අම්පාර

මුල් පිටුව | අම්පාර

අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ(හෙවත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙ) අග නගරයයි. තවද ලංකාවෙ විශාලත්වය අනුව 4වන දිස්ත්‍රික්කය වේ. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය (වර්ෂ 2001 දි) 20,309 වු අතර එයින් බහුතරය (96%) සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.

අම්පාර
නගරය
අම්පාර ඔරලෝසු කණුව
අම්පාර
ඛණ්ඩාංක: 7°17′0″N 81°40′0″E / 7.28333°N 81.66667°E / 7.28333; 81.66667
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයඅම්පාර දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයඅම්පාර නගර සභාව
 • සභාපතිඉන්දික නලීන් ජයවික්‍රම
ජනගහණය(2011)
 • මුළු20,309
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

ඉතිහාසය

අම්පාර එතරම් පැරණි නගරයක් නොවේ. 1949 දී ගල්-ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය ඇරඹීමට පෙර මෙහි නවීන නගරයක් නොවී ය. කෙසේ වුවද, දුටුගැමුණු රජ සමයේදී පවා (ක්‍රි. පූ. 2 වන සිය වස) මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට සාධක ඇත. එකල, දිගාමඩුල්ල ප්‍රදේශය කෘෂි කර්මාන්තයට නම් දැරූ ප්‍රදේශයක් විය.

දේශගුණය

අම්පාර නගරය ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් වේ. අවුරුද්දේ බොහෝ කාළවල ප්‍රදේශයට වර්ෂාව නොලැබේ. මාර්තු-සැප්තැම්බර් මාසවල එතරම් වර්ෂාව නොලැබේ. නගරයට අධික වැසි ලැබෙන්නේ ඊසානදිග මෝසම් වර්ෂා සමයෙහි, එනම් ඔක්තෝම්බර්-පෙබරවාරි කාලයේදී ය. නමුත් 2021 වසරෙ සිට වාර්.ෂික වර්.ෂාපතනයෙ සැලකිය යුතු වර්.ධනයක් ඇත.

සංචාරක ආකර්ෂණ

  • බුද්ධංගල ආරණ්‍ය සේනාසනය - අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මීට වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි. සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ.
  • සාම චෛත්‍යය, අම්පාර - අම්පාරේ පිහිටා ඇති සාම චෛත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදිකරන ලද සාම චෛත්‍යය අතුරින් එකක් වෙයි.
  • අම්පාර වැව - නගරයට සෘජුවම සම්බන්ධ වී අම්පාර වැව පිහිටා තිබේ.

අධ්‍යාපනය

අම්පාර නගරයෙ ප්‍රධාන පාසල්

1) D.S. Senanayake Central College

2) Am/ Kawanthissa National School

3) Am/ Bandaranayke Girls National School

4) Am/ Saddhathissa National School

5) Am/ Gamini National School

6) Am/ Hegoda sri Indrasara School

http://www.ampara.ds.gov.lk/index.php/en/schools.html සංරක්ෂණය කළ පිටපත 2022-03-02 at the Wayback Machine (last update 2012 )

අම්පාර නගරය අවට පිහිටි වෙනත් නගර

  • සමන්තුරේ
  • කල්මුනේ
  • අක්කරෙයිපත්තුව
  • පොතුවිල්
  • මහඔය
  • උහන
  • දමන
  • ඉගිනියාගල
  • වඩිනාගල
  • අරන්තලාව
  • පොල්වත්ත
  • නාමල් ඔය

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව

සිතියම්

  • East of Sri Lanka
  • Divisions of Ampara සංරක්ෂණය කළ පිටපත 2007-10-30 at the Wayback Machine
  • Detailed map of Ampara vicinity and Sri Lanka
  • Google Map සංරක්ෂණය කළ පිටපත 2012-02-24 at the Wayback Machine

බාහිර සබැදි

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, ස්ථානයක් මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්පාර පිළිබඳ තොරතුරු, අම්පාර යනු කුමක්ද? අම්පාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.