දැයට කිරුළ

දැයට කිරුළ යනු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ධූරකාලය තුල අැරඹි මහජන ප්‍රදර්ශනයකි.

දැයට කිරුළ ප්‍රදර්ශනය
දැයට කිරුළ ලාංඡනය
දළ විස්තරය
වර්ගයමහජන ප්‍රදර්ශනය
නමදැයට කිරුළ
නරඹන්නන්ගේ ප්‍රමාණයමිලියන ගණනක්
ස්ථානය
රටශ්‍රී ලංකාව

ආරම්භය

2007 වර්ෂයේදී ප්‍රථම වරට දැයට කිරුළ ප්‍රදර්ශනය අාරම්භ විය. අාරක්ෂක අංශ විසින් සිදුකරන කැපකිරීම් හා පරිත්‍යාග කිරීම් පිළිබඳව ජනතාවට අවබෝධ කරවීම, එසේම හමුදාව විසින් සිදුකරන යහපත සහ යුද්ධය නිමා කිරීමේ වැදගත්කම හුවාදැක්වීම එවක ප්‍රදර්ශනය පැවැත්වීමේ මූලික අරමුණ විය.

දැයට කිරුළ ප්‍රදේශ

2007

ප්‍රථම දැයට කිරුළ ප්‍රදර්ශනය 2007 වසරේ පෙබරවාරි 4 සිට 7 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. ප්‍රදර්ශනයේ තේමා පාඨය රට දිනන හෙට දිනට නම් විය.

2008

දේශීය අභිමානය, උරුමය, වත්මන් අභියෝග හා රටේ අාර්ථිකය යන මැයෙන් 2008 දැයට කිරුළ ප්‍රදර්ශනයද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. ප්‍රදර්ශනය පෙබරවාරි සිට 10 දක්වා පැවැතිණි.

2009

2009 තුන්වන දැයට කිරුළ අධ්‍යාපනික හා සංවර්ධන ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙබරවාරි 4 සිට 8 දක්වා පැවැත්විණි. ප්‍රදර්ශනයේ පළමු දිනය අාරක්ෂක දිනය ලෙස නම් කොට තිබුණි.

2010

62වන නිදහස් දිනට සමගාමීව 2010 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය මහනුවර පල්ලෙකැලේ ශ්‍රී ලංකා බෞද්ධ විද්‍යායතනයේ, පෙබරවාරි 4 සිට 10 දක්වා පැවැත්විණි.

ප්‍රදර්ශනයේ තේමා පාඨය පැළඳ එක කිරුළක් නැවුම් හෙට දවසක් නම් විය.

2011

5වන දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන මොනරාගල ක්‍රියාත්මක වූ අතර ප්‍රදර්ශනය බුත්තලදී පැවැත්විණි. ප්‍රදර්ශනයේ තේමා පාඨය අාශ්චර්යයේ කිරුළ නම් විය. පෙබරවාරි 4 සිට 10 දක්වා, අක්කර 160 ක භූමි භාගයකින් සමන්විතව තිබූ ප්‍රදර්ශනය නැරඹීම සඳහා මිලියන 2 ක ජනතාවක් පැමිණ තිබුණි.

2012

6වන දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන හා ප්‍රදර්ශනය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව අක්කර 2600 ක පමණ භූමි පරිශ්‍රයක පැවැත්වුණි. 2012 ප්‍රදර්ශනයේ තේමා පාඨය අාශ්චර්යයේ පුනරාගමනය නම් විය.

2013

2013 හත්වන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අම්පාර දී පැවැත්විණි. ප්‍රදර්ශනයේ තේමා පාඨය නැගෙනහිරුන්ගේ අාස්චර්යය නම් විය.

2014

8 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන හා ප්‍රදර්ශනය කුළියාපිටියේ දී පැවැත්විණි. ප්‍රදර්ශනයේ තේමා පාඨය අසිරිමත් සාමයෙන් ඉසුරුමත් දේශයක් නම් විය.

2015

2015 දැයට කිරුළ ප්‍රදර්ශනය සංවර්ධනයේ මහෝගය නාමයෙන් මාතර කොටවිල ප්‍රදේශයේදී පැවැත්වීමට රාජපක්ෂ රජය සැළසුම් කර තිබුණි. නමුත් 2015 ජනපතිවරණය මගින් රාජපක්ෂ පාලනය පෙරලී ගිය අතර, පසුව බළයට පත්වූ රජය විසින් එම ප්‍රදේශයේ දැයට කිරුළ සංවර්ධන කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කරමින් ප්‍රදර්ශනයේ උත්සව කටයුතු නවතා දමන ලදී.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "අබවුට් දැයට කිරුළ ඒක්සිබිෂන්". deyatakirula.gov.lk. 2013. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  2. "2007 දැයට කිරුළ". deyatakirula.gov.lk. 2011. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  3. "2008 දැයට කිරුළ". deyatakirula.gov.lk. 2011. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  4. "2009 දැයට කිරුළ". deyatakirula.gov.lk. 2011. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  5. "2010 දැයට කිරුළ". deyatakirula.gov.lk. 2011. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  6. "2011 දැයට කිරුළ". deyatakirula.gov.lk. 2011. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  7. "2012 දැයට කිරුළ". deyatakirula.gov.lk. 2013. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  8. "2014 දැයට කිරුළ එක්සිබිෂන් ඔ්පන්ඩ්". ශ්‍රී ලංකා පොලිස්. 2014. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
  9. "දැයට කිරුළ නවතියි". අද දෙරණ. 2015. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දැයට කිරුළ පිළිබඳ තොරතුරු, දැයට කිරුළ යනු කුමක්ද? දැයට කිරුළ යනු කුමක් දර්ශනය කරන්නේ?