නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල

නෙළුම් පොකුණ රාජපක්ෂ රඟහල යනු ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රාසාංගික කලා රඟහලයි. කොළඹ පැරණි නොමෑන්ඩ්ස් ක්‍රීඩාපිටිය පිහිටි භූමියේ මෙම රඟහල ඉදිකර තිබේ.

නෙළුම් නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල
Nelum Pokuna
தாமரை குளம் பழைய மைனா திரையரங்கு
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයකලා සංකීර්ණය
ගෘහනිර්මාණ ශෛලියපෞරාණික
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
සමාප්තිය2011
විවෘතවූයේ15 දෙසෑම්බර් 2011
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාකහවිට ද සිල්වා සහ සමාගම
ව්‍යූහාත්මක ඉංජිනේරුයුන්ජෙයින් සමූහය

ඉදිකිරීම

චීන ජනරජයෙන් ඉදිකිරීම් වියදම් ලබාදුන් එය රුපියල් මිලියන 3000 ක් වේ. චීන රජයේ අධාර සහ ඔවුන්ගේ ශ්‍රම දායකත්වය හා කළමනාකාරීත්වය සමග ශ්‍රී ලංකා රජයේද සහයෝගයෙන් ඉදිකර ඇත. 2005 වසරේ අගෝස්තු 30 වැනිදා ඉදිකිරීම සඳහා ලංකාව හා චීනය අතර ගිවිසුම අත්සන් කෙරුණු අතර මෙය නිර්මාණය කළේ චීන වාස්තු විද්‍යා නිර්මාණ අධ්‍යයන ආයතනය මගිනි. චන්ද්‍රිකා බන්ඩාරනායක ජනපති සමයේ, මහින්ද රාජපක්ෂ මහතා කල ඉල්ලීමක් මත එම භූමිය වෙන්කර, එම දැවැන්ත ඉදිකිරීම සදහා ඉපැරණි පොළොන්නරුව නෙලුම් පොකුණ රඟහලේ අනුසාරය උකාහාගෙන සැලැස්ම ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ කල යෝජනවාට චීනයේ ගෘහනිර්මාණයද මුසු කිරීමට දෙපාර්ශවයේ එකඟතාවය පලකරන ලදී.

ව්‍යුහය

…ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයේ ආසන 1288 කි. ප්‍රධාන වේදිකාව විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙයි. කොටස් 4 කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයට මෙය නිම වී ඇත. මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3 ක් රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට අමතර තවත් ප්‍රේක්‍ෂකාගාර 2 ක් පවතී.මෙහි උස මීටර් 29 කි.

ගැලරිය

මූලාශ්‍ර

  1. "A National Treasure". සම්ප්‍රවේශය 2010-05-17.
  2. "Selected Projects". Kahawita De Silva & Associates. සම්ප්‍රවේශය 2011-12-04.
  3. "Design Awards". Kahawita De Silva & Associates. සම්ප්‍රවේශය 2011-12-04.

බාහිර සැබැදි

  • නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2012-01-07 at the Wayback Machine
  • නෙළුම් පොකුණ-ඉන්ටරැක්ටිව් සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල පිළිබඳ තොරතුරු, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල යනු කුමක්ද? නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල යනු කුමක් දර්ශනය කරන්නේ?