දොරමඩලාව රජ මහා විහාරය

දොරමඩලාව රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොරමඩලාව ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් වේ.

දොරමඩලාව රජ මහා විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රට ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°25′29″N 80°29′38″E / 8.42472°N 80.49389°E / 8.42472; 80.49389
පිහිටීමඅත්තනගල්ල
ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය

දොරමඩලාව රජ මහා විහාරය, පණ්ඩුකාභය රජ සමයේ ඉදිකරන ලද විහාරයක් යැයි විශ්වාස කෙරේ.උන්මාද චිත්‍රා විසින් සිය සහෝදරයන්ගෙන් තම පුතු ආරක්ෂා කරනු වස් දාසියක අත පණ්ඩුකාභය කුමරු දොරමඩලාව නම් ග්‍රාමයට පිටත් කොට හැරීමේ ඉතිහාස කතාව මෙම විශ්වාසයට හේතු සාධක වී තිබේ.

විහාරය

දොරමඩලාව විහාරයේ වූ ලෙන් විහාර ගෙය ශ්‍රී ලංකාවේ දිගම ලෙන් විහාරයක් සේ සැළකේ. ඊට අමතරව සෙල් ලිපි, ටැම් ලිපි හා ලෙන් ලිපි කිහිපයක් විහාර භූමියේ දැකගත හැකිය. එහි වූ කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් හතර හා පර්වත ලිපිය වර්ථමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස සංරක්ෂණය කොට තිබේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "මහා සිංහලයේ සුජාත උරුමය සොයා ගියෙමි". දිවයින. සම්ප්‍රවේශය 2015-10-18.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දොරමඩලාව රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, දොරමඩලාව රජ මහා විහාරය යනු කුමක්ද? දොරමඩලාව රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?