මරුවල්ලිය නමින් අදට භාවිතා වන මාරලිය නම් නුවර යුගයේ ඉපැරණි අංගම්පොර පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී ප්‍රසිද්ධියට පත් මරුවල්ලිය කුමාරිහාමි නොහොත් ගලගොඩ කුමාරිහාමී නොහොත් ගලගොඩ දිසාපතිනිය නම් සටන් කාරියකගේ වෘතාන්තයක් හා සම්බන්ධ වේ. ඇයු පිරිමි වේශයෙන් ගොස් රජු ඉදිරියේ ඌරා ළිඳේ සටනක් කොට සුදලිය පරම්පරාවට අයත් පනික්කිරාළ කෙනෙකු මැරූ බව ඉතිහාසයේ කියවේ. මෙම පරම්පරාවේ අන්තිම මූලාශ්‍රය හමුවන්නේ 1818 කැරැල්ලේදී හමුවන ගලගොඩ දිසාව නම් දක්ෂ කඩු සටන් කරුවෙකුගෙනි.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මරුවල්ලිය පරම්පරාව පිළිබඳ තොරතුරු, මරුවල්ලිය පරම්පරාව යනු කුමක්ද? මරුවල්ලිය පරම්පරාව යනු කුමක් දර්ශනය කරන්නේ?