ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය

මුල් පිටුව | ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය

ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය එසේත් නැත්නම් ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ('TSR, රුසියානු: Транссибирская магистраль, tr. Transsibirskaya magistral, IPA: [trənsʲsʲɪˈbʲirskəjə məgʲɪˈstralʲ]) යනු මොස්කව් සහ රුසියානු ඈත නැගෙනහිර සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය යි. සැතපුම් 5772 (9289km) දිගකින් යුතු මෙය ලොව දිගම දුම්රිය මාර්ගය යි. මාර්ගයේ අවසාන නැවතුම වන්නේ රුසියාවේ නැගෙනහිර කෙළවරෙහි පිහිටි ව්ලැඩිවොස්ටොක් නගරය යි. මෙම දුම්රිය මාර්ගයට මොන්ගෝලියානු, චීන සහ උතුරු කොරියානු දුම්රිය මාර්ග ශාඛා ද සම්බන්ධ වෙයි.

ට්‍රාන්ස් - සයිබීරියන් දුම්රිය මාර්ගය
Trans-Siberian line in red; Baikal–Amur Mainline in green
දළ විශ්ලේෂණය
තත්වයFunctioning
Localeරුසියාව
ගමනාන්තමොස්කව් දුම්රිය ස්ථානය
ව්ලැඩිවොස්ටොක්
ක්‍රියාකාරිත්වය
විවෘතය1916[තහවුරු කර නොමැත]
තාක්ෂණික
මාර්ගයේ දුර9,289 km (5,772 mi)
මාර්ග ආමානය1,520 මිමී (4 අඩි 11 27⁄32 අඟ)
මාර්ග සිතියම
  • v
  • t
  • e
ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය
ආඛායිකාව
0 මොස්කව්
73 සර්ජියෙව් පොසාඩ්
112 ඇලෙක්සන්ද්රෝව්
224 රොස්ටොව්
284 යාරෝස්ලාව්ල්
289 වොල්ගා නදිය
වොලොග්ඩා සහ ආක්හැන්ගෙල්ස්ක් වෙත ශාඛාව
501 ගලිච්
වෙට්ලුගා නදිය
957 කිරෝව්
1432 චෙප්ට්සා නදිය
1432 කාමා නදිය
1436 පර්ම්
1777 යුරෝපය/ආසියාව
යූරල් කඳුවැටි
ඉසෙට් නදිය
1816 යෙකාටරින්බර්ග්
2144 ට්යුමෙන්
ඉෂිම් නදිය
2712 ඔම්ස්ක්
3331 ඔබ් නදිය
3335 නොවොසි බිර්ස්ක්
3602 ඇන්සිරෝ-සුඩ්සෙන්ස්
4098 ක්‍රස්නෝයාස්ක්
4101 යෙන්සෙයි නදිය
4516 ටයිශෙට්
4520 බයිකල් අමුර් දුම්රිය මාර්ගය
5160 ඇන්ගාර්ස්ක්
5185 ඉර්කුට්ස්ක්
5311 ස්ලියුඩියන්කා
5358 බේකාල්ස්ක්
5642 Ulán-Udé
5655 ට්‍රාන්ස්-මොන්ගෝලියන් දුම්රිය මාර්ගය
7075
6199 Chitá
6312 ට්‍රාන්ස්-මැන්චුරියන් දුම්රිය මාර්ගය
7075
7273 අමුර්-යාකුට්ස්ක් දුම්රිය මාර්ගය
7306 Skovorodinó
7875 බ්ලැගොවෙෂ්චෙන්ස්ක් වෙතට
8351 බිරොබිඩ්සාන්
8515 අමුර් නදිය
8521 කබරොව්ස්ක්
Ramal a Nakhodka
9289 ව්ලැඩිවොස්ටොක්

ලෝකයේ වේලා කලාප (Time zones) හතක් හරහා දිවෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ගමන් කිරීමට දින අටක කාලයක් ගත වේ. ඒ අනුව ලොව තෙවන දීර්ඝතම තනි දුම්රිය සේවාව වන්නේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් දක්වා ඇති මෙම දුම්රිය සේවාව යි. මොස්කව් - යොන්ග්යැන්ග් (උතුරු කොරියානු නගරයක්) 6380mi (10,267km) සහ කීව් (යුක්රේනියානු නගරයක්) - ව්ලැඩිවොස්ටොක් 6888mi (11,085km) දුම්රිය සේවා පිළිවෙලින් දෙවන සහ පළමු වන ස්ථාන වල පසුවේ. එම සේවාවන් වලද වැඩි දුර ප්‍රමාණයක් යෙදී ඇත්තේ ට්‍රාන්ස්-සයිබීරියන් මාර්ගය ඔස්සේ යි.


මූලාශ්‍ර

  1. "ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය ඒ ඔබේ දිගම දුම්රිය ගමනයි". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 2019-01-05.
  2. "The Trans-Siberian Railway – the second longest railway in the world". January 31, 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය පිළිබඳ තොරතුරු, ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය යනු කුමක්ද? ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.