුරාණ ලංකාව’ නම් ස්ථාන දක්වන සිතියමේ වත්මන් කුරුන්දි විහාරය පිහිටා ඇති ප්‍රදේශයට තදානුගත ව ඉතා පැහැදිලිව 'කුරුන්දි' යනුවෙන් දක්වා තිබීමෙන් උන්වහන්සේ මේ ප්‍රදේශය කුරුන්දි රට වශයෙන් පිළිගත් බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ පුරාණ සාහිත්‍ය පිළිබඳ ප්රශස්ත විචාරක්ෂියක් යොමු කළ ඒ හිමියන් ශාස්ත්රාලයීය මතය නියෝජනය කරමින් සම්පාදනය වූ, මේ ප්‍රාදේශීය අනන්‍යතා ස්ථාපනය වත්මන් කුරුන්දි විහාරයේ ස්ථානගත වීම ද හඳුනා ගැනීම සම්බන්ධව වැදගත් බව පෙන්වා දිය හැක.1956 වසරේ දී පළමුව ප්‍රකාශයට පැමිණි ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාස කෘතියේ 158 හා 159 පිටු අතර රඳවා ඇති ‘ඈත අනුරාධපුර යුගයේ ලංකාව’ නම් ලංකාවේ පැරණි ම ඓතිහාසික යුගයේ ස්ථාන දක්වෙන්න සිතියමේද වත්මන් කුරුන්දි විහාරය පිහිටා ඇති ප්‍රදේශයම කුරුන්දි වශයෙන් ම හඳුනාගෙන සටහන් කර තිබේ. ප්‍රකට විද්වතුන් හේතුවෙන් සැලකිය යුතු වගකීමකින් තොර ව මෙම ප්‍රාදේශීය අනන්‍යතාව තහවුරු වන බව පෙන්වා දිය හැකි වේ.
සී.එස්.නවරත්නම්ගේ වාර්තා
සී.එස්. නවරත්නම් විසින් රචනා කරන ලද 'වන්නි හා වන්නියාස්' නම් කෘතියේ දී කුරුන්තන්කුලම් නම් ස්ථානයක හින්දු කෝවිලක නටබුන් ඇති බව "There are ruins of Hindu Temples at Irasentirankulam,at Chinnapuvaraskulam and Kurunturkulam" යනුවෙන් දක්වා ඇත.නමුත් එය විශ්වසනීය හෝ අදාළ ස්ථානය පිළිබඳ නිශ්චිත ස්ථාන විස්තර සහිත ව දක්වා නොතිබීම විමතියට කරුණකි.
ගුණපාල මලලසේකරයන්ගේ වාර්තා
මෙරට විසු ප්‍රකට පඬිවරයෙකු වූ ගුණපාල මලලසේකර මහතා තම දර්ශනසූරි උපාධිය සඳහා සම්පාදනය කළ කෘතහස්ත කෘතියක් වූ 'ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය' කෘතියේ විය යුතු පරිදි ම අවස්ථා කීපයක ම ලංකාවේ ප්රමුඛ අට්ඨකතාවක් වශයෙන් සැලකිය හැකි කුරුන්දි අටුවාව පිළිබඳව සංක්ෂේපයෙන් සඳහන් කර ඇත. එහි දේශීය භාෂාවන්ගෙන් සංග්‍රහ කරන ලද අටුවා පිළිබඳ දැක්වීමේ දී ශ්‍රී ලංකාවේ කුරුන්දවේළු විහාරයෙහි දී ලියන ලද නිසා කුරුන්දී නම් වූ අට්ඨකතාව' පිළිබඳ සඳහන් කර ඇත.
කුඩාවැල්ලේ ධීරානන්ද කලයාණිවංශ හිමියන්ගේ වාර්තා
මෙරට ඓතිහාසික භූමි සිතියම් ගණනාවක් එක්තැන් කරමින් කුඩාවැල්ලේ ධීරානන්ද කලයාණිවංශ හිමියන් විසින් 1967 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද ඓතිහාසික සිතියම් සංග්‍රහයේ දක්වෙන සිතියම් කීපයකම ‘කුරුන්දි’ නම් ස්ථානය, වර්තමානයේ මුලතිව් සමීපයේ කුරුන්දි පුරාණ බෞද්ධ විහාරය පිහිටි කලාපයේ ම සලකුණු කර ඇති බව දැනගත හැකි වේ. එම කෘතියේ අන්තර්ගත කර ඇති සිතුවම් කීපයක ම මෙම ස්ථානය සටහන් කර ඇත. එහි ‘අනුරාධපුර පූර්ව යුගය : මහජන ව්‍යාප්තිය හා ග්‍රාම නාම’, ‘අනුරාධපුර මධ්‍යතන යුගය : නගර සහ ග්‍රාම නාම’ හා ‘පොළොන්නරු යුගය : නගර සහ ග්‍රාම නාම’ යන සිතියම් ත්‍රිත්වය විශේෂ අවධානයකට ලක් විය යුතු අතර ප්‍රමාණවත් මූලාශ්‍ර පදනම් කරගෙන සකසා ඇති මේ සිතියම් අනුරින් අනුරාධපුර පූර්ව යුගයේ සිට පොළොන්නරු කාල පරිච්ඡේදය දක්වා ම කුරුන්දි පූජා බිම අවධානයට පාත්‍ර වූ ද කලාපීය වශයෙන් කේන්ද්‍රීය ප්‍රදේශයක් වූ බව ද පැහැදිලි වේ.
එච්.ඒ.පී.අභයවර්ධනයන්ගේ වාර්තා
එච්.ඒ.පී. අභයවර්ධන විසින් 1978 වසරේ දී පළමු වැනි වරට සිංහල බසින් ප්‍රසිද්ධියට පමුණුවන ලද ශ්‍රී ලංකාවේ පැරණි දේශ සීමා විස්තර කරන ප්‍රකට කෘතියක් වූ 'කඩයිම්පොත් විමර්ශනය' කෘතියේ සිව් වැනි පරිච්ඡේදය වූ ‘දේශ සීමා විස්තර’ පරිච්ඡේදයේ දී 'කුරුන්දගමු රට' නම් උපමාතෘකාව යටතේ සංග්‍රහ කර ඇති විස්තරය වර්තමාන කුරුන්දි විහාරය පිහිටි ප්‍රදේශය හා සම්පාත වේ. අබේගුණවර්ධනයන්,මෙයට ඉහත කෘති තුළ කුරුන්දිය සම්බන්ධයෙන් අන්තර්ගත වූ විස්තරයන්ගේ සාරසංක්ෂේපයක් දක්වමින් මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
"කුරුඳුගමුරට යන නමින් ශ්‍රී ලංකාවේ කඩයිම්පොතේ සඳහන් වන්නේ වංසකතාවේ එන කුරුන්දිරට්ඨය විය හැකිය.පදී සහ කුරුඳු යයි වංශකතාවේත්, පූජාවලියේත්, නිකාය සංග්‍රහයේත් සඳහන් වන ස්ථාන දෙකෙන් දෙවැන්න මෙකී කුරුඳුගමුරට යැයි සිතිය හැකිය. ඛල්ලාඨනාග (ක්‍රි.පූ. 110-103) රජ කුරුන්දවාසෝක විහාරය ඉදි කළ බව කියා තිබේ. එසේම කුරුන්දිවේලු විහාරයේ දී කුරුන්දි අට්ඨකතාව ලියන ලද බව ද සඳහන් වෙයි. මාඝගේ බලකොටුවක් කුරුන්දියෙහි තිබූ බවත්, එය II පරාක්‍රමබාහු රජ විසින් විනාශ කරන ලද බවත් වංසකතාව, පූජාවලිය සහ නිකාය සංග්‍රහය යන ග්‍රන්ථවල සඳහන් වේ. පසු කාලයේ දී ලක්දිව ආක්‍රමණය කළ චන්ද්‍රභානු රජු පදී සහ කුරුඳු රටවල සිංහලයන් තමන් වසඟයට ගත් බව පෙනේ.කුරුඳු රට නමින් සඳහන් වන්නේ අනුරාධපුරයට උතුරින් පිහිටි කැදෑ හා කඩවත් කෝරල දෙක යයි අයිවර්ස් කියයි.එහෙත් මේ මතය වැරදි බවත් වර්තමාන වව්නියාවට අයත් කරිකට්ටුමලෙයි දකුණු කොටස මෙයින් ගැණෙන බවත් නිකලස් පෙන්වා දෙයි.පැරණි කුරුන්දිරට්ඨ යන නම වර්තමාන කුරුන්තන්වූර් යන්නෙහි ගැබ් වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි."
