සාම චෛත්‍යය, අම්පාර

අම්පාරේ පිහිටා ඇති සාම චෛත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදිකරන ලද සාම චෛත්‍යය අතුරින් එකක් වෙයි. මෙම සාම චෛත්‍යය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර නගරයට ආසන්නව ඉදිකොට තිබෙයි.

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සාම චෛත්‍ය ගොඩ නංවා තිබේ. ඉන් එකක් අම්පාර තුලත්, ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, උණවටුන, ශ්‍රී පාද සහ වලපනේ හීද ඉදිකොට ඇත.

ඉතිහාසය

ශ්‍රී ලංකාද්වීපයහි මෙන්ම සමස්ථ ලෝ තලයෙහිම සාමය හා සමගිය තහවුරු කිරීමේ අරමුණින් ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ පූජ්‍ය නිචිදත්සු පූජි (Nichidatsu Fujii) නා හිමියන්ගේ (1885-1985) අනුශාසනා පරිදි උන්වහන්සේගේ එකුන් ශතක ජන්ම සංවත්සරය සැමරීම නිමිති කොට ගෙන ඉදිකරන ලද අම්පාර සාම චෙෙත්‍යය, වර්ෂ 1988 පෙබරවාරි 28 වන දින ඉරු දිනදී, එවක ශ්‍රී ලංකා ජනපති ජේ. ආර්. ජයවර්ධන විසින් විවෘත කරන ලදී.

විහාරය

අම්පාර ඔරලෝසු කණුවෙහි සිට ඉඟිනියාගල දෙසට වූ ඩී.ස් සේනානායක මාර්ගයෙහි කිලෝ මීටර 4 ක් පමණ දුරින් සාම චෛත්‍යය සහිත විහාරය පිහිටා තිබෙයි. විහාරයෙහි වූ ප්‍රධාන අංගයන් අතර, මහායාන ආකෘතිය අනූව ගොඩ නැංවූ බුද්ධ මන්දිරයක් සහ කුඩා බෝධි ශාඛාවක් දැක ගත හැකි වෙයි. විහාර චෛත්‍යය කුඩා පරිවාර චෙෙත්‍යයන් 99 කින් වටවී තිබෙයි.

ගැලරිය

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
  2. http://wikimapia.org/1621146/World-Peace-Pagoda-Ampara-Sri-Lanka-Nipponzan-Myohoji වර්ල්ඩ් පීස් පැගෝඩා, අම්පාර, ශ්‍රී ලංකා, නිප්පොන්සන් ම්යෝහෝජි (අම්පාර)
  3. http://tour.lk/sri_lanka/ampara/peace_pagoda.php සංරක්ෂණය කළ පිටපත 2017-05-20 at the Wayback Machine පීස් පැගෝඩා අම්පාර
  4. http://www.lonelyplanet.com/sri-lanka/the-east/ampara/sights/religious/japanese-peace-pagoda#ixzz3HFfAWPqm ජැපනීස් පීස් පැගෝඩා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාම චෛත්‍යය, අම්පාර පිළිබඳ තොරතුරු, සාම චෛත්‍යය, අම්පාර යනු කුමක්ද? සාම චෛත්‍යය, අම්පාර යනු කුමක් දර්ශනය කරන්නේ?