කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ

කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ (කොකාවිල් කුළුණ), යනු ශ්‍රී ලංකාවේ, මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයේ කොකාවිල් හී ඉදිකොට තිබෙන, 174 m (571 අඩි) ක් උසැති බහු-කාර්ය සම්ප්‍රේෂණ කුළුණකි. ප්‍රධාන ලෙසම රූපවාහිනී, ගුවන් විදුලි සහ විදුලි සංදේශන සම්ප්‍රේෂණ කටයුතු සඳහා මෙම කුළුණ භාවිතයට ගැනේ. කුළුණ, දැලිස ආකෘතිය අනූව යමින් ඉදි කරන ලද්දක් වේ.

කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයසක්‍රීය
ප්‍රභේදයබහු-කාර්ය සම්ප්‍රේෂණ කුළුණ
ගෘහනිර්මාණ ශෛලියදැලිස ආකෘතිය
පිහිටීමකොකාවිල්, මුලතිවු, ශ්‍රී ලංකාව
රටශ්‍රී ලංකාව
සමාප්තියක්‍රි.ව. 2011
විවෘත කිරීම2011 ජුනි 6
පිරිවැයශ්‍රී ලංකා රුපියල් මිලියන 330
උස
පියස්ස174 m (571 අඩි)

අතීතය

මුල් සම්ප්‍රේෂණ කුළුණ

1982 වසරේදී ජපන් රජයෙන් ලත් ආධාර මත මෙම කුළුණ පවතින ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් මුලින්ම ඉදිකරන ලදී. කුළුණ මගින් වවුනියාවෙන් ඔබ්බට වූ දිවයිනේ උතුරු ප්‍රදේශයට VHF සංඛ්‍යාත පරාසවලින් යුතු රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සිදු කෙරිණි.

ත්‍රස්තවාදීන්ගේ සම්ප්‍රේෂණ කුළුණ

නමුත් 1990 වසර පමණ වන විට කුළුණ සහිත ප්‍රදේශය දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කර ගත් අතර, ඔවුන් විසින් ඊට පෙරදී කුළුණ විනාශ කොට දමා තිබුණි. පසුව ඔවුන් (දෙමළ කොටි) විසින් එම භූමි පෙදෙසේම තාවකාලිකව අටවාගත් කුඩා කුළුණක් මගින් සිය ගුවන් විදුලි නාලිකාව වූ වොයිස් ඔෆ් ටයිගර්ස් ප්‍රචාරණය හා අනෙකුත් සම්ප්‍රේෂණ කටයුතු සිදුකර ගන්නා ලදී. 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ එම තාවකාලික සම්ප්‍රේෂණ කුළුණ හා උපකරණ වෙත බෝම්බ දමා විනාශයට පත් කර දමන ලදී.

නව කුළුණ ගොඩනැගීම

2009 වසරේදී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 330 ක පමණ මුදලක් වියදම් කොට මුල් කුළුණ ඉදිකොට තිබූ භූමියට ආසන්නයෙන්ම වත්මන් කුළුණ ගොඩනංවන ලදී. වර්ථමානයේදී කුළුණ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුල DVB-T2 තාක්ෂණය යටතේ ඩිජිටල් රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සහ ඇනලොග් රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සිදු කරයි.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "ද කොකාවිල් ටවර් ඉස් ද ටෝලස්ට් ට්‍රාන්ස්මිෂන් ටවර් ඉන් සවුත් ඒෂියා". ශ්‍රී ලංකා උතුරු පළාත් සභාව. සම්ප්‍රවේශය 19 අප්‍රියෙල් 2014.
  2. "ප්‍රසිඩන්ට් ඔපන්ස් කොකාවිල් ටවර් ටුබේ". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
  3. "කොකාවිල් ටවර් - ද කමියුනිකේෂන් බ්‍රිජ් ටු රීකන්සිලියේෂන්". ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය - ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
  4. "ශ්‍රී ලංකා එයාර්ෆෝස් බෝම්බ්ඩ් ඇන්ඩ් ඩෙස්ට්‍රෝයිඩ් Rs.30 මිලියන් වෝර්ත් ඔෆ් එල්ටීටීඊ'ස් රේඩියෝ ටවර් ඇන්ඩ් ඉක්විප්මන්ට් ඉන් කොකාවිල්". ඒෂියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.
  5. "එස්එල්ඒඑෆ් බෝම්බ්ස් බ්‍රෝඩ්කාස්ට් ටවර් ඉන් වන්නි". ලංකානිව්ස්පේපර්ස්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ පිළිබඳ තොරතුරු, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ යනු කුමක්ද? කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ යනු කුමක් දර්ශනය කරන්නේ?