(එච්.ඒ.පී.අභයගුණවර්ධන. කඩඉම්පොත් විමර්ශනය (1978). Vol. p.105.)
රණවීර ගුණවර්ධනයන්ගේ වාර්තා
රණවීර ගුණවර්ධන විසින් මහාවංශයේ දැක්වෙන වචනයක් පාදක කරගනිමින් කුරුන්දි විහාරය පිළිබඳ වැදගත් නිරීක්ෂණයක් වාර්තා කර ඇත. ඒ, පළමු වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද කුරුන්දි විහාරය සියලු සංඝයා වහන්සේ සඳහා පූජා කරන ලද බවයි. මේ දැක්වෙන අග්ගබෝධි රජු විසින් කරවන ලද විහාරය එම නමින් ම(කුරන්දි විහාරය නමින්) පැවත ආ විහාරයේ සිදු කරන ලද අභිනව ඉදිකිරීමක් හෝ කටුකොහොල් ඇරීමක් විය යුතු ය.
"පළමු වැනි අග්බෝධි (571-604) විසින් කරවන ලද කුරුන්දි විහාරය සකල සංඝයා සඳහා (සබ්බසංඝිකං) වී යැයි වාර්තා කරන විට චූලවංශය අදහස් කරන්නට ඇත්තේ එබඳු ස්වාධීන විහාරයක් ගැන විය හැකිය.සබ්බ සාංඝික යන වචනය වැදගත් කොට සලකන්නේ නම්, මේ වකවානුවේ දී ඉදිකරන ලද හෝ ප්‍රදානයන් ලබන ලද බොහෝ විහාර මෙන් නොව, මෙකී විහාරය කිසිම නිකායකට අනුබද්ධ වීමෙන් තොර වූවක් ලෙස සැලකිය හැකිය."
(රණවීර ගුණවර්ධන (1993). සිවුර සහ නඟුල,මධ්‍යතන යුගයේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථ ජීවන සම්ප්රදාය සහ එහි ආර්ථික පාර්ශවයන් පිළිබඳ අධ්‍යයනයක්. Vol. p.51.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link))
සමකාලීන සමාජය තුළ බෞද්ධ ශාසනය තුළ පැවති නිකාය ප්‍රභේදනයක් පිළිබඳ සාධක ගුණවර්ධන උපුටා දක්වා ඇති කරුණින් තහවුරු වේ. සමකාලීන මෙන් ම පශ්චාත් කාලීන සාහිත්‍ය මූලාශ්‍රය තුළ මුළු මහත් ලංකාව සම්බන්ධයෙන් ම මේ කරුණු සාධනය සඳහා දෙස් දෙන සාක්ෂි සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකි ව පවතී. ඒ අනුව, පූර්ව කාලීන ව මහා විහාර සම්ප්රදාය නියෝජනය කළ විහාරයක් වශයෙන් පැවති කුරුන්දි විහාරය කාලානුක්‍රමික ව අභයගිරි සම්ප්රදාය වෙත විතැන් වූ අන්දම මෙම ස්ථානයෙන් ම(කුරුන්දි විහාරයෙන් ම) අනාවරණය වී ඇති අභිලේඛන තුළින් මෙන් ම පුරාවිද්‍යා ගවේෂණයේ දී අනාවරණය වූ පුරාවිද්‍යා සාධක තුළින් ද පැහැදිලි වේ.
එම්.එච්.සිරිසෝමයන්ගේ වාර්තා
මෙරට උතුරු නැගෙනහිර පෙදෙස්හි පිහිටි බෞද්ධ උරුමය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මාහැඟි කාර්යභාරයක් සඵල කළ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ එම්.එච්. සිරිසෝම ද කුරුන්දි මලේ විහාරය පිළිබඳව විස්තරයක් "උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය" යන ග්රන්ථයෙහි සදහන් කර ඇත. ඔහුගේ තක්සේරුව අනුව ද වවුනියා දිස්ත්‍රික්කය තුළ පිහිටි (එහෙත් වර්තමාන මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වන) කුරුන්දන් මලෙයි නම් වූ ස්ථානය ප්‍රදේශයේ ඇති ඉතා පැරණි මෙන් ම ආගමික වශයෙන් වැදගත් බෞද්ධ විහාරයක අවශේෂ ඇති ස්ථානයකි. මේ ස්ථානය පිළිබඳ එතුමා සංක්ෂේපයෙන් පහත දැක්වෙන සටහන තබා ඇති අතර මේ සඳහා එච්.සී.පී. බෙල් විසින් සපයන ලද විස්තරයන් ද පාදක කරගෙන ඇති බව ද පෙනේ.
"මෙම ස්ථානයෙහි කඳු ගැටයක් මත විශාල ප්‍රදේශයක පැතිරුණු පැරණි ස්තූප, පොකුණු, ආරාම බුදු ගෙවල් සහ වෙනත් වාස්තු විද්‍යාත්මක අංගයන්හි අවශේෂයන් දැකිය හැකි ය. එය ඛල්ලාඨනාග රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ගොඩනගන ලද කුරුන්දපාෂාණ විහාරය ලෙස හඳුනාගත හැකි ය. මෙම ස්ථානයෙහි දී 'කුරුන්දි අට්ඨකථා' නම් වූ සිංහල අටුවා ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. කුරුන්දි විහාරයේ නටබුන් අක්කර සියයක පමණ ප්‍රදේශයක පැතිර ඇත."
(එම්.එච්.සිරිසෝම. උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය. Vol. pp.42, 43.)
