මහේශ්වරී යනුවෙන් හැඳින්වෙන්නේ මහේශ්වර් හෙවත් මහේෂ (ශිව) දෙවියන්ගේ ශක්තියයි. මහේශ්වරී රෞද්‍රී, රුද්‍රාණි, ශංකරී, ශිවා සහ මහේෂී යන නම්වලින් ද හැඳින්වෙන්නේ ශිව සඳහා යෙදෙන රුද්‍ර, ශිව්, ශංකර සහ මහේෂ යන නම් අනුසාරයෙනි.
| මහේශ්වරී | |
|---|---|
ශිවගේ ශක්තිය | |
| දේවනාගරී | माहेश्वरी |
| අනුබැඳිය | දේවී, මාත්‍රිකා, පාර්වතී |
| ආයුධය | ත්‍රිශූලය, දම්රූ, අභය මුද්‍රාව, වරද මුද්‍රාව |
| වල්ලභයා | රූරු භෛරව |
| වාහනය | ගවයා |
මහේශ්වරී නන්දි ගවයා මත අසුන්ගෙන සිටිනු නිරූපිත අතර අත් දෙකක් හෝ සතරක් තිබිය හැක. නෙත් තුනකින් යුත් මැය ත්‍රිශූලයක් සහ උඩැක්කියක් දරා සිටින අතර සෙසු අත් අභය මුද්‍රාව සහ වරද මුද්‍රාවෙන් යුතුව නිරූපණය කෙරේ. ඇය සර්ප ගෙල පළඳනාවකින් ද, අඩ සඳකින් ද සැරසී සිටින අතර සර්පයකු මගින් සිය හිස සරසා සිටියි. ශිව දෙවියන් සේම ඇගේ ද ගෙල වටා සර්ප රුවක් දැකගත හැක.
මේවාත් බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහේශ්වරී පිළිබඳ තොරතුරු, මහේශ්වරී යනු කුමක්ද? මහේශ්වරී යනු කුමක් දර්ශනය කරන්නේ?