බොදු බල සේනා

බොදු බල සේනා යනු ශ්‍රී ලංකාවේ කොළඹ අගනුවර පදනම් කොට ගත් සිංහල බෞද්ධ දේශානුරාගී සංඟ සංවිධානයකි.

බොදු බල සේනා
ලාංඡනය
සංස්ථාපනය7 මැයි 2012; වසර 13 කට පෙර (2012-05-07)
වර්ගයබෞද්ධ සංවිධානයකි
අභිප්‍රායReligious activism
මූලස්ථානයබොදු බල සේනා මෙහෙයුම් කාර්යාලය, බෝධි බෞද්ධ මධ්‍යස්ථානය, හයිලෙවල් පාර, කිරුලපන, ශ්‍රී ලංකා,
ඛණ්ඩාංක6°53′45.90″N 79°51′36.20″E / 6.8960833°N 79.8600556°E / 6.8960833; 79.8600556
ප්‍රදේශය සේවය සැපයෙන
ශ්‍රී ලංකාව
Secretary General
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
නායක
පූජ්‍ය කිරම විමලජෝති හිමි
ජාතික සංවිධායක
පූජ්‍ය විතානන්දෙනියේ නන්ද හිමි
ප්‍රධාන විධායක නිලධාරි
ඩිලන්ත විතානගේ මහතා
වෙබ් අඩවියbodubalasena.net

ටයිම් සඟරාවට අනූව බොදු බල සේනා සංවිධානය "ශ්‍රී ලංකාවේ වඩාත් බලවත්ම බෞද්ධ සංවිධානය" ලෙස හැඳින්වේ.

සංවිධානය

පූජ්‍ය කිරම විමලජෝති සහ ගලගොඩ අත්තේ ඥාණසාර හිමිවරු, ජාතික හෙළ උරුමය වෙතින් ඉවත්වීමෙන් අනතුරුව, උන්වහන්සේලා විසින් බොදු බල සේනා නමින් මෙම සංවිධානය ආරම්භ කරන ලදී. ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට පෙර ජාතික හෙළ උරුමයෙන් 2004 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී තිබුණි.

පූජ්‍ය කිරම විමලජෝති හිමි බොදු බල සේනා සංවිධානයේ නායක පදවිය උසුලන අතර පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සංවිධානයේ මහ ලේකම් පදවිය දරයි.

සංවිධානයට අයත් ප්‍රධාන මූලස්ථානය කොළඹ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පිහිටුවා තිබෙයි. ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයත් වන්නක් වන අතර, එම සංවිධානය පිහිටුවන ලද්දේ එහි නායක පදවිය දැරූ පූජ්‍ය කිරම විමලජෝති හිමි විසිනි. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 2011 මැයි 15 වන දින ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී.

දැක්ම

බුදු දහම පරපුරින් පරපුරට සුරකින බෞද්ධ සමාජයක් බිහි කිරීම

මෙහෙවර

“බුදු දහම පරපුරිප් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්තිථිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ පරම අපේක්ෂාවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලීව පෙළ ගස්වා නායකත්වය ලබාදීම පිණිස , ගෝලීය අභියෝග ජවගත හැකි උත්තරීතර භික්ෂු පරපුරක් නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කොය රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබාදීම”

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ වගකීම වන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිණිස විවිධ වැඩ සටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බොදු බල සේනාව කටයුතු කරයි. උක්ත දැක්ම කරා ළඟාවීමට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් හා ව්‍යාපෘති, ප්‍රධාන දිශානතීන් දොළසක් ඔස්සේ සම්පිණ්ඩනය කළ හැක.

  1. බෞද්ධ සමාජයක්
  2. අභීත අදීන භික්ෂු පරපුරක්
  3. භික්ෂු අධ්‍යාපනය නවීකරණය හා ප්‍රතිසංවිධානය කිරීම
  4. බෞද්ධ විහාරස්ථාන ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම
  5. මෙහෙණි සසුන සංවර්ධනය කිරීම
  6. දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින්ගේ හා බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම
  7. ධර්ම ප්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩ නැංවීම
  8. බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන සංවිධාන ගොඩ නැගීම හා ජාලගත කිරීම
  9. බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපනය කිරීම
  10. බෞද්ධ ව්‍යාපාර ගොඩනැගීම හා ආරක්ෂා කිරීම
  11. බෞද්ධ පුරා විද්‍යාත්මක ස්ථාන සුරැකීම
  12. බෞද්ධ විරෝධී අභියෝග වලට මුහුණදී ආරක්ෂාවීම සඳහා පියවර ගැනීම


