මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර දැඩි සබඳතාවයක් ඇති බව පෙනීයයි. |
මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව පිට්ටුගල යන ප්‍රදේශයේ පිහිටා ඇත. බුදු පසේබුදු අරහන්තක මහා විහාරය ලෙස ද හඳුන්වන මෙම අසපුව වර්ෂ 2001 දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ප්‍රධාන ශාඛාවක් ලෙස ඇරඹි මෙහි වැඩ කොටස් කොටස් ලෙස සිදුකල අතර සම්පූර්ණ වශයෙන්න්නේ වැඩ නිමවා ගෞතම බුදු සසුන වෙත පූජා කිරීම වර්ෂ 2025 අප්‍රේල් මස 12 වන දින එනම් ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දීන උත්සවශ්‍රීයෙන් සිදුවිය.
| මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව-බුදු පසේබුදු අරහන්තක මහා විහාරය | |
|---|---|
ශ්‍රී ඝටීකාර මහා සෑය සහ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | මහමෙව්නාව භාවනා අසපුව,පිට්ටුගල,මාළඹේ,ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 6°54′33.2″N 79°58′13.6″E / 6.909222°N 79.970444°E |
| අනුබැඳියාව | ථේරවාද |
| රට | ශ්‍රී ලංකාව |
| වෙබ්අඩවිය | අඩවිය |
| ගෘහනිර්මාණ විස්තර | |
| ආදිකර්තෘ | කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි |
| සම්පූර්ණ කෙරුණේ | 2025 |
| සම්පූර්ණ විස්තර | |
| උස (උපරිම) | අඩි 160 ක් පමණ. |
මෙම අසපුවේ පවතින පස් මහල් විහාර මන්දිරය නිසා මේ අසපුව "බුදු පසේබුදු අරහන්තක විහාරය" ලෙස හදුන්වන අතර එහි පලමු මහල හෙවත් බිම් මහලේ සංඝයාගේ පරිහරණය උදෙසා වන කුටි,සංඝාවාසය සහ දාන ශාලාවන්ගෙන් සමන්විත අතර, දෙවන මහලේ අරහන්තක මන්දිරය ද,තෙවන මහලේ පසේබුදු මන්දිරය ද,සිව්වන මහලේ සත්බුදු මන්දිරය ද හා ආකාශ බොධි මණ්ඩපය ද,පස්වන මහල හෙවත් ඉහළ මහලේ ඝටීකාර මහා සෑය ද පවතී.මෙම පස්මහල් විහාර මන්දිරය බුදු,පසේබුදු,අරහන්තක යන තුන් පිරිස උදෙසා ඉදිකල පළමු විහාරය වන අතර එබැවින් මෙය ප්‍රථම තුන්තරා බෝධි විහාරය ලෙස ද සලකනු ලබයි.
එසේම මහාමේඝ පුවත් සඟරාව, මහාමේඝ බුද්ධ භූමි වන්දනා හා තාවතිංස යාත්‍රා යන සංවිධාන පවත්වාගෙන යනුලබන්නේ ද මාළඹේ අසපුව ප්‍රධාන කොට ගෙනය.
ශ්‍රී ඝටීකාර මහා සෑය
කාශ්‍යප බුදු සසුනේ අග්‍ර උපාසක ධුරය දරා හිඳ අනාගාමී ඵලයට පත්ව, බඹ ලොව පහළ වුණු එසේම ගෞතම බුදු සසුනේ ද ශ්‍රාවකත්වය දරා වැඩසිටින හා සම්බුදු සසුන සුරකින්නට බොහෝ උපකාර කරන ඝටීකාර බ්‍රහ්ම රජුගේ ශ්‍රී නාමය උපහාර පිණිස ඉදිවූ ලොව එකම ස්ථූපය වේ.
