පංච මහා වාද

ලංකාවේ ස්ථාන පහකදී ආගමික කරුණු පදනම් කොට ගනිමින් බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපක්ෂය අතර සිදු වූ මහා වාද පහ පංච මහා වාදය ලෙස හැඳින්වේ.

බද්දේගම වාදය

1865 වර්ෂයේ පෙබරවාරි 8 වන දින, බද්දේගම ගනේගම ශාලාවකදී මෙම වාදය සිදුවිය. මීට බෞද්ධ පක්ෂයෙන් මොහොට්ටිවත්තේ, කහතොට, කහවේ, බුලත්ගොඩ, වැලිගම, පොතුවිල, සිප්කඩුවේ ආදී හිමිවරුන් සහභාගී වූ බව පැවසෙයි.

උදම්මිට වාදය

1866 වර්ෂයේ පෙබරවාරි 1 වන දින සතර කෝරලයෙහි උදන්විට විහාරස්ථානයේදී සිදුවිය. මීට බෞද්ධ පක්ෂයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි හා ක්‍රිස්තියානි පක්ෂයෙන් ජෝන් එඩ්වඩ් හුණුපොල නිළමේ යන අය ප්‍රධානව සහභාගී වූහ. මෙහිලා ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ සංවාදයට ලක්විය. එනම්

  • මැවුම්කරු පිළිබඳ
  • ගැලවුම්කාරු සහ විනිශ්චයකරු පිළිබඳ
  • සදාකාල ස්වර්ගය

ගම්පොල වාදය

වර්ෂ 1871 ජුනි 7 වන දින, ගම්පල ස්කෝලයේදී මෙම වාදය සිදුවිය. මීට බෞද්ධ පක්ෂයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් අන්දිරිස් බටුවන්තුඩාවේ පණ්ඩිත මහතාද, ක්‍රිස්තියානි පක්ෂයෙන් කාර්ටර් පාදිලිතුමා, සී. පී. රණසිංහ හා ගුණසේකර බර්තලමෙව්ස් යන පාදිලි අයද ප්‍රධානව සහභාගී වූහ.

පානදුරා වාදය

1873 අගෝස්තු 26 හා 28 යන දෙදින තුල පාණදුරේදී මෙම වාදය සිදුවිය. මෙම වාදය පංචමහා වාද අතුරින් වඩා වැදගත්ම වාදය ලෙස සැළකේ. මෙහිදී බෞද්ධ පක්ෂයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ ක්‍රිස්තියානි පක්ෂයෙන් දාවිත්ද සිල්වා පාදිලි යන අය ප්‍රධාන කථිකයෝ දෙදෙනා ලෙස සහභාගී වූහ. පානදුරේ ප්‍රසිද්ධ වූ කොස් මාමා යනුවෙන් ආමණ්ත්‍රිත (පී.එච්. ආතර් වී. දියෙස් ජාතික වීරයාණන්ගේ පියාණන් වූ පී.එච්. ජෙරමියේස් දියෙස් මහතාගේ දොඹගහවත්ත නම් පෞද්ගලික ඉඩමේ මෙම වාදය පවත්වා තිබේ.

එකල සිලෝන් ටයිම්ස් ප්‍රවෘත්ති පත්‍රයේ කතෘ ජෝන් කැපර් මහතා, මෙම විවාදයේ සමස්ථය, විවාදය කල වේලාවේදීම ඇඩ්වඩ් පෙරේරා මහතා ලවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට පිටපත් දහස් ගණනක් මුද්‍රණය කොට විසිරුවා හරිනු ලැබ තිබේ. (ජෝන් කැපර් මහතා හා ඇඩ්වඩ් පෙරේරා යන මහත්වරු ක්‍රිස්තු ලබ්දිකයින් යැයි සඳහන් වේ.) කැපර් මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම පිටපතක් අමෙරිකානු ජාතිකයෙක් වූ ෆිබල් මහතා විසින් ගාල්ලදී දැක එය සිය රටට ගෙන ගොස්, එහිලා නැවතත් මුද්‍රණය කොට බෙදා හැර තිබේ. එහිදී පාණදුරාවාදයේ විවාද තතු දුටු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ බ්ලවැස්කි මැතිණිය මෙරටට පැමිණ බුදු ධහමේ ප්‍රබෝධය ඇතිකරනු වස් කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශ වල පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම් පිහිටුවීමද, ගම් නියම්හී බෞද්ධ පාඨශාලා පිහිටුවීමටද පෙරමුණ ගන්නා ලදී.

ඌරුගොඩවත්ත වාදය

වර්ෂ 1899 සැප්තැම්බර් 3 වන ඉරු දින කොළඹ, ඌරුගොඩවත්ත තර්ක දේශනා ශාලාවේදී සිදුවිය.

මූලාශ්‍ර

  • පංච මහා වාද, බෞද්ධ සංස්කෘතික ම්‍යස්ථානය, ISBN 955-8873-05-5
  • පංච මහා වාද. බෞද්ධ සංස්කෘතික ම්‍යස්ථානය. ISBN 978-955-8873-05-5. {{cite book}}: Check |isbn= value: checksum (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පංච මහා වාද පිළිබඳ තොරතුරු, පංච මහා වාද යනු කුමක්ද? පංච මහා වාද යනු කුමක් දර්ශනය කරන්නේ?