ගම්‍යා විජයදාස

ගම්‍යා විජයදාස යනු 2009 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දෙසැම්බර් 12 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හී පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය.

ගම්‍යා විජයදාස
Gamya Wijayadasa
උපත30 ජුනි 1986(1986-06-30)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයමියුසියස් විද්‍යාලය
Title2009 ශ්‍රී ලංකා රූ රැජින

මුල් අවදිය

පාසලේ 6 ශ්‍රේණිය තෙක් කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ගම්‍යා, පසුව සිංගප්පූරුවේ Marsiling විද්‍යාලයට ඇතුලත් වන ලදී. එහිලා සිය අධ්‍යාපන කටයුතු හමාර කල ඇය, පසුව මනෝවිද්‍යා උපාදියක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට යන ලදී.

වෘත්තීය දිවිය

2009 ජුලි 22 වන දින, එම වසර සඳහා දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත් ගම්‍යා එහිදී, සුන්දරම දෙපා හිමි යුවතිය, හොඳම පෞර්ෂත්වය හිමි යුවතිය සහ නිරෝගීම සම සහිත යුවතිය යන අනු තරඟ කාණ්ඩයන්හීද ජයග්‍රහණය හිමිකරගත්තාය.

වසර 10 ක් සිය රටට සිදුකල සමාජ සේවය අගයමින් 2009 ඔක්තෝම්බරයේදී ඇයට, එක්සත් ජාතීන්ගේ හොඳහිත ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ තානාපති තනතුරක් හිමිවූ අතර, ඇය මෙරට "තාරුණ්‍යයට හෙටක්" සංවිධානයේ සාමාජිකාවක් වන බවද පැවසේ.

2012 වසරේදී ගම්‍යා, මනිෂ් මනික්පූරි (Manish Manikpuri)ගේ Aalaap බොලිවුඩ් චිත්‍රපටියේ ගීතයකටද පෙනී සිටියාය.

රංගනයන්

වසර චිත්‍රපටිය චරිතය භාෂාව කරුණු
2012 Aalaap ගීතයක නර්ථනයකට පෙනී සිටීම හින්දි 'චඩ්ටි ජවානි' (ගීතයේ නම)

ආශ්‍රිත

  1. "ගම්‍යා විජයදාස | මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2009 | Folio වෝල් පේපර්ස් | බයොග්‍රැෆි ඔෆ් ගම්‍යා විජයදාස | ගම්‍යා විජයදාස බියුටිෆුල් පික්චර්ස් | ෆිල්ම් ෆෝටො ගැලරි | ෆෝටො ගැලරි | බයෝග්‍රැෆි |". Glamnglory.com. සම්ප්‍රවේශය 2014-03-08.
  2. "අයි ඩෝන්ට් එක්ස්පෙක්ට් ජැක්ලින් ටු හෙල්ප් මී: ගම්‍යා විජයදාස - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". Articles.timesofindia.indiatimes.com. 2012-02-15. සම්ප්‍රවේශය 2014-03-08.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්‍යා විජයදාස පිළිබඳ තොරතුරු, ගම්‍යා විජයදාස යනු කුමක්ද? ගම්‍යා විජයදාස යනු කුමක් දර්ශනය කරන්නේ?