පළමුවන පක්ෂ ක්‍රමය යනු දළ වශයෙන් 1792 හා 1824 අතර කාලයේදී එක්සත් ජනපදයෙහි පැවති දේශපාලන පක්ෂ යුග බෙදීමට දේශපාලන විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් විසින් භාවිතා කරන ඇමරිකානු දේශපාලන ආකෘතියකි. මෙම කාල සීමාවෙහිදී ජනාධිපතිධූරය, කොංග්‍රස් මණ්ඩලය, සහ ජනපද ආණ්ඩු යන්නෙහි පාලන බලය නතු කර ගැනුමට ජාතික පක්ෂ දෙකක් යත්න දැරූ බව පෙනෙයි: බොහෝ ලෙසින් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ පරිශ්‍රමයෙන් තැනුනු ෆෙඩරලිස්ට් පක්ෂය සහ, තෝමස් ජෙෆර්සන් සහ ජේම්ස් මැඩිසන් විසින් පිහිටුවුනු ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය මෙම පක්ෂ දෙක වූහ . 1800 දක්වා ෆෙඩරලිස්ට්වරුන් ආධිපත්‍යක වූ අතර, 1800 න් පසුව රිපබ්ලිකන්වරු ආධිපත්‍යක වූහ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන පක්ෂ ක්‍රමය පිළිබඳ තොරතුරු, පළමුවන පක්ෂ ක්‍රමය යනු කුමක්ද? පළමුවන පක්ෂ ක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?