ගිරුවා අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය අළුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භූමි පරිශ්‍රයේ ඉදිකොට තිබෙයි.
| ගිරුවා අම්බලම | |
|---|---|
අලුත්නුවර ගිරුවා අම්බලම | |
| සාමාන්‍ය තොරතුරු | |
| තත්ත්වය | සංරක්ෂිත |
| ගෘහනිර්මාණ ශෛලිය | අම්බලම |
| පිහිටීම | අලුත්නුවර, කෑගල්ල |
| රට | ශ්‍රී ලංකාව |
| නාමකරණයන් | පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය |
ඉදිකිරීම
දෙවන පරාක්‍රමභාහු රජුගේ (ක්‍රි.ව. 1236-1276) අගමෙහෙසිය වූ සුනේත්රාදේවී බිසව විසින්, අලුත්නුවරට පැමිණෙන බැතිමතුන් සහ මහ මග ගමන්කරන්නන්ගේ පහසුව සැළසීම උදෙසා, මෙම අම්බලම ඉදිකල බව සඳහන් වෙයි.
අම්බලමෙහි වහල ගල් කණු 16ක් මත රඳවා තිබෙන අතර, එම කුළුණු පළමු බුවනෙකභාහු රජුගේ සමයට අයත් යැයි විශ්වාස කෙරේ
සංරක්ෂණය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, මෙම අම්බලම සංරක්ෂණය කිරීමට පියවර යොදා තිබෙයි.
මූලාශ්‍ර
- "Gazette". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 162. 2 මැයි 1975.
- "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගිරුවා අම්බලම පිළිබඳ තොරතුරු, ගිරුවා අම්බලම යනු කුමක්ද? ගිරුවා අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?