කොණ්ඩුවටුවාන ජලාශය හෝ කොණ්ඩවට්ටවාන යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පුරාණ ජලාශයක් වේ. එය අම්පාර - ඉඟිණියාගල මාර්ගයේ අම්පාර වැවට ආසන්නව ඉදි කොට තිබේ.
ඉතිහාසය
කොණ්ඩුවටුවාන ජලාශය ක්‍රි. පූ. 1 - 3 වන සියවසේ ඉදිකරන ලද්දක් ලෙස සැළකේ. ජලාශය ආශ්‍රිතව සොයාගත්, 10වන සියවසේ හතරවන දප්පුල රජුගේ සමයට අයත් ආඥාවක් දැක්වෙන ශිලා පුවරුවකට අනූව, මෙම ජලාශයේ ජලය සඳහා බදු අය කරගත් බැව් සඳහන් වේ. එහි දිගාමඩුල්ලේ ඇරගම නම් වු ග්‍රාම සම්බන්ධයෙන් පනවන්නට යෙදුනු නියෝග මාලාවක් අඩංගු වේ.
නටඹුන්
ජලාශයට අයත් නටඹුන් අතර පැරණි ගොඩනැගිලි කොටස්, සිරිපතුල් කොටස් දැකගත හැකිවන අතර වර්ථමානයේ මෙම පුරාවිද්‍යා භූමිය, කොණ්ඩුවටුවාන හමුදා සටන් පුහුණු පාසලට අයත් සීමාව තුල පවතී.
මූලාශ්‍ර
- "කොණ්ඩුවටුවාන නටඹුන් හා ජලාශය". ශ්‍රී ලංකා ට්‍රැවල්. 2016-03-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2015.
- "කොණ්ඩවට්ටවාන වැව සහ බෞද්ධ නටබුණ්". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 8 ජනවාරි 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොණ්ඩුවටුවාන ජලාශය පිළිබඳ තොරතුරු, කොණ්ඩුවටුවාන ජලාශය යනු කුමක්ද? කොණ්ඩුවටුවාන ජලාශය යනු කුමක් දර්ශනය කරන්නේ?