පරිවාර ස්ථූප 8 කින් ද සමන්විත වන මේ මහා සෑයේ වැඩකටයුතු 2011 දී ඇරඹුණු අතර මල්කම්,ලියකම් වලින් අලංකාරවත් කරන ලද සුවඳවත් සතරැස් කොටුවේ සර්වඥ ධාතූන් වහන්සේලා හා අරහන්තක ධාතූන් වහන්සේල නිධන් කිරීම 2014 සැප්තැම්බර් මස සිදුවිය.
ශ්‍රී පිලින්දිවච්ඡ සුගන්ධ කුටිය
ශ්‍රී ඝටීකාර මහා සෑයේ ප්‍රධාන ධාතු ගර්භයේ වැඩකටයුතු 2023 දී ආරම්භ වුණු අතර අලංකාරවත් සිතුවම්,මල්කම්,ලියකම් සහිතව ඉදිකල එහි ප්‍රධාන ධාතු නිධානෝත්සවය 2025 වසරේ බක් පුන් පොහෝ දින සිදුවිය.
එහි ප්‍රධාන ධාතු කරඬුව රන් ආලේපිත අතර එය විචිත්‍ර කැටයම් සහිත සුවඳවත් දැවමය ධාතු ආසනයක් මත තැන්පත් කර තිබේ.ඒ වටා රන් ආලේප ලෝහමය සම්බන්ධ ප්‍රතිමා,අරහන්තක ප්‍රතිමා සහ ස්තූප අනුරූ තැන්පත් කර තිබේ.ධාතු කරඩුව තුල ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේල 4 නමක් සහ පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේල 60 නමක් වඩා හිදුවා තිබේ.එම නිසා මෙම ධාතු මන්දිරය "ශ්‍රී පිලින්දිවච්ඡ සුගන්ධ කුටිය" ලෙස හදුන්වනු ලැබේ.ඊට අමතරව ශ්‍රී ඝටීකාර මහා සෑය ද ඒ හේතුවෙන් ශ්‍රී පිලින්දිවච්ඡ මහා සෑය , ශ්‍රී ඝටීකාර පිලින්දිවච්ඡ මහා සෑය යන නම් වලින්ද හදුන්වනු ලැබේ.ඒ අනුව මෙම මහා සෑය පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේගේ වැඩි ප්‍රමාණයක් ධාතු නිධපිත ලෝකයේ එකම ස්ථූපය ද වේ.
ප්‍රධාන ධාතු කරඩුවට ඉහලින් කැටයම් කරන ලද රන් ආලේපිත වෘත්තාකාර ලෝහමය වාහලයකින් සමන්විත වන අතර කරඩුව වටා ධාතූන් වහන්සේල වන්දනා කිරීමට පැමිණෙන ඝටීකාර බ්‍රහ්ම රාජයා ප්‍රධාන බඹ පිරිස හා සක්දෙව් රජු,සුසීම දෙව්රජු,විස්කම් දෙව්රජු,සතරවරම් දෙව්රජවරු ආදී දෙවිවරු ජීවමාන අයුරින් සිතුවම් කර තිබේ.
ඊට අමතරව ස්ථූප මලුවේ ඇති ප්‍රකාර බැම්ම අඩි 160 ක පමණ අලංකාරවත් පෙරහැර කැටයමකින් අලංකාර කර තිබේ. ස්ථූපය වටා වාහල්කඩ සතරක් පවතින අතර එක් එක් වාහල්කඩ දෙපස ද්වාර 2 බැගින් සම්පූර්ණ ද්වාර 8 කින් ප්‍රධාන ධාතු ගර්භය තුලට පිවිසිය හැකි ලෙස නිර්මාණය කර තිබේ.මෙම ප්‍රධාන ධාතු ගර්භය දැකගැනීමට සෑම විටම විවෘත කර නොතිබෙන වසරකට වරක් පමණක් එය ප්‍රදර්ශනය කෙරේ.