කේ.සිරිල් මැතිව්ගේ වාර්තා
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරීමෙහි ලා සන්ධිස්ථානයක් සේ සැලකිල්ලට බදුන් විය යුතු වූත්, ජාතික කර්තව්‍යයක් වශයෙන් අගය කළ යුතු වූත් අවස්ථාවක් වන, එවකට පැවති රජයේ කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය, කලුවාදේවගේ සිරිල් මැතිව් විසින් යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනයේ දී ද උතුරු පළාත තුළ පිහිටා ඇති මෙම වැදගත් පුරාවිද්‍යා ස්ථානය වෙත අවධානය යොමු කර ඇත. එකී අභියාචනය සඳහා එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස් වූ එම්. එච්. සිරිසෝම විසින් සකසන ලද ස්ථාන දක්වන සිතියමේ 37 කුරුන්දන්කුලම් හා 38 කුරුන්දන් ඌර් යනුවෙන් තන්නිමුරුප්පු වැවත් මෙම පුරාවිද්‍යා ස්ථානයත් දක්වා ඇත. මෙම ලේඛනයේ ම කුරුන්දන්මලෙයි යන ශීර්ෂය යටතේ සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කරනු ලබන අතර එහි දක්වන විස්තරය අනුව "කුරුන්දි විහාරයේ නටබුන් පැතිර ගිය අක්කර 78, රූඩ් 2 සහ පර්චස් 13 ක භූමිභාගය(එවක භූමි ප්‍රමාණය), 1933 මැයි 12 වෙනි දින නිකුත් කරන ලද, අංක 7981 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නිවේදනයක් මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශ කොට ඇත." මෙම පෞරාණික ප්‍රදේශයේ අනන්‍යතාවය විකෘති කිරීම සඳහා සිරිල් මැතිව්ගේ සමකාලීන අවධියේ දී යම්කිසි අන්තවාදී පිරිසක් විසින් උත්සුක වූ අන්දම මෙම වාර්තාවේ ම ඇතුළත් කර ඇති බවක් එම අභියාචනයේ දැක්වේ.
"1981 අගෝස්තුවේ දී ජාතිවාදී කලබල පැවති සමයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ඇතැම් පුද්ගලයන් පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයට අවසර නැතුව ඇතුළු වී, පසුව නවීන හින්දු කෝවිලක් බවට පරිවර්තනය කිරීමේ අදහසින්, පැරණි ගල් ගෙයක ඉතිරි වී ගිය ගල් කණු මත උපයෝගී කර ගත් වහලක් තනා තිබිණි. ගල් ගෙය ඇතුළත වියනෙහි කොන්ක්‍රීට් සහිත සිමෙන්ති දමා ත්‍රිශූලයක් ද සවි කොට තිබිණි. කපුරු ආදිය පත්තු කිරීම සඳහා, ත්‍රිශූලය ඉදිරිපස තබා තිබුණේ ගල් පුවරුව පුවත්පතේ ශ්‍රී පාද ලාංඡනය සහිත ගලකි. ත්‍රිශූලයක් සවි කිරීම සඳහා අසල තිබුණු ස්තූප ගොඩනැගිල්ලේ මතුපිට මට්ටම් කොට සිමෙන්ති දමා තිබේ. ඉතා පැරණි බෞද්ධ විහාරයක් තිබුණු ස්ථානයක හින්දු කෝවිලක් තැනීමට ප්රයත්නයක් දරා ඇති බව පෙනේ."
(කලුවාදේවගේ සිරිල් මැතිව් සහ එම්.එච්.සිරිසෝම. ජාතිවාදි අහිතකර පූර්වමතියෙන්,නීති විරෝධි අත්පත් කර ගැනීමෙන් හෝ හිතාමතාම කරන විනාශ කිරීමෙන් උපද්‍රවයට ලක් වී ඇති,ශ්‍රී ලංකාවේ සංස්කෘතික වස්තු සම්පත් හානියෙන් බේරා සංරක්ෂණය කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කළ අභියාචනය (1983). Vol. pp.17, 18.)
එවකට පැවති රජයේ අමාත්‍යවරයෙකු වූ සිරිල් මැතිව්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද එකී වාර්තාව හේතුවෙන් මෙම පැරණි ප්‍රදේශයේ අනන්‍යතාවය තවදුරටත් විකෘති කිරීම හා කෙලෙසීම වැළකී ඇති අතර ම මෑත කාලීනව එම ප්‍රදේශයේ සිදු වන ආගමික මෙන්ම සාමාජීය සංවර්ධන වැඩකටයුතු සඳහා ප්‍රබල වශයෙන් සහයෝගය දක්වන ලේඛනයක් වශයෙන් ද බලගැන්වී ඇත.
එවකට පැවති රජයේ ගරු අමාත්‍යවරයෙකු වූ සිරිල් මැතිව්ගේ ගරු සභාපතිත්වයෙන් යුක්ත ව ගොඩනගන ලද රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනයේ ගරු ලේකම් වශයෙන් කටයුතු කළ සාහිත්‍යාචාර්ය, පියසේන එස්. ජයවීර විසින් කුරුන්දි වෙහෙර නැවත ගොඩනැඟීම සඳහා එ දවස් ගත් ක්‍රියාමාර්ගත් එහි දී පැනනැඟී විවිධ බාධාවන් පිළිබඳවත් ඔහු විසින් ම සම්පාදිත "ලක්දිව බෞද්ධ උරුමයේ ජීවමාන සංකේත (වෙහෙරක් සොයා ගිය ගමන)" යන කෘතියේ වැදගත් තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත.
වර්තමාන සංරක්ෂණය
2018.05.16 වන දින කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයට වැඩම කළ ගල්ගමුවේ සාන්තබෝධි නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම ආරම්භ විය.එම මස ම 17 වන දින උන්වහන්සේ විසින් පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයාට කුරුන්දි විහාරය සංරක්ෂණය කිරීමට දැනුවත් කර ඇති අතර 2018.08.09 දින පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් විසින් වව්නියාව සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් ගල්ගමුවේ සාන්තබෝධි හිමියන්ගේ ද සහය ලබා ගනිමින් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කරන ලෙස දන්වා තිබේ.මෙම සංරක්ෂණය කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත්තේ බෞද්ධාලෝක පදනමයි.
කැණීම් කටයුතු අතරතුර ප්‍රදේශයේ හින්දු ජනතාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇති වූ මතභේද
2018.09.04 දින සිට ආරම්භ වූ සංරක්ෂණය වැඩපිළිවෙළ සදහා දිගින් දිගටම ප්‍රදේශයේ හින්දු ජනතාවගේ සහ අන්තවාදී දෙමළ දේශපාලකයන්ගේ බාධා වීම් සිදුව තිබේ.කිහිපවතාවක් මේ සම්බන්ධව ඇතිවූ ගැටලු අධිකරණයේ නඩු ලෙස විභාග වී ඇති අතර මාස කිහිපයකට පසු ඇණහිට තිබූ පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණය කටයුතු ආරම්භ කිරීමට මුලතිව් අධිකරණයේ අවසරය හිමි වී තිබේ.කෙසේ නමුත් විවිධ හේතූන් නිසා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම 2020 වර්ෂය දක්වා කල් ගොස් ඇති අතර,එම වර්ෂයේ සැප්තැම්බරය් මස නැවත සංරක්ෂණය කටයුතු ආරම්භ වන දැනගත් අන්තවාදී දෙමළ පිරිසක් නැවත ගරු අධිකරණයට කුරුන්දි විහාරයේ සංරක්ෂණය කටයුතු ගැන පැමිණිලි කර ඇත. පුරාවිද්‍යා නිළධාරීන්ගේ කරුණු දැක්වීම මත එම පැමිණිල්ල සාවද්‍ය බවත් නීත්‍යානුකූලව උසාවි නියෝගය අනුව සංරක්ෂණය කටයුතු වන බවටත් ගරු මුලතිව් අධිකරණයේ විනසුරුවරයා තීන්දු කරනු ලැබීය.පසුව පුරාවිද්‍යා ස්ථානයේ සීමා නිර්ණය වැනි කටයුතු සිදු වූ අතර කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ මූලික කැණීම් 2021.01.18 දින ආරම්භ වී තිබේ.
