ජේතවනාරාමය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුරාණ නගරයේ පිහිටා තිබූ විහාර සංකීර්ණයකි.
සංකීර්ණය
ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.
පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය (සාගලික නිකායට) අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
==ජේතවනාරාමය පිළිබදව කෙටි සටහනක් ==
ජේතවනාරාම බෝධීඝරය
8°21′06″N 80°24′13″E / 8.35167°N 80.40361°E
- This page incorporates content from Dr. Rohan Hettiarachchi's [1] සංරක්ෂණය කළ පිටපත 2011-04-08 at the Wayback Machine used with permission of website owner.
Ratnayake, Hema (1993) Jetavana. In The Cultural Triangle of Sri Lanka. Paris: Unesco Publishing/CCF.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේතවනාරාමය, අනුරාධපුර පිළිබඳ තොරතුරු, ජේතවනාරාමය, අනුරාධපුර යනු කුමක්ද? ජේතවනාරාමය, අනුරාධපුර යනු කුමක් දර්ශනය කරන්නේ?