ශ්‍රී ඝටීකාර මහා සෑ වන්දනා ගාථාව
කස්සප දසබල මුණිණෝ
අග්ඝෝ පට්ඨාය ඝං ඉඳ
අනාගාමි උපාසකං
බ්‍රහ්මලෝකූපගංවරං
සප්පුරිෂ බ්‍රහ්මරාජස්ස
තස්ස නාමේන කාරිතං
ඝටීකාරං නාම ථූපං
වන්දාමි සාදරේමහං
ශ්‍රී සත්බුදු මන්දිරය
කල්ප සියයක් ඇතළත ලොව පහල වී වදාල විපස්සී,සිඛී,වෙස්සභූ,කකුසඳ,කෝණාගමන,කාශ්‍යප හා ගෞතම යන සත්බුදුරජාණන් වහන්සේල උදෙසා මේ විහාර මන්දිරය ඉදිකර ඇත.මෙම විහාර මන්දිරයේ වැඩකටයුතු වසරේ ඇරඹුණු අතර 2022 වසරේ දී වැඩ නිමවීය.
මෙහි මධ්‍යයේ ආසනයේ ජීවමාන අයුරින් නිරූපණය වන සේ ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකල හිඳි බුද්ධ ප්‍රතිමාවක් පවතින අතර එය ධ්‍යාන මුද්‍රාව සහිත වේ.ඒ වටා ප්‍රදක්ෂිණ පථයක් පවතින අතර ප්‍රදක්ෂිණ පථය වටා විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා වන බුදුරජාණන් වහන්සේල සය නම උදෙසා හිටි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර තිබේ.
මේ සත්බුදු මන්දිරය තුලින් ම ආකාශ බෝධි මණ්ඩපය වෙත පිවිසිය හැකිමුත් මේ වන විට එහි බෝධීන් වහන්සේ වර්ධනය වන විට ඇති වන ගැටලු මත පහල භූමියේ වෙනම බෝධි මණ්ඩපයක් ඉදිකර රෝපණය කර තිබේ.
ශ්‍රී පසේබුදු මන්දිරය
බුද්ධ ශාසන දෙකක් අතර කාලේ පහළවන පසේබුදු රජාණන් වහන්සේල උදෙසා මේ විහාර මන්දිරය ඉදිකර තිබේ.පසේබුදු රජාණන් වහන්සේල උදෙසා ලෝකයේ ඉදිකර ඇති ප්‍රථම හා එකම විහාර මන්දිරය මෙය වන අතර මෙහි පසේබුදුවරු 8 නමක් නිරූපණය කරමින් පච්චේක බුද්ධ ප්‍රතිමා 8 නමක් නිර්මාණය කර තිබේ.
එසේම ත්‍රිපිටක ග්‍රන්ථ තුල සදහන් වන පරිදි උන්වහන්සේල වැඩසිටින ගන්ධමානව නම් පර්වතය පාමුල ඇති "මණ්ජූස්රක වෘක්ෂය" ද නිර්මාණය කර තිබේ.පසේ බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ බව එහි සිටින අනෙක් පසේබුදු රජාණන් වහන්සේල දැනගන්නා විශාල ප්‍රමාණයක් රේණු සහිත රන්මල් ද වෘක්ෂය පුරා නිර්මාණය කර තිබේ.තවද ත්‍රිපිටක ග්‍රන්ථ තුල පසේබුදුවරු තනි අඟකින් යුතු කගවේනකුට උපමා කර ඇති අතර එය නිරූපණය කිරීමට මෙම මන්දිරය පුරා තනි අඟකින් යුතු කගවේන රූප මන්දිරය පුරාවට කැටයම් කර ඇත.
ඊට අමතරව මේ මන්දිරය ස්වාමීන් වහන්සේලා උදෙසා බවුන් වැඩීමට භාවනා ශාලාවකින් ද සමන්විත වේ.
ශ්‍රී අරහන්තක මන්දිරය
බුද්ධ ශාසනයක පහළ වන නික්ලේශී අරහත් උතුමන් උදෙසා ඉදිකර ඇති මෙම විහාර මන්දිරයේ වැඩ ආරම්භ වන්නේ වසරේ දී වන අතර වසරේ දී වැඩ නිමවිය.