පුරාවිද්‍යා කැණීම් වලදී ස්ථූපයේ යූප ගල මතුවීම නිසා ඇතැම් දෙමළ පිරිස් විසින් අනවබෝධය නිසා "අෂ්ඨ තාරා ශිව ලිංගය" ලෙස වැරදියට අර්ථකථනය කොට සමාජ මාධ්‍යට හා ප්‍රසිද්ධ දමිළ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබෙන බව වාර්තා වී ඇත.කැණීම් අවසන් වූ පසුව කුරුන්දි ස්ථූපය සංරක්ෂණය කිරීම ආරම්භ වූ අතර 2022 වර්ෂයේ මාර්තු මස දී ප්රතිමාගෘහයේ කැණීම් කටයුතු ආරම්භ විය.සංරක්ෂණය කටයුතු නිමවෙමින් පැවති කුරුන්දි ස්ථූපයේ ධාතු නිධානෝත්සවය 2022.06.12 දින ආරම්භ වීමට නියමිතව තිබූ අතර එම උත්සවයට 40 කට ආසන්න දෙමළ අන්තවාදී පිරිසක් උත්සවය පැවත්වෙන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුව එය කඩාකප්පල් කර තිබේ.එදින සවස ද යාපනයේ සිට පැමිණි දෙමළ පිරිසක් බස් රථයකින් පැමිණ සංරක්ෂණය කරමින් පැවති ස්ථූපය අසළ විරෝධතාවයක් දක්වා තිබේ.ආරක්ෂක අංශයන් ඔවුන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට උත්සහ කළ ද ඔවුන් බෞද්ධ සැරසිලි ඉවත් කරන තුරු ඉවත් නොවන බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.ඒ අනුව බෞද්ධ සැරසිලි ඉවත් කළ පසු සවස 6.30 ට පමණ ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.කෙසේ නමුත් සමහර අන්තවාදි දෙමළ දේශපාලකයන් සහ අන්තවාදී පිරිස් කුරුන්දි විහාරය පැරණි ශිව කෝවිලක් බව පවසමින් හා ඒ අවට ඉඩම් ගැටලු මූලික කොට සංරක්ෂණය කටයුතු සඳහා බාධා කිරීම් දිගින් දිගටම සිදු විය.
2022 මුලතිව් අධිකරණයේ මතභේදාත්මක නියෝගය
වර්ෂ 2022 දී ජූලි මස 14 වන දින මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව විශේෂ තීන්දුවක් ලබා දෙමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිඳු විමසීමකින් තොරව සංරක්ෂණය වෙමින් පවතින කුරුන්දි ස්ථූපය ගලවා ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය වෙත නියෝගයක් ලබා දී තිබේ.සිංහල බෞද්ධයන්ගේ හඳ කම්පාකරවන එම පුවත සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය තුළ වේගයෙන් ප්‍රචාරය වූ අතර ඒ කාලසීමාව 2022 අරගල සමය වූ බැවින් මෙය විවිධ පිරිස් ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව නැවත බලයට ගෙන ඒමේ උත්සාහයක් බවටත්,තවත් සමහරු මෙම ස්ථානය රැකගැනීම වෙනුවෙන් කටයුතු කළයුතු බවටත් තම අදහස් පලකර තිබෙනු දැකගත හැකි විය.ශ්‍රී ලංකා පොලීසිය විසින් නීතිපතිවරයාව මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර 2022 ජූලි මස 19 දින නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුලතිව් අධිකරණයේ දී එම නඩුව නැවත කැඳවිණි.ඉන්පසු මහේස්ත්‍රාත්වරියා කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ නිරීක්ෂණය චාරිකාවකට එක්ව එහි තත්ත්වය අවබෝධ කරගත් පසු තමන් විසින් මීට පෙර ලබා දී තිබූ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලදී.ඒ අනුව නැවතත් කුරුන්දි ස්ථූපය සංරක්ෂණය කිරීමට අවස්ථාව හිමි විණ.
2023 පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ හා මුලතිව් මහේස්ත්රාත්වරයාගේ ඉල්ලා අස්වීම්,ස්ථූපයේ
නමුත් පසුව නැවතත් ඇති වූ ගැටලු කිහිපයක් මත සංරක්ෂණය කටයුතු අත්හිටුවීමට නියෝග ලැබුණු අතර එම නියෝග අවසන් වී නැවත සංරක්ෂණය කටයුතු සඳහා අවසර හිමිව ඇත්තේ 2022 නොවැම්බර් මස දීය.උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත,දහසක් බාධක ගැටලු මැද 2018 මැයි මස දී ආරම්භ කළ කුරුන්දි පුදබිමේ කැණීම් සහ සංරක්ෂණය කටයුතු නොකඩවා සිදුකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,ආරක්ෂක අංශ එක්ව සහ බෞද්ධාලෝක පදනමේ මූල්‍ය දායකත්වයෙන් 2023 මාර්තු මස 17 දින කුරුන්දි ස්ථූපයේ සංරක්ෂණ කටයුතු නිල වශයෙන් අවසන් කරනු ලැබීය.
කෙසේ නමුත් මාස කිහිපයකට පසු කුරුන්දි විහාරය හා වෙනත් මතභේදාත්මක සිදුවීම් සම්බන්ධ නඩු කිහිපයක් හේතුවෙන් තමාට විවිධ විවිධ පාර්ශව මඟින් පීඩන එල්ලවන බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත්වරියා වන ටී.සරවනරාජා මහතා 2023 සැප්තැම්බර් මස ධුරයෙන් ඉල්ලා අස්වී විදේශගත වූ බව වාර්තා වී තිබේ.
