මෙම ලිපිය සුළු නගරයක් පිළිබඳ වෙයි. දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු සඳහා : කුෂිනගර් දිස්ත්‍රික්කය බලන්න
| කුෂිනගර් कुशीनगर කුසිනාරා | |
|---|---|
| නගරය | |
| රට | ඉන්දියාව |
| ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
| දිස්ත්‍රික්කය | කුෂිනගර් |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • දිස්ත්‍රික්ක මහෙස්ත්‍රාත් | ලොකේශ් එම් |
| ජනගහණය(2011) | |
| • මුළු | 17,983 |
| භාෂා | |
| • නිල | හින්දි |
| වේලා කලාප | IST (UTC+5:30) |
| වෙබ් අඩවිය | kushinagar.nic.in |
කුෂිනගර් (හින්දි: कुशीनगर, උර්දු: کُشی نگر), කුසිනගර් හෝ කුසිනාරා යනු, ගෝරාක්පුර් නගරයට කිමී 52ක් නැගෙනහිරින්, උත්තර් ප්‍රදේශ් ඉන්දියානු ප්‍රාන්තයේ NH-28 ට යාබදින්, කුෂිනගර් දිස්ත්‍රික්කයේ පිහිටි, සුළු නගරයක් සහ නාගර් පංචායටයක් වෙයි. එය වැදගත් බෞද්ධ වන්දනා සිද්ධස්ථානයක් වන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය ලැබුවේ එහිදී බැවිණි. කුෂිනගර් වෙත සමීපයෙහි පිහිටි නගර වන්නේ කාසියා, හාට, පඩ්රව්නා, ඩියෝරියා සහ ෆසිල් නාගර් වෙති.
ජනවිකාසය
2011 ඉන්දියාවේ ජනසංගණනය වන විට, කුෂිනගර්හී ජනගරණය 17,983 ක් වූ අතර, ගෘහ ඒකක 2454 ක් විය. ජනගහණයෙන් 52% (9408 පුරුෂයන්) ක් පුරුෂයන් වූ අතර, 48% (8575 ස්ත්‍රීන්) ක් ස්ත්‍රීන් වූහ. කුෂිනගර්හී සාමාන්‍ය සාක්ෂරතා අනුපාතය 74% ක් වූ අතර, එය ජාතික සාමාන්‍යය වූ 74% ට බෙහෙවින් සමසම විය: පුරුෂ සාක්ෂරතාව 86% වූ අතර, ස්ත්‍රී සාක්ෂරතාව 61% විය. කුෂිනගර්හී, ජනගහණයෙන් 11% ක් වයස අවුරුදු 10 ට අඩු අය වූහ.
ආශ්‍රිත
- ඩබ්. ඕවන් කෝල්, පෙගී මෝර්ගන් සික්ස් රිලිජන්ස් ඉන් ද ට්වෙන්ටි-ෆර්ස්ට් සෙන්චරි 2000 - පිටුව 204 "කුෂිනාරා. හියර්, නියර් මොඩර්න් කාසියා ඉන් උත්තර් ප්‍රදේශ්, ඊස් ද සයිට් ඔෆ් ද බුද්ධාස් ඩෙත්. අ ටෙම්පල් කමැමරේට්ස් ද බුද්ධාස් ෆයිනල් ..."
- සෙන්සස් ඔෆ් ඉන්ඩියා: පොපියුලේෂන් ෆයින්ඩර්, http://censusindia.gov.in/PopulationFinder/View_Village_Population.aspx?pcaid=1249&category=N.P.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුෂිනගර් පිළිබඳ තොරතුරු, කුෂිනගර් යනු කුමක්ද? කුෂිනගර් යනු කුමක් දර්ශනය කරන්නේ?