බාර්සිඩ් පවුල යනු, කාර්තේජ් නම් පුරාතන නගරයේ සංගණ්‍ය පවුලක් විය; එහි සාමාජිකයන්ගෙන් බොහෝ අයෙක් රෝමානු ජනරජයේ දරුණු සතුරෝ වූහ. "බාර්සිඩ්" යනු ඉතිහාසඥයින් විසින් ප්‍රබන්ධ කෙරුණු නාමවිශේෂණමය ආකාරයක් විය (මේවාද හා සසඳන්න "රමසයිඩ්" සහ " අබෑසිඩ්"); සත්‍ය අපරනාමය වූයේ බාර්කා හෝ බාර්කාවරු වූ අතර, එහි අර්ථය වූයේ අකුණු ගැසීම යන්නයි. කනානීය සහ හෙබ්‍රෙව් භාෂා වල එන ברק බරාක්, අරාබි භාෂාවේ එන برق, බර්ක් සහ, අනෙකුත් සෙමිටික භාෂාවන් තුල දකිනු ලබන මෙවන් වචනද බලන්න.
පසුබිම
ක්‍රිපූ 3වන සියවසෙහිදී, බාර්සීඩ්වරු, කාර්තේජයෙහි පාලක කතිපයාධිපත්‍යයෙහි ප්‍රමුඛත්වය ගත් පවුල් අතරින් එකක් විය. . ඔවුන් සමහරවිට[සම්භූති චින්තනය?] තේරුම් ගන්නට ඇත්තේ මධ්‍යධරණී මුහුද වෙතට රෝමානු ජනරජයෙහි සම්ප්‍රසාරණය විසින් කාර්තේජයෙහි වෙළෙඳ බලයට තර්ජනයක් එල්ල වන බවයි. මේ අනුව, ඔවුන් පළමුවන පියුනික් යුද්ධයෙහි (ක්‍රිපූ 264-241) සටන් කල අතර දෙවන පියුනික් යුද්ධය (ක්‍රිපූ 218-201) සඳහා සූදානම් වූහ.
බාර්සිඩ්වරුන් විසින් අයිබීරියානු අර්ධද්වීපයෙහි කාර්තජේනියානු නගර කිහිපයක් ඇරඹූ අතර එයින් සමහරක් වර්තමානයේ වුව පවතිති. නිදසුනක් වශයෙන් මාවොන් සහ ආර්ට් හඩස්ට් (එහි නමෙහි ලතින් පරිවර්තනය යටතේ වඩාත් ප්‍රසිද්ධ විය: "කැර්තාගෝ නෝවා: - නව කාර්තේජය) සටහන් කර ගත යුතු අතර මෙය දැනට වර්තමාන ස්පාඤ්ඤයේ කර්තහේනා යන නම දරයි. බාර්සිලෝනා සඳහා ශබ්ද නිරුක්තියක් ලෙසින්ද මෙම නම භාවිතා වෙයි.
පවුල් සාමාජිකයෝ
මෙම පවුලේ සංගණ්‍ය සාමාජිකයෝ පහත දැක්වෙති.
කුලදෙටු හැමිල්කර් බාර්කා (ක්‍රිපූ 275-228), පළමුවන පියුනික් යුද්ධයෙහිදී (ක්‍රිපූ 264-241) සහ ඉක්බිතිව මර්සනරි යුද්ධයෙහිදී (ක්‍රිපූ 240-238) කාර්තජේනියානු ජෙනරාල්වරයෙක් ලෙසින් සේවය කළේය.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බාර්සිඩ්වරු පිළිබඳ තොරතුරු, බාර්සිඩ්වරු යනු කුමක්ද? බාර්සිඩ්වරු යනු කුමක් දර්ශනය කරන්නේ?