බීටු දෝෂ අනුපාතිකය

මුල් පිටුව | බීටු දෝෂ අනුපාතිකය

සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.

බීටු දෝෂ අනුපාතිකය (BER) යනු අධ්‍යයනයට ලක් වූ කාල පරාසයකදී ඇතිවූ බීටු දෝෂ සංඛ්‍යාව, සමර්පිත මුළු බිට් ගණනින් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවයි. BER යනු ඒකක විරහිත කාර්යසාධන මිම්මක් වන අතර බොහෝවිට ප්‍රතිශතයක් ලෙසින් දැක්වේ.

බීටු දෝෂ සම්භාව්‍යතාවය pe යනු BER හී ඇවෙක්සුම් අගය වෙයි. BER අගය, බීටු දෝෂ සම්භාව්‍යතාවයෙහි ආසන්න නිමානයක් (ඇස්තමේන්තුවක්) ලෙසින් සැලකිය හැක. දිගු කාල පරාසයක් තුලදී හා ඉහල බීටු දෝෂ සංඛ්‍යාවක් සඳහා මෙම නිමානය නිරවද්‍ය අගයක් ලබා දෙයි.

නිදසුන

නිදසුනක් ලෙසින්, පහත බීටු අනුක්‍රමය සම්ප්‍රේෂණය කෙරුණේ යැයි උපකල්පනය කරන්න:

0 1 1 0 0 0 1 0 1 1,

පහත බීටු අනුක්‍රමය ප්‍රතිග්‍රහණය වූයේ යැයි උපකල්පනය කරන්න:

0 0 1 0 1 0 1 0 0 1,

මෙම අවස්ථාවෙහිදී බීටු දෝෂ සංඛ්‍යාව (යටින් ඉරි ඇඳි බීටු ගණන) 3 කි. BER වන්නේ සාවද්‍ය බීටු 3 සමර්පිත බීටු ගණන වන 10 න් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව වන අතර, මෙනයින් BER වන්න් 0.3 හෝ 30% කි.

පැකට්ටු දෝෂ අනුපාතිකය

පැකට්ටු දෝෂ අනුපාතිකය (PER) (නැතහොත් සංකේත හෝ කට්ටි දෝෂ අනුපාතිකය) යනු සාවද්‍ය ලෙසින් සමර්පිත දත්ත පැකට්ටු (ආදි ලෙසින්.) ගණන සමර්පිත පැකට් ගණනෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවය. එහි එක් බීට්ටුවක් හෝ සාවද්‍ය නම්, පැකට්ටුවක් සාවද්‍ය ලෙසින් සැලකෙයි. PERහි ඇවෙක්සුම් අගය දැක්වෙන්නේ පැකට් දෝෂ සම්භාව්‍යතාවය pp ලෙසින් වන අතර, N බීටු ගණනක දත්ත පැකට් දිගක් සඳහා එය පහත පරිදී දැක්විය හැක:

pp=1−(1−pe)N{\displaystyle p_{p}=1-(1-p_{e})^{N}},

මෙහිදී බීටු දෝෂ එකිනෙකින් ස්වායත්ත බවට උපකල්පනය කෙරෙයි. කුඩා බීටු දෝෂ සම්භාව්‍යතාවන් සඳහා මෙය දළ වශයෙන් පහත පරිදී වෙයි:

pp≈peN{\displaystyle p_{p}\approx p_{e}N}

BER කෙරෙහි බලපාන සාධක

සන්නිවේදන පද්ධතියකප්‍රතිග්‍රාහකය දිසාවෙහි BER වෙත බලපැම් ඇති කරන්නේ, සම්ප්‍රේෂණ නාලිකාවේ ඝෝෂාව, නිරෝධනය, කුරූපණය, බීටු සමමුහූර්තකරණ ගැටළු, භායනය, නොරැහැන් බහුපථ මැලයීම, ආදිය විය හැකිය.

මෙයද බලන්න

  • නිපාත දේෂය
  • දෝෂීය තත්පරය
  • විටර්බි දෝෂ අනුපාතිකය

ආශ්‍රිත

 මෙම ලිපිය තුල ඇතුලත්ව ඇත්තේ  පොදු වසම කරුණු වන අතර ඒවා ලබා ගෙන ඇත්තේ ජෙනරල් සර්විසර්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ලේඛය "ෆෙඩරල් ප්‍රමිතිය 1037C" (MIL-STD-188 සඳහා ආධාරකයක් ලෙසින්).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බීටු දෝෂ අනුපාතිකය පිළිබඳ තොරතුරු, බීටු දෝෂ අනුපාතිකය යනු කුමක්ද? බීටු දෝෂ අනුපාතිකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.