එසේම පුරාවිද්‍යා භූමියේ සීමා මායිම් ලකුණු කිරීම සහ අවට ජනතාව අනවසරයෙන් ඉඩම් අත්පත් කරගැනීම් ආදිය ඇතුළව කුරුන්දි විහාරය මූලික කොට පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් 2023 ජුනි මස එවක අන්තර්වාර රජයේ ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ , දෙමළ දේශපාඥයන් සහ පුරාවිද්‍යා නිළධාරීන් සම්බන්ධ වී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.රනිල් වික්‍රමසිංහ අන්තර්වාර ජනාධිපතිවරයා නව පුරාවිද්‍යා සීමාවට අයත්වන ඉඩම් අක්කර 279 න් අක්කර 79 ක් නැවත ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන ලෙස පවසා ඇති අතර එවක පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් වරයා වූ අනුර මනතුංග මහතා එම භූමියේ ඇති පුරාවිද්‍යා වටිනාකම හේතුවෙන් පුරාවිද්‍යා ආඥා පනත අනුව එසේ කල නොහැකි බව පෙන්වා දී ඇත.නමුත් දිගින් දිගටම ගැටලුකාරී ලෙස ගිය මෙම සාකච්ඡාවේ එක් අවස්ථාවක අන්තර්වාර රජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ "ඔයා හදන්නේ මට ඉතිහාසය උගන්නන්නද?නැත්නම් මම ඔයාට උගන්වන්න ද?" යනුවෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා දෝෂදර්ශනයට ලක් කර තිබේ.එසේම අක්කර 279 ක පුරාවිද්‍යා රක්ෂිතය ගැන පුරාවිද්‍යා නිළධාරීන් කරුණු දක්වන විට, " ඇයි අක්කර 279 ක් ඕන?ඒක මහාවිහාරයට වඩා ලොකුද?මහා විහාරය,ජේතවනාරාමය සහ අභයගිරිය තුනම අක්කර 100 ක් ගන්නේ නැහැ " යැයි රනිල් වික්‍රමසිංහ තම අදහසක් දකවමින් විරෝධය දක්වා තිබේ.මෙම සිදුවීමෙන් පසු දින පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.මීට පෙර ද,කුරුන්දි විහාරයේ කැණීම් ආරම්භ කළ මුල් අවස්ථාවේ දී එනම් 2018 දී ද එවකට අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමසිංහ විසින් එවක පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා වූ මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා වෙත ලිපියක් යවමින් එහි සංරක්ෂණ කටයුතු නවතා දමන ලෙස ලිඛිතව දැනුවත් කර තිබුණු බව ද වාර්තා වේ.
වෙනත් ලිපි
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව
- කදුරුගොඩ විහාරය
- නාගදීප පුරාණ විහාරය
- බෞද්ධ පුදබිම්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්
උපුටාගැනීම්
- මහාවංශය1_ඤාණානන්ද 2020, p. 456:තිස්තුන් වන පරිච්ඡේදය,29)ලජ්ජතිස්ස රජුගේ අභාවයෙන් පසු ඔහුගේ මළනුවන් වන ඛල්ලාඨනාග රජු සය අවුරුද්දක් පමණක් රාජ්‍ය කළේ ය. 32)ඒ රජුම කුරුන්දවාසක විහාරයත් කරවීය.තවත් බොහෝ පිනුත් කරගත්තේය.
- මහාවංශය2_ඤාණානන්ද 2020, p. 95:සතළිස් එක්වන පිරිච්ඡේදය,15)සියලු දෙය සාංඝික වන පරිදි කුරුන්ද නම් විහාරය ද කරවා,එනමින් ම වැවක් කරවා,තුන් යොදුනක් පමණ පළල පොල් උයනක් ද කරවා,16)මහාසිව නමින් කුඹුරු යායක් ද අස්වද්දන්ට ලබා දී ලාභ සත්කාර සම්මාන සහිතව ආරාමිකයන් සියයක් ද දුන්නේ ය.17)ඒ විහාරය අසල අම්බිලපණ්ණ නමින් වෙහෙරක් කරවා එනමින් ම යුතු ගම්මානයක් මහාවිහාරවාසී තපස්වී භික්ෂූන් වහන්සේලාට දුන්නේය.
- මහාවංශය2_ඤාණානන්ද 2020, p. 141:සතළිස් සතරවන පරිච්ඡේදය,21)මේ රජු කපුරු පිරිවෙණ ද,කුරුන්දපිල්ලක පිරිවෙණ ද,එසෙයින් ම මහාරාජාගාරයෙහි ද ප්‍රාසාදයක් කරවීය.
- මහාවංශය2_ඤාණානන්ද 2020, p. 289:පනස් අටවන පරිච්ඡේදය,58)පණ්ඩුවාපි වෙහෙර,පාඨීන වෙහෙර,රක්ඛචේතිය පබ්බත විහාරය,එසේම මණ්ඩලගිරි විහාරය,මඩුලත්ථ විහාරය ද කරවීය.59)උරුවෙල නම් විහාරය ද දේවනගර විහාරය ද මහියංගණ විහාරය හා සිතලග්ගමක ලෙණත් කරවීය.60)දඹකොළ විහාරය ද එසේම ගිරිහඩු සෑ විහාරය ද කුරුන්දිය විහාරය ද සඳුන්ගිරි විහාරය ද කරවීය.
- සිංහල, & 407,410පිටු83 වන පරිච්ඡේදය: එකල්හි සම්පතින් ප්‍රසිද්ධ වූ පුලස්ති පුරයෙහි ද,කොටුසරගම් හිද,එසේම ගංතලාවෙහි ද,කාකාලය ගම්හි ද,පදී රට ද,කුරුන්දියෙහි ද,මනාමත්හි ද,මාතොට ද,එසේම මන්නාම් පටුනෙහි ද,පුලවෙෂටි නම් තොටද,එසේම වැලිගම ද,මහත් වූ ගෝනරට ද,එසේම ගෝනුසුරට ද, මීපා තොටද,එසේම හුරා තොට ද,මේ ආදී තන්හි කඳවුරු බැඳ බලාත්කාර කොට බොහෝ කල් වසන්නා වූ මාසේන්ද්ර,ජයබාහු නම් දෙමළ රජුන් දෙදෙනා ගේ සතළිස් දහසක් වූ ද්‍රවිඩ කේරළ යෝධයෝ කුන්තායුධ ගත් සිංහල යෝධයන් විසින් දැඩිසේ පෙලන ලද්දාහු... නිකාය_සංග්‍රහය,සංස්.සිරි තිලකසිරි, 2011 & 46පිටුවවිජයබාහු වත්හිමි නම් මහා රජාණන්ගේ අතිජාත පුත්‍ර වූ ශත්රැපංක විශේෂ විශෝෂණ ගරන්මාර්තණ්ඩ මණ්ඩලායමාන වූ ජම්බුණිපුර නිවාසී වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නම් මහ රජාණෝ සිරිලක රජ පැමිණ අධිකතර රාජාභිමාන උපදවා පොලොන්නරු, පුලච්චේරි, කොටසර, ගංතළා, කවුඩාපුලු,කුරුඳු, පඳිමාන, මතුගොණ, දෙබර පටන, ඌරාතොට, ගොමුඩු, මිපාතොට, මණ්ඩලී, මන්නාරම් ආදී වූ ඒ ඒ ස්ථානයෙහි කඳවුරු බැඳ උන් දෙමළ, මළල, ජාවකාදී වූ සතුරු වියවුල් සන්සිඳුවා, සකල ලංකාතලය හස්තගත කොට, රාජ්‍ය ශ්‍රී විඳිමින්, ශ්‍රී වර්ධනපුරාදී නානා ස්ථානයෙහි විසිතුරු විහාර කරවා මහාසංඝයා වහන්සේ එහි වස්වා, චීවර, පිණ්ඩපාත, සයනාසන, ගිලාන ප්‍රත්‍යය යන සිවුපස දානයෙන් උපස්ථාන කොට වසන්නාහු...."
