15 වැනි ශතවර්ෂයෙන් පසුව පුරාණ ලෝකය (අප්‍රිකා-යුරේසියාව) සහ නව ලෝකය (ඇමරිකාවන්) අතර විශාල වශයෙන් සිදුවූ ශාක, සතුන් සහ ලෙඩ රෝග යනාදිය හුවමාරු වීම් කොලොම්බියානු හුවමාරුව හෝ කොලොම්බියානු අතුරුමාරුව ලෙස හැඳින්වේ. ක්‍රිස්ටෝපර් කොලොම්බස් නමැති ගවේශකයාගේ නමින් මෙය හැඳින්වෙන අතර 1492 වර්ෂයේ දී ඔහු සිදු කළ මුහුදු ගමනින් පසුව ඇති වූ ලෝක වෙළඳාම සහ යුරෝපීය යටත්විජිතවාදයත් සමග මෙය සබැඳෙයි. ඇතැම් හුවමාරුවන් හිතාමතා සිදු කරන ලද ඒවා වූ අතර අනෙක්වා අනපේක්ෂිත විය. පුරාණ ලෝකයේ සිට නව ලෝකයට පැතිරුනු බෝවන රෝග හේතුවෙන් ඇමරිකා මහාද්වීපයෙහි ආදිවාසී ජනයාගෙන් සියයට 80 සිට 95 දක්වා ප්‍රමාණයක් මරණයට පත් වූ අතර, කැරිබියන් දූපත් හි ආදිවාසී ජනගහනය සම්පූර්ණයෙන්ම පාහේ නෂ්ටවීමට හේතු විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොලොම්බියානු හුවමාරුව පිළිබඳ තොරතුරු, කොලොම්බියානු හුවමාරුව යනු කුමක්ද? කොලොම්බියානු හුවමාරුව යනු කුමක් දර්ශනය කරන්නේ?