බොදු බල සේනා සහ බෞද්ධ පුනරුදය






රට යලිත් බෙදන පළාත් සභාවට එරෙහිව බොදුබල සේනා බෞද්ධ සංවිධාන 60ක් සමග 2013/07/02/ මහරගමදී.මෙම බොදු සමලුවට පහළොස්දහසකට අධික ජනකායක් හා බෞද්ධ භික්ෂුන් සහ භික්ෂුණින් වහන්සේලා රැසක්ද සහභාගී වුයේය.








පනස්දහසකට අධික බෞද්ධ ජනයා රැස්වූ මහියංගනය බොදු බල සේනා බොදු මහා සමලුව 2013/08/02 දින මහියංගන නගරයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම





බොදු බල සේනා මහනුවර බොදු සමලුව 2013/03/17 වන දින නුවර දළදා මාලිගාව අභියසදී පැවැත්වුණි.මෙම බොදු සමලුව සදහා බෞද්ද භික්ෂුන් ඇතුළු බෞද්ධ ජනයා තිස්දහසකට අධික ප්‍රමාණයක් පැමිණියේය.

ආශ්‍රිත

  1. රසූල්ඩින්, M. D. (8 ජූලි 2012). "ලංකන් මිෂන් ස්ලෑම්ස් ෆෝල්ස් රිපෝර්ට් ඔන් ජෙයිල්ඩ් මේඩ්". ඇරබ් නිව්ස්.
  2. බීච්, හනාහ් (1 ජූලි 2013). "වෙන් බුඩිස්ට් ගෝ බෑඩ්". ටයිම් (නිව් සීලන්ඩ් එඩිෂන්). 182 (1): 19. {{cite journal}}: |access-date= requires |url= (help)
  3. ගාමිණී කරුණාසේන; වසන්ත රූපසිංහ (9 ජනවාරි 2013). "ශ්‍රී ලංකන් බුඩිස්ට් චව්විනිස්ට්ස් ප්‍රවෝක් වයලන්ස් එගේයින්ස්ට් මුස්ලිම්ස්". වර්ල්ඩ් සෝෂියලිස්ට් වෙබ් සයිට්.
  4. "ජෙනරල් ඉලෙක්ෂන් 2004 ප්‍රිෆරන්සස්" (PDF). ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉලෙක්ෂන්, ශ්‍රී ලංකා.
  5. එදිරිසිංහ, දසුන් (28 ජනවාරි 2013). "බොදු බල සේනා රීග්‍රෙට්ස් ඇක්ට්ස් කොමිටඩ් බයි අදර්ස් ඉන් ඉට්ස් නේම්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව).
  6. "බොදු බල සේනා ටු ඇසෙප්ට් ගාර්ඩියන්ශිප් ඔෆ් ඕර්ෆන්ස්". මිරර්.එල්කේ. 27 මාර්තු 2013.
  7. රාජසිංහම්, K. T. (18 මාර්තු 2013). "බොදු බල සේනා ටු ටෝන් ඩවුන් ඉට්ස් ස්ටෑන්ස් ඔන් මුස්ලිම්ස්". ඒෂියන් ට්‍රිබියුන්. 2015-02-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-10-12.
  8. "බුඩිස්ට් කල්චරල් සෙන්ටර් ඕපන්ඩ්; හැව්ලොක් රෝඩ්. රීනේම්ඩ් 'සම්බුද්ධ ජයන්ති මාවත'". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 15 මැයි 2011.
  9. කුමාරසිංහ, උදිත (15 May 2011). "බුඩිස්ට් කල්චරල් සෙන්ටර්: ග්‍රෑන්ඩ් ඕපනිං ටුඩේ". සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව). 12 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බොදු බල සේනා පිළිබඳ තොරතුරු, බොදු බල සේනා යනු කුමක්ද? බොදු බල සේනා යනු කුමක් දර්ශනය කරන්නේ?