- පූජාවලිය_සංස්.කිරිඇල්ලේ_ඤාණවිමල_හිමි, 1963 & පිටුව 802"එකල පෙරවක් පිය රජහුගේ යුද්ධයෙහි පැරද පැලෑ චන්ද්‍රභානු රජු හා ජාවක මහ සෙනග සොළී පාඬින් ගෙන මාවටු බැස කුරුඳු පදී මානාවතු ගොනදෙබර පටන් ආදි තන්හි සිංහල බලසෙන් ගෙන පෙරලා අවුත්,යාපවු ගල් සිසාරා, අතුරු නොදී කඳවුරු බැඳ මේ වක පෙර වක සේ ආ පසුයෙහි නො යම්හ, මේ තුන් රජය තොපට නො හරිම්හ, දළදා පාත්‍ර ධාතු දෙව, රජ වොටුනු දෙව, රාජ්‍ය දෙව සටන් හෝ කරව යි සැහැසි වහසි කියා කියා යවූහ."
- මඤ්ජුශ්රීභාෂිතවාස්තුවිද්යාශාස්ත්ර_පරි.වෝල්ටර්_මාරසිංහ 2014, p. 7 හස්ත්යාරාමය ඛේටයක (නදියක් සහ කන්දක් අතර පිහිටි), ඛර්වටයක (කඳු වැටිවලින් වට වූ ගමක්), නගරයෙක, පුරදුර්ගයක, නදියක් අසබඩ, මුහුදු වෙරළක, උයනක, වනයක, නියම්ගමක, පටුනක (මුහුදක් අසල පිහිටි වෙළඳ නගරයක්), වනාන්තරයක හෝ දේශ සීමාවක පිහිටුවන්නේ යි. අන් තැනක (ඉදි) නොකරනු ලබන්නේ යි.
- පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය_නිකලස්,සිංහල පරිවර්තනය_සෝමපාලජයවර්ධන 1979:මේ සියලු නම් එකම විහාරයකට වූ විවිධ නම් වීමට බොහෝ ඉඩ තිබේ.මෙය පිහිටි කුරුන්දිරට්ඨ දැනට වවුනියා දිස්ත්‍රික්කයේ දකුණු කරිකට්ටමූල කොට්ඨාසයට සමානය.මේ පැරණි නම වර්තමාන කුරුන්තන් ඌර්හි නෂ්ඨාවශේෂ අතර රැකී තිබේ.
පැහදිලි කිරීම්
- මෙහි කුරුඳු රට යනු කුරුඳු හෙවත් කුරුන්දි නම් ප්‍රදේශය වේ.රට යනු වර්තමානයේ පවතින දිස්ත්‍රික්ක බෙදීම් මෙන් එකල පැවති පාලන ප්‍රදේශ බෙදීම් ක්‍රමයක් විය හැකි බව විද්වත් මතය යි.
- මඩිතියවෙල සිරි සුමංගල පාලි සිංහල ශබ්දකෝෂයට අනුව කුරුන්දි අට්ඨකථාව පිළිබඳව මත දෙකක් සඳහන් වේ.ඉන් එකක් වන්නේ,විනය මහඅටුවාව වන සමන්තපාසාදිකාව සිංහලයට පරිවර්තනය කර ඊට කුරුන්දි අට්ඨකථාව යැයි නම් කළ බව ය.අනෙක් මතය නම්,කුරුන්දිවෙල්ලි මහ වෙහෙරෙහි දී කළ අටුවාව කුරුන්දි අටුවාව යැයි හැඳින්වෙන බව ය.මින් දෙවැනි මතය වඩාත් පිළිගැනෙන මතය ලෙස සැලකේ.
- මහායාන සම්ප්‍රදායට අයත් කෘතියක් වන මෙය ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසත්,ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසත් අතර කාලයේ අනුරාධපුර නගරය හා තදාසන්න කලාපයේත් රටෙහි වෙනත් ස්ථාන කිහිපයක් වර්ධනය වී පැවති විශේෂ මහායානික ආයතන පද්ධතියක් හා දැඩි සාම්‍යතාවක් උසුලන බැවින් ඒ හා සමාසන්න කාලයේ මෙම කෘතියේ මුල් අවස්ථාව සංස්ථාපනය කළ හැකි බව මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන්ගේ අදහසයි.ආරාම නිර්මාණයේ දී කලින් පිළිවෙළ කරගනු ලැබූ නිශ්චිත සැලැස්මක් පදනම් කරගෙන ඒවා ගොඩනැගූ බවට මූලික සාක්ෂ්‍ය ලැබෙන්නේ මෙම වාස්තුශාස්ත්‍ර කෘතියෙනි.
- ‘ප්‍රාසාදය’ යනු පොදු ව්‍යවහාරයේ යෙදෙන්නක් වුව ද මේ අවස්ථාවේ දී එය විහාරයේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ වැඩ සිටි නේවාසික ගොඩනැගිල්ල වශයෙන් සැළකීම වඩා සුදුසු වේ.
- කෝට්ටේ යුගයට අයත් ප්‍රමාණයෙන් කුඩා කබොක් ස්තූප දෙකක් බැද්දගාන ප්‍රදේශයේ දැකගත හැකි වේ.නමුත් එම ස්ථූප දෙකට වඩා කුරුන්දි ස්ථූපය සියවස් ගණනාවක් පැරණිය.
- මෙම පිටවාන පුරාණ කුරුන්දි වැවේ පැවති අංගයක් නොවන බව මූලික කරුණු අනුව පෙනී යන අතර මෑත කාලීන සංවර්ධන කටයුතු වලදී වැව වඩා පුළුල් කිරීමේදී මෙය නව අංගයක් වශයෙන් එක් කරන්නට ඇති බව පෙනේ.
- නිකලස් මහාවංශය උපුටාදක්වමින් 'පොත්ථකූඨ' නම් නිලධාරියෙකු මේ ප්‍රසාදය ඉදිකළ බව පෙන්වා දී ඇත.නමුත් ලක්ෂ්මන් සුසන්ත පෙරේරයන් පෙන්වා දී ඇති පරිදි බුද්ධාගමේ දායකයෙකු ලෙස ක්‍රියාකළ පොත්ථකුට්ඨ නැමැති ධනවත් පුද්ගලයා ද්‍රවිඩයකු වූ බවයි.
- 2022 වසරේ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පුරාවිද්‍යා කැණීමේ දී මෙහි දක්වන ලද පැරණි වාස්තු නිර්මාණය බෞද්ධ පිළිමගෙයක් බව කිසිඳු සැකයකින් තොරව තහවුරු වී ඇත.එම කැණීමෙන් පොළොව යට වැළලී තිබිය දී අනාවරණය වී ඇති බුදු පිළිම හා බෝසත් පිළිම මෙන්ම වෙනත් බෞද්ධ පුරාවස්තු වලින් මේ කරුණ නැවත නැවතත් සනාථ වී තිබේ.
