නෙරංජන් විජයරත්න

මුල් පිටුව | නෙරංජන් විජයරත්න

නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Neranjan Priyadarshana Dullewe Wijeyeratne) (උපත 9 අගෝස්තු 1956). මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ වරයෙකි. එම තනතුරු පුරා වසර 20 කාලයක් හෙබවූ පසුව දේශපාලනයට එක්විය. මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.

නෙරංජන් විජයරත්න
නෙරංජන් විජයරත්න දියවඩන නිලමේ ලෙසින්
උපත9 අගෝස්තු 1956 (1956-08-09) (වයස 69)
මහනුවර ශ්‍රී ලංකාව
නිවහනමිදුම වලව්ව, රඹුක්කන.
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනය
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයා(යන්)දේවිකා විජයරත්න
දරුවන්මෝක්ෂනා හා නවින්ද්‍ර
ආගමබෞද්ධ

මුල් දිවිය

නිශ්ශංක විජයරත්න හා නීටා දූල්ලෑව විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම අත්තා, ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන් වු අතර ඔහුගේ සොහොයුරු මනෝ වැවිලි සේවා අමාත්‍ය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු අනුරාධ සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් සොහොයුරු හා එකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.

දියවඩන නිලමේ

තම පියාගේ අඩිපාරේ යමින් හේ, මහනුවර, ශ්‍රී දළදා මාලිගාවෙහි දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය.ශ්‍රී දළදා මාලිගාව විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ තායිලන්තය ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, ජපන්, තායි සහ මියන්මාර ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. දියවඩන නිලමේ ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.

දේශපාලනය

දෙවන වාරයටත් දියවඩන නිලමේ ධූරය හෙබවීමෙන් අනතුරුව එම ධූරයෙන් නික්මුනු ඔහු ක්‍රියාකාරී දේශපාලනයට එළඹිණි.

පවුල් දිවිය

ආචාර්ය ලක්ෂ්මිනාත් හා චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක මෙනවිය සහ නෙරංජන් වර්ෂ 1984 දී විවාහ වූහ. ඔවුන් දෙපලගේ දියණිය මෝක්ෂනා නේරන්දිකා විජයරත්න (ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ පාරිසරික විශේෂඥවරියක ලෙස සේවයේ නියතු) හා ආචාර්ය නවින්ද්‍ර විජයරත්න (ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා පොලිටෙක්නික් විශ්ව විද්යාලයේ සහකාර මහාචාර්ය වරයකු ලෙස සේවයේ නියතු) නමින් පුතුකු ද වේ.

මෙයද බලන්න

  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්

ආශ්‍රිත

  1. මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු[permanent dead link]
  2. ශ්‍රී දළදා මාලිගාවේ දළදා කෞතුගාරයක්
  3. තායි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය
  4. Mokshana Wijeyeratne,Environmental Specialist, The World Bank (Colombo office සංරක්ෂණය කළ පිටපත 2023-03-08 at the Wayback Machine. World Bank Blogs.
  5. Dr. Navindra Wijeyeratne, Florida Polytechnic University, Florida, USA සංරක්ෂණය කළ පිටපත 2023-03-27 at the Wayback Machine.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෙරංජන් විජයරත්න පිළිබඳ තොරතුරු, නෙරංජන් විජයරත්න යනු කුමක්ද? නෙරංජන් විජයරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.