ජපාන-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1952 වර්ෂයේදී යී.

ජපාන - ශ්‍රී ලාංකික සබඳතා

ජපානය

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තුල ජපාන තානාපති කාර්යාලය කොළඹත්, ජපානය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෝකියෝ වලත් පිහිටුවා තිබෙයි.2012 වසරේදී, ජපාන - ශ්‍රී ලංකා සම්බන්ධතාවයට වසර 60 ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී, සමරු උත්සවයක් සහ සමරු කාසියක් එලි දැක්වුනි.

2005 දී බීබීසී ලෝක සේවය විසින් සිදු කල සමීක්ෂණයකදී, 50% වූ ශ්‍රී ලාංකිකයින් ජපානය පිළිබඳ යහපත් ආකල්ප දැරූ අතර, 4% ප්‍රමාණයක් පමණක් විරුද්ධ මත දැරූහ.

මිතුදම

දිගු කාලයක පටන් ජපානය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ජාතිය ගොඩනැංවීමේ කටයුතු වෙනුවෙන් නොපැකිළිව ආධාර උපකාර සිදු තරයි.

පරිත්‍යාග

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල ජපානය විසින් මෙරටට සිදුකල පරිත්‍යාග අතර වේ.

සංචාර

  • 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සිව් දිනක නිල සංචාරයක් සිදු කරන ලදී.
  • 2014 සැප්තැම්බර් 7 වන දිනදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සිදු කරන ලදී.

ආර්ථික සබඳතා

1997 වසරේදී, ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC)) හි සාමාජික රටක් බවට පත්විය. එයට භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය සහ මියන්මාරය ද ඇතුලත් වෙයි. බිම්ස්ටෙක් හරහා නිදහස් වෙළඳ ගිවිසුමක් මගින් ජපානය සමග වෙළඳාම දියුණු කර ගත්තද, 2000 වර්ෂය වන විට එය දුර්වල විය. 2007 වසර වන විට, ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 2.4% ක් ජපානය වෙත සිදු කර ඇත. ජපානයට අපනයනය කරන මූලික භාණ්ඩයන් වන්නේ තේ, රබර්, විසිතුරු මසුන් සහ මැණික් ගල් වෙයි.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "එම්බසි ඔෆ් ජැපෑන් ඉන් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 2009-07-18.
  2. "එම්බසි ඔෆ් ශ්‍රී ලංකා ඉන් ජැපෑන්". සම්ප්‍රවේශය 2009-07-18.
  3. "ශ්‍රී ලංකා ඇන්ඩ් ජැපෑන් සෙලිබ්‍රේට් 60 ඉයර්ස් ඔෆ් ඩිප්ලොමටික් රිලේෂන්ස්". සම්ප්‍රවේශය 2012-09-14.
  4. සංරක්ෂිත පිටපත, http://www.globescan.com/news_archives/bbc06-3/index.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-18 
  5. සංරක්ෂිත පිටපත, http://www.rupavahini.lk/index.php/about-us, ප්‍රතිෂ්ඨාපනය 2014-03-24 
  6. http://www.ewisl.net/jayawardana/index.html[permanent dead link]
  7. සංරක්ෂිත පිටපත, http://www.presidentsoffice.gov.lk/index.php?option=com_k2&view=item&id=14:president-arrives-in-japan, ප්‍රතිෂ්ඨාපනය 2014-09-13 
  8. http://www.livemint.com/Politics/tbNLskxu2rctX0jnJEmn7O/Shinzo-Abe-becomes-first-Japanese-PM-to-visit-Sri-Lanka-in-2.html
  9. "ශ්‍රී ලංකා ෂුඩ් මේක් බෙටර් යූස් ඔෆ් එක්ස්සිස්ටිං ට්‍රේඩ් ඩීල්ස්: එක්ස්පර්ට්ස්". Bilaterals.org. 11 සැප්තැම්බර් 2007. සම්ප්‍රවේශය 2009-07-18.



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජපාන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ තොරතුරු, ජපාන-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක්ද? ජපාන-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක් දර්ශනය කරන්නේ?