- දෙමළ ජනතාව එම ඉඩම් ඔවුන්ගේ අයිතිය සහිත බව පෙන්වන නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිය ඇති ඉඩම් ප්‍රමාණයක්
මූලාශ්‍ර
වැඩිදුර කියවීම
- කුරුන්දි විහාර වංසය
- පෞරාණික ස්ථාන හා ස්මාරක,මුලතිව් දිස්ත්‍රික්කය
යොමු
- "Gazette of the Government of British Ceylon", Government of British Ceylon No. 7981, 12 May 1933
- H.Parker. Ancient Ceylon (ඉංග්‍රීසි බසින්).
- J.P.Lewis. Manual of Vanni Districts(Vavuniya and Mullaittivu),of the Northern Province, Ceylon1895 (ඉංග්‍රීසි බසින්). Vol. p.310-312, 314.
- R.W.Levers. Manual of The North Central Province,government printer,Colombo(1899) (ඉංග්‍රීසි බසින්). Vol. p.21.
- C.W Nicholas. Historical topography of ancient and medieval Ceylon,Royal Asiatic Society,Colombo (1963) (ඉංග්‍රීසි බසින්). Vol. pp.86-87.
- එච්.ඒ.පී.අභයවර්ධන. කඩඉම්පොත් විමර්ශනය (සිං බසින්). Vol. p.207.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - අකුරුටියේ අමරවංස නා හිමි සහ හේමචන්ද්‍ර දිසානායක(2001). වංසත්ථප්පකාසිනී;මහාවංස ටීකාව (සිං බසින්). Vol. p.411.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) CS1 maint: unrecognized language (link) - (සංස්)බිහල්පොල දේවරක්ඛිත හිමි. සාරත්ථදීපනී විනයට්ඨකතා ටීකා(1965) (සිං බසින්). Vol. p.17.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ජී.පී.මලලසේකර. ලංකා පාලි සාහිත්‍යය (සිං බසින්). Vol. p.6263.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - හත්තොටුවේ ඉන්දරතන හිමි. පාලි අට්ඨකථා සාහිත්‍යයෙන් හෙළිවන අවිද්‍යමාන වූ සීහළට්ඨකතා සාහිත්‍යය (සිං බසින්). Vol. p.117.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - (සංස්)හේමපාල මුණිදාස. කඞඛාවිතරණී(1930) (සිං බසින්). Vol. pp.111 සහ 140.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - (සංස්)හේවාවිතාරණ. මනෝරථපූරණිය(1945) (සිං බසින්). Vol. p.78.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,නැදිමාල. සිංහල මහාවංශය, 41 වන පරිච්ඡේදය (සිං බසින්). Vol. p.189.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.
- කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. මහාවංශය 2. Vol. pp.181. ISBN 978-955-687-182-1.
- H.Parker. Ancient Ceylon (ඉංග්‍රීසි බසින්).
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.412-416. ISBN 978-955-686-112-9.
- H.C.P.Bell. Archaeological Survey of Ceylon: North-Central,Central and Northern Provinces,Annual Report 1905 (ඉංග්‍රීසි බසින්). Vol. pp.32-34.
- අකුරටියේ අමරවංස නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක. වංසත්ථප්පකාසිනී,මහාවංස ටීකාව 2001 (සිං බසින්). Vol. pp.123.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. මහාවංශය 3 අවසාන භාගය. Vol. pp.381. ISBN 978-955-687-186-9.
- (සංස්)සිරි තිලකසිරි. නිකාය සංග්‍රහය(2011). Vol. p.46.
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.412-416. ISBN 978-955-686-112-9.
- Nicholas C.W. Historical topography of ancient and medieval Ceylon (ඉංග්‍රීසි බසින්). Vol. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series(Vol Vi)pp.86-87.
- කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. මහාවංශය 3 අවසාන භාගය. Vol. pp.357-360. ISBN 978-955-687-186-9.
- Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.314.
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. xv-xxvii.
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. xxxiii.
- Senake Bandaranaike. Sinhalese Monastic Architecture (1971) (ඉංග්‍රීසි බසින්).
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. xliv, xlvi.
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. xliv, 261.
- M.H.F.Jayasuriya,Leelananda Premathilake and Ronald Silva. Comparison of the forty seven "Panchavasa" Monastery Plans with Archaeological Material,Manjusri Vastuvidyasastra (ඉංග්‍රීසි බසින්). Vol. Bibiliotheca Zeylanica Series.
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. xlvii.
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. 51.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.94. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.95. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.95, 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.97, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.97, 3rd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.103, 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.103, 3rd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.97, 3rd and 4th paragraphs. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.99, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.99, 2nd and 3rd paragraphs. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.318. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.104, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.100, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- පරිවර්තනය.වෝල්ටර් මාරසිංහ. මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර(නාගරි පෙළ හා සිංහල පරිවර්තනය)(2014). Vol. pp. 1xxiv.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.100, 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.100, 3rd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.101-103. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.103, 3nd and 4rt paragraphs. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.150-155. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.105. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.109. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.175. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.106. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.107, 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.378. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.107.3rd paragraph, 108. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.155-171. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.108, 156–171. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.109, 111_1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.113. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.111, 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.104, 2nd and 3rd paragraphs. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.106. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.104, 4th and 5th paragraphs. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.114, 3rd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.115, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.114, 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.111-119. ISBN 978-955-31-2854-6.
- Henry Parker. Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys (1887) (ඉංග්‍රීසි බසින්). Vol. p.449.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.216. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.202. ISBN 978-955-31-2854-6.
- Henry Parker. Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys (1887) (ඉංග්‍රීසි බසින්). Vol. p.448.
- සී.ඩබ්.නිකලස්. මෑත යුගයේ සභ්‍යත්වය (1972). Vol. I කාණ්ඩය, I භාගය.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p 217, 218. ISBN 978-955-31-2854-6.
{{cite book}}: line feed character in|volume=at position 2 (help) - චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.120. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.121. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.122, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.125, 126. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.128, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.126. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.128, 2nd, 3rd and 4th paragraphs. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.122, 3rd paragraph and p.123, 1st paragraph. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.123, 2nd paragraph and p.124. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.125, 1st and 2nd paragraph. ISBN 978-955-31-2854-6.
- Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys (Report). Papers Laid Before the Logislative Council of Ceylon during the Session of 1886. 1887.
- Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.314.
- North-Central,Central, and Northern Provinces,Annual Report 1905 (Report). H.C.P.Bell. 1905.
- Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- Annual Report of the Archaeological Survey of Ceylon (Report). Department of Archaeology. 1949.
- Annual Report of the Archaeological Survey of Ceylon by S.Paranavitana (Report). Department of Archaeology. 1949.
- Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- Asanga,M.V.G.K;Nishantha,I.P.S. 2018,Pauranika Sthana Ha Smaraka:Mulathivu Distrikkaya. Vol. pp.151-153. ISBN 978-955-7457-25-3.
{{cite book}}: CS1 maint: multiple names: authors list (link) - Annual Report of the Archaeological Survey of Ceylon (Report). Department of Archaeology. 1949.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාර වංසය 2022 (සිං බසින්). Vol. pp.137.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys p.449 (Report). Papers Laid Before the Logislative Council of Ceylon during the Session of 1886. 1887.
- Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys p.449 (Report). Papers Laid Before the Logislative Council of Ceylon during the Session of 1886. 1887.
- Report on the Kanakarayan-aru and Eastern Nay-aru Valleys p.449 (Report). Papers Laid Before the Logislative Council of Ceylon during the Session of 1886. 1887.
- Parker Henry(2011). 1909,Ancient Ceylon (ඉංග්‍රීසි බසින්).
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) - Lewis,J.P. 1894.Arch.Eoijogy of the Wanni,journal of Royal Asiatic Society ( Ceylon ) (ඉංග්‍රීසි බසින්). Vol. XIII, No.45, pp.151-178.
- Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.298.
- Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.298, 310–312.
- Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.312.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.59. ISBN 978-955-31-2854-6.
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.412. ISBN 978-955-686-112-9.
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.413. ISBN 978-955-686-112-9.
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.414. ISBN 978-955-686-112-9.
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.414, 415. ISBN 978-955-686-112-9.
- Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.415. ISBN 978-955-686-112-9.
- එල්ලාවල මේධානන්ද හිමි. ගවේෂණ තුළ ගවේෂණ (2016). Vol. p.62.
- එල්ලාවල මේධානන්ද හිමි. ගවේෂණ තුළ ගවේෂණ (2016). Vol. p.63, 64.
- ආර්.එල්.බ්‍රෝහියර්,පරිවර්තනය එල්.පියසේන(2001). ලක්දිව පුරාතන වාරිමාර්ග(1935). Vol. pp.22, 23.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) - ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්, pp.22, 23. ISBN 955-9185-07-1.
- ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්, pp 22, 23. ISBN 955-9185-07-1.
- ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.
- Lewis,J.P පරිවර්තනය.සෝමපාල ජයවර්ධන. 1979,පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. Vol. නව වෙළුම, xxi කාණ්ඩය.
- ලක්ෂ්මන් සු.පෙරේරා. රජ පෙළපත් අස්ථිරව පැවති කාලපරිච්ඡේදය 289-303. Vol. I කාණ්ඩය, I භාගය, p.302.
- Lewis,J.P පරිවර්තනය.සෝමපාල ජයවර්ධන. 1979,පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. Vol. නව වෙළුම, xxi කාණ්ඩය, p.102.
- Lewis,J.P පරිවර්තනය.සෝමපාල ජයවර්ධන. 1979,පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. Vol. නව වෙළුම, xxi කාණ්ඩය.
- වල්පොල රාහුල හිමි(2011). ලක්දිව බුදුසමයේ ඉතිහාසය.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) - සංස්.හේම් චන්ද්‍ර රාය. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය. Vol. පළමු මුද්‍රණය 1964, I කාණ්ඩය, I භාගය.
- Vanni & Vanniyas. C.S.Nawarathnam (ඉංග්‍රීසි බසින්). Vol. p.1p.
- ගුණපාල මලලසේකර පරිවර්තනය.ඩබ්.දයාරත්න තිසේරා. ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය (1965). Vol. p.61.
- කුඩාවැල්ලේ ධීරානන්ද කලයාණිවංශ හිමි. ලංකාවේ ඓතිහාසික භූමි සිතුවම්(1967).
- එච්.ඒ.පී.අභයගුණවර්ධන. කඩඉම්පොත් විමර්ශනය (1978). Vol. p.105.
- රණවීර ගුණවර්ධන (1993). සිවුර සහ නඟුල,මධ්‍යතන යුගයේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථ ජීවන සම්ප්රදාය සහ එහි ආර්ථික පාර්ශවයන් පිළිබඳ අධ්‍යයනයක්. Vol. p.51.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) - රණවීර ගුණවර්ධන (1993). සිවුර සහ නඟුල,මධ්‍යතන යුගයේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථ ජීවන සම්ප්රදාය සහ එහි ආර්ථික පාර්ශවයන් පිළිබඳ අධ්‍යයනයක්. Vol. p.51.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) - එම්.එච්.සිරිසෝම. උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය. Vol. pp.42, 43.
- එම්.එච්.සිරිසෝම. උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය. Vol. pp.42, 43.
- කලුවාදේවගේ සිරිල් මැතිව් සහ එම්.එච්.සිරිසෝම. ජාතිවාදි අහිතකර පූර්වමතියෙන්,නීති විරෝධි අත්පත් කර ගැනීමෙන් හෝ හිතාමතාම කරන විනාශ කිරීමෙන් උපද්‍රවයට ලක් වී ඇති,ශ්‍රී ලංකාවේ සංස්කෘතික වස්තු සම්පත් හානියෙන් බේරා සංරක්ෂණය කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කළ අභියාචනය (1983).
- කලුවාදේවගේ සිරිල් මැතිව් සහ එම්.එච්.සිරිසෝම. ජාතිවාදි අහිතකර පූර්වමතියෙන්,නීති විරෝධි අත්පත් කර ගැනීමෙන් හෝ හිතාමතාම කරන විනාශ කිරීමෙන් උපද්‍රවයට ලක් වී ඇති,ශ්‍රී ලංකාවේ සංස්කෘතික වස්තු සම්පත් හානියෙන් බේරා සංරක්ෂණය කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කළ අභියාචනය (1983). Vol. pp.17, 18.
- කලුවාදේවගේ සිරිල් මැතිව් සහ එම්.එච්.සිරිසෝම. ජාතිවාදි අහිතකර පූර්වමතියෙන්,නීති විරෝධි අත්පත් කර ගැනීමෙන් හෝ හිතාමතාම කරන විනාශ කිරීමෙන් උපද්‍රවයට ලක් වී ඇති,ශ්‍රී ලංකාවේ සංස්කෘතික වස්තු සම්පත් හානියෙන් බේරා සංරක්ෂණය කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කළ අභියාචනය (1983). Vol. pp.17, 18.
- පියසේන එස්.ජයවීර. ලක්දිව බෞද්ධ උරුමයේ ජීවමාන සංකේත(වෙහෙරක් සොයා ගිය ගමන). Vol. pp.29-32.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.322-326. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.327-333. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.333-347. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.348-365. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. pp.366-367. ISBN 978-955-31-2854-6.
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.389. ISBN 978-955-31-2854-6.
- https://ceylontoday.lk/2023/09/30/mullaitivu-district-judges-sudden-resignation-creates-controversy/
- https://www.dailymirror.lk/print/breaking-news/Mullaitivu-District-Judge-resigns/108-268166
- https://sinhala.mawratanews.lk/exclusive/director-general-of-archeology-professor-anura-manatunga-resigns/
- චන්දිම බණ්ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාරවංසය(2023). Vol. p.333. ISBN 978-955-31-2854-6.
- එම්.වී.ජී.කල්ප අසංග හා අයි.පී.එස්.නිශාන්ත(2018). පෞරාණික ස්ථාන හා ස්මාරක,මුලතිව් දිස්ත්‍රික්කය.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුන්දි රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, කුරුන්දි රජ මහා විහාරය යනු කුමක්ද? කුරුන්දි රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?