මෙයට ඇතුලු වන විටම ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ දර්ශනය වන අතර එම ප්‍රතිමාව දෙපස සාරිපුත්ත-මොග්ගල්ලාන අග්‍රශාවක ප්‍රතිමාව නිර්මාණය කර තිබේ.මන්දිරය වටා මහාකාශ්‍යප,ආනන්ද,බක්කුල,අංගුලිමාල ආදී දඹදිව මහරහතන් වහන්සේලා රාශියකගේ ද,මිහිඳු මහරහතන් වහන්සේගේ,කුජ්ජතිස්ස-මහාව්යග්ග මහරහතන් වහන්සේලාගේ(ධර්මාශෝක රජුගේ හා දේවානම්පියතිස්ස රජුගේ අවසන් ජීවිතය ලෙස මහාවංශය තුල වේ),කැලණි ප්‍රදේශයේ සිටි කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ හා ලක්වැසි මලියදේව මහරහතන් වහන්සේගේ ද මහරහත් ප්‍රතිමා නිර්මාණය කර තිබේ.
මීට අමතරව සම්බන්ධ ධාතු මන්දිරය සහ දම්සක් මන්දිරය යනුවෙන් තවත් මන්දිර දෙකක් නිර්මාණය කර ඇති අතර දම්සක් මන්දිරය තුල සිංහල-පාලි ත්‍රිපිටකය ද,ඉංග්‍රීසි-පාලි ත්‍රිපිටකය ද තැන්පත් කර ඇත.
විශේෂත්වය
- මෙම විහාරය; බුදු,පසේබුදු,මහරහත් උතුමන් යන තුන් පිරිස උදෙසාම එකම තැනක ඉදිවූ ලොව ප්‍රථම තුන්තරා බෝධි විහාරය වේ.
- ඉහල මහලේ වැඩ සිටින ශ්‍රී ඝටීකාර මහා සෑය,කාශ්‍යප බුදු සසනේ අග්‍ර උපස්ථායකව සිට බඹ ලොව පහළ වූ ගෞතම බුදු සසුනේද ශ්‍රාවක වූ ඝටීකාර මහ බඹුගේ නාමයෙන් ඉදි වූ ලොව එකම ස්ථූපය වේ.
- එසේම,ගෞතම බුදු සසුනේ මහා ශ්‍රාවක වූ පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේල වැඩිම ප්‍රමාණයක් නිධන් කර ඇති එකම ස්ථූපය වේ.එබැවින් පිලින්දිවච්ඡ මහරහතන් වහන්සේ උදෙසා ඉදි වූ ස්ථූපය ලෙසද සැලකේ.
- තවද,මෙම විහාරයේ ඇති පසේබුදු මන්දිරය;පසේබුදු රජාණන් වහන්සේල උදෙසා ඉදිවූ ලොව එකම හා ප්‍රථම විහාරය වේ.
මූලාශ්‍ර
- https://mahamevnawa.lk/bpamv/
- https://www.budusarana.lk/budusarana/2008/08/24/tmp.asp?ID=news06
- https://www.lankadeepa.lk/provincial_news/%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B7%80-%E0%B7%80%E0%B7%83%E0%B6%9A-%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B6%E0%B6%B6%E0%B7%85%E0%B6%BA/59-314202
- සංරක්ෂිත පිටපත, https://www.lifie.lk/2018/06/27/27-calm-temples-around-colombo/amp/, ප්‍රතිෂ්ඨාපනය 2025-04-12
- https://mahamegha.lk/mahamegha-dharmadana/
- https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84-%E0%B7%83%E0%B7%91%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92/1-281371
- https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92/1-287862
- https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%B8-%E0%B7%80%E0%B6%AD%E0%B6%BB-%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B6%E0%B6%B0%E0%B6%BA/1-265734
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව පිළිබඳ තොරතුරු, මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව යනු කුමක්ද? මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව යනු කුමක් දර්ශනය කරන්නේ?