නෙබුකැඩ්නෙසර් II

නෙබුකැඩ්නෙසර් II (i/ˌnɛbjʊkədˈnɛzər/; සැකිල්ල:Lang-arc; හීබෲ: נְבוּכַדְנֶצַּר Nəḇūḵaḏneṣṣar; පුරාතන ග්‍රීක: Ναβουχοδονόσωρ Naboukhodonósôr; අරාබි: نِبُوخَذنِصَّر nibūḫaḏniṣṣar; ක්‍රි.පූ. 642 – ක්‍රි.පූ. 562 පමණ) යනු ක්‍රි.පූ. 605 – 562 පමණ කාලයේ රාජ්‍ය කළ නව-බැබිලෝනියානු අධිරාජ්‍යයේ කැල්ඩියන් රජ කෙනෙකි. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන ඉදිකිරීම මෙන්ම ජෙරුසලමේ දේවස්ථානය විනාශ කිරීම ද සිදුකළේ ඔහු විසින් යැයි සැලකේ. ඔහු පිළිබඳ ඩැනියෙල්ගේ ග්‍රන්ථය සහ බයිබලයේ පොත් කිහිපයක ද සඳහන් වේ.

නබූ-කුඩුරි-උසර්
බැබිලෝනියාවේ රජ
II වන නෙබුකැඩ්නෙසර්ගේ රුව සමග ඔනික්ස් පාෂාණයක කැටයම් කළ අභිලේඛනයක්. ඇන්ටන් නයිස්ට්‍රෝම්, 1901.
රාජ්‍ය සමයක්‍රි.පූ. 605 – 562 පමණ
පූර්වප්‍රාප්තිකයානැබොපොලැසර්
අනුප්‍රාප්තිකයාඅමෙල්-මාර්ඩුක්
උපතක්‍රි.පූ. 642 පමණ
මරණයක්‍රි.පූ. 562 පමණ (80 වියැති)
පියානැබොපොලැසර්

අක්කාඩියානු නමක් වන නබූ-කුඩුරි-උසර් යන්නෙහි අර්ථය "නබු නබු දෙවියනි, මගේ පළමු පුත්‍රයා රැකගන්න" යන්නයි. මාර්ඩුක් දෙවියන්ගේ පුත්‍රයා වන නබු බැබිලෝනියානු ප්‍රඥාවේ දේවතාවා ද වේ. අභිලේඛනයක නෙබුකැඩ්නෙසර් තමන්ට ආමන්ත්‍රණය කොටගෙන ඇත්තේ නබුගේ "ආදරණීයයා" සහ "ප්‍රියතමයා" යන නාමයෙනි. මුලින් ඔහුගේ නම "නබු, මාගේ කුඩුරු රැකගන්න" ලෙස වරදවා අර්ථ දක්වා තිබිණි. එවිට කුඩුරු යනු දේපළවල අභිලේඛිත පාෂාණමය ඔප්පුවක් බඳු දෙයකි. කෙසේනමුත් පාලකයාගේ නමෙහි යෙදෙන විට කුඩුරු යන්නෙන් ආසන්න වශයෙන් "පළමුව උප්න පුත්‍රයා" හෝ "වැඩිමහල්ම පුත්‍රයා" යන්න අරුත් ගැන්වේ.හීබෲ නාමයේ ප්‍රභේද අතරට සැකිල්ල:Hebrew සහ සැකිල්ල:Hebrew (Nəḇuḵaḏreṣṣar) යන නම් ද ඇතුළත් වේ. ඔහුව බඛාත් නසර් යනුවෙන් ද හැඳින්වෙන අතර එහි අර්ථය "දෛවය ජයගන්නා" යන්නයි.

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  1. Anton Nyström, Allmän kulturhistoria eller det mänskliga lifvet i dess utveckling, bd 2 (1901)
  2. Harper, R. F. quoted in Peet, Stephen Denison (editor). 1900. “Editorial Notes,” The American Antiquarian and Oriental Journal. New York: Doubleday, vol. XXII, May and June, p. 207.
  3. Lamb, Harold. 1960. Cyrus the Great. New York: Doubleday, p. 104.
  4. Schrader, Eberhard. 1888. The Cuneiform Inscriptions and the Old Testament. London: Williams and Norgate, p. 48 (footnote).
  5. Chicago Assyrian Dictionary sub Kudurru Ca5'

වැඩිදුර කියවීමට

  • Chapter 23, "The Chaldaean Kings" in Georges Roux, Ancient Iraq (3rd ed.). London: Penguin Books, 1992. ISBN 0-14-012523-X
  • ABC 5 සංරක්ෂණය කළ පිටපත 2011-06-04 at the Wayback Machine: Chronicle Concerning the Early Years of Nebuchadnezzar
  • Nabuchodonosor on the Catholic Encyclopedia
  •  This article incorporates text from a publication now in the public domainEaston, Matthew George (1897). "Nebuchadnezzar". Easton's Bible Dictionary (New and revised ed.). T. Nelson and Sons. 
  •  This article incorporates text from a publication now in the public domain "Nabuchodonosor". Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913. 
  • Stefan Zawadski, "Nebuchadnezzar's Campaign in the 30th Year (575 BC): A Conflict with Tyre?" in Mordechai Cogan and Dan`el Kahn (eds), Treasures on Camels' Humps: Historical and Literary Studies from the Ancient Near East Presented to Israel Eph'al (Jerusalem, Magnes Press, 2008).
  • T. E. Gaston, Historical Issues in the Book of Daniel, Oxford: Taanathshiloh, 2005

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෙබුකැඩ්නෙසර් II පිළිබඳ තොරතුරු, නෙබුකැඩ්නෙසර් II යනු කුමක්ද? නෙබුකැඩ්නෙසර් II යනු කුමක් දර්ශනය කරන්නේ?